(සුජිත් හේවාජුලිගේ )
බාල වයස්කාර ගැහැණු දරුවන් 2000ක් මේ වසරේ ගෙවී ගිය කාලයේදී මවුවරුන් බවට පත්ව ඇතැයි වාර්තා වන බව ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ මහතා පැවසීය.
මේ අතර බාල වයස්කාර ගැහැණු දරුවන් දස දෙනකු පසුගිය නොවැම්බර් මාසයේදී ගැබ් ගෙන ඇතැයිද පොලිස් වාර්තා අනුව පෙනී යන බව අමරසිංහ මහතා සඳහන් කළේය.
බාල වයස්කාර ගැහැණු දරුවන් මවුවරුන් බවට පත්වීම බරපතල සමාජ සහ නීතිමය ගැටලුවක් බවට පත්ව ඇති බව ජාතික ළමාරක්ෂක අධිකාරිය පවසයි.
බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්
ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක පැටලී බෙලිඅත්ත දෙද්දුවාවෙල දඹේආර ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි විශ්‍රාමික පාසැල් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි බෙලිඅත්ත
පොළොන්නරුව ගිරිතලේ - බකමූණ ප්‍රධාන මාර්ගයේ යාය 19 සෝමියෙල් ප්‍රදේශයේදී අද(07), මාර්ගය හරහා ගමන් කරමින් සිටි වන අලියෙකුගේ වෑන් රථයක් ගැටී සිදු වු අනතුරකින
ඊශ්‍රායලයට ආයුධ ලබා දීම නැවැත්විය යුතු යැයි ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඇමෙරිකාව, බි්‍රතාන්‍යය ඇතුළු සෙසු ලෝක බලවතුන්ගෙන් ඉල්ලා ඇත.
1981 අංක 01 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ සඳහන් මැතිවරණ කාර්යන් සඳහාවූ සංශෝධිත අනුමත ලකුණු ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මේ අවුරුද්දේ ළමා අම්මලා 2000ක්
Kudapana Tuesday, 19 December 2023 02:33 PM
සමහරක් අම්මලා අප්පලා තමන්ගෙ බේරුමට වැඩිවියට පත්වුනාම අතීතයේ මිනිස්සු වගේ කොල්ලෙක් සොයාදීලා කෙල්ල උගේ ගෙදරට යවනවා හරියට අවුරුදු 16 ක් පසුවූ දවස වෙනවිට බඩකුත් උස්සාගෙන විවාහ රෙජිස්ට්‍රාර් ළගට ගොස් විවාහය ලියාපදිංචි කරනවා එහෙම වෙනකොට ළමා අපයෝජනයක් වෙනවා ඇත්තටම මේවට ප්‍රතිකර්ම නොකර ඔය ප්‍රශ්න විසදන්න බැහැ මෙහෙම වුනාම පියාටත් කෙල්ලගෙ සැමියාටත් දඩුවමක් දෙනවා නම් ඕවා ටිකක් අඩුකරන්න පුළුවන් වේවි
Dr. Vajira Fernando. Tuesday, 19 December 2023 03:02 PM
ළමයින්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබා දීම මෙයට ඇති එකම පිළියමයි. එහෙත් කුහක සංස්කෘතිකවාදීන් සෑම විටම එයට එරෙහි වීම නිසා දිනෙන් දින මේ තත්තවය උග්‍ර වෙනවා.
Kumara Tuesday, 19 December 2023 03:04 PM
ලෝකය අධ්‍යාපනයත් සමග ඉදිරියට යද්දී හණමිටි කරගහගෙන අපි ගල් යුගයට යනවා.
හේමන්ත Wednesday, 20 December 2023 01:10 AM
ලිංගික අධ්‍යාපනයක් දුන්න කියලා මුන්ගේ මෝල් අමාරුව නැතිවෙනවද. ඕවා කරන්න කව්රුවත් උගන්නන්න ඕනේ නෑ. සත්තුන්ගේවත් නැති විකුර්තියක් මිනිස් වරිගයට තියෙන්නේ ඒකයි ප්‍රශ්නේ.
සුබද්‍ර Wednesday, 20 December 2023 07:25 AM
ළමයින්ට විධිමත් ලිංගික අධ්‍යාපනයක් ලබාදීමට ගත් උත්සහ වලදි එවට විරුද්ධව කටයුතු කරපු කහ වස්ත්‍ර හැන්දගත් පිරිසත් මෙවට වග කිවිය යුතුයි!
ගුරුදෙගුරු අත්තනායක Wednesday, 20 December 2023 01:19 PM
සුබද්‍ර ඔබ කියන ආකාරයට මොන ආකාරයේ ලිංගික අධ්‍යාපනයක් ගැනද ඔය කියන්නේ. දැන් ඔය බාල වයස් ළමයි ඔබ කියන අධ්‍යාපනය නැතුව හැමදේම හරියටම කරගෙන කරදරයකින් තොරව ළමයිනුත් බිහිකරලා තියෙන්නේ. තවත් මොනවාද මේ අයට උගන්නන්න හදන්නේ... පිළිසිඳ ගත් ළමයා විනාශ කරලා දාන හැටිද? නැත්නම් උපත් පාලන ක්‍රම භාවිතා කරලා ළමයි ඇති නොවෙන ආකාරයට ඔය වැඩේම කරගෙන යන හැටිද..? දැන් ළමයි ළඟ නැත්තේ සදාචාරය. මේ විභාග පාස් වෙන්න විතරක් උගන්නන්න ක්‍රමයකින් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ළමයි හැදුවත් මේ ළමයි විභාගනම් හොඳට පාස් ඇති. එහෙනම් මොකෝ නේද...?
සුබද්‍ර Friday, 22 December 2023 06:39 AM
ගුරුදෙගුරු අත්තනායක වෙත. හරි හමන් ලිංගික අධ්‍යාපනය මොකද්ද කියලා දන්නෙ නැති හින්ද තමා ඔහොම මොඩ කතා කියන්නෙ. මොකද්ද ඔය කියන සදාචාරය? ඔය කියන්නෙ හැම ගැහාණු ළමයටම යකඩ යට අන්දුම් අන්දලා එවයෙ යතුර බාරකරුවන් ගාව තියාග්න්න කියන එකද? වැඩිහිටියෙක් ළමයාව දූෂණා කරන්න එනකොට මොකද්ද වෙන්නෙ යන්නෙ කියල කිසි අදහසක් නැති ළමයට වෙන දෙයක් වෙන්න කියල බලන් ඉන්න කියන එකද? ළමයි නොලැබෙන කොට ගැණිව කපුවෙක් එක්ක බුදි කරවන එකද? කව්ද කිව්වෙ ලිංගික අධ්‍යාපනය දෙන්න කියල විභාග පාස් කරන්න? ඉගෙන ගන්නවා කියන්නෙ විභාග පාස් කරන එක විතරද ? හරි හමන් ලිංගික අධ්‍යාපනයෙ අරමුණ වෙන්නෙ හරි සදාචරයක් හදා ගන්න ඔන හෙතුව පැහැදිලි කරන එක. උබලා වගෙ ගොන් හැත්ත තමා අධ්‍යාපනය කියන එකෙ තෙරුම වත් නොදන්න පොතෙ ගුරලා කියන්නෙ.
අපකීර්ති වර්ණකුලසූරිය Friday, 12 January 2024 09:16 AM
සුබද්‍රගෙ අබද්‍ර වචණ වලට ගුරුදෙගුරු අත්තනායකගෙ හිත සලිත වෙලා වගෙ.