IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


"මං අහිංසක ගැහැණියක් බොලව්"

”මං අහිංසක ගැහැණියක් බොලව්, මාවත්, මගේ විජය කුමරුවත් ඈත් කරපු උඹලට හොඳක් වෙන්න එපා” කුවේණිය එසේ සාප කරයි. නමුදු ඒ සැබෑ කුවේණිය නොවේ. අද සිට සිනමා තිරයට එන සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත‍්‍රපටයේ කුවේණියගේ චරිතයට පණ පොවන දුලානි අනුරාධාගේ උද්වේගකර කට හඬයි. ඒ හඬ තීව‍්‍රය, ඒ තීව‍්‍ර හඬට රංගන හැකියාව ද ඇය කදිමට මුසුකර තිබේ. ඒ නිසාම වත්මන් කුවේණිය සමග අපට යමක් කතා කරන්නට තිබේ. මේ ඇයගේ හඬයි. අපි ඒ හඬට මොහොතකට සවන් දෙමු. අ  ඉතිං කොහොමද ටීචර්? ම්ම්... හරිම හොඳයි   ටීචර්ට ළමයින්ගෙන් ලැබෙන ප‍්‍රතිචාර කොහොමද? ළමයින් මට හරිම ආදරෙයි. උදේට යද්දිත් හවසට එද්දිත් පොඩි අය ඇවිත් මාව වට කර ගන්නවා. වඳිනවා. මා වටේ දුවනවා. මම ඉන්න කාමරයට ඇවිත් එබිකම් කර බල බලා යනවා. ඒ ආදරය - ගෞරවය හරිම සුන්දරයි. පිරිසුදුයි. මට පුදුම සතුටක් තිබෙන්නෙ.   ඒ ආදරය ලැබෙන හේතුව මොකක්ද? රංගන ශිල්පිනියකට සමාජයේ සාමාන්‍ය කාන්තාවන්ට වඩා පිළිගැනීමක් තිබෙන්නෙ. එහෙම කෙනෙක් එයාලගේ ගුරුවරියක ලෙස එයාලා අතරට ඒම සතුටට කරුණක් වෙන්න ඇති.   මේ වගේ ප‍්‍රතිචාර නිසා ඉගැන්වීමට බාධාවක් නැද්ද? ළමයින්ගෙ ආදරය ලැබීම ඉගැන්වීමට බාධාවක් වෙන්නෙ කොහොමද?   ළමයි ඔබ කියන දේ අහනවද? සත්තකින්ම ඔව්. එයාලා ආදරෙන් සියල්ල වටහා ගන්නවා.   ගුරුවරියකට රඟපෑමේ දී සීමා තියෙනවද? මේ වෘත්තිය මම පටන් ගත්තා විතරයි. ඒනිසා දැන් ඒ ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. අපි ළමයින්ට ආදර්ශවත් වෙන්න  ඕනෑ. යහමග යාමට ඒ අයට පාර කියන්නෙ අපි. ඒනිසා අපි යමක් කරන්න  ඕනෑ දෙවරක් නෙවෙයි, දස දහස් වාරයක් හිතලයි.   ඔබ සරසවි අධ්‍යාපනය ලබා තිබෙන්නෙ නර්තන අංශයෙන්. එහෙම කළේ නර්තන ශිල්පිනියක් වීමේ අදහසින් ද? කොහෙත්ම නැහැ. මට  ඕනෑ වුණේ ගුරුවරියක වීමටයි. ඉගෙනගත් ගුරුවරයා සහ කණ්ඩායම සමග එක්වී ප‍්‍රසංගවලට ඉදිරිපත් වුණාට නටලා සංදර්ශනවලට ගිහින් සල්ලි හම්බකිරීමේ වුවමනාවක් තිබුණේ නැහැ. සරසවියේ දී ඉගෙන ගත්තෙ උඩරට නර්තන කලාව ගැනයි.   දුලානි, ඔබ තෝරා ගන්නෙ ඓතිහාසික කතා පුවත් රැුගත් චරිත විතරයි කියලා සමහරු කියනවා. ඒක ඇත්තද? එහෙම ප‍්‍රශ්නයක් මට නැහැ. මුලින්ම මම රඟපෑවේ ලලිත් පනාපිටියගේ ”සංගිලි” චිත‍්‍රපටයේ චරිතය වගේම ජයනාත් ගුණවර්ධනගේ ”පරාවර්තන” චිත‍්‍රපටයේ රඟපෑ චරිතය ඓතිහාසික පසුබිමක් රැගත් චරිත නෙවෙයි. නමුත් ඓතිහාසික කතා රැගත් අබා සහ විජය කුවේණි ඒවාට පෙර තිරගත වුණා.   කුවේණිය වීම ගැන ඔබ පුද්ගලිකව හිතන්නේ කොහොමද? අපි කුඩා කාලයේ ඉඳලා දන්න කතාවක්. ඇය රෙදි වියමින්, කපු කටිමින් සිටියා. විජය නෙරපා හැරියා. ආලයෙන් වෙලී සිටියා. මේ ආදී නොයෙකුත් දේ අපි ඇය ගැන දැන සිටියා. ඇය තුළ මොකක්දෝ ගාම්භීර බවකුත් තිබුණා. ඒ සුවිශේෂී සහ පුදුමාකාර මතකය සමග සුගත් සමරකෝන් මහතා කියා දුන් දේ එක්ක චරිතයට මම සාධාරණයක් කළා කියලා හිතෙනවා.   ඓතිහාසික හැඩතල - ස්වරූප සමග චරිතයට පණ පොවද්දී, රූගත කිරීම් තලයේ දී මුහුණදුන් දේ තිබෙනවද? විජය ලෙස රඟපෑ රොජර් සෙනෙවිරත්න අයියා සහ මා අතර එක්තරා සටන් ජවනිකාවක රූගත කිරීම් තිබුණා. ගල් පර්වතයක් උඩ සිට තමයි එය කිරීමට නියමිතව තිබුණේ. මම ගහපු පහරකට ගල් පර්වතය කෙළවරේ සිටි රොජර් අයියාට සමබරතාවය නැතිව ගියා. එය මගේ වරදක්. මේ නිසා එයා පහළට වැටුණා. එය බලා ඉන්න බැරි තරමට බියකරුයි. මට මොහොතකට කතා කර ගැනීමට පවා බැරිව ගියා. නමුත් පුදුමාකාර වාසනාවකට රොජර් අයියාට අනතුරක් වුණේ නැහැ. හැබැයි තුවාල සීරිම් වෙලා තිබුණා. මට ඒ අවස්ථාව මතක්වෙද්දී හරිම දුකයි.   කුවේණි පෙම් බැන්දේ විජයටයි. ඒ කුවේණි වූ මේ කුමරියට සැබෑ ජීවිතයේ කුමාරයෙක් සමීපද? ම්ම්.... ම්.... නැහැ   ඒක හරිම සරල උත්තරයක් ඔව්, මම කොහොමටත් සරලව ජීවත් වෙන්න උත්සාහ ගන්න කෙනෙක්. නමුත් අද සමාජය මිනිසුන්ව සංකීර්ණ තැනකට තල්ලූ කරලා. අපි හැමෝම සංකීර්ණ වෙලා. ඒ නිසා අද අමාරුම දේ සරලවීමයි.

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
 



අදහස් (0)

"මං අහිංසක ගැහැණියක් බොලව්"

මාතර මල්ලි Friday, 11 May 2012 02:44 AM

කවුද බොලේ ඇලිස්?

:       0       0

ලක්ෂි Tuesday, 15 May 2012 09:05 AM

රගපෑම නම් අති විශ්ෂ්ඨයි

:       0       0

සන්ජීව Thursday, 10 May 2012 02:07 PM

සූටික්කා, එහෙම කියන්නේ හිතකින්ද ඔයා

:       0       0

දර්ශන් Monday, 07 May 2012 08:12 AM

ඔබට ජය

:       0       0

ජයලත් Wednesday, 09 May 2012 08:25 AM

ගොඩක් ලස්සනයි. ඔයාට ජය.

:       0       0

මුණසිංහ Thursday, 24 May 2012 11:34 AM

නරක චරිත නම් රගපාන්න එපා ඔන්න

:       0       0

කුමාර Sunday, 13 May 2012 09:37 AM

ගොඩක් අහිංසක් ඔබට ජය

:       0       0

කුමාර Sunday, 13 May 2012 09:39 AM

ගොඩක් අහිංසකයි. ඔයාට ජය....//

:       0       0

ඉන්දික Friday, 18 May 2012 09:47 AM

හරිම ලස්සනයි..

:       0       0

කිරිමාටින් Monday, 07 May 2012 10:15 AM

මම කැමතියි උඩ ෆොටෝ වලට...

:       0       0

සුසන්ත Wednesday, 23 May 2012 09:00 AM

සැබෑ ජීවිතේදි නම් කුවේණියක් වෙන්න එපා ඔන්න

:       0       0

නෙළුම් Tuesday, 08 May 2012 10:37 AM

නියමයි

:       0       0

සිසිර Thursday, 10 May 2012 04:41 PM

ආ මෙයාද ඒ?

:       0       0

අංජන Sunday, 13 May 2012 01:56 PM

හොඳ පින්තූර

:       0       0

අලිබබා Monday, 14 May 2012 09:23 PM

සුබ අනාගතයක් ඔබට

:       0       0

පුෂ්පා Wednesday, 09 May 2012 05:46 PM

හරියට හරි සූටික්කා

:       0       0

ආර්.එම්.එස්.කේ. Sunday, 06 May 2012 05:49 PM

කවුද මේ..........?

:       0       0

බන්දුල Sunday, 06 May 2012 06:30 PM

අන්තිමටම තියෙන ෆොටෝ එකනම් මාර ලස්සනයි. කලාත්මක විදියට අරගෙන තියෙනවා.

:       0       0

ජීවන්ත Saturday, 26 May 2012 10:08 PM

නියමයිනෙ...

:       0       0

ලක්මිණි Wednesday, 23 May 2012 11:42 AM

අනේ මන්දන්නේ නෑ මේ වෙන කොට කී දෙනෙක් ඕව‍ට ගිහින් අමාරුවේ වැටිලද කියලා.සිංහල සිනමාවට ජයෙන් ජය!

:       0       0

සූටික්කා Tuesday, 08 May 2012 05:21 PM

සටන් ජවනිකාවලදී හරිහමන් යමක් යටට අන්දනම් තමයි හොඳ.

:       0       0

බන්දු Monday, 28 May 2012 07:33 AM

මග දිනාගෙන ගමන ගියොත් ඔබට ජය

:       0       0

මිනෝලි Monday, 07 May 2012 07:20 PM

අවබෝධයෙන් මේ ගමන පටන් ගත්තොත් හොද අනාගතයක් තියෙයි

:       0       0

ලංකා Friday, 25 May 2012 01:51 PM

සුපිරියි...

:       0       0

මැකී Tuesday, 22 May 2012 04:28 PM

මෙයා බබා.

:       0       0

උපුල් Saturday, 02 June 2012 01:42 PM

ඔයා හරි හැඩයි...

:       0       0

ප්‍රදීප් කුමාර Friday, 11 May 2012 04:04 PM

රඟපෑම ලස්සනයි...සුභ පැතුම්..

:       0       0

දිලූ Wednesday, 16 May 2012 03:04 PM

ඔබේ රගපෑම් අති විශිෂ්ඨයි. ඔබ හරිම ලස්සනයි

:       0       0

ජයරත්න Saturday, 12 May 2012 03:57 PM

හොඳයි..

:       0       0

බුද්ධික Tuesday, 15 May 2012 08:20 AM

හොඳ චරිත තෝරානෙ රගපාන්න. ඔබට නිලි රැජින වීමට පුළුවන් වෙයි.

:       0       0

කිරිමාටින් Friday, 25 May 2012 03:12 PM

බන්දුල ......අන්තිමටම තියෙන ෆොටෝ එකනම් මාර ලස්සනයි. කලාත්මක විදියට අරගෙන තියෙනවා.

:       0       0

ඇලඩින් Monday, 28 May 2012 11:05 AM

මොනවා උනත් හොද කෙල්ලක් නෙ.. ලස්සනයි...

:       0       0

තුවාන් Saturday, 16 June 2012 01:41 AM

ඔයා හොඳයි වගේම රඟපෑමත් අතිවිශිෂ්ඨයි..ජය වේවා !!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 204 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 1363 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 1273 3

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 1288 2

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 1355 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 1186 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 24086 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23246 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 371 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site