"රදීශ් වැන්දබෝනා" තනු නිර්මාණකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින අතර ගායකයෙකු ලෙස බොහෝ දෙනා ආදරය කරති. "මේ ආදරයයි" සහ "අනන්තෙන් ආ තරු කුමරා" යන කතාමාලාවන්වල තේමා ගීතයන්වල ගායකයා වන රදීශ්, ඉදිරියේදී ඔහුගේම ඒක පුද්ගල ගීතයක් එළිදැක්වීමට නියමිත අතර, ඒ පිළිබඳව "සාරවිට" ඔහු විසින් කරනු ලැබූ කතාබහකි.
අලුත් තොරතුරු ගැන පැවසුවොත්?
මගේම කියලා සිංදුවක් මියුසික් වීඩියෝවක් එක්ක එළිදක්වන්න ඉන්නවා. ඊට අමතරව රූපවාහිනි ආයතනවල නාට්‍ය සඳහා ගීත කරගෙන යන අතරම, වෙනත් කලාකරුවන්ගේ ගීත වගයකුත් කෙරෙමින් පවතිනවා.
ඔබව බොහෝ දෙනා හඳුනන්නේ කවුරු විදිහටද?
මාව බොහෝ දෙනා හඳුනන්නෙ තනු නිර්මාණකරුවෙකු ලෙසයි. දැනට අවුරුදු 6ක, 7ක, කාලයක ඉඳන් ගීත නිර්මාණය කරනවා. ඉතිං ළඟකදී ඉඳන් තමයි ගීත ගායනය සඳහා යොමු වුණේ.
ඔබව ගායකයෙකු ලෙස බොහෝ දෙනා හඳුනන්නේ "මේ ආදරයයි" සහ "අනන්තෙන් ආ තරු කුමරා" යන කතාමාලාව තේමා ගායනය නිසා නේද?
ඔව්, මාව ගායකයෙකු ලෙස දැන ගන්නේ මේ නිසා තමයි. මේ සඳහා අවස්ථාව ලැබෙන්නෙ සිරස ආයතනයේම කලින් "ස්වප්නා" නාට්‍යයේ මම සිංදුවක් කරනු ලැබුවා. ඒකේ තනුව සහ සංගීතය කළෙ මමයි. ඒ හරහා තමයි මට සිඩ්නි චන්ද්‍රසේකර තමයි කිව්වේ ගායනා කරන්න කැමති නම් මේ සඳහා සහභාගී වෙන්න. මොකද මම Guide එකක් දාලා යැව්වා Sing කරලා. ඒ සඳහා ඒ අය කැමති වෙලා තමයි මට ගායනයට ආරාධනාව ලැබුණේ.
දැනට ඔබේ ඒකපුද්ගල ගීතයන් තියෙනවාද?
මගේ ඒක පුද්ගල ගීත මම එළියට දැම්මෙ නැහැ. මොකද එච්චර ලොකු කැමැත්තක් තිබුණේ නැහැ ගායකයෙක් වෙන්න. කරපු ගීත සඳහා ප්‍රතිචාර තියෙන නිසා ඉස්සරට තමයි ඒක පුද්ගල ගීත ගායනා කරන්න බලාපොරොත්තු වෙනවා. ළඟදීම අලුත් ගීතයක් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ
රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
'මේ ආදරයයි' හරහා රසික සිත් දිනා ගත් රදීශ් වැන්දබෝනා