IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


මං එදා දවල්ට කෑවේ සිංගප්පූරු එයාර් ලයින් එකෙන්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජපන්  යන ගමන් සිංගප්පූරුවේ දී අර්ජුන මහේන්ද්‍රන් එක්ක තමා දවල් කෑම කෑවා යැයි කියන කතාව අමූලික බොරුවක් යැයිද එදින තමා දවල්ට කෑවේ සිංගප්පූරු එයාර්ලයින් එකෙන් යැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා  පාර්ලිමේන්තුවේදී පැවසීය.

අවශ්‍ය නම් එදා තමා කෑ "මෙනු එක" ඉදිරිපත් කිරීමට හැකි බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසූයේ සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

එස්.එම් මරික්කාර් මහතා පාර්ලිමේන්තුවේ දී අදාළ ප්‍රකාශය කිරීමත් සමග ජනාධිපති නිල කාමරයේ සිට සභා ගැබට පැමිණි  රනිල් වික්‍රමසිංහ මහතා  ඉහත ප්‍රකාශය කළේය.

එස්.එම් මරික්කාර් මහතා:-

ජපානයට යන ගමන් ජනාධිපති  රනිල් වික්‍රමසිංහ මහතා පැය හයක් සිංගප්පූරුවේ හිටියා.පත්තරවල ගියේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා හම්බ වුණා කියලා.නමුත් අපිට තියන වාර්තාව නම් ජනාධිපතිතුමා ජපන් යන ගමන් සිංගප්පූරුවේ බැහැලා දවල් කෑම කාලා තියෙන්නේ මහබැංකු කොල්ලට වගකිව යුතු පැනලා ගිහින් ඉන්න අර්ජුන් මහේන්ද්‍රන් එක්ක බව පැහැදිලිව කිව යුතුයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා:-

මගේ නම සඳහන් කළා.මං අර්ජුන් මහේන්ද්‍රන්  මැතිතුමා එක්ක සිංගප්පූරුවේ දී දවල් කෑම ගත්තා යැයි කිව්වා.කියන්න කැමතියි උදේ වරුවේ සිංගප්පූරුවේ අභ්‍යන්තර කටයුතු ඇමති තුමා එක්ක උදේ කෑම ගත්තා.දවල් කෑම ගත්තේ සිංගප්පූරු එයාර් ලයින්  එකේදි.මොකද මං දවල් එකට යන්න තිබුනේ. ඒ වෙලාවේ ගුවන් යානයට නැග්ගම කෑම ගත්තා.ඕන නම් මම මෙනු එකත් ගෙනත් පෙන්නන්නම්.මොනවද එදා කෑවෙ කියලා.

මරික්කාර් මන්ත්‍රීතුමා මෙවැනි අසත්‍ය ප්‍රකාශයක් කිරීම ගැන මම කනගාටු වෙනවා.අනෙක් අතට මරික්කාර් මන්ත්‍රීතුමා කිව්වා දැන් මැද පන්තිය එකතුවෙලා අරගලයට එන බව.විශාල අර්බුදයක් තියෙනවා ,අරගලයක් එනවා කියා එතුමා කිව්වා.මේක මීට ඉස්සෙල්ලා කිව්වේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිණිය.මං දැන් කැමතියි දෙදෙනාම එකම ප්‍රකාශයක් කරන එක ගැන. මම ඒකට එකඟ වන්නේ නැහැ.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියගේ අඩි පාරේ මරික්කාර් මන්ත්‍රීතුමා  දැන් යන බව අපට පේනවා.

එස්.එම් .මරික්කාර් මහතා:-

මම දැක්කේ නැති එකක් තමයි මම කිව්වෙ. මාධ්‍යයේ පළ වුණ එකක්.



අදහස් (4)

මං එදා දවල්ට කෑවේ සිංගප්පූරු එයාර් ලයින් එකෙන්

fairoos Tuesday, 04 October 2022 03:04 PM

පොහොටුවේ ඉන්න බූරු සෙට් එකට දැන් රනිල් වගේ කෙනෙක් නැහැ

:       0       0

willpaththuwaa Tuesday, 04 October 2022 03:07 PM

කාපුවාට වඩා හොඳයි නේද කන්න වෙන දේවල් ගැන කතා කෙරුවානම් .ඒවාට කියන්නේ ගුටි කියලා

:       0       0

Sunil Tuesday, 04 October 2022 03:28 PM

එදා දවල්ට අර්ජුන් එක්ක කෑවෙ නැතුව වෙන්න පුලුවන්. නමුත් මහෙන්ද්‍රන් සහ ඇලෝසියස් එක්ක එකතු වෙලා මහ බැංකුව කොල්ල කාල මුලු රටම කෑව. දැනුත් කනව.

:       0       0

chandima Tuesday, 04 October 2022 06:18 PM

හා එහෙනම් කාපුවා කියන්න බලන්න...?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කසිප්පු ඇල්ලුවාම පාට් දැමූ කතුන් දෙකක් ඇතුළු 3 ක් දැලේ
2024 නොවැම්බර් මස 18 12 0

දිගන, රජවැල්ල ප්‍ර දේශයේදී කසිප්පු ජාවාරමෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ත්‍රිරෝද රථයෙන් රැගෙන යමින් සිටියදී අලුත්වත්ත ප්‍රදේශයේදී පොලිස් නිලධාරීන්ගේ රා


ලැබුණු බලයේ සීමා මායිම් හොඳටම දන්නවා
2024 නොවැම්බර් මස 18 700 0

ලැබුණු බලයේ ප්‍රමාණය මෙන්ම එහි සීමා මායිම් හොඳින්ම දන්නා බව ජනාධිපති අනුර දිසානායක මහතා නව කැබිනට් මණ්ඩලය අමතමින් අද පැවසීය.


දුම්රියෙන් වැටී තරුණයකු මරුට
2024 නොවැම්බර් මස 18 211 0

හුණුපිටිය දුම්රිය ස්ථානයට නුදුරින් හලාවත සිට කොළඹ දක්වා පැමිණි දුම්රියේ පාපුවරුවේ ආ තරුණයකු වැටී මිය ගිය බව දුම්රිය පොලිසිය පවසයි.


දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 259 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 144 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 12727 3

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 353 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1809 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site