IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘මං කවදාවත් දුක මාකට් කරන්නේ නෑ‘

 ඉඳුනිල් සින්දු සහ බුද්ධික සේනාධීර, ඡායාරූප - චානුක කුලසේකර


මෙවර දෙරණ ‘ඩ්‍රීම් ස්ටාර්‘ කිරුළ දිනා ගැනීමට සමත් වූයේ ඇඹිලිපිටියේ  එම්.ජී.ධනුෂ්කය.  වැඩි පිරිසකගේ කතාබහට ලක්වූ යොවුන් තරගකරුවකු වූ ඔහු අවසන් මහා තරගයේ දී ජනතා මනාපයෙන් සිය කිරුළ දිනා ගැනීමට සමත් විය.  තමන්ටම ආවේණික වූ ශෛලියකින් ගීත ගායන කරමින් රසික හදවත් වලට ළං වන්නට සමත් වූ ධනුෂ්ක මේ වනවිට බොහෝ දෙනාගේ ආදරණීය චරිතයක් බවට පත්ව සිටියි.

 

Untitled-1

CSK_3526

 


01ප‍්‍රශ්නය - ඉරිදා (11) ඔබ ගමට යනවා. එදා ඉඳන් වැඩ කටයුතු කොහොම වෙයිද?
01පිළිතුර - ඉරිදා ගියාම ගමේ ටික දවසක් ඇවිදින්න වෙයි. ලංකාවෙම රසිකයන් මං එනකම් බලන් ඉන්න බව මං දන්නවා. ඒ ගැන මතක් වෙද්දි පුදුමාකර සතුටක් දැනෙන්නේ.  සමහරු ආරාධනා කරනවා අපේ  පැත්තට එන්න කියල. ඒ දේවල් ටික ඉස්සෙල්ල කරන්න  ඕනෑ. මේ වන විට දෙරණ ඇතුළෙ මාව සංරක්ෂණය කරල වගේ තියෙන්නෙ. ගොඩක් උදවු කරනවා.  මගෙන් අවශය වෙන්නෙ හොඳ දෙයක්. විනාශ වෙන්නෙ නැති දේවල් කළ යුතුයි.  සංගීත ක්ෂේත‍්‍රයේ  උඩට එන්න හරි අමාරුයි. රඳා පවතින්න නම් යමක් කළයුතුයි. මට  ඕනෑ මේ ආදරේ හැමදාම මේ විදියටම තියෙන්නයි. නිහතමානීව මිනිස්සුත් එක්ක එකතුවෙලා හැම කෙනාගෙම අවවාද අරගෙන අඩුපාඩු හදාගෙන කල් පවතින, හැමෝටම ගැලපෙන, අර්ථවත් ගීත නිර්මාණය කරන්නයි මා බලාපොරොත්තු වෙන්නේ.   

 


01ප‍්‍රශ්නය - සමහර තරු අපි දකින්නේ පායනවා විතරයි. ටික දවසක් යද්දි හොයාගන්නත් නැතිවෙනවා?
01පිළිතුර - මේ තරගයේ මම වැඩි පුර ගායනා කළේ එම්  එස් ප‍්‍රනනාන්දු මහත්තයගෙ ගීත. එය එතුමාට උපහාරයක් වෙන්න  ඕන. එම් එස් ප‍්‍රනාන්දු,  එච්

SSL_0867
CSK_3392
CSK_3397

ආර් ජෝතිපාල   ලංකාවෙ හදවත්වලට කතාකරපු ගායකයො. කවදාවත් එම් එස් කෙනෙක් ආයිත් ලංකාවෙ හැදෙන්න  ඕන නෑ. මට එහෙම වෙන්න  ඕන නෑ. මට මගේ ඇෙඟ් තියෙන හැකියාව දියුණු කරගන්නයි  ඕන.  මම එතුමා වෙනුවෙන් දෙරණත් එක්ක එකතු වෙලා යමක් කරන්නත් බලාපොරොත්තු වෙනවා. සමාජයට පණිවිඩයක්  දෙන්න පුළුවන් නිර්මාණ සමූහයක් කරන්නයි මට  ඕන.

 


01ප‍්‍රශ්නය - තරගය අවසන් වෙද්දිම ඔබ හැමෝම අතරින් තාත්තා සොයා දිව යනවා. ඒ බැඳීම ඇත්තම එකක්ද?
01පිළිතුර - තාත්ත කියන්නෙ මගේ ආත්ම විශ්වාසය.    ඒ නිසයි මේ ගමන ආවෙ.  තාත්තව මෙතනින් ගොඩදාන්න  ඕන කියල මට ලොකු උවමනාවක් තිබුණා.   පුතෙක් විදියට මං ඒ දේ කළා. මට හරි ආඩම්බරයි ඒ ගැන.

පොඩි කාලෙ තාත්ත නංගිලදෙන්නට තමයි ආදරේ කළේ. මම සාමාන්‍ය  පෙළ කරන්න හදන කාලෙ වගේ තමයි තාත්ත  මට ගොඩක්ම දැනෙන්න ගන්නෙ. සමහර වෙලාවට ඔහු මට සින්දු පොත් ගෙනත් දෙනවා . සමහර වෙලාවට දන්නේ නැතුව එකම පොත තමයි ආයිමත් ගේන්නෙ.   තරගවලට යද්දි පොල් කඩලා විකුණලා රුපියල් දාහක් හදල දෙනවා යන්න. නැත්තම් අපි දෙන්නා එකට වැඩකරලා සල්ලි හොයා ගන්නවා තාත්තා ගැන කියන්න වචන නෑ.
 අවුරුදු හතරක්  ආපු ගමනේ මට ගමට අරන් යන්න ගොඩක්දේවල් තියෙනවා. එක බෑග් එකයි කලිසමයි ටී ෂර්ට් දෙකයි අරගෙන ආවෙ. ඒ ඇවිත් කොටුවෙ නිදාගෙන සුන්දර කාලයක් තමයි ගෙව්වෙග. මේ ජයග‍්‍රහණය අයිති මට වඩා මගේ තාත්තටයි.   

 


01ප‍්‍රශ්නය - දුක මාකට් කරන එක රියලිටිවල එක අංගයක් වෙලා. ඔබත් කළේ එයමද?
01පිළිතුර - මං කවදාවත් දුක මාකට් කරල නෑ. එහෙම කරන්න මට උවමනාවක් තිබුණෙ නෑ.   මට අරක නෑ, මේක නෑ කියල නෑ. මම පුහුණුවීම්වලට ඇන්දෙ එක කලිසමයි. අවසාන දොළහට එනකම්ම තිබුණෙ එක කලිසමයි. නිල්පාට ඩෙනිමක් තිබුණේ.  ඕක තමයි හැම තැනටම ඇන්දෙ.  ඒත් කවදාවත් කිව්වෙ නෑහැනේ.  අවසානෙදි මට හුඟක් අය උදවු කළා. මම අනිත් අයටත් උදවු කළා. නිල්පාට එකම ඩෙනිම හැම තරගෙටම ඇන්දට කාටවත් කිව්වෙ නෑ. කොහොමහරි මම ඇවිත් තරගය ඇතුළෙ මට කරන්න පුළුවන් දේ කළා. මං කොහොමද ආවේ කියලා දන්නෝ දනිති.

 


01ප‍්‍රශ්නය - සිහින තරුව ඔබ වෙයි කියල හිතුවද?
01පිළිතුර - අවසන් තරගකරුවන් තිදෙනා අතරට යනකොට ලොකු විශ්වාසයක් තිබුණා මෙවර කිරුළ අනිවාර්යයෙන්ම හිමිවෙන්නේ මට කියලා. මොකද, එදා තරගය නරඹන්න ඇවිල්ලා හිටිය පිරිස ලබාදුන් ප‍්‍රතිචාර මත මට ඒ බව තරගය අතරතුරදී දැනුණා. නමුත්, තෙවැනියා වුණ ළහිරුගේ ඉවත් වීමත් එක්ක ටිකක් බය හිතුණා අවසන් තීරණය ගැන. ඒත් රසිකයින් කෙරෙහි මා තබා තිබුණ විශ්වාසය ඒ ආකාරයෙන්ම අවසන් මොහොතේදී ඉටුවුණා.

 


01ප‍්‍රශ්නය - ගමේ හිටිය ධනුෂ්කමද මේ?
01පිළිතුර - මුදල් අතින් අද මම තරමක ධනපතියෙක්. නමුත්  මගේ තිබුණ මනුස්සකම, ගතිගුණ එදා වගේම අදත් නොවෙනස්ව පවතිනවා. ඒක ඉදිරියටත් එහෙමමයි. සල්ලි ලැබුණ පලියට මම මුල අමතක කරන්නෙ නැහැ.

 


01ප‍්‍රශ්නය - මෙවැනි තරඟයකට එන්න ඔබ කොහොමද යොමුවුණේ?
01පිළිතුර - තාත්තගේ බලවත් ඉල්ලීම මත තමයි මා නැවත වරක් ඉල්ලූ‍ම් කළේ. දෙරණින් මෙවරිඩ‍්‍රීම් ස්ටාර්‘තරගයට එන්න කියල දීපූ දිනයේදී මා අලූ‍ත් රැකියාවකට එකතු වෙන්න සම්මුඛ සාකච්ඡාවකට යන්න සූදානම් වෙලා හිටියේ. තාත්තත්  නංගිත් කිව්වා තාම රැකියාව ලැබිල නැති නිසා මේ තරගයට යමු කියලා. මගේ තාත්තා කුලී වැඩ කරන කෙනෙක්. මමත් නොකරපු රැකියාවක් නැහැ. රැකියාවක් නැති දවස්වල මම බුලත්, පුවක් කඩාගෙන විකුණුවා. එවැනි වටපිටාවක ඉඳලා තමයි මම මේ තරගයට ආවේ. අද තාත්තට මා ලැබූ තැන ගැන මටත් වඩා ගොඩක් සතුටුයි.  එය නිහතමානී හැඟු‍ම්බර සතුටක්.

 


01ප‍්‍රශ්නය - තාත්තා වගේම ඔබට අතහිත දුන් තවත් කෙනෙක් ඉන්නවා නේද?
01පිළිතුර - ඉන්නවා. ඒ මගේ පෙම්වතිය. ඇය මට මේ තරගය පුරාවටම උදව් උපකාර කළා. ඇත්තටම, ඇය මා ගොඩක් හොඳින් තේරුම් ගත් තැනැත්තියක්. පසුගිය කාලයේදී මම හිතුවටත් වඩා කාර්යබහුල වුණා. නමුත්  ඒ හැම අවස්ථාවකදීම මා  දිරිගැන්වුවා.

 


01ප‍්‍රශ්නය - තරගය යන අතරතුර ඔබ වටා බොහෝ පිරිසක් හිටියා. දැන් කොහොමද ඔවුන්ගේ ප‍්‍රතිචාර?
01පිළිතුර - ඒකනම් වචනයෙන් කියන්න අමාරුයි. මොකද, මේ ජයග‍්‍රහණය මගේ වුණාට ඔවුන් හිතන්නේ මේක ඔවුන්ගේ ජයග‍්‍රහණයක් කියා. ඇත්තටම  ඒක නිවැරදියි. ඔවුන් මනාප ලබා නොදෙන්න මට මේ කිරුළ අද හිමිවෙන්නේ නැහැ. මේ හැම කෙනාටම මගේ නිහතමානී කෘතවේදීත්වය පිරිනමනවා.  ඒ වගේම තමයි අද මා මේ තැනට ගෙනාපු දෙරණ ආයතනය. ඔවුන්ට වගේම මා  ඉහළට ඔසවා තැබූ සියලූ‍ම මුද්‍රිත මාධ්‍යවලටත් ස්තුති කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා.

 



තරුවක් නොවී හඳක් වෙන්නැයි ධනුෂ්කට පියාගෙන් අවවාදයක්


අජිත්ලාල් ශාන්තඋදය සහ දාපනේ ජයන්ත නානායක්කාර


 

Untitled-2

CSK_3410

 

ඇඹිලිපිටිය පුරවරයම මේ දිනවල කතා කරන්නේ දෙරණ රුපවාහිනියේ ‘‘සිහින කුමරා’’ ගැනය. ඇඹිලිපිටිය මොරකැටියේ, යාය හයේ  ඞී හතරෙ ඇලේ පදිංචි විසි හතර වියේ පසුවූ එම්.ජී. ධනුෂ්ක   ඒ සිහින කුමරාය.
ධනුෂ්ක මේ ‘‘සිහිණ කුමරා’’ හෙවත් ‘‘දෙරණ ඩ‍්‍රීම් ස්ටාර්’’ කිරුළ හිමි කරගන්නට පෙරත් ඇඹිලිපිටියේ ජනතාව ඔහුට ඇලූම් කළේය. කෙසේ හෝ සිහින කුමරා කිරුළ ඔහුට හිමිවනු දැකීම ඇඹිලිපිටියේ සහ රටපුරා බොහෝ දෙනකුගේ බලාපොරොත්තුව විය.

පසුගිය 05දා කොළඹ සුගිතදාස ගෘහස්ථ ක‍්‍රීඩාංගණයේ පැවති ‘‘දෙරණ ඩ‍්‍රීම් ස්ටාර්’’ අවසාන මහතා තර`ගය දිනයේ ඇඹිලිපිටියේ පමණක් නොව රටපුරාම සෑම නිවසකම පාහේ සුසර කර තිබුණේ දෙරණ නාලිකාවය.  

 
 

ඇඹිලිපිටිය නගරයේ ඇතිවු ගින්නක් නිසා රාත‍්‍රී අටයි තිහට හදිසියේ විදුලිය විසන්ධිවු අවස්ථාවේ තම හිතවතාගේ දස්කම් දැක ගන්නට ලැබෝදෝයි සුසුම්හෙලූ පාරිභෝගිකයන්ගේ ඇම්තුම් වලින් විදුලිබල මණ්ඩලයේ දුරකතනයට ඉස්පාසුවක් නැතිවිය. එහෙත් පැයකට ආසන්න කාලයක් තුල යළි විදුලිය ලැබීමෙන් පසු ඇඹිලිපිටිය නගරයේ ධනුෂ්කගේ රසිකයෝ සැනසුම් සුසුම් හෙලූහ.

 ධනුෂ්කගේ ජීවිතය රෝස මල් යහනාවක් නොවීය. දුක කදුල, වේදනාව, පීඩිතබව උරුම කරගත් ධනුෂ්ක සිය පියා වු එම්.ජී. දයානන්‍ද මහතාගේ  සෙවන, ආරක්‍ෂාව යටතේ හැදුනේ නංගිලා දෙදෙනා සමගය. ධන්ෂ්කගේ දිවි ගමනේදී අගහිගකම් ඇතිවු අවස්ථා වල ඒවා දරාගෙන ජීවිනමග ගමන් කරන්නට ඔහුට පිටිවහලක් වූයේ  පියාය. සෙවනැල්ලක් වූයේ ද පියායය.

ධනුෂ්කගේ මව ජාගොඩ ගමගේ චන්‍ද්‍රිකාය. ඇය පවුලේ අගහිගකම් නිසාම කිහිපවරක්ම විදේශ ගතවුයේ දහසින් බැදි පියළි සොයගෙනවිත් තමන්ටම කියා කැදැල්ලක් තනාගන්නටය. ඇය වසර දොළහකට පසුව සොයා ගෙන ආ මුදලින් මිලදීගත් නිවසක් සහිත අක්කර කාලඉඩම ඔවුන්ගේ ලෝකයයි.

ධනුෂ්කගේ නංගිලා දෙදෙනා විවාහ වී වෙන්ව සිටී. අතීතය අමතක කර අනාගතය ගොඩ නැගිය නොහැකියැයි   ධනුෂ්කගේ පියා වු එම්.ජි දයානන්‍ද මහතා රියැලිටි ඉතිහාසයේ වැඩිම කෙටි පණිවිඩ ප‍්‍රමාණයකින් තම පුතා ‘‘සිහින කුමරා’’ කරන්නට අතහිත දුන් ඇඹිලිපිටිය ප‍්‍රදේශයේ, රත්නපුර දිස්ත‍්‍රික්කයේ ලංකාවේ සහ පිටරට වෙසෙන සියලූ දෙනාටම පින් දෙන බව කීවේ කෘතවේදීත්වයේ කඳුලූ බිඳු දෙනෙත් තුලින් කඩා වැටෙද්දීය.

‘‘අපි ලොකු මිනිස්සු නෙවෙයි. ජීවත් වෙන්න පුතාත් මමත් කුලි වැඩ පවා කළා. පුතා රුපියල් දාහට, එක්දහස් පන්සියයට මගුල් ගෙවල්වල ගිහිං සින්දු කිවුවා. ඒ ගැන කියන්න පැකිලෙන්නේ නෑ. ඒක අපිට නම්බුවක්.’’

‘‘ පුතාට ඔය ජයග‍්‍රහණය ලැබුණේ හතරවෙනි සැරේ. පළමුවෙනි සැරේ 96 වෙනියා වෙලා විසි වුණා. දෙවෙනි සැරේ හැත්තෑ දෙවෙනියා වෙලා විසිවුණා. තුන් වෙනි සැරේ තිස් හය වැනියා වෙලා විසිවුණා. මේ සැරේ කිරුළ හිමිකර ගත්තා. ඉතිං පුතා වෙනුවෙන් එස්එම්එස් යවපු හැමෝටම අපි ණය ගැතියි. පුද්ගලිකව ඒ අයට ස්තුති කරන්න පුලූවන්නම් මම ඒකත් කරනවා.’’ ධනුෂ්කගේ පියා පැවසුවේය.

‘‘පුතා අවුරුදු තුනක් ‘‘දෙරණ ඩ‍්‍රීම් ස්ටාර්’’ එකට ගියාම එයාට අවශ්‍ය මුදල් හොයා ගන්න මම කොළඹ නැවතිලා කුලී කළා. ඒ කොළඹ  ඕ.ටී කරලා වැඩි මුදලක් හොයාගන්න පුලූවන් නිසා. සතියට දෙවතාවක් එයාට කොළඹ යන්න තිබුණ අවස්ථා ඇතිවුණා. මගේ පුතා සංගීතය හදාරපු කෙනෙක් නෙවෙයි. එයා ඇඹිලිපිටිය මොරකැටිය මහා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි ජීවත්වෙන් නොගත් උත්සාහයක් නෑ. ධනුෂ්ක පුතාත් කුලී වැඩ කළා. මේවා කියන්න ලැජ්ජා වෙන්න  ඕනැ නෑ.’’

‘‘  විශේෂයෙන් ඇඹිලිපිටිය සහ අවටත් රත්නපුර දිස්ත‍්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයන් ඇතුලූ විශාල පිරිසක් පුතාට උදව් කළා. ඒය නොහිටියානම් පුතාට මේ ජයග‍්‍රහණය ලැබෙන්නෙ නෑ.  ඒක විශ්වාසයි.’’

‘‘ මම පුතාට මේ ජයග‍්‍රහණය අවසානයේ දුන්න අවවාදය තමයි පුතේ මුල අමතක කරන්න එපා කියන එක. හැමෝගෙම ආදාරය කරුණාව පුතාට ලැබුනා. ඒකෙන් සිහින කුමරා කිරුළ හිමි වුණා. ජිවිතය කියන්නේ වාහනයවත්, කිරුළවත් සල්ලිවත් නෙවෙයි. නිහතමානී  කමයි මනුස්සකමයි. මොනවා නැතත් මිනිහෙකුට ජිවත් වෙන්න නිහතමානිකමයි මනුස්සකමයි තියනවානම් පුලූවන්. මගේ පුතාගේ ජයග‍්‍රහණය කියා පෑවේ ඒ පණිවිඩය. ඒක අමතක කරන්න එපා කියලා මම පුතාට අවවවාද කළා.’’

‘‘දැන් ඉතින් මට කොළඹ කුලි කරන්න  ඕනෑ නෑ. මම මේ පැත්තේ කුලියක් කරගෙන ජිවත් වෙන්නයි අදහස.’’ ධනුෂ්කගේ පියා නිහතමානීව තම පුතාගේ ජයග‍්‍රහණය ගැන සතුටු කදුළු වගුරුවමින් කීවේය.
 

CSK_3414 CSK_3374 CSK_3341 CSK_3340



අදහස් (0)

‘මං කවදාවත් දුක මාකට් කරන්නේ නෑ‘

ඉන්දි Saturday, 09 August 2014 06:37 PM

සුබ අනාගතයක්. වේවා !!! (දී)

:       0       0

සන්ධ්‍යා Friday, 05 September 2014 06:54 AM

මල්ලි මම ඔයාට ගොඩක් සුබ පතනවා. (ස)

:       0       0

රීටා Monday, 15 September 2014 12:52 AM

ඔබට සුබ අනාගතයක් පතමි! (නි)

:       0       0

ලතා පළිහේන Wednesday, 16 July 2014 10:06 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ප්‍රියන්ති Thursday, 07 August 2014 03:58 PM

දනුෂ්ක, සුබ අනාගතයක්. සුබ පැතුම් එවන්නේ රුසියාවේ සිට. මම ලංකාවට ආපු වෙලාවේ දැක්කා රූපවාහිනියෙන් ඔබේ ජයග්‍රහණය. (නදී)

:       0       0

ඉන්ද්‍රජීව Wednesday, 16 July 2014 09:53 AM

ඔබට ජය! (නි)

:       0       0

දිලන්ක Wednesday, 16 July 2014 09:54 AM

ඔබට සුබ පතනවා මුළු හදවතින්ම. 'හිස් ටින් එකක් වගේ' සිංදුවට මම පුදුම ආසයි (නි)

:       0       0

ශියන්දනී Tuesday, 22 July 2014 02:05 AM

පුතා, ඔයාගේ හැකියාවට අපෙන් සුභ පැතුම්! අතීතය අමතක කරන්න එපා (නි)

:       0       0

රාමන් Monday, 14 July 2014 12:13 PM

අනේ එම්.ජී. අර සමහරු වගේ විකිණෙන්න නම් එපා (නි)

:       0       0

ප්‍රියන්ති Saturday, 12 July 2014 07:51 PM

හිස් ටින් එකක් වගේ සින්දුවට හරිම කැමතියි (නදී)

:       0       0

කුමාරි Monday, 21 July 2014 05:35 AM

ඇත්තටම පුතේ, ඔබ ඉතා අහිංසක හොඳම දක්ෂයෙක්.මුල අමතක කරන්න එපා.ගොඩක් දෙනා ඔතනින් පස්සේ ජිවත්වෙන්නේ සුපිරි පන්තයට ගැළපෙන විදියට.ආ මග හොඳින් මතක තියාගෙන සංගීතය ගැන අධ්‍යයනය කරමින් යහපත් මනුෂ්‍යයෙක් වශයෙන් ඉදිරියටම යන්න. (නි)

:       0       0

චමින්ද Friday, 08 August 2014 06:38 AM

දුක මාකට් කරන්න ඕනෑ නැහැ ලංකාවේ. මාකට් එකේ වැඩිපුරම තියෙන්නේ දුක තමයි. (නි)

:       0       0

ශ්‍රීමාල් අබේතායක Monday, 28 July 2014 03:05 AM

රියැලිටි තරුවක් මට තරුවක් නොවුනට උඹ තරම් තරුවක් අපට නැ ධනුෂ්ක ඒක හැමදාමත් රැකගන් කොල්ලෝ (නදී)

:       0       0

කලීල් Friday, 11 July 2014 09:50 PM

ඔබ්ට ජය පතනවා! (නි)

:       0       0

ජයලක්ෂ්මි Thursday, 17 July 2014 07:36 PM

පුතා, ඔයා හොඳ දරුවෙක්. හිස් ටින් එකක් අතින් අරගෙන ඉපදුන මම අද ගොඩක් දුර ඇවිදින්. ඔයාට මගෙන් උණුසුම් සුභ පැතුම් පුතා! (නි)

:       0       0

සුධීර Wednesday, 16 July 2014 11:34 AM

නියම දක්ෂයෙක් (නි)

:       0       0

ආශා Thursday, 31 July 2014 05:56 AM

දෙරණින් මම දුටු සැබෑ දක්ෂයා නුඹයි (නි)

:       0       0

සමන්ති Wednesday, 23 July 2014 02:28 PM

මෙම ගීතයේ මුල් "කවාලි" ගීතය 1955 තිරගතවූ "අසාඩ්" හින්දි චිත්‍රපටයට රාජේන්ද්‍ර ක්‍රිෂන් රචනාකළ සී .රාමචන්ද්‍ර සංගීත වත්කල රගුනාත් ජාදෙව් ඇතුළු පිරිස ගායනාකල "මාර්නා භි මහබ්බත් මෙයින්" නම් ගීතයයි. මෙහි රංගපෑවේ දිලිප් කුමාර් ,මීනා කුමාරි සහ ප්‍රාන්. (නදී)

:       0       0

නාලක Monday, 25 August 2014 04:42 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

රොෂාන් Tuesday, 12 August 2014 04:20 AM

ඔයා ඇත්තටම දක්ෂයෙක්. මම ඔයාගේ දක්ෂ කම අගය කරන වා දනුෂ්ක ඔබට ජයෙන් ජයම පතනවා (නදී)

:       0       0

චින්තක Wednesday, 16 July 2014 12:01 PM

නියමම කොල්ලෙක්. ජයෙන් ජයම ලැබේවා! (නි)

:       0       0

ලලිත් Monday, 14 July 2014 04:05 AM

ඔබ දිනුවේ ඔබේ දක්ෂතාවය නිසා බව දැන් රටටම ඔප්පුවෙලා. අනෙක ඔබ කිරුළ දිනුවට පසු කිවයුතු දේවල් දිනන්න පෙර කිවුවේ නැති එකත් ඔබේ ජයග්‍රහණයට රුකුලක් වුණා. දැන් ඔබ ජනප්‍රිය ගායකයෙක්. හොඳ දෙයක් කරලා නමක් තියාගෙන දුක විකුණන්නේ නැතුවා වගේම විකිණෙන්නේත් නැතුව ඉන්න පුළුවන් ගායකයෙක් වෙන්න බලන්න. (නි)

:       0       0

සමරසිංහ Wednesday, 16 July 2014 12:01 PM

ජයෙන් ජයම වේවා! (නි)

:       0       0

නැනී Sunday, 13 July 2014 04:48 AM

එක අතකට කුඩු මාකට් කරනවට වැඩිය දුක මාකට් කරන එක හොඳයි. ඔයා හොඳ කොල්ලෙක්. (නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Thursday, 31 July 2014 06:24 AM

ධනුෂ්ක, අමිලා නධීශානි විතරක් නෙවෙයි දෙරණින් ජයග්‍රහණය කල ඔශානි සන්දීපා , ශකිනි ධිල්සරා සහ තරුෂි සවුභාග්‍යා කියන්නෙත් ඇඹිලිපිටියෙන් පායපු තරු. මට හරිම ආඩම්බරයි (නදී)

:       0       0

සිදත් Monday, 14 July 2014 05:36 AM

ඔයාට පුලුවන් නම් අම්මවයි, තාත්තවයි නැවත එකතු කරන්න. ඒක තමා ඔය ගන්න ලොකුම දිනුම (නදී)

:       0       0

අමරසිංහ/චන්දනායක Friday, 29 August 2014 06:37 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

උපුල් පුෂ්පකුමාර Sunday, 27 July 2014 09:39 AM

දනුෂ්ක මල්ලි දැන් එම්.ජී යුගය ඔබට ජයවේවා! (නදී)

:       0       0

ඩොනල්ඩ් Wednesday, 23 July 2014 05:56 AM

ඔබ නිහතමානී දක්ෂ තරුණයෙක්.දක්ෂකමින් ජයගත් කෙනෙක්. ඔබේ අනාගතය ජයෙන් ජයට පත් වේවා! (නි)

:       0       0

නීල් Sunday, 13 July 2014 06:14 AM

ඔබට ජය පතමි..., මුල අමතක නොකර එදිරියටම යන්න. (ස)

:       0       0

සූරිය බංඩාර Saturday, 26 July 2014 11:24 AM

දනුෂ්ක, අද රටේ ඉන්න කොල්ලන්ට ඔයා ලොකු ආදර්ශයක්, රටක් බලන තරගයකින් ජය ලබපු ඔයාට, අංක 01 උනේ ඔයාගේ තාත්තා. ඔයා වගේ දරුවෙක් ලබපු තාත්තා වසනාවන්.(නදී)

:       0       0

දයා අලහකෝන් Saturday, 12 July 2014 04:18 AM

අමිලා නදීශානිත් ඇඹිලිපිටියෙම නෙවෙයිද? (ස)

:       0       0

ශ්‍යාමලී Tuesday, 22 July 2014 05:19 AM

ඔබට සුන්දර අනාගතයකට සුභ පතනවා. චරිතය රැකගෙන, හොඳ නම රැක ගන්නට ධෛර්ය පතමි. මව්පියන්ට සලකන දරුවන්ට වරදින්නේ නෑ. ජයෙන් ජයම පතනවා. රියලිට් ස්ටාර් උනාම මුල් ගායකයා අමතක කරන ලෝකයක ඔබ වටිනා දරුවෙක්.(අ)

:       0       0

ප්‍රේම් Wednesday, 03 September 2014 05:45 AM

සුබ පැතුම්! (නි)

:       0       0

කරෝලිස් Friday, 25 July 2014 06:15 PM

මම කවදාවත් ඔය ස්ටාර් තරග බලන්නේ නැහැ එහෙත් එම්.ජී ගැන යු ටියුබ් එකෙන් බැලුවා. අැත්තටම අවංක නිහතමානි කොල්ලෙක් කියල හිතනවා ඔබට ජය. ටිකක් හිතන්න ජෝති නැතිවෙලා අවුරුදු 27 යි. ඒ උනත් ජෝති ට තාමත් මිනිස්සු අදරෙයි (නදී)

:       0       0

දර්ශන Friday, 01 August 2014 02:58 AM

මේ රියලටි ක්‍රියාවලියම මාකටින් එකක් තමයි. (නදී)

:       0       0

සරත් කරුණාසේන Thursday, 31 July 2014 08:05 AM

ලස්සනයි (නදී)

:       0       0

චින්තක Saturday, 02 August 2014 10:27 AM

සුභ අනාගතයක් වෙිවා! (නදී)

:       0       0

ධම්මිකා Wednesday, 03 September 2014 06:22 AM

ඔයාට ජයෙන් ජයම ලැබේවා ! (නදී)

:       0       0

ශානක Monday, 04 August 2014 03:21 AM

සහෝදරයා, ඔයා හැම තරුණයෙකුටම ආදර්ශයක් (නි)

:       0       0

ක්‍රිස්කා මීනු ප්‍රනාන්දු Sunday, 27 July 2014 11:40 AM

නියමයි මල්ලි දුක මාර්කට් කරානම් ඔයත් පරාදයි. ජයවේවා! (නදී)

:       0       0

වීරසේන Tuesday, 22 July 2014 02:13 PM

පුතා ,ඔය හිස් ටින් එකක් වගේ ගීතය ඔයාගේ හඬින් හරිම ලස්සනයි. මම හිතුවේ අලුත් එකක් කියල. එ්ක ජෝති ගේ ඉස්සර ගයපු එකක් දැන් එහි අයිතිය ඔයාටම ලැබිල , මම මුළු හදින්ම සුබ පතමි. (අ) I

:       0       0

ලක්ෂපාන Sunday, 13 July 2014 09:09 AM

අනන්ත දුක් විදින මිනිසුන්ගේ හිත් මොහොතකට හරි සනසන්න පුළුවන් ගීත තෝරාගෙන උසස් මට්ටමේ දෙයක් කරන්න උත්සහ කරන්න. බයිලා සාස්ත්‍රීය කියල ප්‍රශ්නයක් නැහැ. ධනුෂ්ක ඔබට ජයගන්න තවත් දෙයක් ඉතිරිවෙලා නැහැ.ඔබගේ හැකියාව මොකක්ද කියල ඔබ දැන් දන්නවා එතනින් ගොඩ එන්න බලන්න .කාටවත් අතපාන්නවත් විකිණෙන්නවත් එපා අපි ඔබගෙන් ගීත ගොඩාක් බලාපොරොත්තුවෙන්නේ නැහැ හෙමිහිට එකක් කරන්න හදවතට දැනෙන්න. දෙමව්පියන්ව රැකගෙන ඉසුරුබර ජීවිතයක් නොවේ සතුටු පිරුණු ජීවිතයක් ගෙවන්න හැමවිටම උත්සාහ කරන්න . (ස)

:       0       0

සිරනි Saturday, 30 August 2014 06:08 AM

දනුෂ්ක මල්ලි ඔයාට සුබපැතුම් (අ)

:       0       0

මොනිකා කුමාරි දසනායක Saturday, 26 July 2014 02:03 PM

මුල හොදට මතක තියාගෙන තාත්තගේ ගුණ සුවද අමතක නොකර ඔයාට සැම වෙලාවේදීම අත හිත දුන් සියලු දෙනාට ගරු කරන්න. දනු පුතා ඔයාට නිරතුරුවම ජය සතුට පතන මා සෙනෙහෙබර මවක්. (නදී)

:       0       0

සඳගිරි Tuesday, 02 September 2014 03:17 PM

සුභ පැතුම්! (නි)

:       0       0

දිවාරත්න මාපලගම Monday, 14 July 2014 08:42 AM

ශිරාවටම කොල්ලෙක් නිසා ඇස් දෙකට කඳුළු ඉනුවා නම් ඒ ඔබ නිසා. කවදාවත් මුල අමතක කරන්න එපා. එවිට ඉදිරියේදී ඔබ ලබාගන්න ජයග්‍රහණ මීට වැඩිය ගොඩක් වටිනාකම් තියෙන ඒවා වේවි. හදවතින්ම සුබ පතනවා මල්ලි (නදී)

:       0       0

චතූ Wednesday, 16 July 2014 07:09 AM

ජිවිතේටවත් මොනම දේකටවත් කෙටි පණිවුඩ නොදාපු මට ඔයා නිසා කෙටි පණිවුඩ යවන්න සිද්ධ වුණා. ඒ සල්ලි අහක ගියේ නැහැ (නි)

:       0       0

ගාමිණි Monday, 13 October 2014 08:07 AM

ඔයාට සුබම සුබ අනාගතයක් ම වේවා පුතා.(හේ)

:       0       0

සිතුම් Thursday, 04 September 2014 07:58 AM

ඔයාට ජය වේවා. සුබ අනාගතයක්.මට සීසන් 6 එකේ ලිපිනේ එවන්න පුලුවන්ද? මමත් යන්න ඉන්නේ . (ස)

:       0       0

ගමගේ Monday, 13 October 2014 08:27 AM

හොදයි.(හේ)

:       0       0

ධම්ම Tuesday, 22 July 2014 06:17 PM

කාලයත් එක්ක හැම දේම වෙනස් වෙනවා පුතා. කොච්චර මුල අමතක කරන්නේ නැහැ කීවත් එය එතරම් ප්‍රායෝගික නැහැ. මුලදී බොහොම අමාරුවෙන් හිස ඔසවපු දැන් සුපිරි ක්‍රිකට් තරුවක් වී සිටින අයෙක් මේ මෑතකදී මාධ්‍යට කතා කරපු හැටි අපි දැක්කා. ඔයා ඒවා ගැන හිතන්න ඕනා නැහැ ඔයාගේ ගමන යන්න. සුබ අනාගතයකට ඔබට ඉතසිතින් සුබ පතනවා. (අ)

:       0       0

මීනු Wednesday, 30 July 2014 02:48 AM

මේ වැඩසටහන් වලට පුද්ගලිකව අකමැති මම ඔබට කෙටි පණිවුඩ 11ක්ම එවුවා (නි)

:       0       0

සංජය Friday, 11 July 2014 04:13 PM

මරු(දී)

:       0       0

ශලීක් Wednesday, 30 July 2014 11:30 AM

ඔයාට සංගීතය උගැන්වූ ගුරුවරුන් ගැනත් මතක් කළා නම් හොඳයි නේද?ඔබ නිහතමානී කෙනෙක් බව ගමේ සියල්ලන්ම කියනවා.ඔබ දක්ෂයෙක්.ඔබට ජය! (නි)

:       0       0

ප්‍රියා Sunday, 27 July 2014 08:16 PM

මේ වගේ මිනිසුන්ට තමි හරියන්න ඕනෑ. මිනිහෙකුට මනුස්සකම, නිහතමානීකම තිබේ නම් ජීවත්වෙන්න පුළුවන්. මුල අමතක කරන්න එපා (නි)

:       0       0

ගාමිණී Saturday, 12 July 2014 02:30 PM

ඔබේ අධිෂ්ඨානය සහ වීර්යය අපි අගය කරමු. ඔබ ලංකාවේ මිනිස්සුන්ට පාඩම් දෙකක් කියල දුන්න. එකක් තමයි උත්සාහය කවදාවත් අත අරින්න එපා කියන එක. අවසානයේ කවදාහරි ජය ලබන්න පුළුවන් බව ඔප්පු කරලා පෙන්නුවා. ඊලඟට ඕන මිනිසෙකුට තම හැකියාවට ජනතාව දිනන්න පුළුවන් බවත් තම අසරණ කම අම්ම තාත්තගේ අසරණකම දුප්පත්කම මිනිසුන් ඉදිරියේ ඔබ කිසිම විටක පාවල දුන්නේ නැහැ. ඔබේ හැකියාව දක්ෂතාවය සහ ඒවා නිසි පරිදි කළමනාකරණය කරගන මිනිස්සු දිනන්නේ කොහොමද කියල ඔබ රටටම පෙන්නලා දුන්න. අපි ඔබට ආදරය කරන්නේ ගරු කරන්නේ ඒ නිසයි. අපි එදා රෑ ගෙදර ෆෝන් හතරකින් පුළුවන් තරම් එස් එම් එස් දැම්ම. මොකද ඔබ එදා මුළු රටටම ඔබේ දක්ෂකම පෙන්නුවා මිස කිරුළ ඉල්ලලා දුක වික්කේ නැහැ. අනෙක තමයි ඔබ මුලින්ම කීවේ ඔබේ පියාට ඕන උනේ ඔබ අවසන් දොළොස් දෙනා අතරට ගෙනෙන එකයි. ඔබට ඕන උනේ ඔහුව ඉස්සරහ තියාගන අවසන් මහා තරඟයේ ගී කීම පමණි කියල, ඔබ ඔබේ පියාගේ මේ සිහින දෙකම සැබෑ කලා. මේ යහපත් ක්‍රියාව දැකපු මේ රටේ රසික ජනයා වගේම දෙවියන් තීරණය කලා ඔබව ඉහලම ඉහල තැනට ගෙනියන්න. දැන් ඔබ කල යුත්තේ ඔබේ රසිකයා පිනවීමත් ඔවුන්ට ආදරය කරන ගමන් ඔබේ පියාට දෙවියකුට මෙන් සැලකීමත් පමණි. එවිට දෙවියන් සැමදා ඔබව බලා ගනු ඇත. ඔබට මගෙන් උණුසුම් සුබ පැතුම්! (ස)

:       0       0

චන්දි Monday, 28 July 2014 05:04 PM

පුතා, නුඹට මගෙත් උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ගජයා Sunday, 03 August 2014 08:27 AM

සුබ ගමනක් වේවා (නදී)

:       0       0

සුදත් Friday, 25 July 2014 03:13 AM

ඔබට ජයග්‍රහණය ලැබුනේ ජෝතිගේ හිස් ටින් එකක් වගේ ගීතය නිසා කියල මම හිතන්නේ. ජෝති අපෙන් වෙන්වෙලා අවුරුදු 27. එ්ත් තවම ඔහු ජීවමානයි. අපි තවමත් ජෝතිට අාදරෙයි. ධනුෂ්ක මම ඔයාගෙන් ඉල්ලන්නේ ජෝති වගේ මිනුස්සු ආදරය කරන ගායකයෙක් වෙන්න කියලයි. (නදී)

:       0       0

රන්ජිත් Saturday, 19 July 2014 09:47 AM

අවසන් තරගය දා අපි දැක්කා සමහර අය දුක මාකට් කර දිනන්න හදනවා. ඒත ඔබ එහෙම කථා කලේ නෑ. එ් නිසයි කියන්නේ ඇත්තටම "නියම කොල්ලෙක්". (නදී)

:       0       0

හැරිසන් Tuesday, 22 July 2014 11:56 PM

හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලි.... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 92 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 975 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 195 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 882 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3554 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


විද්‍යුත් පාස්පෝට් තීරණයට අතුරු තහනමක්
2024 සැප්තැම්බර් මස 27 2251 1

නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලිය අනුගමනය නොකොට පුද්ගලික සමාගම් දෙකකින් විද්‍යුත් විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දහසක් මිලදී ගැනීමට පසුගිය රජයේ අමාත්‍


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37727 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24866 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site