IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


මේ ක්ෂේත්‍රය තුළ මම හෙමින් ගමනක් යනවා

2016-09-27-ent-08

වෘත්තිය මට්ටමේ නිරූපිකාවක් වන දිල්කි විජේරත්න සමගින් අද "සාරවිට" තරු කතාබහ දියත් කරන්නට අපි බලාපොරොත්තු වුණෙමු. මේ වසරේ පැවැති "මිස් ශ්‍රී ලංකා" තරගයේ අවසන් තරගකාරියන් 12 දෙනා අතරට එක්වීමටද සමත් වූ ඇය මේ වනවිට ගීත රූප රචනා කිහිපයකින්ද ඔබ හමුවට පැමිණෙන්නීය.

 

නිරූපිකාවක් ලෙස කටයුතු කරන්න පටන් ගෙන කොපමණ කල්ද?

2016-09-27-ent-09නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රයට ඇවිල්ලා නම් ලොකු කාලයක් නෙමෙයි. මම 2014 වසරේ පැවැති "සිරස කුමරිය" තරගයට ඉදිරිපත් වුණා. එහි තෙවැනි තරග වටය දක්වා ආවා. නමුත්, අවසන් තරගවලට එකතු වෙන්න බැරිවුණා. එම තරගයට ඉදිරිපත් වීමත් හරහා නිරූපණ ක්ෂේත්‍රයේ යම් පිරිසක් හඳුන ගන්න මට පුළුවන් වුණා. ඊට පස්සේ තමයි නිරූපිකාවක් විදිහට වැඩ කරන්න පටන් ගත්තේ.

 

මේ වසරේ තිබුණ "මිස් ශ්‍රී ලංකා" තරගයටත් ඔබ ඉදිරිපත් වුණා නේද?

ඔව්. එම තරගයේ අවසන් තරගකාරියන් 12 දෙනා අතරට එන්නට මට හැකි වුණා. මේ තරගයේ best glowing skin මිනි ටයිටල් එක දිනාගත්තේ මම. අවසන් තරගකාරියන් 12 දෙනා අතරට ඇවිල්ලා එවැනි ජයග්‍රහණයක් අත්කර ගන්න ලැබීම ගොඩක් සතුටුයි. "මිස් ශ්‍රී ලංකා" තරගයට ඉදිරිපත් වෙන කොට නම් විශ්වාසයක් තිබුණේ නැහැ මෙච්චර දුරක් එන්න ලැබෙයි කියලා. නමුත්, තරගයේ ඉදිරියට යනකොට පොඩි විශ්වාසයක් ඇතිවුණා අවසන් තරගයට එන්න මට අවස්ථාවක් තියෙනවා කියලා.

 

දිල්කි දැනට කලා නිර්මාණවලට දායක වෙලා තියෙනවාද?

නැහැ. ගොඩක්ම මම කළේ පොටෝ ෂූට්වලට දායක වෙච්ච එක. නමුත්, ස්වාධීන රූපවාහිනි නාළිකාවේ විකාශය වුණ "කාසීවත්ත"ටෙලි නාට්‍යයේ චරිතයකට දායක වුණා. ඊට අමතරව රුවන් හෙට්ටිආරච්චිගේ ගීතයක ගීත රූප රචනාවක මම පෙනී හිටියා.

 

නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රය තුළ දිල්කිට තැනක් තියෙනවාද?

දන්නේ නැහැ. නමුත්, මම මගේ නම හදාගෙන යනවා. දැනට මම ජනප්‍රිය මෝස්තර නිරූපණ ශිල්පි සමීර වීරසිංහගේ මොඩ්ලින් ඇකඩමියට සම්බන්ධ වෙලා නිරූපණය පිළිබඳව හැදෑරීම් කරනවා. මම මේ ක්ෂේත්‍රය තුළ හෙමින් ගමනක් යන්න උත්සාහ කරන කෙනෙක්. ඒ නිසා මගේ නම නිරූපණ ක්ෂේත්‍රය තුළ හැදෙන්නේ හෙමින්.

 

රඟපාන්න කැමති නැද්ද?

කැමතියි. "මිස් ශ්‍රී ලංකා" තරගයට සම්බන්ධ වෙලා ඉන්න කොට ගොඩක් අවස්ථාව ලැබුණා. නමුත්, ඒ තරගය නිසා ඒවාට සම්බන්ධ වෙන්න අවස්ථාවක් තිබුණේ නැහැ. ඉදිරියේදී නැවතත් ඒ පැත්තට යොමු වෙන්න අදහසක් තියෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් මම අනිවාර්යයෙන්ම රංගනයට යොමු වේවි.

 

නිරූපිකාවක් විදිහට නිරූපණ ක්ෂේත්‍රයට සම්බන්ධ වීම ගැන මොකද හිතෙන්නේ?

කවදාවත් මම නිරූපිකාවක් වෙන්න මම හිතුවේ නැහැ. පාසල් අධ්‍යාපනය නිමාවත් සමග මම හීන දැක්කේ වෙබ් ඩිසයිනර් කෙනෙක් වෙන්න. ඒ පැත්තෙන් මම දැනටත් හැදෑරීම් කරනවා.

 

උදව් කළ අය?

නැහැ. මට එහෙම ලොකුවට උදව් කළ පිරිසක් නැහැ. මගේ ගෙදර අය මට උදව් කළා. එතැනින් එහා මම ආවේ මගේම හැකියාවෙන්.

 

2016-09-27-ent-07



අදහස් (0)

මේ ක්ෂේත්‍රය තුළ මම හෙමින් ගමනක් යනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 39 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


ඇමෙරිකාවට ඉන්න ලොකුම සතුරා ඉරානය
2024 ඔක්තෝබර් මස 09 188 0

ඇමෙරිකාවට සිටින ලොකුම සතුරා ඉරානය යැයි ඇමෙරිකන් උප ජනාධිපතිනී කමලා හැරිස් පවසයි. ඇමෙරිකන් ජනාධිපතිවරණය ලබන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙන අතර, ජනාධිපත


වැස්සෙන්-සුළඟෙන් පොළොන්නරුවේ ගම් කිහිපයක නිවාසවලට හානි
2024 ඔක්තෝබර් මස 09 38 0

පොළොන්නරුව අරලගංවිල දෙහිඅත්තපිටිය හා ජයමුතුගම ගම්මාන හරහා වර්ෂාවත් සමඟ හමා ගිය සුළඟකින් එම ගම්මානවල නිවාස 20 කට අර්ධ හා පූර්ණ ලෙස හානි සිදුව තිබේ.


හොරෙන් රැඳී සිටි චීන්නු 20ක් මාට්ටු:18 පැන ගිහින්
2024 ඔක්තෝබර් මස 09 311 0

වීසා බලපත් නොමැතිව රැදී සිටී චීන ජාතිකයන් විසි දෙනකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය පවසයි.


නෙදන්යාහු ලෙබනන් වැසියන් අමතයි
2024 ඔක්තෝබර් මස 09 870 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, ලබනන් වැසියන් ආමන්ත්‍රණය කරමින, ඔවුන්ට අනතුරු ඇඟවීමක් ද කරමින් වීඩියෝ පණිවුඩයක් නිකුත් කර ඇත.


‘විනී ද පූ’ ට ගහලා
2024 ඔක්තෝබර් මස 09 926 0

වෝල්ට් ඩිස්නි නිර්මාණය කළ විනී ද පූ නමැති කහ පැහැති වලසා ලොව කවුරුත් හොඳින් හඳුනන ආදරයෙන් වැලඳගත් කාටූන් චරිතයකි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39538 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25751 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site