IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මේ ගැටේට අහුවුණොත් ලෝක අමාරුවේ

මලයාසියාවේ ක්වාලලම්පූර් අගනුවර අලුත්ම තාලයේ කප්පම් කෑමක් සිදුවෙතෙයි එරට නීතීඥ සංගමයක් කියයි.

එහි දී මුලින්ම සිදුවනුයේ   පුද්ගලයකු  තවත් පුද්ගලයකුගේ සාක්කුවට දුරකතනයක් හෝ රිංගිට් නෝට්ටු කිහිපයක් සහිත මුදල් පසුම්බියක් හැඳුනුම්පතක් දැමීමයි.

මිනිත්තු කිහිපයකට පසු අයිතිකරු ඉදිරිපත් වේ.

‘ඔබ හොරෙක් වේ‘.

ඔහුගේ මුදල් පසුම්බිය සොරකම් කළැයි ඔබට කෑකෝ ගසති.

ඒ ගැන කිසිවක් නොදන්නා ඔබ පැත්තකට රැගෙන යන අයිතිකරු වැඩේ ගොඩින් බේරාගැනීමට යෝජනාවක් ඉදිරිපත් කරයි. ඔහු පොලිසිය කැඳවයි. මුදල් දුන්නොත් වැඩේ හමාරලු. මෙවැනි සොරකම්වලට හැම විටම සාක්කිකරුවෙක් සිටී.

ක්වාලලම්පූර් ගුවන්තොටුපොළ හෝ දුම්රියේ දී විදේශිකයෝ මේ සූත්තරේට බොහෝ විට අමුවේ.

මහ දවාලේ සිදුවන මේ කප්පමට අසු වන්නන් කප්පම නොගෙව්වහොත් ඔහුට  පොලිසියේ ලගින්නටත්, නිරපරාදේ උසාවියේ නඩුවකට මුහුණ පාන්නටත් සිදුවේ.

 



අදහස් (0)

මේ ගැටේට අහුවුණොත් ලෝක අමාරුවේ

හිරන්ති Sunday, 06 July 2014 05:26 PM

මෙහෙත් පටන්ගනීද දන්නෙ නැහැ (නි)

:       0       0

හේමන්ත Monday, 07 July 2014 09:23 AM

ප්‍රදීප්, එක්සත් අරාබි එමිරයේ මුදල් ඒකකය දිරාම් හෝ රියාල් නෙමෙයි (නදී)

:       0       0

ප්‍රදීප් Sunday, 06 July 2014 06:01 PM

මටත් ඔය වැඩේම වුණා ඩුබායි ඉඳලා ශර්ජාහ් වලට එනකොට. ඒකෙ හිටියේ කළු අප්‍රිකානු මිනිසුන් තුන් දෙනෙක්. රියදුරා කිවුවා එයාගේ පසුම්බිය නැහැ කියලා. එයාලා මගේ පසුම්බිය උදුරලා බැලුවා මම සල්ලි හොරකම් කරලද කියලා. මට ගහන්නත් හැදුවා. අතරමඟින් මාව බැස්සුවා. මම පසුම්බිය බලනකොට ඒකෙ තිබුණ රියල් 500 අරගෙන (නි)

:       0       0

ඉසුරන්දි Monday, 07 July 2014 10:25 AM

ඔය වැඩේ අපේ ලංකාවේ අය පටන්ගත්තොත් එහෙම ඕකේ අනෙක් පැත්ත තමයි වෙන්නේ එහෙනම්. (නදී)

:       0       0

ඩිලාන් Sunday, 06 July 2014 08:10 PM

සමන් පෙරේරා, ඉතින් ලංකාවටත් කෝල් කරලා කියන්නකෝ තෑග්ගක් තියෙනවා,දැන්ම මෙච්චර ගාණක් ඊසි කෑෂ් කරන්න කියලා (නි)

:       0       0

චමි Monday, 07 July 2014 11:30 AM

අහපු හින්ද බේරුනා. (නදී)

:       0       0

කුමාරන Sunday, 06 July 2014 10:48 PM

එවැනි අවස්ථාවල අදාළ ද්‍රව්‍ය අතපත නොගා සිටිය යුතුයි. අවසානයේ ඇඟිලි සළකුණු පරීක්ෂා කිරිමෙන් සත්‍ය පෙන්වා,අදාළ හොරුන්ට අමතක නොවෙන පාඩමක් උගන්වන්න පුළුවන්. (නි)

:       0       0

සමන් Monday, 07 July 2014 12:05 AM

දිලාන්, දෙන්නකෝ නැන්දම්මාගේ දුරකතන අංකය (නි)

:       0       0

මර්වින් Monday, 07 July 2014 12:26 PM

මලයාසියාව ගැනනම් අහන්න එපා,කෙනෙකුට උදවු කරන්න ගිහින් මස 2ක් හිරෙත් ඉඳල අාවේ, නීතිඥයාට ගෙව්වා රුපියල් 75,000ක්, වැරදිලාවත් යන්නනම් එපා ඔය රටට, එහේ ඉන්නවා පොලිසි දෙකක්; හොර පොලිසිය සහ ඇත්ත පොලිසිය,හොර පොලිසිය තමා ඔය වැඩේට එන්න,ඇත්තෙ. පොලීසියත් ඔය බව දන්නවා, එයාලටත් කොටසක් යනවා, වෙනත් රටකට යන ගමන් යානය මාරු වීම සඳහා වත් යන්න නම් එපා, (ස)

:       0       0

ටිරෝන් Monday, 07 July 2014 02:12 AM

මේකෙන් කියන්නේ මලයාසියාවට යන අය වැඩිපුර ප්‍රවේශමෙන් සිතුය යුතු බවයි. අතින් වියදම් කරගෙන පිටරට ගිහින් නොකළ දේකට වැරදිකරු වෙන්නේ මොකටද? හිරබත් කන්නේ මොකටද? (නි)

:       0       0

විමල් Monday, 07 July 2014 04:25 AM

තණ්හාය ජායතී ශෝකෝ කියන්නේ මේවට තමයි (නි)

:       0       0

පීරිස් Monday, 07 July 2014 04:27 AM

මේවා වැඩි තණ්හාවට ලැබෙන තෑගි (නි)

:       0       0

කැනඩා දිසා Monday, 07 July 2014 05:00 AM

අපේ අයියලා දැන්මම වැඩේට බැහැලා ඇති (නි)

:       0       0

අසෝක Monday, 07 July 2014 06:12 AM

ලංකාවේ නම් ඉතින් මුදල් පසුබිම්බියේ මුදල් නැහැ. උගස් බඩු රිසිට් වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ නිසා ලංකාවේ ඔය හොරකම සාර්ථක නැහැ. මිනිස්සු ඉන්නේ බොහොම අමාරුවෙන් (නදී)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 06 July 2014 03:31 PM

සෞදියෙත් මීට සමාන සොරකම් සිද්ධ වෙනවා (නි)

:       0       0

මදුමල් Sunday, 06 July 2014 03:37 PM

නියම ගැටයක්නේ මේක (නි)

:       0       0

නෙළුම් Monday, 07 July 2014 07:26 AM

මේක වෙන්න පුළුවන්. මා සමග වැඩ කරන මැලේෂියානු කාන්තාවක් මට කිව්වා එහි සංචාරයට යනකොට ඉතා ප්‍රවේශම් විය යුතු බව. කොච්චර සංචාරක ආකර්ශන තිබෙන රටක් වුනත් , මංකොල්ල කාරයන් වැහි වහැලාලු. (නදී)

:       0       0

ඇසළ Sunday, 06 July 2014 04:26 PM

එහේ පොලිසියත් ඒවා පිළිගන්නවද? මම නම් හිතන්නේ අපේ පොලිසිය ගැන කවුරු මොනවා කිවුවත් දේශපාලුවෙක් ගෑවුණේ නැත්තම් කවදාවත් පිළිගන්නේ නැහැ මේ වගේ කප්පම් ගැනීම්. (නි)

:       0       0

සමන් පෙරේරා- සෞදි Sunday, 06 July 2014 04:35 PM

මෙවැනි සිදුවීම් හැම රටකම තියනවා. දැන් සෞදි වල අලුත්ම සෙල්ලම ජංගම දුරකතනයට කිසියම් කණ්ඩායමක් ඇමතුමක් දෙනවා, ඔබට සෞදි රියල් ලක්ෂ 2 සෞදි ටෙලිකොම් ආයතනයෙන් දිනුම් ඇදී බව ඉතාම සුහදශීලීව කියනවා. එය කිසිවෙකුට නොදන්වන ලෙසත් ඔවුන් ඉල්ලා සිටිනවා. අවසානයේ ඔවුන් ඇමතුම ලත් කෙනාගෙන් රියල් 500 පෙර ගෙවුම්පත් කාර්ඩ් 3 ආදායම් බදු හැටියට මුලින් ඉල්ලා සිටිනවා. ඉන්පසුව ඔවුන් බැංකුවට යනවිට අදාල මුදල් ඇනවුම් පතේ නොම්මරය දෙන බවට දන්වා සිටිනවා, මෙයට අසුවුණ අය බොහෝ ඉන්නවා. (නි)

:       0       0

හේමන්ත Sunday, 06 July 2014 04:45 PM

තෑගි දුන්නත් මලයාසියාවේ නම් යන්නේ නැහැ. (නි)

:       0       0

සිසිර Monday, 07 July 2014 08:52 AM

අපිවත් මීට සමාන හොර කල්ලියකට මාට්ටු උනා මීට වසර 3/4 කලින් ක්වාලලම්පූර් දී. මොවුන් හැසිරෙන්නේ මලයාසියානු පොලිසීය විදිහටයි. මොවුන් දකුණු ඇමරිකාණු සම්බවයක් සහිත සංවිධානාත්මක කල්ලියක් බවයි එරට පොලිසිය පවසන්නේ. (නදී)

:       0       0

චන්ද්‍රා Sunday, 06 July 2014 04:54 PM

මේවා බලලා අපේ අයත් පටන්ගනීද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සේරුවිල පාසලකට අලියෙක් ඇවිත්
2024 සැප්තැම්බර් මස 27 140 0

සේරුනුවර අධ්‍යාපන කොට්ඨාසයට අයත් සේරුවිල කාවන්තිස්ස ප්‍රාථමික විද්‍යාලයට අද (27) දහවල් වන අලියෙක් පැමිණ තිබේ.


ජපාන නව අගමැති ෂිගුරු ඉෂිබා
2024 සැප්තැම්බර් මස 27 160 0

ජපානයේ පාලක පක්ෂය වන, ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා තෝරා ගැනීමේ ඡන්ද විමසුමින්, ෂිගුරු ඉෂිබා ජයග්‍රහණය කළේය. ජපානයේ අග්‍රාමාත්‍ය ධුරය හිමිව


කොස්තාපල්ගෙන් අල්ලසක් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 27 253 0

රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ල


කටුනායක වීසා පෝලිම අඩු වෙලා
2024 සැප්තැම්බර් මස 27 875 0

ශ්‍රී ලංකාවට පැමිණීම සදහා මෙතෙක් අත්හිහිටුවා ’’ මාර්ගගත ක්‍රමයට වීසා බලපත්‍ර ’’ ( Online Visa ) ලබා දීම , යළි අද දින අලුයම 12.00 සිට ආරම්භ විය.


විශ්‍රාමික හමුදා සෙබළාගේ සිරුර වැසිකිලි වලක
2024 සැප්තැම්බර් මස 27 567 0

පිහිඹියගොල්ලෑව , පිනී ගමෙි පදිංචි විශ්‍රාමික හමුදා සෙබලකු සහාසික ලෙස ඝාතනය කර වැසිකිලි වලකට දමා ඇතැයි පොලීසිය කියයි.


ව්‍යාපාරිකයා කොල්ල කා පලා ගිය අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 27 386 0

නිධානයකින් ගොඩ ගත් පෞරාණික කාසි තොගයක් රුපියල් ලක්ෂ 10කට විකිණීමට ඇති බව පවසමින්, ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු සූක්ෂම ලෙස අනුරාධපුරය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37672 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24835 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 220 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 727 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site