ක්‍රිකට් ක්‍රීඩකයෙකු ලෙස ඔහුට දිගු ගමනක් යාමට නොහැකි වුවද ගායකයෙකු ලෙස "ළංවෙලා ළඟ උන්නු කාලේ" ගීතය තුළින් ජනප්‍රියත්වට පත්වෙන්නට ඔහුට හැකිවිය. ඔහු රංග සොයිසාය. ඔහුගේ කලා දිවිය පිළිබඳව "සාරවිට" සමග පැවැසුවේ මෙවැන්නකි.
අලුත් ගීතය ගැන කිව්වොත්?
"මියෙන කල් සෙනෙහේ" කියල තමයි ගීතය නම් කළේ. මේක මගේ හයවෙනි ගීතය. ඒකත් විරහ ගීතයක්. අපේ වචනෙන් කිව්වොත් බූට් සෝන්ග් එකක්. පද රචනා කළේ නිසල් ප්‍රනාන්දු. දුලීක කෝදාගොඩ තමයි මේ ගීතය සංගීතවත් කළේ.
ඔබත් වර්තමානයේ පවතින විරහ රැල්ලේ ගායකයෙක්ද?
මමම විරහවට කොටු වෙලාම නෑ. මම හිතනවා රසිකයො ගොඩක් කැමති විරහ ගීත රසවිඳින්න. මමත් විරහ ගීත රසිකයෙක්. රැල්ල එක්ක නෑ කියන්නත් බෑ. මම පියා ගැනත් සිංදුවක් කළා. තවම විරහව නැති වෙනත් අර්ථවත් ගීතයක් මට ලැබුණෙ නෑ. හොඳ පද රචනයක් ලැබුණොත් ළඟදීම වෙනස් ගීතයකුත් කරනවා.
කලාකරුවෙකුට වගකීමක් තියෙනවා නේද සමාජයට පණිවුඩයක් දෙන ගීත නිර්මාණය කරන්න?
අනිවාර්යයෙන්ම සිදුවිය යුත්තක. මම ඉදිරියේදී එවැනි ගීත කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා. දැනට මගේ "පියානෙණි" ගීතයෙන් සමාජයට හා කලාකරුවන්ට හොඳ පණිවිඩයක් දෙනවා කියලා. සංගීත් විජේසූරිය අයියව ආදරෙන් මතක් කරනව ස්තූතිවන්ත වෙනව මට එවැනි පද රචනයක් හා ගීතයක් ගායනා කිරීමට අවසර ලබාදීම පිළිබඳව.
ඉදිරි කටයුතු ගැන කිව්වොත්?
මියෙනාකල් සෙනෙහේ ගීතයට රූපරචනයක් කිරීමට බලාපොරොත්තුවක් තියෙනවා. එළිමහන් ප්‍රසංග කීපයකට සහභාගි වීමට නියමිතයි. සැප්තැම්බර් මාසයේ ඇරෝස්ටාර් සංගීත කණ්ඩායම සංගීතවත් කරන කොරියානු සංගීත ප්‍රසංගයකට යෑමට සූදනමින් ඉන්නේ.
සංගීත දිවියේ ඉදිරියට යාමට අවස්ථාවක් සහ උදව් කරපු පිරිසක් ඇතිනේ?
මගේ අම්මා, තාත්තා, සමන් අයියා. පොඩ් නැන්දා ගංගා සුදර්ශනී .මගේ ආදර බිරිද නිල්මිනී රණතුංග. පොඩි අයියා, ලොකු අයියා, අක්කා, ජගත් වික්‍රමසිංහ, සංගීත් විජේසූරිය, ජයසිංහ සර්, ජීවක සම්පත්, දිලිනි තිරිමාන්න, අශාන් ප්‍රනාන්දු, දුලීක කෝදාගොඩ, නිසල් ප්‍රනාන්දු ඇතුළු මගේ යාලුවෝ හැමෝම. විදුලි බල මණ්ඩලේ ආරක්ෂක කළමනාකාර ඇතුළු සියලු සහෝදරයන්. මගේ ගමනට ලොකු අත්වැලක් වුණා. මගේ රසික රසිකාවියො සහ සියලුම පුවත්පත් හා රූපවාහිනි ආයතනවල මට අවස්ථා ලබාදුන් සියලුදෙනාට හා මගේ සංගීත දිවියට උදව් උපකාර කරපු සියලු දෙනාටම ස්තූති කිරීමට මම මේක අවස්ථාවක් කරගන්නවා.
ඩිලාන් ක්‍රිෂාන්ත
ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.
හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර
බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්
රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර
වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මේ ගීතය අපේ වචනෙන් කිව්වොත් බූට් සෝන්ග් එකක්