IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


මේ ගෙවන මිලක කිසිම සාධාරණකමක් නැහැ

2016-04-28-ent-56

මේ දිනවල වෙළෙඳ දැන්වීම් හරහා සහා මියුසික් වීඩියෝ හරහා ඔබට නිතර මුණගැසෙන චරිතයක් ලෙස නිසදි කාරිවසම්ව හැඳින්විය හැකිය. නිරූපණ ක්ෂේත්‍රයේ වෘත්තීමය වශයෙන් නියැළීමට සිහින දකින ඇය, සිය වැඩකටයුතු පිළිබඳව අප සමග මෙසේ කතාබහක නියැලිණ.

 

2016-04-28-ent-55ඔබ නිරූපිකාවක් විතරද?

ඔව්, මම සම්පූර්ණ වශයෙන් නිරූපිකාවක් විදිහට තමයි කටයුතු කරන්නේ. වෙනත් වෘත්තීයක නියැළෙන්නෙ නැහැ. විනෝදාංශයක් විදිහට නිරූපණය කරගෙන යනවා.

 

ක්ෂේත්‍රයට අවතීර්ණ වූ කාලය?

දැනට අවුරුදු එකහමාරක් විතර වෙනවා.

 

තරුණියන් බොහෝදෙනා නිරූපණයට එන්නේ වෘත්තියක් වශයෙන් මේ ක්ෂේත්‍රය පහසු බව හැඟෙන නිසාද?

ඒක මෙහෙමයි. ගොඩක් අය ආසාවට තමයි නිරූපණ ක්ෂේත්‍රයට එන්නේ. මමත් එහෙමයි. නමුත් මේක හිතන තරම් ලෙහෙසි වෘත්තියක් නෙමෙයි. මමත් මුලින්ම හිතුවෙ ලෙහෙසියි කියලා. කැමරාවක් ඉස්සරහට ගිහිල්ලා ඉන්න විතරයි තියෙන්නේ කියලයි හිතුවේ. නමුත් නිරූපණ ක්‍රම ගැන හොයා බලද්දී ඇත්තටම ඒ පිළිබඳව ඉගෙන ගෙන මේ ක්ෂේත්‍රයට එන්න ඕන කියලයි මටත් හිතුණේ. ඉන්පස්සෙ තමයි මමත් ඒ දේවල් ඉගෙන ගන්න පන්තිවලට දායක වුණේ. එහෙම නැතිව නිරූපණ වෘත්තිය කරන්න අමාරුයි. ඒ සඳහා ලොකු කැපවීමක් කරන්න ඕන.

 

ඒ කියන්නේ නිරූපණයට එන්න යම්කිසි දැනුමක් තියෙන්නේ ඕන කියන එකද?

ඔව්, අධ්‍යාපනය පැත්තෙනුත් ඉගෙනීමක් තියෙනවා නම් වඩාත් හොඳයි කියල හිතනවා. මොකද මමත් Bio කරපු කෙනෙක්. ලෝකේ හැමෝටම විනෝදාංශයක් තියෙනවනේ. විනෝදාංශය රැකියාවක් කරගන්න කවුරුත් අකමැති නැහැනේ. ඉතිං මගේ විනෝදාංශයම තමයි වෘත්තිය කරගන්න බලාපොරොත්තු වෙන්නේ.

 

ඒ කියන්නේ ලංකාවේ බොහෝ තරුණියන්ගේ විනෝදාංශය නිරූපණය කියලද කියන්න වෙන්නේ?

මෙහෙමයි, මම නම් හිතන්නේ විලාසිතාවන් සඳහා ගොඩක් තරුණියන් කැමැත්තක් දක්වනවා. ඒ නිසා තමයි ගොඩක් දෙනෙක් මේ සඳහා දායක වෙනවා ඇත්තේ. මෙහිදී විවිධ විලාසිතාවන් ගැන හදාරන්න අවස්ථාව ලැබෙනවා, ගොඩක් අයව හඳුනාගන්න ලැබෙනවා සහ අලුත් දේවල් සඳහා මුහුණදෙන්න හැකියාව ලැබෙනවා. මට නම් මේ සඳහා ලොකු කැමැත්තක් තියෙනවා. අනික් අය ගැන කියන්න නම් දැන්නෙ නැහැ.

 

මේ කාරණා නිසාද නිරූපණ ක්ෂේත්‍රයේ ප්‍රමිතියක් නැහැ කියන්නේ?

එවැනි දේවල් වෙන්නේ එක එක්කෙනා කරන දේවල් අනුවයි. සාමාන්‍යයෙන් "ෆොටෝ ෂූට්" එකක් කළා කියලා ඒක "ෆොටෝ ෂූට්" එකක් වෙන්නෙ නැහැනේ. ඒ සඳහා ප්‍රමිතියක් තියෙන්න ඕන. ඒකෙ වගකීමක් කවුරු හරි ගන්න ඕන. ඒ දේ තුළින් තව තව වැඩ ලැබෙන්න ඕනේ. කරන්නම් වාලේ "ෆොටෝ ෂූට්" කළා කියල මුකුත් වෙන්නෙ නැහැ.

 

වෘත්තීමය වශයෙන් මේ සඳහා නියැළෙද්දී ගෙවීම් වල යම්කිසි අඩුපාඩුවක් තියෙනවද?

ඇත්තම කිව්වොත් මේ ගෙවන මිලක කිසිම සාධාරණකමක් නැහැ. සමහරක් අය ඉන්නවා ඇත්තටම කපටි මිනිස්සු. අපිට කියන්නේ මේ දේ පොඩි වැඩක් හැටියට. නමුත් ඒ පුද්ගලයා විසින් වෙනත් ආයතන සඳහා ඒ ඡායාරූප විකුණනවා. ඒ දේවල් නිසා ගොඩක් හොයල බලලා තමයි දෙයක් සඳහා සහභාගී වෙන්නෙ. ඇත්තටම කිව්වොත් සාධාරණ ගෙවීමක් නම් නැහැ. එහෙමත් කෙනෙක් තමයි නිරූපිකාවගේ මහන්සිය වෙනුවෙන් වටිනාකමක් ගෙවන්නේ.

 

නිරූපණ ක්ෂේත්‍රය තුළ කිසියම් වෙනසක් සිදුවිය යුතුයි කියලා ඔබ හිතනවාද?

මුලින්ම කෙනෙක් කරන මහන්සියට, කැපවීමට හොඳ ගෙවීමක් කරන්න පුළුවන් තත්ත්වයක් ගොඩනැගෙන්න ඕන. මොකද කෙනෙක් යම්කිසි කාර්යයක් සඳහා ගනු ලබන්නේ ඒ කෙනා තුළ දක්ෂතාවයක් තියෙන නිසානේ. ඒ නිසා යම්කිසි මුදලක් ගෙවන්න බැරිකමක් නැහැනේ. එවැනි කෙනෙක් යම්කිසි ව්‍යාපෘතියක් කරන්නේ සල්ලි තියෙන නිසානේ. ඒ නිසා කෙනෙක්ගෙන් වැඩක් ගන්නවානම් ඒ කෙනාට යම් වටිනාකමක් දීලා කළොත් මේ ක්ෂේත්‍රය ඉදිරියටත් දියුණු වීමක් දකින්න පුළුවන් වෙයි.

 

දායක වූ වැඩ පිළිබඳ කතා කළොත්?

විලාසිතා දැක්මන් සඳහා නම් දායක වෙන්නෙ නැහැ. මොකද මම අසනීප වෙලා හිටියා ටික කාලයක් කකුලේ සැත්කමක් කරලා. ලංකාවේ "ටොප් මොඩ්ල්ස්" එක්ක ෆෝටෝ ෂූට් සඳහා දායක වෙලා තියෙනවා. ඊට අමතරව මියුසික් වීඩීයෝ සහ වෙළෙඳ දැන්වීම් සඳහා දායක වෙලා තියෙනවා.

 

නිරූපණයෙන්ම ඉදිරියට යන්න හිතන්නේ? ඇයි රංගනය පැත්තට ආසාවක් නැද්ද? ඒක විනෝදාංශයක් නෙවෙයිද?

මම වැඩිපුරම ආස කරන්නේ නිරූපණයටයි. මොකද රඟපාන්න ගියහම ඒ සඳහා ලොකු කාලයක් වැය කරන්න ඕනේ. සමරහක් නිර්මාණය හොඳයි, ඇතැම් ඒවා හරි නැහැනේ. ඒක නිසා ඒ දේවලුත් තෝරාගන්න ඕන. බලමු ඉස්සරහට.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු

 

ada

 

2016-04-28-ent-14
2016-04-28-ent-13
2016-04-28-ent-12
2016-04-28-ent-11
2016-04-28-ent-10
2016-04-28-ent-09
2016-04-28-ent-08
2016-04-28-ent-07
2016-04-28-ent-06
2016-04-28-ent-05
2016-04-28-ent-04
2016-04-28-ent-03
2016-04-28-ent-02
2016-04-28-ent-01

 



අදහස් (0)

මේ ගෙවන මිලක කිසිම සාධාරණකමක් නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 4 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 14 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 34 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 80 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 91 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 2394 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site