IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


මං දැන් ලොරි භාගයක් වගේ..

2016-07-23-ent-22

 

කලා ලෝකයේ කටකාර දඟකාර රුවැත්තිය ලෝචනා ඉමාෂි තවත් නොබෝ දිනකින් ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවිය ලබන්න බලාපොරොත්තු ගොන්නක් එක්ක දින ගනිනවා.

ජීවිතේ සුන්දරම සිහිනයට ඇඟිලි ගනින ලෝචනාගේ අලූත්ම තොරතුරු සමඟ සඳැල්ල අපි ඇයව කථාබහකට එකතු කර ගන්න හිතුවා.

 

වෙනදා වාගෙ නෙමෙයි කටකාර දඟකාර චරිතයක් වුණ ලෝචනා තැන්පත් වෙලා. ඇත්තම කියනව නම් ලෝචනාගේ ජීවිතේ ගොඩක් දේවල් වෙනස් වෙලා.

2016-07-23-ent-24ඇත්තටම ඔව්. ගොඩක් දේවල් වෙනස් වුණේ දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා දැන ගත්ත දවසේ ඉඳලා. දැන් මාස ගණනක්ම ගෙදරට වෙලා තමයි ඉන්නේ. වෙලාවකට හරිම කම්මැලියි. මට සාමාන්‍යයෙන් එකතැන ඉඳලා පුරුද්දක් නෑනේ.

මම ජීවිතේ ගොඩක් සැහැල්ලූවෙන් ඉඳපු කෙනෙක්. මට ඇත්තටම සමහර වෙලාවට අමතකත් වෙනවා මම දැන් බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක් නේද කියලා. මුල් කාලෙදි නම් පොඞ්ඩක් දඟලද්දි ගෙදර අය බනිනවා ”දැන් ඉතින් ඉස්සර සෙල්ලම් දාන්න බැහැ හොඳේ” කියලා. ජීවිතේ සැහැල්ලූව නැතිවෙලා නැහැ. ඒත් දැන් ලොකු වගකීම් දරන්නෙක් වෙන්න යනවා කියලා හැෙඟනවා. ඒක ඉබේටම වෙන දෙයක්. මම හැදිච්ච විදිහට ඇත්තටම එකතැන ඉන්න අමාරු ලෙඩක් මට තියෙනවා. ඒත් ජීවිතේ යම් යම් අවදි පසු කරනකොට අපි නොදැනුවත්වම වගකීම් දරන්නන් බවට පත්වෙනවා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක් නේ.

 

ඉතින් කොහොමද? මේ දවස්වල ගෙවන ජීවිතේ?

සමහරු හිතනවා දැන් මට දරුවා ලැබිල කියලා. පසුගිය සතියේ පුවත්පතකින් කතා කරලා බබාගෙයි මගෙයි ඡුයදඑද ීයදදඑ එකකුත් කරන්න කතා කළා. අනේ මාත් කිව්වා මමත් ඇඟිලි ගැන ගැන ඉන්නේ දරු පැටියා ලැබෙනකම් තමයි කියලා.

 

අම්මෙක් වෙන්න යනව කියලා දැන ගත්ත වෙලාවේ ලෝචනාට මොනවගේ හැඟීමක්ද දැනුණේ?

හිතාගන්න බැරිවුණා ඒ වෙලාවේ වචනයෙන් කියන්න බැරි මොකක්දෝ අමුතු හැඟීමක් හිතට දැණුනා. ඇත්තටම ගොඩක් බය හිතුණා. ඒ බය ඇතුළෙම ලොකු සතුටකුත් තිබුණා. පස්සේ හිතුනා මේ දේත් විය යුතු දෙයක් නේ. නියම කාලෙදි විවාහ වුණා. දැන් අම්මෙක් වෙන්න යනවා. නියම කාලෙදි ඒ ඒ අවධින් පහුකරන්න ඕන. දැන් නම් දරු පැටියා දකින්න හරිම ආසාවෙන් බලා ඉන්නවා.

මමයි ලසන්තයි ලංකාවට එන්න බලාගෙන ඉන්නකොට තමයි මේ ආරංචිය දැන ගත්තේ. ඒ නිසා අපි දෙන්නාම කථා වුණා ගෙදර අයව පුදුම කරවන්නත් එක්ක ලංකාවට ගිහින්ම මේ ආරංචිය කියන්න. ඔය විදිහට ලංකාවට ඇවිල්ලත් අපි දෙන්නා හොර ගෙඩියෝ වගේ ටික දවසක් හිටියා. ගෙදරට කිව්වෙ නැහැ.

 

ඔය බ්‍රේක් නැති කටෙන් මේ වගේ දෙයක් හංඟගෙන හිටියේ කොහොමද?

මම තනියම ලංකාවට ආවනම් මගේ කටින් නිකම්ම කියවෙනවා. රහස රැුකගෙන ඉන්න පුළුවන් වුණේ ලසන්ත එක්ක ආපු නිසා. දැන ගත්ත ගමන් අම්මට කිව්ව නම් මං නිකං හිරේ ගියා වගේ තියේවි. තහංචි දානව නේ. හොඳ දවසක් බලලා පස්සේ ලසන්තම තමයි ගෙදරට කිව්වේ. යාළුවන්ටත් කිව්වේ හරියටම මගේ උපන් දිනය දවසේ.

 

ආරංචියෙන් පස්සේ ගෙදරින් ලැබුණ සැළකිල්ල කොහොමද?

මාව ඕනවටත් වඩා පරිස්සම් කරනවා. දැන ගත්ත දවසේම මට ගෙදර උසස්වීමකුත් ලැබුණා.

 

ඒ මොකක්ද ඒ.

බබාලගේ පින්තූර අලවපු ලස්සන කාමරයක්. අනේ එකපාරටම ලොකු උසස්වීමක් ලැබුණා වගේ නේ අනේ.

 

ඉතින් ඉතින්?

ඉතින් ඔන්න ඊට පස්සේ ඉඳලා අම්මගෙයි, ආත්තම්මගෙයි සෙල්ලම් ටික පටන් ගත්තා. ලොකුම ප‍්‍රශ්නය වුණේ අඳින ඇඳුම්, හිරට ඇන්දොත් බනිනවා. ඔය වගේ තහංචි නම් ගොඩක් වැටුණා. ගෙදරින් එළියට යන්න දෙන්නේ නැහැ. අතට පයට හැම දේම ඉතින් ලැබෙනවා. ඒ වුණාට ඉතින් මට එකතැනක ඉන්න බැරි ලෙඩක් තියෙනව නේ දරුණුවටම. ගෙදරට වෙලා වැඩිපුරම කරන්නේ ෆිල්ම් බලන එක. ඒවා බලද්දිත් තහංචි ගොඩයි. දුක හිතෙන ඒවා ෆයිට් තියෙන ඒවා බැලීම සපුරා තහනම්.

 

වැටුන ලොකුම තහංචිය මොකද්ද?

එක, කොහේවත් යන්න බැහැ. දෙක තමයි කට පරිස්සම් කරගෙන ඉන්න ඕන. මම කන්න ආස කෑම ජාති මේ දවස්වල තහනම් කරලා. රඹුටන්, මැංගුස්, ඒවා හොඳ නැහැ කියනවනේ.

 

ලෝචනා දවසින් දවස රූපයෙන් වෙනස් වෙලා වගේ දැනෙනවා?

ඔව්. ටිකක් මහත් වෙලා. හරියට මං දැන් ලොරි භාගයක් වගේ. මේක ඉතින් සාමාන්‍ය දෙයක් නේ. අර කථාවක් තියෙනව නේ අම්මා කැත වෙනකොට දරුවා අම්මාගේ ලස්සනත් අරගෙන ඉපදෙනවා කියලා. මම ප‍්‍රාර්ථනා කරන්නෙත් මම කැත වුණත් මගේ පැටියා ලස්සන පැටියෙක් වෙන්න කියලා.

 

බබාගේ අප්පච්චි දැන්ම ලංකාවට එන්නේ නැද්ද?

එනවා, එනවා .. එයත් ආසාවෙන් බලාගෙන ඉන්නේ දරු පාටියගේ මූණ බලන්න. එයා දැන් තියාම ඇඟිලි ගනිනවා ලංකාවට එන්න. අපි දෙන්නා ඉන්නේ රටවල් දෙකක වුණාට තාක්ෂණයේ දියුණුවත් එක්ක එයා දුරක හිටියත් මට දැනෙන්නේ එයා ළඟින් ඉන්නවා වගේ. නිතරම කථා කරනවා. මම හැමදේම ලසන්තට කියනවා. බබා මුලින්ම දඟලපු දවසෙත් මුලින්ම කිව්වෙත් එයාට. එදා නම් මට පුදුම හැඟීමක් දැනුණා. මගේ පැටියා හරිම දඟ බබෙක්. මට දැනෙනවා එයා හොඳින් ඉන්නවා කියලා.

 

නෙදර්ලන්තය වැනි සියලූම පහසුකම් තියෙන රටක ඉඳලා ඇයි බබා ලැබෙන්න ලංකාවටම ආවේ?

මට රෝගයක් තියෙනවා තනියම ඉන්න බැරි. මට ඕන කට්ටියත් එක්ක එකට ඉන්න එක. ඇත්ත, වෛද්‍ය පැත්ත ගොඩක් දියුණුයි. ඒත් මගේ පළමු බබා නිසා මට හිතුනා අම්මා ළඟට එන්න. ගොඩක් අය බැන්නා ඇයි ලංකාවට ආවේ කියලා. ඒත් ඉතින් මගේ ලෙඬේ සනීප වෙන්න හැමෝම ළඟ ඉන්න ඕන නේ.

 

බබා ලැබුනට පස්සේ නැවත විදේශගත වෙනවද?

නැවත විදේශ ගතවෙන්න නම් ඕන. බබා ටිකක් මට හුරු වුණාම යනවා.

 

ලැබෙන බබා කවුරු වුණොත් ද කැමැති?

පුතෙක් වුණොත් හොඳයි. ලසන්ත කැමැති දුවකුට. කොහොම වුණත් ලැබෙන පැටියා කවුරු වුනත් ආදරයෙන් බාර ගන්නවා. අපේ ගෙදර අය කියනවා මගේ කට තියෙන දුවෙක් වුණොත් නම් ගෙදර හොඳ සද්දයක් තියේවි කියලා.

 

දරුවා ගැන හිතලා ලෝචනා නිදහස් ජීවිතේ අත්හැරපු දේවල් මොනවද?

ගොඩක් දේවල් මම අත්හැරියා. දැන ගත්ත දා ඉඳන් රූපලාවන්‍ය සත්කාර කිසිම දෙයක් කළේ නැහැ. ඇඳුම් පවා එහෙමයි. දරුවා ලැබෙන්න ඉන්න දවසේ ඉඳලා ඇන්ඳේ අම්මා කියන විදිහට. දැන් මාස ගණනකින් රුපලාවන්‍ය කිසිම සත්කාරයක් මම කරලා නැහැ. දරු පැටියා නිසා ඒ සියල්ලෙන්ම මම ඈත් වුණා.

 

දරුවා ලැබුණට පස්සෙ රංගන ජීවිතෙන් ලෝචනා ඈත් වේවිද?

ආයෙම රඟපාන්න හරිම ආසයි. බබා ලැබුණට පස්සේ නැවත රංගනයට දායක වෙනවා. ලොකුම අභියෝගය ඉඳපු විදිහටම ආයෙම ඇඟ හදාගන්න එක. ලෝකේ කොහේ ගියත් රංගනය කියන දෙයින් මට ඈත් වෙලා ඉන්න බැහැ.

 

ලෝචනා ඇගේ අලූත් අමුත්තා ගැන මවන හීන අතරේ නොදැනිම අපිත් අතරමං වුණා. කොහොම වුනත් රසබර කතා බහේ අවසානයට ළඟාවෙලා. එහෙනම් ඔන්න සඳැල්ල අපෙන් ලෝචනාට සුබ පැතුම්.

 

නදීශා අතුකෝරළ / ඡයාරූප - සුපුන් දුලාජ් ප‍්‍රනාන්දු 

 

sandalla

 

2016-07-23-ent-23

 

related-ARTICAL

 



අදහස් (0)

මං දැන් ලොරි භාගයක් වගේ..

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 64 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 241 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 79 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 51 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 228 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1122 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39074 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25564 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 318 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1077 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site