IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘මේ දවස්වල දේශපාලනයෙන් ඈත්වෙලා‘ - මහින්ද

මේ දිනවල දේශපාලන කටයුතුවලින් ඈත්වී සිටින බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මීටියාගොඩ කහව වේරගොඩ ක්ෂේත්‍රාරාම විහාරයේ ධර්ම ශාලාව විවෘත කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.

අයවැය සම්බන්ධයෙන් රාජපක්ෂ මහතාගෙන් විමසූ අවස්ථාවේදී ඒ මහතා කියා සිටියේ ‘අයත් නෑ, වැයත් නෑ‘ යනුවෙනි.

Sequence-01.20151129Still004 Sequence-01.20151129Still005



අදහස් (0)

‘මේ දවස්වල දේශපාලනයෙන් ඈත්වෙලා‘ - මහින්ද

රෝහණ කුමාර් මෙන්ඩිස් Monday, 30 November 2015 04:42 AM

මහින්ද කරපු හානිය දන්නා නිසා තමයි මිනිස්සු එයාට ඡන්දෙ නොදුන්නේ .අනික අපි කීවද ආයේ ඉල්ලන්න කියල දේශ පාලනය එපානම් මන්ත්‍රී කමිනුත් අයින් වෙලා හිටියානම් ඉවරයි .මොකද 95.500 විශ්‍රාමික පඩිය ලැබෙනවා තව දීමනා එක්කම (බ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 30 November 2015 04:43 AM

රටට කරන්න පුළුවන් ලොකුම උපකාරයනම් ඔබතුමා සහ පවුලේ උදවිය ලංකා දේශපාලයෙන් සදහටම ඉවත් වීමයි. (බ)

:       0       0

සුසන්ත Monday, 30 November 2015 04:54 AM

මේකේ ඉන්න සමහර අය දාල තියන කොමෙන්ට් වල හැටියට මුන් දුටුගැමුණු රජතුමාවත් ද්‍රෝහියෙක් කරලා ඉවරයි (බ)

:       0       0

ලක්මාල් Monday, 30 November 2015 04:59 AM

මහානාම - කඳාන, ඔබ හරියටම කියා තිබෙනවා (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 30 November 2015 05:12 AM

දුටු ගැමුණු රජතුමාට සමාන කරන්න යන්න එපා (බ)

:       0       0

වසන්ත Monday, 30 November 2015 05:30 AM

තිලක් ඩුබායි- තව ඉස්සරහට කලකිරෙන්න ගොඩාක් දේවල් සිද්ධවේවී යහපාලන ආණ්ඩුවෙන් හොදට ඇස් කන් ඇරගෙන බලන් ඉන්න..කලගුණ නොදත් අය (බ)

:       0       0

මොහාන් Sunday, 29 November 2015 11:04 AM

ඔබව දැක්කම පුදුම ශක්තියක් එන්නේ (බ)

:       0       0

වික්‍රම වෙදආරච්චි Sunday, 29 November 2015 11:06 AM

කුරුණෑගල ඡන්දදායකයින්ට අබ සරණයි. (බ)

:       0       0

පාලිත Monday, 30 November 2015 05:57 AM

ඉන්දික හරියට හරි, මොකද කියන්නේ, අපේ සල්ලි ඉතුරු කරමුද විදේශ රටවල බැංකු ගිණුම් වල. ගෙදර වියදම විතරක් ලංකාවට යවලා. මොකද යැව්වා කියල මෙයාල අපිට එකම එක වාහන පර්මිට් එකක් වත් දෙන්නේ නැනේ. ඉතින් වැඩක් නැනේ. (බ)

:       0       0

රෝයි චින්තක Sunday, 29 November 2015 11:22 AM

මෝහන්ට කොහෙන්ද දන්නේ නැහැ ශක්තිය එන්නේ (බ)

:       0       0

කාංචන Sunday, 29 November 2015 11:38 AM

මොහාන්, ණය ගෙවන්නද පොලී ගෙවන්නද? මෙයා හිටියනම් ගෑස් මිල 3500 යි (බ)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 29 November 2015 11:38 AM

බලය තාවකාලිකයි කියල තේරුම් ගත්තනම් නිවිහැනහිල්ලේ ගෙදරට වෙලා ඉන්නවා , හැබැයි එහෙම බවක් නම් පේන්න නැහැ (බ)

:       0       0

චාමර Sunday, 29 November 2015 11:50 AM

කාංචන එයා නොහිටියානම් ඔබ කොහෙද කියලත් හිතන්න වෙන්න තිබුනා. ඔබලාට අද ගැස් වලින් උයන්න ඉඩක් හම්බුනේ එතුමා නිසා. (බ)

:       0       0

පී.ඉලංගරත්න Sunday, 29 November 2015 11:51 AM

මහින්දගේ අගේ තේරෙන්නේ තව ඉදිරියේදී බලාගෙන ඉම්මුකෝ (බ)

:       0       0

රොහාන් Sunday, 29 November 2015 11:51 AM

මේ දවස්වල දේශපාලනයෙන් ඈත්වෙලා පන්සල්වල එක එක කතා පතුරනවා. (බ)

:       0       0

නිශාදි Sunday, 29 November 2015 11:56 AM

මෝහන්ලා වගේ අයට ගෑස් වගේ දේවල් කොච්චර ගණන් ගියත් මොකෝ රජා ඉන්නවනම්. (බ)

:       0       0

රුවන් ඉද්දමල්ගොඩ Sunday, 29 November 2015 12:26 PM

වැඩිකල් යන්නෑ. යහපාලනේ දැනෙයි. මහින්ද කවුද කියලා මතක් වෙයි (බ)

:       0       0

සිල්වා - ඩුබායි Sunday, 29 November 2015 12:27 PM

අප වෙනුවෙන් නැවත එක වතාවක් අගමැති වී එන්න මහරජාණනි (බ)

:       0       0

තාරක Sunday, 29 November 2015 12:29 PM

සිල්වා-ඩුබායි , මොකටද එයාට කියලා මොනා කරන්නද? (බ)

:       0       0

ජනක Sunday, 29 November 2015 12:30 PM

මොහාන් උඹ හරි මචන් (බ)

:       0       0

ඉරෝෂ් Monday, 30 November 2015 06:54 AM

මට දැන් වත් ඔබතුමා එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද. (බ)

:       0       0

මීනා Sunday, 29 November 2015 12:35 PM

කාංචන,නිශාදි වගේ අයට තේරෙයි ගැස් බිල බෝම්බයක් දෙකක් පුපුරපු දාට (බ)

:       0       0

නාමල් Sunday, 29 November 2015 01:00 PM

අම්මෝ ඇති (බ)

:       0       0

ඉන්දික Sunday, 29 November 2015 01:05 PM

ලංකාවේ ජීවත් වන සහ මෙහි කොමෙන්ට් දමන සියලු දෙනාගේම දැනගැනීම පිණිස මෙය ලියමි. මොන ආණ්ඩුව ආවත් රටින් ගන්නා බොහෝ ණය පියවීම් කරනු ලබන්නේ මැදපෙරදිග සිට සියලු දුක්විද අපි ලංකාවට එවන ඩොලර් වලිනි. මහින්ද මහතා නොහිටින්න අපට අද එක්සත් ලංකාවක් නැත. (බ)

:       0       0

ඉන්දික Sunday, 29 November 2015 01:07 PM

සියලු දෙනාම වර්ජනය කරන අයුරින් විදේශගත අපිත් ලංකාවට ඩොලර් එවන එක නවතුවොත් ආණ්ඩුවට අබ සරණයි. (බ)

:       0       0

අසංක Sunday, 29 November 2015 01:26 PM

වැඩි දවසක් යන්ඩ කලින් මහරජාණන්ගේ අගය දැනේවි හොදටම බය වෙන්න එපා අපේ සිංහලයෝ කොහොමත් මුල අමතක කරන අයනේ (බ)

:       0       0

කේ. පෙරේරා Sunday, 29 November 2015 01:28 PM

ඉන්දික, ඔයාල ඩොලර් එවන එක නැවත්තුවොත් ආණ්ඩුවට නෙවේ ඔයාලගේ පවුල් වලට තමා අබසරණ! (බ)

:       0       0

අරුණ Sunday, 29 November 2015 01:40 PM

දැන් තමයි ඔබතුමාගේ අගය දැනෙන්නේ (නි)

:       0       0

චාමර Sunday, 29 November 2015 01:36 PM

රට හැම අතින්ම පරිහානියකට යනවා. ඔබතුමා නැවත රටට අවශ්‍යයි (නි)

:       0       0

තිළිණ Sunday, 29 November 2015 01:55 PM

ඔබතුමාට සුබ අනාගතයක්! (නි)

:       0       0

රවි බණ්ඩාර Monday, 30 November 2015 08:04 AM

වසන්ත, ඔය ඩුබායි තිලක්ලා ඇස් කන් ඇරගෙන හිටියත් සත්‍යය අවබෝධ වෙන්නෙ නෑ. සමහර විට අවබෝධ උනත් ලැජජාවට ඒ බව පෙන්නන්නෙ නෑ. (ර)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 29 November 2015 02:01 PM

වෙලා තිබෙන ණය කන්දරාව ගෙවන්න තව පරම්පරා 100 ක්වත් සිද්ධවෙනවා අපිට. (නි)

:       0       0

නිල්මිණි Sunday, 29 November 2015 02:04 PM

පිටරට ඉන්න අය සල්ලි යවන්නේ තමුන්ගේ අවශ්‍යතා වෙනුවෙන්. කවුරුවත් ඉන්නවද ලංකාවට ණය ගෙවාගැනීමට අවශ්‍ය ඩොලර් සොයාදීම පළමු පරමාර්ථය කරගෙන රට ගිය අය. අපි රට ගියේ අපේ අවශ්‍යතාවයටනේ. රටේ ඉන්න මිනිසුන් තමයි රටේ ජීවත්වීමේ අමාරුව දන්නේ. පිටරට ඉන්න අපි නොවෙයි. (නි)

:       0       0

චන්න Sunday, 29 November 2015 02:12 PM

මොන එහෙකටද එහෙනම් ඡන්දෙ ඉල්ලුවේ? ලැජ්ජා නැතිකම මහ මුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ. (නි)

:       0       0

රවී Sunday, 29 November 2015 02:55 PM

කේ. පෙරේරා කියන එක ඇත්ත. අපි සල්ලි එව්වේ නැත්නම් අපේ දරුවන්ට අබ සරණයි. අපි දරුවෝ රකින්න ආවේ මේ දුක විඳගෙන අපේ දරුවන් නිසා. (නි)

:       0       0

සහන් Sunday, 29 November 2015 02:52 PM

ඉන්දික මහත්තයෝ, ඔයාලා අපි එවන ඩොලර් තරමටම, නගර සභාවේ කුණු එකතු කරන අහිංසක මිනිස්සු සමඟ අපේ රටේ දහදිය හෙලන, මොළය වෙහෙසන හැම කෙනෙක්ගෙම දායකත්වය රටට වටිනවා. (නි)

:       0       0

ප්‍රියාන් Sunday, 29 November 2015 02:56 PM

වහිනකොට මතක්වෙන්නේ කුඩයක්. රටට හානියක් වෙනකොට තමා මහින්ද මතක් වෙන්නේ. (නි)

:       0       0

දහම් Sunday, 29 November 2015 03:10 PM

මේ රටේ ජනප්‍රියම නායකයා අදටත් මහින්ද. ජන මත සමීක්ෂණයක් තිබ්බොත් පෙනෙයි. එ්ක තමා යහපාලන ලොක්කෝ එතුමාව විනාශ කරන්න වලි කන්නේ. එතුමාට මොනවා හරි කළොත් එදාට රටම ලේ විලක් වේවි. (බ)

:       0       0

මහානාම - කඳාන Sunday, 29 November 2015 03:21 PM

මේ දුෂිත ආණ්ඩුව තමා 1948 සිට අසාර්ථකම අයවැය ඉදිරිපත් කළේ , කොච්චර ෆේල් ද කියනවා නම් , අයවැයේ ගුණ වයා ටී වී ඇඩ් දානවා ඉතිහාසේ පළමු වතාවට . ආර්ථිකය නැවතිලා , ඩොලරඅය වාර්තා තියන්න යන්නේ , පෙන්ෂන් එක ඉවරයි , මොනවා නැති වුනත් කමක් නැහැ , රණ විරුවෝ නිදහස් කර දුන් රට ත නැතිකරලා රණවිරුවෝ දන්ගෙඩි දක්වන්න යන්නේ එක්කෙනෙක් නැතිව (බ)

:       0       0

මහානාම - කඳාන Sunday, 29 November 2015 03:25 PM

මොහාන් , මීනා කාංචනා වගේ අදහස් ප්‍රබුද්ධයි 100% හරි පක්ෂ බේදයකින් තොරව මේ රටේ අද වෙන දේවල් දිහා බලන කොට . ජන 8 වෙනිදා මේ රට භාර දුන්න වෙනසකට , ඔව් අද වෙනසක් වෙනවා හොද වෙනස උතුරට , නරක වෙනස දකුණු ශ්‍රී ලංකාවට . අපේ ප්‍රබුද්ධ පාඨකයෝ සුපුරුදු පරිදි පාට කන්නාඩි දාගෙන කොමෙන්ට්ස් දානවා . (බ)

:       0       0

ලලිත් පෙරේරා Sunday, 29 November 2015 03:29 PM

කෝ මේ අරාබියේ ඉන්න සිංහල කොටියා , අද මහින්දට බනින්නේ නැද්ද ? (බ)

:       0       0

ආරියපාල Sunday, 29 November 2015 03:33 PM

රාජපක්ෂ ජනාධිපතිවරයා මෙතෙක් සිටි නායකයන්ගෙන් කැපී පෙන්නේ කලින් සිටි අය ත්‍රස්තවාදීන්ට පහර දීමේදී සිවිල් ජනතාවට සිදුවන හානි ගැන, ලෝක ජනමතය ගැන, පරිස්සමින් කටයුතු කරද්දී ඔහු ත්‍රස්තවාදීන්ට නොකඩවාම ඔවුන්ට තේරෙන භාෂාවෙන්ම පිළිතුරු දීම නිසයි. ඒත් ඔහුගේත් මුල් තේරීමේ වුයේ ත්‍රස්තවාදීන් සමග සාකච්ඡා කිරීමයි. මේ සියලු දෙයින් පෙන්නුම් කරන්නේ ලංකාවේ දේශපාලනඥයන් මිස රාජ්‍ය තාන්ත්‍රිකයන් නැති බවත්, අප නියෝජනය කරන්නට අප තෝරාගන්නා කිසිම කෙනෙක් බඩ වඩා ගැනීම මිස අප වෙනුවෙන් සේවය නොකරන බවත්ය. (බ)

:       0       0

ක්‍රිස් Sunday, 29 November 2015 03:50 PM

ඔබ තුමා අප රට බේරා අප රටට කළ සංවර්ධනයට ඔබ තුමාට අප සැවොම ණයගැතියි (බ)

:       0       0

තිලක් Sunday, 29 November 2015 05:00 PM

රාජපක්ෂ මැතිතුමනි, වැරදි නිවැරදි කරගෙන නැවත පක්ෂය ජයග්‍රහණය කරා මෙහෙයවන්න. ඔබට මා ඇතුළු සියලු ඥාති මිතුරන්ගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා ඇත. ජාත්‍යන්තරයට හිස නොනමන පිටකොන්දක් සහිත ඔබයි අපේ එකම නායකයා (නි)

:       0       0

මලිත් Sunday, 29 November 2015 05:33 PM

ඔබට දීර්ඝායුෂ! තෙරුවන් සරණයි! (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 29 November 2015 05:48 PM

ඒක මහින්ද මහත්තයා ගත් හොඳ තීරණයක්. වයස 70 පැන්නට පස්සේ මොන දේශපාලනයද? නේද? (නි)

:       0       0

නන්දලාල්-ප්‍රංශය Sunday, 29 November 2015 05:52 PM

ඒ කියන්නේ ළඟදීම අවස්ථාවක් ලැබුන ගමන් ආපසු දේශපාලනයට එන්න ආසයි වගේ කියන එකද? (නි)

:       0       0

චතුර Sunday, 29 November 2015 06:12 PM

මෙතුමාගේ වටිනාකම තේරෙන්නේ ඉස්සරහට. රට ගැනත් හිතන්න. මොකද තව ටික දවසක් යද්දී රටක් ඉතුරුවෙන එකක් නැහැ. (නි)

:       0       0

කීර්ති Sunday, 29 November 2015 06:31 PM

ඔබතුමාගේ අගය දැන් අපිට දැනෙනවා (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 29 November 2015 07:10 PM

60% ලංකාවේ මම උගත් යැයි හිතන බහුතරයකට මෙතුමාගේ වටිනාකම නොතේරේ (නි)

:       0       0

විකුම් රංගන Sunday, 29 November 2015 07:17 PM

ප්‍රජාතාන්ත්‍රික දේශපාලනය කළා නම් ඔබතුමා අදටත් මේ රටේ නායකයා. දැන් ඇතිවී තිබෙන උවදුරින් නැවතත් මේ රට බේරාගන්න සිටින්නේ ඔබතුමා තමයි. (නි)

:       0       0

විජේතුංග Sunday, 29 November 2015 07:20 PM

ඒක තේරුම්ගත් එක නම් හොඳයි (නි)

:       0       0

නිවන්තක Sunday, 29 November 2015 07:27 PM

බොහොම හොඳයි මහත්තයෝ (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 29 November 2015 07:24 PM

කේ පෙරේරා, අපි විදේශ මුදල් ලංකාවට එවීම වර්ජනය කළොත් විදේශ රැකියා කරන අපේ පවුල් වලට නොවෙයි අබ සරණ වෙන්නේ, ඔබ වැනි ලංකාවේ ජීවත්වන අයට සහ පවතින රජයටයි (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 30 November 2015 10:08 AM

රටට සහ රටේ ජනතාවට ඉදිරි පරම්පරාවටම මේ තරම් යුතුකම් සහ සංවර්ධනය කල රාජ්‍ය නායකයෙක් ලෝකයේ කොහෙවත් නැහැ. හොයා ගන්නත් බැහැ. ඩුබායි රටේ ඉන්න නිසයි මම මේ අවංකවම කියන්නේ. (ර)

:       0       0

සිරිමල් Sunday, 29 November 2015 08:18 PM

කේ. පෙරේරා මහත්තයෝ, නුගත්කම පෙන්වන්න එපා. විදේශ විනිමය අනුපාතය ඉහළ ගියොත් අපේ වගේ රටකට මොකද වෙන්නේ කියලා නොදන්නා නිසයි ඔහොම කයිවාරු ගහන්නේ. (නි)

:       0       0

ශ්‍රීලාල් Sunday, 29 November 2015 09:05 PM

කාංචන, ඔබ ගැන කණගාටුයි .... (නි)

:       0       0

වින්සන්ට් Sunday, 29 November 2015 09:13 PM

තමන්ගේ ධුර කාලය දීර්ඝ කරගැනීමට මෙතුමාගේ පාලන සමයේදී ගත් ක්‍රියාමාර්ග අපට දකින්නට ලැබුණි. එවැනි අසීමිත බල තණ්හාවකින් පසුවන අයෙක් ටික දිනකට හෝ ඈත් වී සිටීම පුදුමයට කරුණකි. සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ගෞරවයට හිමිකම් ලැබූ එතුමා අද එය නැති කරගනිමින් සිටි. (නි)

:       0       0

රවි බණ්ඩාර Sunday, 29 November 2015 09:26 PM

ඇයි ඡන්දෙ දවසෙ අරලිය මැදුරෙ කළ කුමන්ත්‍රණ ගැනත් පරීක්ෂණ පැවැත්වුවා නේද? මොකද වුණේ? මේ ප්‍රතිචාර දක්වන අය තාමත් ඒවා විශ්වාස කරලා රට නිදහස් කළ නායකයට අපහාස කරනවා. රට ශීඝ්‍රයෙන් සංවර්ධනය වූ වකවානු 3ක් තිබුණා. ජේ ආර්, ප්‍රේමදාස සහ මහින්දගෙ කාල. ඒ කාල වල විදේශ ණයත් ගත්තා. මේ කාට කාටත් දැන් මහ බැංකු වංචාව අමතකයි නේද? මහින්ද දේශපාලනෙන් ඉවත් වුණාට සත්පුරුෂ රටවැසියන්ගෙ හදවත්වලින් ඉවත්වෙන්නෙ නැහැ (නි)

:       0       0

කැනඩා දිසා Monday, 30 November 2015 12:08 AM

කේ. පෙරේරා, ඔයාගේ කතාව හරියටම හරි (නි)

:       0       0

සමන්ති Monday, 30 November 2015 12:18 AM

සමහරු හිතාගෙන ඉන්නේ තමුන් පමණයි 'ලොක්කා' කියලා (නි)

:       0       0

ඩෙන්සිල් Monday, 30 November 2015 12:34 AM

අපේ මිනිස්සු හිතන්නේ දේශපාලඥයෝ ගැන මිස රට ගැන නෙමෙයි. (නි)

:       0       0

නිශාන්ත Monday, 30 November 2015 12:58 AM

ඒක නම් හොඳයි (නි)

:       0       0

තිලක් Monday, 30 November 2015 10:50 AM

දේශපාලනය එපා වෙලා ඇති ඒකයි දේශපාලනයෙන් ඈත් වෙලා ඉන්නේ.(හේ)

:       0       0

පීරිස් Monday, 30 November 2015 10:53 AM

මහින්ද මහත්තයා මේ දවස් ටිකේ විශ්‍රාම සුවෙන් ඉන්න ඕනේ වෙලාවනේ.(හේ)

:       0       0

තිලක්-ඩුබායි Monday, 30 November 2015 03:21 AM

රවි බණ්ඩාර, ඇයි ඡන්දෙ දවසෙ අරලිය මැදුරෙ කළ කුමන්ත්‍රණ ගැනත් පරීක්ෂණ පැවැත්වුවා නේද? ඒ ගැන පැහැදිලි සාක්ෂි තිබිලත් කිසිස්ම දඬුවමක් නොදීපු එක ගැන නම මම ඉන්නේ පුදුම කළකිරීමකින්. (නි)

:       0       0

තාරක Monday, 30 November 2015 03:27 AM

ඔබතුමා දැන් විවේකයෙන් සිටින්න (නි)

:       0       0

අජිත් Monday, 30 November 2015 03:45 AM

ඔබතුමාට බුදු සරණයි! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 250 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1585 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 979 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1580 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1167 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2771 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20782 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19749 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site