IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


මේ දවස්වල හොරා පොලිස් අල්ලනවා

2016-04-12-ent-117

මල්ෂා ශලනි ජයවර්ධන කියන්නෙ මේ දිනවල වඩාත් ජනප්‍රිය චරිතයක්. ඒ මේ දිනවල ගීතමය රූප රචනා වැඩි ප්‍රමාණයකට ඇය සිය රඟනයෙන් දායක වී සිටින නිසායි. ඇයගේ දුරකථනයෙන් පිළිතුරක් ලබාගැනීමට නම් අමාරුයි. මොකද කවදාකවත් දුරකථන ඇමතුමක් වෙලාවට ගන්නෙ නැති කෙනෙක් නිසා. මේ අවුරුදු දවස් නිසා එයා හරි ජොලියෙන් ඉන්නවා කියලා තමයි කිව්වේ. ඒ නිසා එයත් එක්ක වෙනස් කතාබහක යෙදුණා.

 

2016-04-12-ent-113මල්ෂා මේ දවස්වල හරි කාර්යය බහුලයි කියන්නේ ඇත්තද?

ඔව් මේ දවස් ටිකේ කාර්යය බහුලයි තමයි ඉතිං.

 

ඔච්චර කාර්යය බහුල මොකක් නිසාද?

කොළඹ ඉඳන් ගෙදර ඇවිල්ලනේ ඉන්නේ ඒකයි.

 

මොකද මේ රෙද්දයි හැට්ටෙයි ඇඳලා කරන්නේ?

අවුරුද් කුමාරි තරගයකට යන්න (ඔයාලමනේ කිව්වේ මේ විදිහට අඳින්න කියලා)

 

අවුරුදු කොහොමද?

අවුරුදු හොඳයි ඉතිං

 

දැනට අවුරුදු කෑම ජාති එහෙම ඔයාද හැදුවේ?

මම නම් මුකුත් හැදුවේ නැහැ. අම්මා තමයි හදන්නේ.

 

අවුරුදු ඉවර වෙන කොට සල්ලිත් ඉවරද?

මාසේ මුල ඉඳන්ම ෂොපින් ගියා.

 

අවුරුදු කාලේ කැවිලි බිස්නස් කරා කියන්නේ ඇත්තද?

අනේ නැහැ. ................ කවුද කියන්නේ.

 

මේ දවස්වල මොනාද කරන්නේ?

මේ දවස්වල හොරා පොලිස් අල්ලනවා.

 

දැන් කවුද හොරා?

මම තමයි හොරා, මේ දවස්වල ලයිසන් නැතුව බයික් පදිනවා.

 

ඒ කියන්නේ මෝටර් බයිසිකලයක් අලුතෙන් අරන්?

බයික් එකක් නම් අලුතෙන් ගත්තා. ඒත් ලයිසන් නැහැ. බයික් එක පැදන් යනවා. පොලීසියෙන් ඉන්නකොට බයික් එකෙන් බැහැලා තල්ලු කරන් යනවා.

 

ඉදිරියේදී කාන්තා පාර්ශ්වයට මෝටර් බයිසිකල් තහනම් වෙයිද?

එහෙම වෙන එකක් නැහැ. මේ හොරා පොලිස් සෙල්ලම ලයිසන් එක ගන්නකන් විතරයි.

 

ලයිසන් නැතුවද මෝටර් බයිසිකලයක් ගත්තේ?

අලියෙක් ගත්තා. පස්සේ හෙන්ඩුවක් ගන්නවා.

 

දැන් ලයිසන් ගන්නේ නැද්ද?

ගන්න ඕනා. බයික් එක ගත්ත ගමන් අවුරුද්දට ගෙදර ආවානේ. ඒ නිසා ආපහු කොළඹ ගිහින් ගන්නවා.

 

එතකොට ලයිසන් නැතුවද කොළඹ ඉඳන් ගමේ ගියේ?

ඔව්,.... මෙහෙමනේ බයික් එක අලුත් නිසා නතර කරනවා. අද ගත්තේ කිව්වාම යන්න කියනවා. ලයිසන් එක බැලුවෙ නැහැ. ගමේ එන දවසේ ගත්ත නිසා එහෙම්ම ආවා. අවුරුදු ඉවර වෙලා කොළඹ ගිහින් ලයිසන් එක ගන්න ඕනා. හැමදාම වැරදි කරන්න බැහැනේ. අපි ඒ අයටත් ගරු කරන්න ඕනේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - ඉසුරු පෙරේරා

 

2016-04-12-ent-110
2016-04-12-ent-111
2016-04-12-ent-112
2016-04-12-ent-114
2016-04-12-ent-115
2016-04-12-ent-116



අදහස් (0)

මේ දවස්වල හොරා පොලිස් අල්ලනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ඡන්ද අයදුම්පත් බාර ගැනීම හෙටින් ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 30 14 0

මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්‍ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.


අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධයක්
2024 සැප්තැම්බර් මස 30 182 0

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ⁣ශි


ගඟට පැන්න අයගේ දිවි බේරේ
2024 සැප්තැම්බර් මස 30 388 0

මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ


විමල්ගේ නඩුවේ සාක්කි විමසීම ඔක්. 28
2024 සැප්තැම්බර් මස 30 477 0

එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර


ව්‍යවස්ථා සභාවේ ජනපති නියෝජිතයා විජිත
2024 සැප්තැම්බර් මස 30 287 0

අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.


හොරණ රෝහල අසල කානු පද්ධතිය අපිරිසිදු වෙලා
2024 සැප්තැම්බර් මස 30 165 0

හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38187 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25143 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 254 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 829 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 293 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site