IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


’’මං නැත්නම් ජනපතිවරණයකුත් නෑ’’

(අමිල චින්තක ගමගේ)

තමා කැබිනට් මණ්ඩලයේ සිටියේ නැතිනම්  2024 ජනාධිපතිවරණ මැතිවරණයක් කියා දෙයක් නොපැවත්වෙන බවත් ඒ පිළිබඳව සියලු කාරණා ඉදිරියේදී හෙළිදරව් කරන බවත් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ  ජනාධිපතිධූර අපේක්ෂක විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා එසේ සඳහන් කළේ විජයග්‍රහණයේ පෙර දැක්ම නමින් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී විශේෂිත නියෝජිත සමුළුවට සහභාගි වෙමිනි.

විජයදාස රාජපක්ෂ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලය මෙම වැඩසටහන සංවිධානය කර තිබුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේ කිසිවෙකු ශ්‍රිලනිප පාක්‍ෂිකයාගේ සහය නැතුව ජනාධිපති වීමට සිතනවා නම් එය කළ නොහැක්කක් බවයි.එහෙත් ඡන්ද තිබෙන්නේ පක්ෂ මූලස්ථානයේ නොව ඡන්ද තිබෙන්නේ මහපොළොවේ බවද විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. මෙය ඉතාම සුවිශේෂී මැතිවරණයක් බවත් රටේ පැවැත්ම හෝ වැනසීම තීරණය වන්නේ ද මෙම මැතිවරණයෙන් බවද ඔහු කීය.

තමා ජනාධිපති වන්නේ මිහිඳු හිමියන් දේවානම්පියතිස්ස රජතුමාට දුන් අවවාදය අනුව යමින් රටේ අයිතිකාරයා වීමට නොව භාරකාරයා වීමට යයිද ඔහු සඳහන් කළේය.

මෙහිදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පිළිගැනීමේ කතාව සිදු කළේය.ඊට අමතරව සර්ව ආගමික නායකයෝද විජයදාස රාජපක්ෂ මහතාට ආශිර්වාදය පළ කරමින් අදහස් දැක්වූහ.



අදහස් (14)

’’මං නැත්නම් ජනපතිවරණයකුත් නෑ’’

Hafeel Friday, 02 August 2024 01:53 PM

මෙහම තමයි 2019 ජනාධිපතිවරනයෙදීත් කිව්වේ "මෙය ඉතාම සුවිශේෂී මැතිවරණයක්" කියලා. ඒ මොහොතේත් මෙයා එම කණ්ඩායම නියෝජනය කළා. 21 වැනි සංශෝධනයට විරුද්ධව රාජපක්ෂලාව පතුරු ගැහුවා. පසුව එම සංශෝධනයට පක්ෂව ඡන්දයත් දුන්නා. අන්න එහෙම කියන කරන මෙයා තමයි දැන් මෙය ඉතාම සුවිශේෂී මැතිවරණයක් කියල රට බේර ගන්න එවිල්ලා.

:       5       79

D.Karivilakandage Friday, 02 August 2024 02:27 PM

ඔය ඇත්තමෙයි මහත්තයෝ .දැන් ඔයැයි ගමේ නැතෙයි කියලා අපි ඔයැයි මතක නැති කොරන්නෙ නැහැ මහත්තයෝ අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා

:       3       34

Deepal Nirosh Friday, 02 August 2024 02:38 PM

ඉතින් තමුන් කැබිනට් මණ්ඩලයෙන් එළියට බැස්සා කියලා ජනාධිපතිවරණය ස්ථිර වෙලා කියල ද හිතන්නේ? ඒකට තව හුඟක් දුර යන්න තියනවා. පුළුවන්නම් රට ජනාධිපතිවරණය අනිවාර්යෙන් පැවැත්වෙන තැනට තල්ලු කළොත් තමා පුංචි අපේ හපනා වෙන්නෙ.

:       2       29

simon Friday, 02 August 2024 03:36 PM

හරි හරි ඔන්න අපි ඔයාගේ බේගල් වලට රැවටුනා. ඔය තමයි මේ දේශපාලනයේ ඉන්න අවංකම පොර. බයවෙන්න එපා ඔයාට චන්ද ලක්ෂ 80 ක් නම් ෂුවර් .

:       0       0

de silva Friday, 02 August 2024 03:40 PM

තමුන් හිතා ඉන්නේ මුළු රටේම ජනතාව මෝඩ බයියෝ කියලාද?

:       0       5

Jagath Friday, 02 August 2024 03:47 PM

මාර කතාවක්නේ මෙයා කියන්නේ. එතකොට ජනාධිපති මැතිවරණය පැවැත්විය යුත්තේ ව්‍යවස්ථාවට අනුව නොවෙයිද?

:       0       4

කිරු Friday, 02 August 2024 03:47 PM

ඕවා වලට තමයි මරු කියවනවා කියලා කියන්නේ...!

:       2       25

Saththaya Friday, 02 August 2024 04:31 PM

අනේ පව් අහිංසකයා. පැන පැන ඇවිදින බක බක...

:       2       26

chandima Friday, 02 August 2024 05:39 PM

මොනවා කියවනවද? ඡන්දෙ විතරක් නෙවෙයි.. අල්ලපු ගෙදර කොල්ලත් නැහැනේ නේද?

:       1       22

Rohana Friday, 02 August 2024 06:21 PM

විජයදාස මේ ලෑස්තිවෙන්නේ මොකටද කියල හිතාගන්නත් අමාරුයි. වරින්වර පක්ෂ මාරුකරමින් එහෙත් තනතුරු රැකගනිමින් ලෝක වාර්තා තැබූ කෙනෙක්.අද කියනදේ හෙට වෙනස්කරන කෙනෙක්. ඒ නිසා විජයදාස තේරුම් ගන්න හරිම අමාරුයි.

:       0       0

Nishan Saturday, 03 August 2024 05:57 AM

ළඟදී ඇවන්ගාඩ් ටුවර් එකක් හම්බ වුනේ නැතෙයි?

:       0       1

Bunny Preena Saturday, 03 August 2024 09:14 AM

ව්‍යවස්ථාව කියන විජේදාස රාජපක්ෂ නොවෙයි. විජේදාස රාජපක්ස කියන්නෙත් ව්‍යවස්ථාව නොවන බව සිහි තබා ගත්තොත් හොඳයි.

:       0       2

රෝයි ෆෙඩ්රික්ස් Saturday, 03 August 2024 01:21 PM

ආපු හැම ආණ්ඩුවකටම එකතුවෙලා ඇමතිකම් ගත්තා. කරපු දේකුත් නැහැ. ගේන්න ඕනෑ හැම මර්දන පනතක්ම ඉදිරිපත් කලේ ඔබ. බූදලය තර වෙනවා...

:       0       3

Gunendra Saturday, 03 August 2024 05:12 PM

යහපාලන කාලේ ඩීල්දාස කියලා නමක් වැටුනේ කාටද?

:       0       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 800 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 1439 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 408 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 912 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 2236 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


කොටි නිල ඇඳුම් පෙරියකුලම් කැලෑවක
2024 සැප්තැම්බර් මස 24 343 0

පෙරියකුලම් ප්‍රදේශයේ කැලෑවක පොහොර බෑග් කිහිපයක දමා වල දමා තිබූ කොටි සංවිධානයේ නිල ඇදුම් කට්ටල තුනක් අද (24) සොයා ගැනීමට හැකි වූ බව නිලාවේලි පොලිසිය කියය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35643 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24095 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 166 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 505 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 220 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site