IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


‘‘මේ පාලනය අට වැනිදාට අවසන් කරනවා‘‘

‘‘මොරටුවේ පීඩනය නැති කරන්න, මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති කරන්න.ඉතිරි ටික අපි බලාගන්නම්. අද ධිවර කර්මාන්තෙත් නෑ. ඒ වගේම වඩු කර්මාන්තෙත් නෑ. මැද පන්තියට ඉන්නත් අමාරුයි. වැඩ කරන ජනතාවට ජීවත් වෙන්නත් අමාරුයි. මේ පාලනය අට වැනිදාට අවසන් කරනවා. මෙතෙන ඉන්න අපි සියලු දෙනාම ගිය ඡන්දේ සමහර අය සරත් ෆොන්සේකට ඡන්දේ දුන්නා මං වගේ. අනිත් අය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දේ දුන්නා. ඒත් අද අපි ඔක්කොම මෙතැනට ඇවිල්ලා ඉන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරන්න‘‘ යැයි විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා මොරටුවේදී පැවැති ජනරැලියක් අමතමින් පැවැසීය.

එක්සත් ජාතික පක්ෂ මොරටුව ප්‍රධාන සංවිධායක පළාත් සභා මන්ත්‍රී සේනක දමයන්ත මහතා මේ රැස්වීම සංවිධානය කර තිබිණි.

පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා, එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමතුංග, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රවි කරුණානායක, පාර්ලිමේන්තු මන්ත්‍රි රාජිත සේනාරත්න යන මහත්ම මහත්මීහු මේ රැළියට සහභාගී වූහ.

විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්‍රීපා සිරිසේන මහතා

‘‘2005 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණු ආණ්ඩුව. ඔහු හදපු ආණ්ඩුවක් නොවෙයි. ඒ ආණ්ඩුව අපි හැදුවේ, 2005 ආණ්ඩුව හදන්න සහ ඔහු ජනාධිපති කරන්න පක්ෂයේ ලේකම් ලෙස මම විශාල කාර්යය භාර්යයක් ඉටු කළා. එය සාමුහික ප්‍රයත්නයක්, ‘‘



අදහස් (0)

‘‘මේ පාලනය අට වැනිදාට අවසන් කරනවා‘‘

රූපසිංහ Monday, 05 January 2015 09:01 PM

අපේ අතීතයේ සිට මේ පක්ෂය දුන් ඡන්ද පොරොන්දු ඉෂ්ට කළාද? ඩඩ්ලි සේනානායක මහතාගේ කාලයේ සිට දුන්නා නේද පොරොන්දු? හ‍ඳෙන් හරි හාල් ගෙනවිත් දෙනවා කිවුවා. ඔය කොයිකවුරු ආවත් දුන් පොරොන්දු ඉෂ්ට කරන්නේ නැහැ. ඒ එදා මේ මෙදා. එදා මෙදා කියලා වෙනසක් නැහැ.මෙයාලා අපිව මොකාට ගණන් අරගෙන ඉන්නවාද මන්දා? අනේ අපි වගේ මෝඩයෝ ටිකක්? (නි)

:       0       0

නිහාල් Monday, 05 January 2015 09:57 PM

ධීවර කර්මාන්තය අඩපන වුණේ කවුරු නිසාද කියලා අපි නම් දන්නවා (නි)

:       0       0

නිහාල් Tuesday, 06 January 2015 04:32 PM

බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ශිරෝමි Tuesday, 06 January 2015 05:40 PM

ඔබතුමා ගැන මුළු ලෝකයම දන්නවා (නි)

:       0       0

නඩරාජා Tuesday, 06 January 2015 08:30 PM

එන්නකො තරඟයට (නි)

:       0       0

සිරිවර්ධන Tuesday, 06 January 2015 01:36 AM

රූපසිංහ මහත්තයෝ, කවුද හඳෙන් හාල් ගෙනවිත් දෙනවා කිව්වේ? (නි)

:       0       0

ඒඩ්‍රියන් ද මෙල් Tuesday, 06 January 2015 01:46 AM

මෙයා මේ කතාව කියන්නේ කී වැනි වරටද? අනේ මහත්තයෝ, දැන්වත් තීරණයක් ගන්න (නි)

:       0       0

අබේරත්න Wednesday, 07 January 2015 04:43 PM

සමහරු දකින්නෙම දවල් හීන. (නි)

:       0       0

කුමාර් Tuesday, 06 January 2015 02:42 AM

මහින්ද දිනනවා ,වැඩි ඡන්ද 2035000කින්. මට ඒක ස්ථිරයි (නි)

:       0       0

මහින්ද Tuesday, 06 January 2015 02:51 AM

රුපසිංහ මහත්මාණෙනි, ඉදිරියේදී බුද්ධිමත්ව සිතාබලා, පොරොන්දු නොව සමාජයේ යහපාලනය උදෙසා කටයුතු කරන්න. මෙත් වැඩෙත්වා! (නි)

:       0       0

සුමිත් Tuesday, 06 January 2015 02:58 AM

ඇත්තටම හාල් දුන්න අයයි, හඳෙන් හාල් ගෙනා අයගෙන් කොටසකුයි දැන් එකම පැත්තෙ. ඒ නිසා කුඩු ටිකක් ගහගෙන එතනෝල් ටිකක් බීලා වෙනදේ බලාගෙන ඉන්න එක අපිට හොඳයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 06 January 2015 04:04 AM

රූපසිංහ මහත්තයෝ, හඳෙන් හරි හාල් ගෙනත් දෙනවා කිව්වේ සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ ආණ්ඩුවයි. යු එන පී එකේ ජේ ආර් ජයවර්ධන මහත්තය කිව්වේ ධාන්‍ය රාත්තල් අටක් දෙනවා කියල. එයා විවුර්ත ආර්ථිකය රටට හඳුන්වල දීල ධාන්‍ය ඊට වැඩිය ගන්න මග හදල දුන්න. (බ)

:       0       0

ශමන්ත වෙල්ගම Tuesday, 06 January 2015 04:12 AM

අතීත ටකයට තලතලා ඉඳීම අනුවණකමකි. මේ රටේ සැබෑ වෙනසක් ඇතිකිරීමට අප සියලුදෙනා එකමුතුවී ජනවාරි 8 මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ජනාධිපති කරමු. (බ)

:       0       0

ජයවර්ධන Tuesday, 06 January 2015 05:00 AM

රූපසිංහ, එතකොට ඔය දැනට පාලනය කරන පක්ෂය සියලු පොරොන්දු ඉටු කරලද ඉන්නේ ? (ර)

:       0       0

ශිරෝමි- පිළියන්දල Tuesday, 06 January 2015 05:12 AM

ජය වේවා (දිල්)

:       0       0

දයාදේව Tuesday, 06 January 2015 05:35 AM

මේ ඔක්කොමගේම කෙරුවාවල් අපි නොදන්නවා නෙවෙයිනෙ (බ)

:       0       0

ජීවා Tuesday, 06 January 2015 06:32 AM

කවුරු ආවත් මහින්ද රාජපක්ෂ 9 වැනිදාත් ජනපති (දිල්)

:       0       0

ටී ජී ලියනගේ Tuesday, 06 January 2015 07:31 AM

රනිල්ව අගමැති කරන්න හංසයාටඡන්දෙ දෙන්න කියන එකනේ මේ කියන්නේ, (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 265 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 884 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 46 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1755 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6247 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1838 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 968 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 338 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site