IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මී මැස්සන්ගෙන් අලි වැටක්

වල් අලින් ගම් බිම් වලට ඇතුළු වීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ද මීමැස්සන් යොදා ගැනීමේ නියමු ව්‍යාපාරයක් හඳුන්ගමුවේ වෙහෙරගලින් අරඹයි.

ඕස්ට්‍රේලියාවේ නිව් කාසල් විශ්ව විද්‍යාලයේ කයිල් බට්ලර් එම පර්යේෂණය කරගෙන යයි.

කෙන්යාවේ, ටැන්සානියාවේ හා තායිලන්තයේ මෙවැනි පර්යේෂණ කර ඇති බට්ලර් ඔහුගේ දර්ශනපති උපාධිය සඳහා තෝරාගෙන ඇත්තේ මීමැස්සන් යොදවා අලින් ගම් වැදීම වැළැක්වීමේ පර්යේෂණයයි.

අලිමංකඩෙහි තබන මීමැසි පෙට්ටිවල සිටින මීමැස්සන්ගේ ‘ගුමු ගුමු‘ නාදයට  අලින් නොකැමති බවත්, ඒ ශබ්දය ඇසෙන විටම අලින් එම සීමාව අසළටවත් නොඑන බවත් ඉන්දියා වන සත්ව දෙපාර්තමේන්තුව කේරළයේ කළ පරීක්ෂණවලින් තහවුරු වී ඇත.

කේරළ ව්‍යාපෘතිය සාර්ථක බව ද ඉන්දියාව කියයි.

බට්ලර්ගේ ශ්‍රී ලංකා පර්යේෂණයට ශ්‍රී ලංකා වන සත්ත්ව ආරක්ෂණ සංගමයේ හා අලි ඇතුන් බේරා ගැනීමේ සංවිධානයේ ද සහාය ලැබෙයි.  

බට්ලර් පරිසර විද්‍යාවේදියෙකි.   

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුමෙන් දෙපාර්ශවයටම බරපතල හානි සිදු වෙයි.

10 11

 

0707 08 09



අදහස් (0)

මී මැස්සන්ගෙන් අලි වැටක්

ලක්ෂපාන Thursday, 17 July 2014 08:31 AM

ඉතාමත් හොඳ ක්‍රියාවක් මිනිසුන්ටත් අලින්ටත් ජීවත්වීමට වටපිටාවක් සාදාදීම ඉතා හොඳ සද්ක්‍රියාවක්.පුංචි රටවල් මැඩලීමට හස්තයක් කරගත් මානව හිමිකම් වැනි සංවිධාන මුදල් ගිලිනවා හැර කරන දෙයක් නැහැනේ. නරකද මේවගේ දෙයක් කරලා ඇත්තටම මිනිසාට උදව් කළොත්... ? (නි)

:       0       0

මහීපාල Thursday, 17 July 2014 08:40 AM

හරිම සතුටුයි (නි)

:       0       0

අබේරත්න Thursday, 17 July 2014 08:41 AM

බොහොම හොඳයි (නි)

:       0       0

ඉම්රාන් Thursday, 17 July 2014 05:38 PM

ඉතා හොඳයි (නි)

:       0       0

රංග Thursday, 17 July 2014 08:43 AM

තේජාන්විත මහත්තයාගේ කතාව නම් සහතික ඇත්ත. ලංකාවේ දැනට ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ආක්‍රමණික ශාක නිසා මී මැස්සන් විශාල ලෙස වඳවන තත්වයක් මත මෙම ක්‍රියාව පවත්වාගෙන යාමට නම් ආක්‍රමණික ශාක විනාශ කර මී මැස්සන්වත් රැකගත යුතුයි. (නි)

:       0       0

මලිත Thursday, 17 July 2014 05:40 PM

මේ සඳහා සුදුසුම විසඳුම මම නිර්මාණය කර තිබෙනවා. නමුත් කිසිම අනුග්‍රහයක් නැහැ (නි)

:       0       0

ගාමිණී - සිරි Thursday, 17 July 2014 08:55 AM

මී මැස්සෝ නාද කරන්නේ නැහැ. ඔවුන් පියාසර කරන විට වේගයෙන් ගසනු ලබන තටුවල ශබ්දය ගුම්..ගුම්.හඬින් පිටකරයි. කූඩුවක සිටියදී හඬක් නොඇසෙන්නේය. කෙසේ වෙතත් රෝගයක් නිසා අලින්ගේ කනින් පිට කරන ඕජස් වලට ප්‍රියකරන මී මැස්සා අලියාගේ කනට රිංගනවාට මෙන්ම මී මැස්සාටද හරිම බියක් දක්වයි. මේ වැඩෙන් අලි බිය වැද්දීමත් ,ගැමියාට පැණි වලින් අමතර ආදායමක් ලබාගත හැකිවෙනවා මෙන්ම වලසුන්ගෙන් මී වද ආරක්ෂා කරගැනීමටද සිදුවේ ! (ස)

:       0       0

ලේක්කෝ ගලබඩ Thursday, 17 July 2014 08:58 AM

ඕක 'සන්ධානේ' අයට නම් කියන්න එපා. පාරක් පාරක් ගානේ 'මී පෙට්ටි' බඳියි අලි එලවන්න. (අ)

:       0       0

සඳුනි Thursday, 17 July 2014 09:09 AM

ප්‍රශාන්ත ඔයා හරි..අපේ කැම්පස් වල ඉන්න ගුරුවරුන්ටයි ශිෂ්‍යයන්ටයි දේශපාලන පර්යේෂණ ගොඩාක් තියෙනවා.හැබැයි හැමදාම අසාර්ථකයි. (අ)

:       0       0

ධම්මික Thursday, 17 July 2014 09:14 AM

අනේ මන්ද දිලූ මට නම් පිස්සු වගේ (අ)

:       0       0

අසෝකා Thursday, 17 July 2014 09:44 AM

තේජාන්විත, ඔයාගේ කියමන නම් සම්පුර්ණ ඇත්ත. තේජාන්විතම කියමනක්. අපේ බෙහෙත් වර්ග වලටත් වෙලා තියෙන්නේ මේදේම තමයි (නි)

:       0       0

අකලංක Thursday, 17 July 2014 10:58 AM

මේක අපේ පැරෙන්නන් භාවිතා කළ දේවල්. කිසි පර්යේෂණයක් අවශ්‍ය නැහැ. අපේ විද්‍යාර්තයින්ට පොඩ්ඩක් හිතනන පුලුවන්නම් මේවා සුළු වැඩ (නදී)

:       0       0

කලීල් Thursday, 17 July 2014 11:06 AM

අපේ අය මොනවද මේ වෙනුවෙන් කරන්නේ? (නි)

:       0       0

රන්ජිත් Thursday, 17 July 2014 11:06 AM

ඉතාමත් කාලීන ප්‍රයත්නයක්. පරිසරයේ ගැටළු වලට පරිසරයෙන්ම විසඳුම් සෙවීම අගය කළයුතු දෙයක්. කාගේ කාගේත් නැණස පහළ වේවා! (නි)

:       0       0

මාලිකා Thursday, 17 July 2014 11:32 AM

ඉතා කාලෝචිත වැඩක් (නි)

:       0       0

ශෂික Friday, 18 July 2014 02:47 PM

කවුරු හරි හොද දෙයක් කරලා තියෙනවා නිකන් පිටරට මිස්සුන්ට කතහන්දන එපා. මේ රටට හරියන්නේ නැත්තේ ඔය වගෙය් හිතන හින්ඳ . (අ)

:       0       0

ශාන්ත Thursday, 17 July 2014 12:02 PM

බලාගෙන, මොනවා කළත් කල්පනාවෙන් (නි)

:       0       0

නිශාන්ත ඩබ්ලිව්.ජි Thursday, 17 July 2014 06:45 AM

නායකත්ව මණ්ඩලයට තවත් ගැටළුවක්? ඔය හඩ කෘතිමව නිපදවන යන්ත්‍ර යොදාගෙන ඉක්මන් වැඩි භුමි ප්‍රමානයක් ආවරනය කරන වැඩ පිළිවෙලක් ආරම්භ කල හැකි නම් ඉතා සාර්ථකයි. (ස)

:       0       0

මංජුල Thursday, 17 July 2014 12:36 PM

අලින්ගේ මෙන්ම මිනිසුන්ගේ පණත් බේරාගැනීම හොඳ වැඩක්. එහෙත් මී මැසි ජනපද මිනිසුන්ගෙන් බේරාගන්නේ කවුද? (නි)

:       0       0

හසිත් Friday, 18 July 2014 09:59 AM

බොහොම කාලෝචිත යෝජනාවක් (නි)

:       0       0

සමන්ති Thursday, 17 July 2014 12:54 PM

මෙය සාර්ථක බව දැනගෙන හිටියාට අපි ඒක කළේ නැහැ. හැබැයි රටින් එනවා නම් ඒක හොඳයි. (නි)

:       0       0

දිලූ Thursday, 17 July 2014 06:56 AM

මෙවන් පර්යේෂණ සිදුවිය යුත්තේ අපේම විශ්වවිද්‍යාලවලිනි. (ස)

:       0       0

තේජාන්විත Thursday, 17 July 2014 07:13 AM

අහෝ අපගේ දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයිනි. මේවා අපේ මුතුන් මිත්තන් හොදින්ම දැනසිටි දේවල්. දැන් පිටරැටියෝ ඒවා අපිටම උගන්වනවා. ඕකට සිංහලෙන් කියන්නේ උරාගෙ මාලු ඌරාගේ ඇගේ තියලා කපනවා කියලා. ආඩම්බරයි ඔබලාගේ විද්‍යාව ගැන (නදී)

:       0       0

අශාන් Thursday, 17 July 2014 07:20 AM

බලන්ඩ,අලියෙක් පැත්ත පලාතක නැති ඕස්ට්‍රේලියාවේ මිනිස්සු අලි බේරන්ඩ හදනකොට අපේ කට්ටිය කොච්චර අලි මරනවද? (නදී)

:       0       0

ප්‍රශාන්ත Thursday, 17 July 2014 07:20 AM

අපේ විශ්වවිද්‍යාල දේශපාලනේ (නදී)

:       0       0

ඩී.බී ගාමිණී සිල්වා Thursday, 17 July 2014 07:24 AM

නියමයි ! (නදී)

:       0       0

අපොන්සු Thursday, 17 July 2014 07:25 AM

ලංකාවේ තරම් හොඳ අධ්‍යාපන ක්‍රමයක් ලෝකේ කොහෙවත් නැහැ. අපේ දේවල් අපි අගේ කරමු. (නදී)

:       0       0

උපාලි Thursday, 17 July 2014 07:31 AM

අපේ වන සත්ත්ව ආරක්ෂක දෙපාර්තමේන්තුවට අලි සංගනනයේ පොත වත් පරිස්සම් කරන්න බැරිව මෙහෙම පරීක්ෂණයක් සොයාගැනීමක් කරන්න පුළුවන් ද. (නදී)

:       0       0

බමුණු Thursday, 17 July 2014 07:38 AM

අලින් මුමුණන ශබ්දයට අකමැති බව නම් හඳුන්ගමුවේ මිනිසුන්න් දන්නවා. කොහොම උන්ත මී පෙට්ටි ටික ඉතුරු වන එකක් නැත. (නදී)

:       0       0

කිරන් Thursday, 17 July 2014 07:43 AM

දිලූ දන්නේ නැද්ද අපේ විශ්ව විද්‍යාල ආචාර්යවරු සහ ශිෂ්‍යයෝ සිරිකොත ළඟ මේ වගේ පර්යේෂණ කරන වග? දැන් සිරිකොතේ අලි විශ්ව විද්‍යාල කියන නම ඇහෙනකොටත් බයවෙලා දුවනවා. (නදී)

:       0       0

නිරාන් Thursday, 17 July 2014 07:51 AM

අපේ කොල පාට දොඩම් වලට උන නස්පැත්තියම අලින්ටයි මි මැස්සන්ටයි නොමවේවා (නදී)

:       0       0

ටිරෝන් Thursday, 17 July 2014 07:52 AM

හම සුදු නම් අපේ අයටත් ඕන දෙයක්. ඇයි අර හතර ලියැද්දේ ළමය හොයා ගත්ත ක්‍රමය ඇමැතිත් ගිහින් තිබ්බේ බලන්න (නදී)

:       0       0

ලලිත් - SL Thursday, 17 July 2014 08:07 AM

කොහොම හරි අලි ටික බේරාගමු (දී)

:       0       0

පරා Thursday, 17 July 2014 03:23 PM

ඔන්න දැන්නේ මොලේ පැදුනේ. (අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Thursday, 17 July 2014 08:10 AM

මී මැස්සන් දාලා ගම් පිටින් අලින්ගෙන් බේරනවාට වඩා එය ගැන සොයා බලන්න පැමිණි මෙම සුදු කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට ක්‍රමයක් සෙවිය යුතුය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 107 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 138 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2502 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 915 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 522 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1554 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site