IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


මේ මස අග විදුලි බිලත් ඉහළට

(යොහාන් භාසුර)

විදුලිබල මණ්ඩලයේ ඉල්ලීමක කර ඇති ආකාරයට මෙම මස සිට විදුලි ගාස්තු ඉහළ දැමීමට ක්‍රියාත්මක කිරීමට අනුමැතිය දීමේ හැකියාව ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ උසස් නිලධාරියෙක් අද (10) පැවසීය.

ගාස්තු ඉහළ දැමීමට අනුමැති දෙන දිනයේ සිට එය ක්‍රියාත්මක වන බව කී එම නිලධාරියා මහජන උපයෝගිතා පනත ප්‍රකාරව ජනතාවගේ අදහස් ගැනීමට දින 21 ක කාලය ද දී ඇති බව ද සඳහන් කළේය.

ජනතාවගෙන් වාචික අදහස් ගැනීම මේ මස 18 වැනිදා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව කී එම නිලධාරියා ඉන් පසුව අනුමැතිය දීම හෝ නොදීම පිළිබඳව තීරණය කළ හැකි බව ද සඳහන් කළේය. 



අදහස් (27)

මේ මස අග විදුලි බිලත් ඉහළට

Supun sachintha Tuesday, 10 October 2023 06:01 PM

මොවුන්ට හෙන ගහන්න ඕනේ ජනතාව මෙච්චර සූරන් කනවාට...!

:       9       114

Nimal Tuesday, 10 October 2023 06:27 PM

මොන මගුලක් කරනවද මන්දා..., මේ ඔක්කොම එකයි.

:       4       78

කිරිපුතා Tuesday, 10 October 2023 06:30 PM

මණ්ඩලය ඇතුලේ තියෙන සේරම හොරාකෑම්වලට ජනතාව වන්දි ගෙවන්න ඕනෑ. අනේ කාලේ වනේ වාසේ කිව්වාලු...!

:       3       97

චමින්ද Tuesday, 10 October 2023 06:30 PM

මෙහෙම වැඩිකරන්නේ IMF එකෙන් කියන නිසා වෙන්න ඇති වැඩිකළාම... අපිට ගෙවන්න ක්‍රමයක් නැහැ. විදුලිය ගැනීමේදී තැන්පත් කරන මුදල් සඳහා පොලියක් දෙන්නේ නැද්ද? පාරිභෝගිකයින් සූරා කෑමට වැඩිකිරීම මාසයේ මැද දවසක කළාම වැඩිනොකළ කාලයටත් ගෙවන්න වෙනවා වැඩිකළ ආකාරය ගැන විස්තරයක් දෙන්නේ නැහැ. ඒ නිසා අපිට එහෙම කියන්න වෙනවා...!

:       0       60

Shashika519 Tuesday, 10 October 2023 06:49 PM

මහජන අදහස් විමසුවේ ඩොලර් කන්නද?

:       0       55

Nimesh Tuesday, 10 October 2023 06:57 PM

IMF එකෙන් කියන විට බදු වැඩිකරනවා නම් මේ රජයෙන් ඇති වැඩේ මොකක්ද? රනිල් අපි දෙවෙනි පන්තියේ පුරවැසියන් නෙමෙයි කියලා ඔයාට හොඳටම ශුවර්ද?

:       2       52

sudath senanayaka Tuesday, 10 October 2023 07:51 PM

හෙනම ගහන්න ඕනෑ... කාලකන්නි විදුලිබල මණ්ඩලේ කාලකණ්ණින්ට.... ඕකුන් ගසකාලා අපි ගෙවනවා...

:       2       54

අරවින්ද මොනරවිල Tuesday, 10 October 2023 09:41 PM

මූල්‍ය අරමුදලේ පදයට නටනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් දන්නේ නැති මහළු පිං ජනපති හා ඔහුගේ ගෝල බාලයෝ ජනතාව නොමරා මරනවා...!

:       4       41

Sapumal Tuesday, 10 October 2023 09:52 PM

හැමතිස්සේම කියන්නේ විදුලිබල මණ්ඩලයේ කාලකන්නි හොරා කනවා කියලා. මේකේ වැළලෙන අය තාම තෙල් ගහන්නේ පරණ ගානටද? ඒ ගානට තෙල් අරගෙන තමයි මණ්ඩලයේ දුවන්නේ. 167 තෙල් 415 යි 400 කොත්තු 900 යි 7.50 ඛස් ගාස්තුව 29 යි. 1.50 පැනඩෝල් පෙත්තක් 6 යි... විදුලිය විතරක් අඩුවට ඇයි...? හොරා කෑවේ වෙන අය. බැනුම් අහන්න වෙන අය. ඇත්තට හොරා කාපු කෙනාට හොරා කියන්න කොන්දක් නැති අය කාටහරි බැනලා හිත හදාගන්නවා...!

:       48       16

අසාධාරණ Wednesday, 11 October 2023 05:07 AM

සපුමල් කොල්ලො විදුලිය හා ඉන්ධන මිල වැඩිකරන වාරයක් පාසා අනෙකුත් හැමදේකම මිල වැඩිවෙනවා... මොකද යන්ත්‍ර සූත්‍ර වැඩ කරන්නේ විදුලියෙන් ප්‍රවාහනය කරන්නේ... ඉන්ධන යොදන වාහන වලින් නිසා. තවත් දෙයක් පසුගිය කාලයේ වසර ගණනක් නොගෙවූ විදුලි බිලක් ගැන කිව්වනේ.. ඒවාගේ ඒවා කොපමණ තිබේද? ඊළඟට අඩු ආදායම් ලාබීන් කියලා කොටසකට ඉතාමත් අඩුමිලට විදුලිය දෙනවා. මේවායිනුත් මණ්ඩලය පාඩු ලබනවා. ඉතින් සපුමල් රුපියල් 400 ක කොත්තුවක් 900 නම් ඒවා කන්නේ මොකටද? කොත්තුවක් එක් අයෙකුට එක වේලකට ඇති පවුලේ දෙතුන් දෙනෙක් නම් කීයක්ද? විදුලි ගාස්තුව වැඩිකරන්න එපා කියන අපි නම් රුපියල් 900කින් දවසම පිරිමසා ගන්නවා... එහෙම කන අපිට නම් විදුලිය ගාස්තු වැඩිකිරීම දරාගන්න බැහැ...

:       0       7

රනේWednesday, 11 October 2023 06:02 AM

ඔව්.. ඔව්.. මහජනතාව වෙන අපිනේ ඔය කියන ඒවා කළේ... නිකං තප්පුලන්නේ නැතුව හිටියා නම් නරකයිද..?

:       0       8

samsWednesday, 11 October 2023 07:41 AM

ඇයි එහෙනම් ඔය කොන්ද පණ තියන අයට ඔය සල්ලි හොරාකාපු අයගෙන්ම ගන්න බැරි...? මේ කොහෙවත් ඉන්න අහිංසක මිනිස්සු මරාගෙන කන්න හදන්නේ... මහලොකුවට කොන්ද පණ තියනවා කියලා පාරම් බෑවාට හොරුන්ගේ පදේට තමයි නටන්නේ...!

:       0       8

ranjith Wednesday, 11 October 2023 06:24 AM

මේ තරම් වැහලත් මේ කාලකන්නි හැත්ත විදුලිබිල වැඩි කරනවා.. මොවුන්ට හෙන ගහන්න ඕනේ මේ ආණ්ඩුව මකබෑවිලා යන්න ඕනේ ජනතාවට දෙන පීඩාවට...!

:       0       8

Rohana Wednesday, 11 October 2023 07:19 AM

ලංවිම කරන හොරවැඩ නිසා පාඩු ලබනවා. IMF කියන ඕනෑම දෙයක් ගෙඩිය පිටින්ම පිළිගන්න ආණ්ඩුව සූදානම්. මේ නිසා ලංවිම ලබන පාඩු ජනතාවගෙන් අයකර ගන්න ලෑස්ති වෙනවා. මේකට කිවයුතු හැමකෙනාටම සාපවේවා... සාපවේවා... සාපවේවා...!

:       0       6

K S Sujeewa Wednesday, 11 October 2023 08:26 AM

ලංකාවේ විදුලි සම්බන්ධතා ප්‍රමාණය ජනගහනය එක්ක ගත්තාම ඉතා ඉහළ අගයක්. නිසි කළමනාකාරිත්වයකට නතු වෙනවා නම් නිසැකවම ඵලදායී ආයතනයක්... හැබැයි දූෂණය මුල්බැසගත් ආයතනයක් ලෙස තමයි ප්‍රසිද්ධ. ගොඩක් නිලධාරීන් ඉතා සම්ප්‍රදායක අය. විදුලිබිල වැඩි කිරීම ඉතාමත් අතාත්විතයි. විශේෂයෙන් වර්තමාන ඇමැතිගේ කළමනාකාරීත්ව හැකියාව ප්‍රශ්න සහගතයි. ඔහු හිතන් ඉන්නේ පාඩු නම් මිල වැඩිකිරීම පමණයි කළහැක්කේ කියලා. ස්වාධීන මහජන උපයෝගිතා කොමිසමක් තියෙනවා කියලා හිතන්න අමාරුයි. ඒකක ජනන මිල අඩු කිරීමේ ක්‍රමයන් ගැන සිතීම තමයි විසඳුම...

:       0       5

අනුර Wednesday, 11 October 2023 08:48 AM

ප්‍රශ්නය මේකයි... මහජනයාගේ ආදායම කිසිඳු වෙනසක් නොවී වරින්වරට මිල වැඩිකිරීම කොතරම් මහජනතාවට දරාගත හැකිද? මිත්‍රයා එක් ආයතනයක් ගැන නොවෙයි, සමස්ත මහජනයා ගැනම හිතන්න...!

:       0       4

Mohamed Hafileen Samahin Wednesday, 11 October 2023 09:13 AM

රජයෙ ඇනවශ්‍ය වියදම් කපා හැර විදුලි පරිබොගිකයන්හට යම් සහනයක් ලබා දිය යුතුය.

:       0       6

saman Wednesday, 11 October 2023 09:15 AM

බිල් ගෙවන සෑම කෙනෙක්ම BMICH වෙත පැමිණෙන්නේ ලංවිම ඉල්ලන පරිදි ගාස්තු ඉහල දැමීම ගැන ඔබේ අදහස ලංවිමට පවසන්න.

:       1       5

fairoos Wednesday, 11 October 2023 12:24 PM

මේ රනිල් රාජපක්ෂලා එකතුවෙලා රට කනවා...

:       0       2

de silva Wednesday, 11 October 2023 12:57 PM

IMF එකේ වාර්තාවේ කියලා තිබෙන්නේ රජයේ ආයතනවල (රේගු, ආදායම්බදු) හොරකම්, දූෂණ බොහෝම වැඩියි... මේවා අඩු කරගන්න. රජයේ වියදම් අඩුකරගන්න. (අවශ්‍ය ප්‍රමාණය මෙන් 3 ගුණයකට වැඩි රජයේ සේවකයින් සිටිනවා. රජයේ වියදම් වලින් 85% වියදම් වෙන්නේ මොවුන්ට වැටුප්, දීමනා සහ විශ්‍රාම වැටුප් ගෙවන්න. නමුත් රජයේ කාර්යාලවලින් වැඩක් කරගන්න ගියාම ජනතාවට කාර්යක්ෂම සේවයක් ලැබෙන්නේ නැහැ) පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරගන්න, විකුණන්න එහෙම නැතිනම් වහලා දමන්න... (ශ්‍රීලන්කන් වැනි ඒවා) ආණ්ඩුව විදුලිබල මණ්ඩලේ නාස්තිය, හොරකම්, දූෂණ නැති කරන්න කිසිම පියවරක් අරන් නැහැ... කරන්නේ මේවා ජනතාව පිටින් දමන එක...

:       0       4

ranjith Wednesday, 11 October 2023 01:03 PM

මහජන උපයෝගී කොමිසමට පන්දම් කාරයෝ දාගෙන ජනතාවට දෙන පීඩනයක් මේ තරම් වහිනකොට ජල විදුලිය නිපදල අඩු ගානට දීපල්ලකෝ නැත්නම් චන්ද තියපල්ලකෝ

:       0       0

Dewa Wednesday, 11 October 2023 01:04 PM

උඹල අපේ අදහස් වලට ගරු කරනවද?

:       0       1

C.K.Lankaputhra Wednesday, 11 October 2023 01:17 PM

දෙයියෝ සාක්කි! මුන්ට නොගහන්නේ මොකද. අපට කෙලින එකේ ඉවරයක් නෑනෙ.

:       0       1

බද්රානි Wednesday, 11 October 2023 02:05 PM

මන්ත්‍රී හා ඇමැති වරුන්ගේ නිල නිවාස වල බිලුයි, ආගමික ස්ථානවලට දීලා තියන විදුලි බිල සහනයයි පොලිසියෙන් ගෙවන්න ඕනෑ කියලද ඔහෙලා මේ කියන්නේ..? හොර පාලකයින්ටයි, තක්කඩි පූජකයින්ටයි ආවඩනවා නම්, ඔවුන්ගේ බිලුත් ගෙවපල්ලා... බොරුවට උඩ පනින්නේ නැතිව...

:       0       2

Hemantha De Alwis Wednesday, 11 October 2023 02:21 PM

ලංකාවේ ජීවත් වීම එපා කරවලා තියෙන්නේ. දූෂිත පාලකයිනි, නුඹලා වෙත විනාශය අත්වේවා!. තිරිසන් අධම දුෂ්ට පාලකයන් තවත් මේ රට කමින් සිටීම කවදා කෙළවර වේද? ජනතාවාදිී කිසිදු තීන්දුවක් කිසිම පාලකයෙක් ගන්න බවක් නොපෙනේ. මෙවැනී පීඩාකාරි ආර්ථිකයක් ජනතාව කෙසේ දරාගන්නද? දැඩි පීඩනයක් එල්ල වූ වසර ගණන් ගෙවමින් සිටින මිනිසුන් මත අපා දුක් පටවමින් නුඹලා සුරසැප විඳිමින් දියවන්නාවට වී නුඹලාගේ කාර්, වැටුප්, දීමනා, කොමිස් කුටිටි තර කර ගනිමින් සිටියි. වහාම මේවා නතර කරපල්ලා..

:       0       1

චන්දිම ෆොන්සේකා Wednesday, 11 October 2023 03:21 PM

කරුණාකර මම මේ කියන දෙයත් අවධානයට ගන්න. බිල ගෙවා ගන්න බැරි වුණු බොහෝ දෙනෙක්ගේ ලයිට් කපලා. මාස දෙකක් විතර මුළු මුදලම ගෙවා ගන්න බැරි වුනොත් බිලේ සීල් ගහල‍ා එවනවා විසන්ධි කිරීමට යොමු කරලයි කියලා. මතකද එදා විදුලිබිල වැඩි කරනවාට එරෙහිව නැගී සිටි යූනියන් කාරයෝ කිව්වා බිල වැඩි කරලා ගෙවාගන්න බැරි වෙන මිනිස්සුන්ගේ ලයිට් කපන්න ඔවුන්ගේ සංගම් වල සාමාජිකයින් එන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුවට ඕනි ඕනි දේවල් කරන්න ඔවුන් ඉඩදෙන්නේ නැහැ කියලා. දැන් ඒ පොරොන්දුවට මොකද වෙලා තියෙන්නේ? බිල ගෙවා ගන්න බැරිව අසරණව ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වලට ඔය හාදයෝ රැල පිටින් ඇවිල්ලා කපන වැඩේ කරලා දීලා තමන්ගේ අතිකාල දීමනා ලබා ගන්නවා. ඇත්තටම ඔය යුනියන් කාරයින්ගෙන් ඔය ගැන අහන්න කවුරුවත් නැද්ද? දැන් ඔවුන් මාධ්‍ය වලින් ජනතාවට දීපු පොරොන්දුව ඉටු කළ යුතුයි. මිනිසුන්ගේ විදුලි විසන්ධි කරන රාජකාරි වලින් බැහැර විය යුතුයි.

:       0       2

Thilak Wednesday, 11 October 2023 06:43 PM

විදුලි බිල වැඩිකිරීමට හේතුව, ලංවිමෙන් ජනන සැලැස්මට බලාගාර ඉඳිකිරීමට රජයන් අකමැත්ත නිසායි, බලාගාර හැදුවොත් ඩීසල් මාෆියාවට සල්ලි හොයන්න බෑ.ඒ වෙලාවේ සාම්පුර් බලාගාරය හැදීම නැවැත්තුවේ කවුද?ඉදිරි වසර 5-10 කට අඩුවියදම් බලාගාර (ගල් අඟුරු, LNG) සැලැස්මක් ක්‍රියාත්මක කරලා නෑ. සුර්ය බලයෙන් විදුලිය නිපදවිහැක්කේ සීමිතව, base load එකග ගන්න පුළුවන් බලාගාර හදන්න ඕනේ මණ්ඩලේට බනින්නේ company කරගන්න ඒකෙන් ප්‍රශ්නය විසදෙන්නේ නෑ. company වලින් රටට හෝ ජනතාවට ආදරෙන් කටයුතු කරයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 1055 3

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


පාප්තුමාගේ අවසන් කටයුතු 26 වැනිදා
2025 අප්‍රේල් මස 22 421 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස


‘‘හැමෝටම අවාරේ සිරිපා කරුණා කරන්න බෑ‘‘
2025 අප්‍රේල් මස 22 611 0

රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ


පාප් වහන්සේගේ වියෝවට රනිල්ගෙන් ශෝකය
2025 අප්‍රේල් මස 22 204 3

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප


බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයෙන් නිවේදනයක්
2025 අප්‍රේල් මස 22 434 0

පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්


හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි
2025 අප්‍රේල් මස 22 722 4

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 567 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 303 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 456 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site