IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


‘මේ මොහොතේ කළ යුත්තේ ජන ජීවිත බේරාගැනීමයි’

(නිමල කොඩිතුවක්කු)

මේ මොහොතේ රටට අවශ්‍යව ඇත්තේ හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම නොව ජන ජීවිත බේරා ගැනීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී  අද (06)පැවසීය.

හදිසි නීති රෙගුලාසිවලට සමගි ජනබලවේගය තරයේ විරුද්ධ බවත්, එවැන්නක් ගෙනැවිත් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදයට පහර එල්ල කිරීමට ආණ්ඩුව ගනු ලබන සියලු ක්‍රියාමාර්ග පරාජය කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.

කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ දී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

බඩුමිල පාලනයට හදිසි නීතිය අවශ්‍ය නැති බවත් ඒ වෙනුවට 2003 අංක 9, දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත සහ එම අධිකාරිය ඒ වෙනුවෙන් තිබෙන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය.


එහෙත් ආණ්ඩුව ඒවා බලාත්මක නොකර ගජමිතුරන්ට සහන සලසන බවත් ජනතාවට අවශ්‍ය එවැනි පාලනයක් නොවනබවත් ඒ මහතා පැවසීය.

කොවිඩි වසංගතය ජාතික ආපදා තත්ත්වයක් වන අතර එවැනි අවස්ථාවක ක්‍රියාත්මක කිරීමට 2005 ,අංක 13 දරන ව්‍යසන කළමනාකරණ  පනත අනුව බලතල හිමි බවත් එහෙත් ආපදා කළමනාකරණ  ජාතික සභාව හෝ පත්කිරිමට ජනාධිපතිවරයා තවමත් කටයුතු කර නොමැති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත්  පැවසීය.



අදහස් (21)

‘මේ මොහොතේ කළ යුත්තේ ජන ජීවිත බේරාගැනීමයි’

Raveendra Monday, 06 September 2021 02:59 PM

දියව් දියව්.. සුදුකුමාර පිටුපසින් තියාගෙන අහිංසක මිනිසුන්ව අවුස්සලා උද්ඝෝෂණ, වැඩවර්ජන කරනකොට රෝග බෝවන බව නොදන්නා "මෝඩ ගොනාට" දැනුයි මතක්වුනේ මේ මොහොතේ කළ යුත්තේ ජනජීවිතේ බේරාගැනීම ගැන... නොදෝමකින් මේ අපේ දේශපාලුවන්ගේ මඤ්ඤන් බුද්ධිමත් මොලේ... පුදුමයි සුදුකුමාර ප්‍රමුක රතුහැට්ටකාරයින් මුකුත් උගත් කතා කිව්වේ නැත්තේ...

:       18       46

Raveendra Monday, 06 September 2021 03:06 PM

සියල්ල දත් පුතානෝ වන මෙමාට... සියල්ල අමතකයි පට්ටියේ ඔටුන්න දකිනවිට... ලෙඩ බෝවුණත් ඒ ඔක්කොම රට්ටුන්ට... දැන් මා අඬන්නේ බොරුවට බව දන්නැද්ද...?

:       19       43

fairoos Monday, 06 September 2021 03:43 PM

ඔබතුමා නෙමෙයි... මොන සක්කරයා ඇවිල්ලා කිව්වත් වැඩක් නැහැ. ගැසට් ගහලා තමයි පස්ස බලන්නේ....

:       34       19

ranga Monday, 06 September 2021 04:02 PM

මේ මොහොතේ කළයුත්තේ කට වහගෙන පැත්තකට වෙලා ඉන්න එකයි. රටේ කිසිම ව්‍යවසනයකට කිසිම දායකත්වයක් නොදුන් නායකයෙක් තමයි ඉන්නේ...

:       8       27

Aruna Monday, 06 September 2021 04:07 PM

හරි ... ස්තුතියි...!!!

:       1       13

දර්ශණ Monday, 06 September 2021 04:10 PM

බලය තියෙන කාලෙදීත් මේ වගේ හිතුවා නම්... පාස්කු ප්‍රහාරය වගේ දේවල් වළක්වා ගන්න තිබුණා නේද?...

:       4       33

chandana Monday, 06 September 2021 04:27 PM

ජන ජීවිත බේරාගන්න තමයි හදිසි නීතිය අවශ්‍ය වෙන්නේ... මොකද හොඳ විනයක් තියෙන සාමාන්‍ය ජනතාවට හදිසි නීතියද, මොන නීතියද කියන එක වැදගත් නැහැ. විනයක් නැති, සදාචාරයක් නැති, මොන දේටත් දේශපාලන වගන්ති දාන අයට තමයි මේකෙන් හිත රිදෙන්නේ... ඇයි දැක්කේ නැත්ද වෛරසයට එරෙහි සටනේදී අපි ගොඩාක් ඉදිරියෙන් කියලා කිව්වා. ඉතින් ඉදිරියට යන එක වරදක්ද? එහෙම නැත්නම් ආපස්සට යන්න කියලද කියන්නේ...? සාමාන්‍ය අහිංසක ජන ජීවිතය රැකගන්න නම්, චාරයක් නැති එවුන්ව..., ලෙඩේ බෝ කරන්නම බලාගෙන ඉන්න අයව පාලනය කිරීම අතිශයින් වැදගත් බව දන්නේ නැතෙයි. ඇයි දැක්කේ නැත්ද කොරෝනා අස්සෙත් නවසීලන්තේ වෙච්චි සිද්ධිය... ඉතින් ආයිත් පාස්කු ප්‍රහාරයේදී කළා වගේ අශ්වයා පැන්නට පස්සෙ ඉස්තාලේ වහලා වැඩක් නැහැ. සමහර විට ඔබ ඒ කාලෙත් ඔය කියන විදිහට පාරිභෝගික පනතින් ඕවා මර්දනය කරන්න පුළුවන් කියලා උපදෙස් දුන්නද දන්නේ නැහැ...

:       5       21

Nethmi De silva Monday, 06 September 2021 04:30 PM

කරන එකම උදව්ව තමයි පාඩුවේ ගෙදරට වෙලා ඉන්න

:       5       23

ase Monday, 06 September 2021 04:34 PM

රවීන්ද්‍රට, අර ගෝනිය තුළ ලැගලා ගල වැදිලා තදින්ම රිදිලා වගේ....!

:       16       9

RaveendraMonday, 06 September 2021 06:14 PM

ඇත්ත ඇතිසැටියෙන් දැක විමසන විටම . ඔබවැනි අයට "දුන්තෙල්" ගෑවුණු සේ දැනීම. කිසිවිට වෙනස් කෙරුමට හැකි නොවීමම. ඔබකළ පවකි, පොල්බුරුවෝ පස්සෙන් යාම.

:       10       11

kamal Monday, 06 September 2021 05:12 PM

මේ වෙලාවේ හැකි පමණ මිනිස්සුන්ව පාරට බස්සලා පුහු උද්ඝෝෂණ කරලා ඒ අයටත්, මුලු රටටමත් වාසනාව ළඟාකර දීමයි.. එය කළ හැකි එකම කෙනා ඔබයි පුතණුවනි...

:       3       21

senaMonday, 06 September 2021 06:52 PM

සජිත් කියන ඒවා දැන් ජනතාව ගණන් ගන්නේ නැත. එයට හේතුව නම් ඔහු කෙසේ හෝ බලය ලබාගැනීමේ අරමුණ ඇතිව ක්‍රියා කරන්නෙක් බව රටම දනී. එම නිසා ජනතාවට ලංකාවේ වර්තමාන දේශපාලන ක්‍රියාවලිය වෙනස් කර අවංක නව කණ්ඩායමකට බලය ලබා දීමේ අරමුණ ඇතිව මැතිවරණයක් එනතුරු බලා සිටියි. ජනතාව මේ වනවිට ප්‍රසිද්ධියේ කියා සිටින්නේත් පාර්ලිමේන්තුවේ සිටින 225ම නැවත එපා යනුවෙනි. එමෙන්ම ජනතාව මෙවැනි ප්‍රබල දේශපාලන ප්‍රතික්ෂේප කිරීමක් කරනු ලබන්නේ දශක 7ක ලංකා දේශපාලනයේ පළමු අවස්ථාව වේ...

:       5       11

සිරිබිරිස් Monday, 06 September 2021 05:24 PM

සර්ව පාක්ෂික සමුළුවක් තියා ප්‍රශ්ණය විසදුවොත් පක්ෂයේ බලය නැතිවෙනවා.පක්ෂයේ බලය නැතිව ජනතාව ජීවත්වුනත් වැඩක් නැහැ ඊලග වතාවේ පාලකයින්ට අබලි ද්‍රව්‍ය බවට පත්වෙන්න වෙනවා පාලකයින්ට වටින්නේ ජනතාවට වඩා පක්ෂය බව තේරුම් ගන්න මහත්තයෝ

:       6       7

Siri Monday, 06 September 2021 05:27 PM

මේ මොහොතේ කළයුත්තේ එකමුතු වෙලා හොඳටම දුර්වල වෙලා ඉන්න සතුරාට මුහුණ දීම කියලා මේ ගොල්ලන්ට හිතෙන්නේ නැද්ද අම්මපා..?

:       4       6

Chandima Monday, 06 September 2021 05:41 PM

ඒ් කියන්නේ කොවිඩි නොතිබුනානම් ජන ජීවිත වලට මොනවා උනත් කමක් නැ කියලද

:       5       10

අතුල සෞදි Monday, 06 September 2021 06:09 PM

කාලයක් රට වහලා තියෙන කොට කිව්වා මිනිස්සු එදා වේල හොයාගන්න එක නැතිකළා කියලා, ඊට පස්සේ රට ඇරියම කිව්වා මිනිස්සුන්ගේ ජීවිත සමග සෙල්ලම් කරනවා කියලා..., අනේ මන්දා මෙයාගේ වටේ ඉන්න ගෝලයින් ටික මෙයාව හොඳට අන්දනවා. මෙහෙම විපක්ෂ වලින් රටට වැඩක් නැහැ...

:       4       20

විජේ Monday, 06 September 2021 06:16 PM

මේ මොහොතේ ඔබ කළයුත්තේ ගොන් පාට් නොදා සිටීමයි...

:       4       16

Suranjith Monday, 06 September 2021 09:51 PM

කතා නොකෙරුවානම් කියයි මේ අය විපක්ෂේ ඉඳන් ආණ්ඩුව කරන්න කිසිම වරදක් ගැන කතා කරන්නේ නැහැ කියලා.

:       6       1

අරුන Monday, 06 September 2021 10:26 PM

මොනාද කියන්න හදනවා. එත් කිය ගන්න තෙරෙන්නේ නැහැ. ජාතික ප්‍රශ්න වලට ප්‍රාදේශීය විසදුම හරියන්නෙ නැහැ.

:       2       5

Bamunuarachchi Tuesday, 07 September 2021 08:38 AM

හදිස්සි නීති දමන්නේ ජන ජීවිත බේරා ගන්න තමයි. නැතුව කාගේවත් ප්‍රජා අයිතිය නැති කරන්න නොවෙයි. එහෙම කාලෙකුත් තිබුනා.

:       1       3

p.d goonawardena Tuesday, 07 September 2021 09:29 AM

මොකක්ද දැන්‍ ඔය කියන කථාව​......දැන් ටික දොහකට ඉස්සර ඔයගොල්ලොම නේද මහ ජනයාගේ නැටි කරකවලා අරක දියව් මේක දියව් කියල මහ පාරට ගෙනාවේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1624 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2771 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1168 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 972 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1390 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 648 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1447 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site