IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


‘‘මේ රජය ගෙදර යන තුරු රට හදන්න බෑ‘‘

(සුජිත් හේවාජුලිගේ )

වර්තමාන රජය වෙනස් වන තුරු මෙරට ගොඩනැගිය නොහැකි බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

සීමිත කැබිනට් මණ්ඩලයකින් යුතු සර්ව පාක්ෂික රජයක් කෙටි කාලයක් සඳහා පිහිටුවීම මේ මොහොතේ පවතින විසඳුම බවත් එසේ සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවනු ලැබූවහොත් ලෝකයේ බොහෝ රටවල් මෙරටට උදව් කරනු ඇති බවත් හෙතෙම සඳහන් කළේය.

රජය කරන හොඳ වැඩවලට සහය ලබාදෙන බව පැවසූ හිටපු ජනාධිපතිවරයා විදුලිබල පනතේ යම් යම් ගැටලු තිබූ හෙයින් තමා ඊට පක්ෂව ඡන්දය නොදුන් බවද ප්‍රකාශ කළේ‍ය

චීනය ශ්‍රී ලංකාවට හැකි සෑම අවස්ථාවකම උදව් කරන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පැවසුවේ යැයිද ඔහු සඳහන් කළේය.

 



අදහස් (18)

‘‘මේ රජය ගෙදර යන තුරු රට හදන්න බෑ‘‘

Sisira Saturday, 11 June 2022 08:32 PM

මෙයාගේ කාලේ රට හොඳට හැදෙන්න ඇති නේද? හැබැයි මෙයාලා නම් ඇඳුම් ඇඳගෙනද දන්නේ නැහැ කතා කරන්නේ..?

:       0       1

swiss Saturday, 11 June 2022 08:47 PM

‘‘මේ රජය ගෙදර යනතුරු රට හදන්න බෑ‘‘ කියන ඔය කටින්ම මෙහෙමත් කියයිද දන්නේ නැහැ... " " මේ සිංහල ජාතියම ගෙදර යනතුරු රට හදන්න බෑ ‘‘ කියලා..!

:       0       1

ravin Saturday, 11 June 2022 09:16 PM

හරි සුදනා මෙයා. පාස්කු ප්‍රහාරයටත් එක්ක මෙයා කපපු වෙලේ තමයි අපි දැන් කරවටක් එරිලා ඉන්නේ. මෙයාට කුක්කු ටිකක් දීලා නලවන්න. තොත්ත බබා...

:       0       1

Saththaya Saturday, 11 June 2022 09:26 PM

2015 අමාරුවෙන් ලබාගත්තු ජය පාවාදුන්නේ කවුද අර හාදයා එක්ක එකතුවෙලා... (මොන පුතාද කව්ද?) අද මේ ජනතාව හිඟාකන්නේ ඒ නිසා නොවේද? ආයේ ජනතාව අන්දන්න යන එක විහිළුවක්....

:       0       5

lakvidu Saturday, 11 June 2022 09:27 PM

මොන සර්ව පක්ෂය වුණත් ඉන්නේ එකම හොර හැත්ත. ඔහෙලත් ගෙදර යන්න.

:       0       2

kasun Saturday, 11 June 2022 09:48 PM

අපේ රටේ තරම් නූගත් දේශපාලකයෝයි, ඡන්ද දායකයොයි ඉන්න වෙන රටක් තියෙනවා නම් අටපට්ටමට කියන්න.

:       0       1

ravin Saturday, 11 June 2022 09:59 PM

හිටන් හිතන් ඉන්න ඇති මේන් කියලා අගමැතිකම දෙයි කියලා.. මිදිත් තිත්තයි කියලා නරියා කිව්වලු...

:       0       1

වත්සි Saturday, 11 June 2022 10:56 PM

රට වැටීම ඇරඹුනේ ඔයාගේ කාලේ බව අපට මතකයි මහත්තයා...

:       0       1

Perera Sunday, 12 June 2022 06:11 AM

රජය විතරක් නෙවෙයි, ඔය වටේ ඉන්න අයත් යා යුතුයි. රට හැදෙන්න නම්...

:       0       1

pj Sunday, 12 June 2022 09:12 AM

හලෝ මේ මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශය වැනි ඒකාබද්ධ කිරීමට කිසිසේත්ම නොගැලපෙන අමාත්‍යංශ බිහි වූයේ ඔබගේ ජනපති කාලයයි. ලෝකයේ අපි අහලාවත් නැති රටවල පිරිවර සමග සංචාරය කරමින් රටේ ඩොලර් සංචිත විනාශ කළේ ඔබයි. අද අපි මේ විඳින්නේ ඒ ප්‍රතිඵල තමයි. නිකන් උඩපනින්නේ නැතුව, හිටපු ජනපති අමුඩය, ගහගෙන නිරුවත පෙන්නන්නේ නැතුව හිටියා නම් තමයි ඇඟට ගුණ...!

:       2       5

දාස Sunday, 12 June 2022 11:25 AM

ඔහෙත් මේ රට කාපු අය හින්දා පව් නොදී ගියානම් මේ රටට ලොකු සහනයක්...!

:       1       7

Lalith M Sunday, 12 June 2022 11:36 AM

තමුන් ඇමතිකම කල හා ජනපතිකම කළ කාලයේ නොකළ දේ දැන්ද කරන්නේ..?. පුස් වෙඩි. ජනපති කාලේ සහෝදර සමාගම, දුව පුතා ගැන බැලුවා රාජපක්ෂ පවුල තරමටම නැතත්. ඊට පස්සේ පරණ ලොක්කාට අගමැතිකම දීලා අනාගත්තා... තමන්ට ජනපතිකම දුන්න ජනතාවට පස්ස පෙන්නා ශ්‍රීලනිප නායක වුනා.. අපිට ආයෙත් හිටන් හුටන් එපාමයි.....

:       1       7

Bamunuarachchi Sunday, 12 June 2022 12:13 PM

කොහෙන්ද මේ ගොයියා කතා කරන්නේ? ඇයි හලෝ ඔහෙව රටේ නායකයා කරලා මිස්ටර් ක්ලීන් කෙනෙක් අගමැති කරලා නේද රටේ බලය දුන්නේ රට හදන්න? මොන බම්බුවක්ද ඒ අවුරුදු 5 කළේ..?

:       4       4

fairoosSunday, 12 June 2022 12:36 PM

ඉන්න, හිටින්න රටක් තිබ්බා ඒ කාලේ... රටට මෙච්චර වෙලත් තවත් නන්දසේනට කඩේ යනවනේ...

:       3       6

BamunuarachchiMonday, 13 June 2022 08:24 AM

සිංහල රට සිංහලයින්ට බේරා දුන්නු නන්දසේනට කඩේ යන්න නැතුව මේ සිංහල රටේ ෂරියා නීතිය ඉල්ලන අයට කඩේ යන්නද කියන්නේ? රටේ ආර්ථියක් හදන්නත් රටක් තිබෙන්න ඕනේ. ඒ රට බේරා දුන්නේ ජෙප්පෝවත් මස්කඩ කාරයින්වත් නොවෙයි රාජපක්ෂලා. මතු උපදින සිංහල ළමයින් රාජපක්ෂලාට ණයගැතියි. ආර්ථිකය ගොඩගන්න කතා කරන අනුරලා, හර්ෂලා, සිරිසේනලා වගේ පණ්ඩිතයින් ඕනෑතරම් ඉන්නවා. හැබැයි එදා රට බේරාගන්න කතා කරන්න ඔය එක පණ්ඩිතයෙක්වත් හිටියේ නැහැ. උපන් දා සිට එලකිරි බීලා හැදුණු සෙට් එක ඒ එළදෙන මරාගෙන කනවා නම් වදපු අම්මාටත්, හදපු තාත්තාටත් ගෞරවයක් නැති වර්ගයා රට බේරා දුන්නු කෙනෙකුට ඒ ගෞරවය දේවිද? ආපු රටකටම පන්නා දාන්න ඕනේ...!

:       1       0

විජේ Sunday, 12 June 2022 02:44 PM

අනේ නිකං යන්න සිරෝ යන්න මගුලක් කතා නොකර...

:       0       2

Rata Perata Sunday, 12 June 2022 08:33 PM

රට විනාශ කරපු තවත් කෙනෙක්.. ඒත් මේ කියන කතාව නම් ඇත්ත.

:       0       0

BamunuarachchiMonday, 13 June 2022 08:26 AM

රට විනාශ කරපු තවත් කෙනෙක්.. ඒත් මේ කියන කතාව නම් ඇත්තයිලු. කොහෙන්ද දන්නේ නැහැ කතා කොරන්නේ? මෙයා රට විනාශ කළේ තවකෙනෙකුට හදන්න පුළුවන් විදිහට නොවෙයි...!

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දියවැලකට හසු වී තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 18 22 0

විනෝද විනෝද චාරිකාවක් සඳහා ත්‍රිකුණාමලයට පැමිණි තරුණ පිරිසක් නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට හසුව ගසාගෙන ගිය අයෙකු රෝහල්ගත කිරීමෙන් පස


නවගමු ප්‍රාදේශිය රෝහලේ ඖෂධ බහාලුමක ගින්නක්
2024 නොවැම්බර් මස 18 30 0

නවගමුව ප්‍රාදේශීය රෝහලේ ඖෂධ ගබඩා කර තිබූ බහලුමක අද (18) දින උදෑසන ඇති වූ ගින්නකින් එම ඖෂධ ගබඩාවේ තිබූ සියලු ඖෂධ ගිනිගෙන විනාශ වී ඇතැයි නවගමුව පොලිසිය පවසය


අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 8412 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1338 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 650 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1174 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 352 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1806 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site