හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට පමණක් නොව මෙරට කිසිවකුට හෝ අත තැබීමට ලෝකයේ කිසිවකුට තමා ඉඩ නොතබන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සම්මේලනය අමතමින් පැවසීය.
‘‘ මම දැක්කා ඊයේ පෙරේදා හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතා පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මේ රටේ ප්‍රශ්නයක් නෙමෙයි. මුහුදෙන් එතෙර ප්‍රශ්නයක්. ජගත් ජයසූරිය මහතාට පමණක් නොවෙයි මේ රටේ කිසිවකුට අත තියන්න ලෝකේ කාටවත් මම ඉඩ තියන්නේ නෑ. එන්ජීඕ කියන විදියට මම නටන්න ලෑස්ති නෑ. රටට ආදරේ කරන රාජ්‍ය නොවන සන්විධාන එක්ක මම වැඩකරනවා‘‘ යැයි පැවසූ ජනපති මෙසේ ද කීවේය.
‘බඩු මිල, ජීවන වියදම, රැකී රක්ෂා ප්‍රශ්න අද පැහැදිලවම තිබෙන ප්‍රශ්න. ජාත්‍යන්තරය ඉදිරියේ අපට තිබුණු ප්‍රශ්න එක්ක ඒවා ප්‍රාථමිකයි. ඒවා අපට විසඳාගත හැකි ප්‍රශ්න. ඒ නිසා කුමන විවේචන ආවත් ඒ කළ යුතු මූලික කාර්යය මේ රට නිදහස් කරගැනීම ජාත්‍යන්තරය හමුවේ වූ චෝදනාවලින් බේරාගැනීම අප කරලා ඉවරයි‘
‘රටක් බරපතල අසීරුවකට වැටුණු විට රටකට බරපතල අභියෝග එල්ලවුණු විට ලෝක ඉතිහාසයේ සාක්කි සාධක අපමණයි ඒ රටේ දේශපාලන ආගමික ආදී බේද නොසලකා එකට එක්වූ අවස්ථා තිබෙනවා.‘
‘යුද්ධවලට මුහුණ දෙන්න ඒ රටවල් එකට එකතු වුණා. ජපානය, වියට්නාමය, දකුණු කොරියාව, බ්‍රිතාන්‍යය පක්ෂ බේද ආදී සියලු බේද අමතක කළා. ශ්රීලනිපය එජාපයත් සමග සම්මුතිවාදී ආණ්ඩුවකට ගියේ සංගීත පුටු තරගයකට නෙමෙයි. විනෝදයට නෙමෙයි. 015 ජනවාරි 8 ජනාධිපතිවරය පවත්වන්න කලින් එදා හිටපු ජනපතිට මම තමයි පක්ෂ ලේකම් විදියට 2014 අප්‍රේල් ලිඛිතව දුන්නා මැතිවරණයකට යන්න එපා යුද්ධයෙන් පසු කළ යුතු වැඩ ගොඩක් තිබෙනවා ඒවා නොකර ඡන්දයකට යන්න එපා මේ කරුණු ඉෂ්ට කරන්න කියලා මම කරුණු 6ක් ලිඛිතව දුන්නා. මම කිව්වා දේශපාලන ප්‍රතිසංස්කරණවලට යමු. රට තුළ කළ යුතු වෙනස්කම්වලට යමු. සිංහල, දෙමළ මුස්ලිම් ජනතාවගේ සමගිය ගොඩනගලා යමු කියලා. මම කියපු දේ ඇහුවේ නෑ. පක්ෂ ජ්‍යෙෂ්ඨයෝ කියපු දේ ඇහුවේ නෑ.‘
‘ජාත්‍යන්තරව අප මුහුණ දුන් අභියෝග බරපතලයි. ඒ වගේම ජාතික දේශපාලනය ප්රජාතන්ත්රවාදයෙන් බැහැරව වෙනත් ගමනක් යන්න සූදානම් වුණු තොරතුරු සියල්ල මා ළඟ තිබුණු නිසා මම එළියට බැහැලා එජාපය ඇතුළු අනෙක් පක්ෂ සියල්ල සමග එකතු වුණා. සමහර අය කියනවා මේ ආණ්ඩුවේ වැරදි විවේචන සියල්ල. ඒ දේවල් නිවැරදි කළ යුතුයි. යන ගමනේ වෙනස්කම් බොහොමයක් තිබෙනවා. අද කියන කරුණුවලට වඩා 2015 ජනවාරි 8 මේ රටේ ජනතාව මාව ජනාධිපති ලෙස පත්කර නොගත්තා නම් මේ රට තිබෙන්නේ කොතැනද කියා උගත් බුද්ධිමත් බහුශ්‍රැත ජනතාවගෙන් අහන්න කියා මම කියනවා.‘
‘මුළු ජාත්‍යන්තරයම ඔබෙත් මගෙත් මාතෘ භූමියට එරෙහිව අවි අමෝරාගෙන සිටි කාලයක් 2013-2014. අපට ඔළුව උස්සන්න බැරි පසුබිමක් ජාත්‍යන්තරය තුළ ගොඩනැගී තිබුණා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ආරක්ෂක මණ්ඩලයේ දී අපි පැරදුණා.‘
‘රටේ හොඳ දේ වගේම නරක විදියට ප්රජාතන්ත්රවාදය භුක්ති විඳිනවා. ෆේස්බුක්, විරෝධතා, උද්ඝෝෂණ රටකට නොගැලපෙන ලෙස ප්රජාතන්ත්රවාදය ඉක්මවා යනවා. මම සභාපති වෙන්න කලින් පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස්වුණාම ගොළුවෙලා ඉන්නේ. ඔය අද කෑගහන සියලු නායකයෝ කට ඇරියේ නෑ. මට උසුළු විසුළු කරපු අදත් කරන ආප්ප කථාව මතක ඇති. එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයින්ගේ රැස්වීම තමයි එදා තිබුණේ. ඔය සන්ධානේ එක නායකයෙක්වත් කට ඇරියේ නෑ ඊළඟ මැතිවරණය ගැන හිටපු ජනාධිපති අහද්දී. සමහරුන්ට පුරුදු නෑ ප්රජාතන්ත්රවාදය පක්ෂය තුළ භුක්ති විඳින්න.‘
‘බණ්ඩාරනායක මැතිතුමා තමයි මේ රටේ බලය බෙදීමේ නිර්මාතෘවරයා . ඉන්පසු ඩඩ්ලි සේනානායක මැතිතුමා චෙල්වනායගම් සමග ගහපු ගිවිසුම එදා ඒක කරන්න දුන්නෙත් නෑ. ඊට පස්සේ රට යුද්ධයකට තල්ලු වුණා.‘
‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සියලු ආගමික පූජකවරුන්ගේ උපදෙස් මත වැඩකරන පක්ෂයක් බවට පත් කරනවා. ඒ ඵෙතිහාසික තොරතුරු සමග මේ රට ප්රජාතන්ත්රවාදී පක්ෂයක් ලෙස ගොඩනගනවා. ඒ සඳහා සහයෝගය දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. අද නවීන විද්‍යාව නව තාක්ෂණය එක්ක නවෝත්පාදනය සමග ලෝකය වේගයෙන් වෙනස් වෙනවා. අද ඉතා පිටිසර පැලක ඉන්න දරුවකුට අතේ තිබෙන ජංගම දුරකථනය හරහා මුළු ලෝකයම දකින්න පුළුවන්. ඒ නිසා නව තාක්ෂණයත් එක්ක අපේ උගත් තරුණ පරපුරත් එක්ක මේ පක්ෂය ගොඩනගලා අපි සියලු දෙනා හෙට දවසේ හොඳ පක්ෂයක් හදන්න අනාගත ආණ්ඩුවක් හදන්න එක්වන්නැයි මම ඉල්ලා සිටිනවා. අක්‍රමිකතා, දූෂණය, නාස්තිය අපි හදවත්වලින් ඉවත් කරගනිමු. බලය ජනතාවගේ රටේ යහපත සඳහා පැහැදිලිව යොදා ගත යුතුයි. සියල්ල ජනතාවගේ ශක්තිය මතයි රඳා පවතින්නේ. මන්ත්‍රීවරයෙක්, ජනාධිපතිවරයෙක් බලයේ ප්‍රධාන සාධකය නොවෙයි. බලයේ ප්‍රධාන සාධකය හා ශක්තිය රටක පොදු ජනතාවයි. අපි සියලු දෙනා පිරිසිදු පවිත්‍ර දේශපාලනයකට කැපවෙමු. අපි සෑම කෙනෙක්ම අද දවසේ සිට හෙට දවස වෙනුවෙන් නව පරපුරකට උගත් පරපුරකට නිදහස් පක්ෂය ගොඩනගන්න බාරදෙමු. අපි ජාත්‍යන්තරයට මුහුණ දී ජයග්‍රහණ ලබාගත් සේම තවත් ජයග්‍රහණ ලබාගත යුතුයි. ඒ තිබුණු අසුන්දර ණය බර මේ රට පත්වෙලා තිබුණු තත්ත්වයෙන් ගොඩගන්නට මේ සම්මුතිවාදී ආණ්ඩුව වැදගත්. ජාත්‍යන්තර අභියෝගයේ ඉතිරි කොටස ජයගමු.‘
කොන්ත්‍රාත්කරුවෙකු පැහැරගෙන ගොස් රුපියල් ලක්ෂ 4 කට ආසන්න දේපල කොල්ලකෑ එකම පවුලේ තිදෙනෙකු සහ සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මේ රටේ කිසිවකුට අත තියන්න ඉඩ දෙන්නේ නෑ - ජනපති
Shanaka Sunday, 03 September 2017 12:35 PM
මෙයාගේ හැම කතාවක්ම සීමා වෙලයි තියෙන්නේ...
වින්සන්ට් Sunday, 03 September 2017 12:49 PM
හොරුන්ට, දූෂිතයන්ට, අපරාධකරුවන්ටත් අත තියන්න ඉඩ නොදෙන බවක් තමයි මේ වෙනකම් අපට පෙනෙන්නට තිබෙන්නේ. සැප විඳින නිල්පාට, කොළපාට කාගේත් පම්පෝරි අහලා අපි හොඳටම රැවටී ඇත්තෙමු. අනාගත පරපුරවත් තවදුරටත් රවටන්නේ නොමැතිව සිටින්නේ නම් මෙතුමන්ලාගේ ගෞරවය යම් ප්‍රමාණයකට හෝ රැකෙනු ඇත.
abaran Sunday, 03 September 2017 12:58 PM
අපි කාටවත් නොතේරෙන අමුතුම ජාතියේ චෙස් ගේම් එකක් යනවා....අපි මෝඩයෝ වෙලා ලේ පුච්චාගෙන කොමෙන්ට් දමනවා...
raveendra Sunday, 03 September 2017 01:38 PM
ලෝකයේ වැඩියෙන්ම " කටින් ඇපල් හිටවන" ජාතියට මෙයත් එක් නිදසුනක්. මට සුන්දරමය ගීතයක පද පේලියක් මතකයට නැගුණා. ම විශ්වාස කරනවා කටින් ඇපල් හිටවන ජාතියක් වන අප මෙම ගීතය හොඳින් රසවිඳියි කියා. " සිහිනයකි ඔබ නිදන මැදියම් රෑ" නිදන නෙත්යුග සනසනා"
රොමේෂ් Sunday, 03 September 2017 01:39 PM
"අත" තියන්න ඉඩ දෙන්නේ නැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සර සම්මේලනය අමතමින්ම කියපු එක හරි. මොකද මෙයයි, ඉස්සෙල්ල උන්න කෙනෙයි දෙන්නම කරන්නේ අතේ ඇඟිලි පහ බෙදාගන්න දඟලන එකනේ. මේ යන විදිහටනම් ඊළඟ සංවත්සරයට අතේ නියපොත්තක්වත් ඉතුරු වෙන්නේ නැහැ.
tony-maharagama Sunday, 03 September 2017 01:53 PM
ජාතික සමගිය ගැන කොච්චර බයිලා ගැහුවත්.., මුස්ලිම් ජනතාවට එරෙහිව වෛරය පතුරපු සහ ඉස්ලාම් ආගමට සහ ඔවුන් අදහන දෙවියන්ට ප්රසිද්ධවම නිගා කරපු අය හිරගෙදර නොගිහින් දවසින්ම ඇප ලැබුනේ මේ දෙබිඩි පිළිවෙත නිසයි. ඒ වෛරී පාරේම ගිහින් ඔහුගේ අදහස් අදහපු පුද්ගලයෙකුට, නිදහස් පක්ෂ මහියංගනය සංවිධායක ධුරය පිරිනැමුවෙත් මෙතුමාගේ අතින්මයි. මදිවට ධර්ගා නගරයේ අහිංසක ජීවිත තුනක් මරන්න විෂබීජය පතුරපු බොදුබලේ සංවිධානයේ.., නායක ස්වාමීන් වහන්සේට දකුණේ ගරු නම්බු නාමයකින් ගරු කලෙත්, මොන පදවියේ හිටියත් තමනුත් ඉන්නේ ඔවුන් සමඟ බව රටට නොකියා කියන්නයි.
නිශානාත් දොඹගොඩ Sunday, 03 September 2017 04:51 PM
මේ රටේ ජාතික සමගිය නැතිවීමට ජාතිවාදියො වග කියන්න ඕනෑ නැද්ද? මුස්ලිමවරු අහිංසාවාදින්ද? මේ ලෝකේ ඇතැම් මුස්ලිම්වරු තරම් මිලේච්ඡ සංහාර (අල් කයිඩා වැනි) කරන්නෝ කොතැනකවත් නෑ. ඔය මහත්මතයාට පෑගිලා වලිගේ... කකුලෙන් නිදහස්කර ගන්න එතකොට තේරෙයි...
tony-maharagamaMonday, 04 September 2017 07:23 AM
මැඩියන්ට ලෝකේ වෙන දේවල් ගැන තේරුමක් නැහැනේ. අල් කයිඩාව නිර්මාණය කලේ ඇමෙරිකාව. අයි.සී.එස්.ලා ඊශ්‍රාලයේ හැදුනේ. ඉස්ලාමීය ලෝකයේ ලොකුම ත්රස්තවාදියා ඊශ්‍රාලයට කවදාවත් ඔය කියපු දෙගොල්ලන්ගෙන්ම තර්ජනයක් නැහැ කියන එක තේරෙනවද..? ලෝක මුස්ලිම්වරුන්ට විරුද්ධව ලෝකවාසීන්ගේ නැගිටීම උදෙසායි ඔය සංවිධාන බිහිවුනේ සහ බිහිකළේ. තතු දන්නා උදවියට මේවා රහස් නෙමෙයි. මුස්ලිම් නම් සහ අරාබි වචන කියාගෙන ත්‍රස්තවාදී කටයුතු කරොත් ඔහු මුස්ලිම්වරයෙක් වෙනවද..? ඕවා, ඉතාමත් සුක්ෂමව වෙන දේවල්. ඔබ කියන විදිහේ ත්‍රස්තවාදී කටයුත්තක යම් මුස්ලිම්වරයෙක් නියැලේ නම්.., ඔහු ඉස්ලාම් භක්තිකයෙක් නොවන බව මා ඉඳුරාම කියමි. ඒ ත්‍රස්තවාදී ක්‍රියා ඉස්ලාම් ආගමට පටහැනි බැවිනි.
Saman Sunday, 03 September 2017 01:57 PM
ඉස්සෙල්ලා කියමු බලන්න අත නොතියපු කෙනෙක් ඉන්නවද කියලා...
Lapaya Sunday, 03 September 2017 02:53 PM
මේ රටේ නායකයා කව්ද කියලා දන්න කෙනෙක් ලියනවද?
Chanak los angeles Sunday, 03 September 2017 03:23 PM
රටේ හැමදෙනාම ඔබතුමාගේ කැපවීම, අවංකකම, අගය කරනවා. මිනිස්සුන්ගේ අතමිට සරු කාලේ, බඩුමිල අඩුකළේ.. යහපාලනය ලැබුණේ ඔබතුමා නිසා බව මිනිස්සු කියනවා.
අනිල් Sunday, 03 September 2017 04:55 PM
මේ මොකක්ද මේ වෙලා තියෙන්නේ?
asangaSunday, 03 September 2017 05:47 PM
ලොස් ඇන්ජලීස්වල මිනිස්සුද?
Amith Sunday, 03 September 2017 06:48 PM
NGO කරියෝගේ අටමිට සරු ඇති !එකනේ USA වලට ගියේ !
Shanaka Sunday, 03 September 2017 09:14 PM
ලංකාවේ එත් එහෙම එකක් අපිට පෙන්නේ නැනේ. ඔහෙට එහෙම පේනවද?
LapayaMonday, 04 September 2017 02:29 AM
කියන්නේ ලංකාවේ මිනිස්සුද? ලොස් ඇන්ජලීස් මිනිස්සුද?
nuwan Sunday, 03 September 2017 03:25 PM
මේවා නම් විහිළු තමයි.
dharmabanduSunday, 03 September 2017 05:59 PM
අනේ මෙහෙම තණ්හාවක්! අනේ මෙහෙම ආසාවක්!
Suranimala Sunday, 03 September 2017 04:24 PM
කවුරුත් අන්තිමට රණ විරුවාගේ ඇඟේ තමයි එල්ලෙන්නේ. ඕවා නැතිව කෙළින් වැඩ කරලා පෙන්නන්න මහත්තයෝ....
vi.ka.dharmabandu Sunday, 03 September 2017 05:52 PM
ඇට නැති දිවට ඕනෑම දෙයක් කියන්න පුළුවන්නේ ...
Danushka Sunday, 03 September 2017 08:20 PM
සිත නිවන කතා
de silva Sunday, 03 September 2017 09:10 PM
මේකත් අර කලින් දුන්නු පොරොන්දු වගේ කඩවුන පොරොන්දුවක්ද ?
ලුම්බිණි Monday, 04 September 2017 12:09 AM
මේක විහිලු කතාවක් විතරක් නොවෙයි කිසි තේරුමක් නැති කතාවක්.
lion Monday, 04 September 2017 12:59 AM
වැරදි කරලා තියෙනවනම් වග කියන්න ඕනේ කිව්වනම් වඩා හොඳයි නේද,ඇයි මේ මෝඩ කතා කියන්නේ
sensa Monday, 04 September 2017 03:13 AM
ජනාධිපති කෙනෙක් කියන දෙයක් මහජනතාව විශ්වාස කරන්නැති රටක අනාගතය ගැන කවර කථාද? අපේ රටට ගිය කලක් .
srimala Monday, 04 September 2017 05:18 AM
දැන් හමුදාවල කට්ටිය මිනීමැරුමක් කරලනම් එකත් රණවිරු කියල අත තියන්න දෙන්නේ නැද්ද
palitha Monday, 04 September 2017 08:03 AM
මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ සිදුවන දෑ සහ ඇසෙන දෑ අනුව හැඟී යන්නේ මේ පිළිබඳ කථාව කරළියට පැමිණ ඇති බවයි. මෙරට දේශපාලනයට අනුව ශ්‍රී ලංකාවේ ඉතිහාසය ආරම්භ වී ඇත්තේ වර්ෂ 2005 දීය. ඒ අනුව මෙරට මාධ්‍යවේදීන් අතුරුදන් වී ඇත්තේ 2005 අවුරුද්දෙන් මෙපිට ය. මාධ්‍යවේදීන් ඝාතනය වී ඇත්තේ ද 2005 අවුරුද්දෙන් මෙපිටය. තරුණයන් අතුරුදන් වූයේ ද සුදු වෑන්වලින් තරුණයන් පැහැර ගෙන යනු ලැබුවේ ද 2005 අවුරුද්දෙන් පසුව ය. දේශපාලනඥයන් මහජන මුදල් හොරා කා ඇත්තේත්, මුදල් වංචා කර ඇත්තේත් 2005 අවුරුද්දෙන් පසුව ය. ඒ අනුව දේශපාලනඥයන්, රාජ්‍ය නිලධාරීන් බවට පත්ව ඇත්තේ 2005 අවුරුද්දෙන් පසුව ය.
Deepal Nirosh Monday, 04 September 2017 09:20 AM
කතාව නම් දෝලාවෙන්, ඒත් ඉතින් ගමන පයින්. අන්තිමට කියාවි ජගත් ජයසූරිය ඉන්ට පෝල් එකෙන් අත් අඩංගුවට ගත්ත බව දැනගත්තෙ පත්තරෙන් කියලා. කැබිනට් මණ්ඩලේ වෙන කවුරු හරි මෙහෙම කිව්ව නම් සාමූහික වගකීම කැඩීම යටතේ මෙලහට විශ්වාස භංගයකුත් ඇවිල්ලා. විජේදාසලට රවිලට එක නීතියක් මෙයාලට තව නීතියක්. මණ්ඩලේ ඇතුලෙ යහපාලනය මෙහෙම නම් ඉතින් රටේ පාලනය?
saman Monday, 04 September 2017 10:01 AM
ෆොන්සේකා මහත්තයා කියන ඒවාට මොනවද කරන්නේ?
lanka Monday, 04 September 2017 10:49 AM
අනේ මේ වගේ මිනිස්සු... අනේ මන්දා..