වසර තුනකට පසුව ශී‍්‍ර ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය කරට ගෙන යළිත් ටෙස්ට් පිටියට පිවිසි මහේල ජයවර්ධන ලෝකයේ අංක එක හිමි ටෙස්ට් කණ්ඩායමට එරෙහිව පැවැති තරගාවලිය 1-1 ක් ලෙසින් සම කරගත්තේය. වෙනත් ආකාරයකින් කිවහොත් ලෝකයේ අංක 1 හිමි ටෙස්ට් කණ්ඩායම හමුවේ තරගාවලි පරාජයකින් ගැලවුණේය.
ටෙස්ට් ශ්‍රේණිගත ලැයිස්තුව අනුව 6 වැනි ස්ථානයේ සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම මෙසේ ටෙස්ට් තරගායලියක පරාජයෙන් ගැලවුණේ පසුගිය මාස 12 ක කාලයේදී පිට පිටම ටෙස්ට් තරගාවලි 4 ක් පරාජය වීමෙන් අනතුරුවය.
එකම තරගාවලියකදී ටෙස්ට් තරග දෙකකින් එංගලන්තය පරාජය කිරීමේ අගනා අවස්ථාවක් ගිළිහි ගිය නමුත් තරග දෙකකින් පමණක් සමන්විතවූ ටෙස්ට් තරගාවලියේදී තම කණ්ඩායමේ කී‍්‍රඩකයන් විසින් පෙන්වන ලද කැපවීම සම්බන්ධයෙන් ශී‍්‍ර ලංකා නායකයා සෑහීමට පත්ව සිටී.
"අප දිගින් දිගටම සටන් කරමින් අවස්ථාවන් නිර්මාණය කරගනිමින් සිටියා. මේ විදිහට දිගින් දිගටම කී‍්‍රඩා කළොත් අපට දියුණු වෙන්න පුළුවන් වගේම තරුණ කී‍්‍රඩකයන් ඉදිරියට ගෙන යන්නත් පුළුවන්”
-ඒ වෙනුවෙන් කැපවීමක් තියෙනවා නම් මට ඒ ඇති” යයි කොළඹ පී. සරා ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගය නිමාවේදී මහේල ජයවර්ධන පැවසීය.
ඕවල් ටෙස්ට් තරගයේදී ශී‍්‍ර ලංකා පිල පරාජය වූ නමුත් තරගාවලියේදී ශී‍්‍ර ලංකා පිල අපරාජිත විය.
ටෙස්ට් වරම් ලබා වසර 30 ක් ගතවී ගියද, ශී‍්‍ර ලංකා කණ්ඩායම එකම ටෙස්ට් තරගාවලියක ටෙස්ට් තරග දෙකකදී එංගලන්තය පරාජය කර නැත. මෙවර ඒ සඳහා කදිම අවස්ථාවක් උදාවූයේ ගාල්ලේදී පැවැති පළමුවැනි ටෙස්ට් තරගය ලකුණු 75 කින් ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් වූ හෙයිනි. එහෙත් දෙවැනි තරගයේ පළමු ඉනිමේදී සියල්ල කණපිට පෙරැළී ගියේය.
පළමු ඉනිමේදී ශී‍්‍ර ලංකා පිලේ ඉදිරි පෙළ පිතිකරුවන් තිදෙනාම ම ලකුණු 30 ක් ඇතුළතදී දැවී ගිය අතර මහේල ජයවර්ධන ලකුණු 105 ක් ලබාගත් නමුත් පළමු ඉනිම ලකුණු 275 කට සීමා විය. එහෙත් එංගලන්ත පිල සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 460 ක් ලබාගත් අතර ප‍්‍රචණ්ඩකාරී පිතිහරඹයක නිරත වූ කෙවින් පිටර්සන් පන්දු 165 කින් ලකුණු 151 ක් ලබාගත්තේය.
-එංගලන්ත පන්දු යවන්නන්ට සියලූ ගෞරව හිමිවිය යුතුයි. පළමු දිනයේදී ඔවුන් ඉතාමත් හොඳින් පන්දු යැව්වා විතරක් නොවෙයි අප ඇද බැඳ තබාගත්තා. තවත් ලකුණු 100 ක් විතර, මා කියන්නේ ලකුණු 350 ක් - 370 ක් විතර, තිබුණා නම් එය හොඳ ලකුණු සංඛ්‍යාවක් වන්නට තිබුණා”
"තරගයේ අවසානය වෙද්දී වෙනස වුණේ ඒකයි” යයිද මහේල පැවසීය.
තරගය ජයගැනීම සඳහා ලකුණු 94 ක් ආරක්‍ෂා කරගැනීමේ අභියෝගයට මුහුණ දුන් ශී‍්‍ර ලංකා නායකයා සිය දග පන්දු යවන්නන් කෙරේ විශ්වාසය තැබීය.
තිලකරත්න ඩිල්ෂාන් විසින් පන්දු යැවීම ආරම්භ කරන ලද අතර පළමු ඕවරයේදීම එංගලන්ත නායකයා දවාගැනීමට ඩිල්ෂාන් සමත් විය. ජොනතන් ට්‍රොට් දවාගැනීමට රංගන හේරත් සමත් වූ නමුත් කෙවින් පීටර්සන්ගේ පිතිහරඹය නිසා නැවතත් සියල්ලම එංගලන්ත පිලේ වාසියට හැරිණ.
"මට සිටින හොඳම පන්දු යවන්නා ඔහුයි. ඒ නිසා ඔහු ගැන විශ්වාසය තැබීම සාමාන්‍ය දෙයක්. ඒත් මුත්තයියා මුරලිදරන් සමග අප කළ දේ රංගන හේරත් සමග නොකිරීම අප ඉදිරියට යද්දී මුහුණ දෙන අභියෝගයයි”
"ඒ නිසා, රංගන හේරත්ගේ පීඩනය අඩුකරමින්, ඔහුට සහයෝගය දිය හැකි දග පන්දු ඒකකයක් අප හදාගත යුතුයි” යයිද මහේල ජයවර්ධන පැවසීය.
මෙවර උසස්පෙළ පෙළ විභාගයෙන් ජෙෙව විද්‍යා අංශයෙන් දිවයිනේ තුන්වන සහ පස්වන ස්ථානය හිමිකර ගැනීමට යාපනය හින්දු විද්‍යාලයේ නිවුන් සොහොයුරන් දෙදෙනකු
උතුරු අර්ධ කෝලයේ සහ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං හමුවන කලාපය ලෙස හඳුන්වන අන්තර් නිවර්තන අභිසාරි කලාපය නිසා දිවයිනේ කාලගුණයට දැඩි බලපෑමක් ඇති ක
කිලිනොච්චි ප්‍රදේශයට ඊයේ (27) කාලයේ හා රාත්‍රී කාලයේ ඇදහැළුණු අධික වර්ෂාව හේතුවෙන් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ගංවතුර තත්වයක් පවතින බව දිස
තම නම සහ ඡායාරූපය අනවසරයෙන් භාවිත කරමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු කරන බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මැතිවරණ කොමසාරිස්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මේ විදිහට ගියොත් අපට දියුණුවෙන්න පුළුවන්: ඒ වෙනුවෙන් කැපවීමක් තියෙනවා නම් මට ඇති