IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


මේ වසරේදී වෙඩි තැබීම් 62ක් - 32ක් මරුට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සංවිධානාත්මක අපරාධ කල්ලි මේ වසරේදී  වෙඩි තැබීම  හැට දෙකක් කර ඇති ඇති බවත් ඒ වෙඩි තැබීම්වලින්  32 ක්  මිය ගිහින්  37 ක්  තුවාල ලබා ඇති බවත් අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (8) පැවසීය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ මන්ත්‍රී මේජර් සුදර්ශන දෙනිපිටිය මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

සංවිධානාත්මක අපරාධ කල්ලි මර්දනයට කටයුතු කළ පොලිස් නිලධාරීන්  ඝාතනය කිරීම සහ ඔවුන්ට තර්ජනය කිරීමේ සිද්ධින් මේ වසරේදී  හතක් වාර්තාවී ඇති බවද  අගමැතිවරයා කීය.

ඉන් අනතුරුව අගමැතිවරයාගේ දැනුම් දීම අනුව  මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ මජන් ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මෙසේ පැවසීය.

පාතාලය මර්දනය කිරීමට අපි විශාල ක්‍රියාමාර්ග අරගෙන තියෙනවා. සමහර ක්‍රියාමාර්ග මෙතන  කියන්න බැහැ. දකුණු පළාතේ විශාල පියවර ගත්ත. අපරාධ සිද්ධීන් වලට සම්බන්ධ කරුවන් අට දෙනකු අත්අඩංගුවට අරගෙන තියෙනවා.  දෙදෙනෙකු පොලීසිය සමග ගැටුම් වලට ගොස් මිය ගොස් තිබෙනවා.  හැට හත් දෙනෙකු අත්අඩංගුවට අරන් හිරභාරයේ ඉන්නවා.

අපරාධකරුවන් පිරිසක් බන්ධනාගාරය ඇතුළෙ ඉඳලම කුඩු ජාවාරම් කරනවා. ඝාතන වලට අනුබල දෙනවා. විදේශ රටවල් වල අපරාධකරුවන් 30 ක් විතරයි ඉන්නවා.  ඒ අයත් ඒ දේවල් කරනවා. ඒ පිරිස ගෙන්වගන්න කටයුතු කරගෙන යනවා. විදේශ රටවල් සමඟ සාකච්ඡා කරනවා. අපරාධකරුවන් වෙනම ස්ථානයක රැඳවීමට  සාකච්ඡා කරගෙන යනවා.



අදහස් (2)

මේ වසරේදී වෙඩි තැබීම් 62ක් - 32ක් මරුට

Prabha Wednesday, 08 November 2023 03:03 PM

ප්‍රතිශතයක් හැටියට ප්‍රතිඵල සියයට 50ට අඩුයි. ඒ හින්දා සතුටු වෙමු...

:       1       1

fairoos Wednesday, 08 November 2023 06:32 PM

මෙහෙම මෙලෝ රහක් නැති කෙනෙක් දැක්කමයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 846 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1497 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 324 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1360 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 464 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1181 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39635 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25783 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site