IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


මේ වසරේ අයි.එම්.එෆ් ණය නෑ

(විමුක්ති එස් රුද්‍රිගු)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඇමරිකානු ඩොලර් බිලියන 2.9 ක ණය මුදල සඳහා නිල වශයෙන් අනුමැතිය මෙම වසර අවසන් වීමට පෙර ලබාදීමට විධායක කමිටුව බලාපොරොත්තු නොවන බව ආරංචි මාර්ග උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කර ඇත.

සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ලබා දීමට නියමිත ණය මුදල් සම්බන්ධයෙන් ප්‍රගතිය සාකච්ඡා කිරීම සඳහා දෙසැම්බර් 22 වෙනිදා ජාත්‍යන්තර මූල්‍ය අරමුද‌ලේ විධායක කමිටුව අමතර රැස්වීමක් කැඳවා ඇති අතර එම රැස්වීමේ න්‍යාය පත්‍රයට ශ්‍රී ලංකාව ඇතුළත් නොවන බව රොයිටර් පුවත් සේවය පෙන්වා දී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය දෙසැම්බර් මස අවසානයේ ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකාව සැප්තැම්බර් මාසයේදී ප්‍රකාශ කළත් මේ වන විට එහි ප්‍රගතිය මන්දගාමී වී ඇති බවත් ශ්‍රී ලංකා මුදල් අමාත්‍යවරයාද අනුමැතිය ලබා ගැනීම ජනවාරි දක්වා කල් යා හැකි බව ඉකුත් මාසයේ පිළිගත් බවත් එම පුවත් සේවය සඳහන් කර ඇත.

 



අදහස් (15)

මේ වසරේ අයි.එම්.එෆ් ණය නෑ

de silva Wednesday, 14 December 2022 08:32 AM

චීනේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්චා ප්‍රමාද කිරීම නිසා අපට මේ අවාසනාවන්ත තත්වය ඇතිවුනා.

:       14       17

nimalWednesday, 14 December 2022 09:02 AM

ජාත්‍යන්තර ප්‍රජාවට ලංකාවේ දේශපාලනය කෙරෙහි කිසිදු විස්වාසයක් නැහැ

:       9       30

Sunil Wednesday, 14 December 2022 08:38 AM

අද නොවේ හෙට.

:       2       24

pakeer Wednesday, 14 December 2022 08:46 AM

මුළු ලෝකෙටම බරක් වෙච්ච හිඟන ජාතියක්. ණයෙන්ම තමයි ජිවත් වෙන්න හදන්නේ.

:       1       31

ගලපර Wednesday, 14 December 2022 09:20 AM

අර ගමේ කතාවක් තියෙනවනෙ... ණයක් දෙන්න ඉස්සෙල්ල හොරෙක්ද පොලුකාරයෙක්ද කියල හොයල බලනව කියලා. ලංකාවටත් වෙලා තියෙන්නෙ ඒකයි. පට්ට කම්බ හොරුන් රට පාලනය කරපු රටක් කියල මුලු ලෝකෙම දන්නව. එහෙම වෙලත් කමිබ හොරු තාමත් මර්දනයෙන් ඉතිරි ටිකත් කන බව දන්නව. සුදදො අපේ රටට තාමත් කියන්නෙ "Pearl of the Indian ocean" කියල. අනේ මේ අය රටට කරපු අපරාදයක්!!!

:       0       32

ජයන්ත මිලානො Wednesday, 14 December 2022 09:52 AM

ඇයි අර ප්‍රසන්න රනතුංග මහත්තයා කිව්වෙ , වේගයෙන් දියුනුවෙමින් තිබුන රට අරගල කරුවන් විනාශ කලා කියලා . ඔය හිගාකෑම නොවෙන්න ගියා රාජපක්ෂලා චීනෙත් එක්කතුවෙලා කරන්න ගිය කොඩිවිනය හරි ගියානම්, එහෙම උනානම් අපිට චාං චූං බාසාවෙන් කතාකරන්න පුලුවන් කම ලැබෙනව.

:       0       22

de silva Wednesday, 14 December 2022 10:04 AM

ණය අරන් රට ගොඩනගන්න බැහැ රට ගොඩනැගිය හැක්කේ ලංකාවේ සහ පිටරට ජිවත්වන පුරවැසියන්ට පමණි.

:       1       17

සිල්වා Wednesday, 14 December 2022 10:11 AM

අය්. එම්. එෆ්. බාලගිරි දොසය ඉවරවෙන්න මහ මැතිවරණයක් පැවැත්විය යුතුයි.

:       1       20

Akila Wednesday, 14 December 2022 10:30 AM

මාස 6කට කලින් රනිල් විරය වගේ ආවේ IMF එකෙන් දෙන බිලියන් දෙකක් සාක්කුවේ දාගෙන ඉන්නව වගේ නේද ?

:       6       24

fairoos Wednesday, 14 December 2022 02:35 PM

කාලකන්නි දේශපාලකයන්ට හොඳ වැඩේ.

:       0       8

indika Wednesday, 14 December 2022 03:57 PM

Elon Musk ට නියමු අපේ රට ඩොලර් බිලියන 5ක් දීල සල්ලි වලට ගන්න කියල

:       0       1

kamalWednesday, 14 December 2022 05:03 PM

මේ හිඟන රට නිකම් දුන්නත් කෙනෙක් ගනීද?

:       0       1

චන්දිම ෆොන්සේකා Wednesday, 14 December 2022 05:34 PM

ඔය IMF ණය මුදල ලැබුණු ගමන් කරන්න හිතන් හිටියේ ඇමැති මණ්ඩලය වැඩි කරගන්න එකයි. මේ එක අයකුවත් රට ගැන අබ මල් රේණුවක් තරම්වත් හිතන අය නෙමෙයි. ඊට පස්සේ සියලු වරදාන ලබාගෙන ඒ ගොල්ලන්ට ජොලියේ ඉන්න. රටට නම් තඹ දොයිතුවකවත් යහපතක් කරන්නේ නැහැ.

:       1       9

amila Thursday, 15 December 2022 12:32 PM

චීනෙට තියෙන්නේ ඩොලර් බිලියන 7ක ණය විතරයි... අනිත් රටවල් එක්ක කතා කරලා ණය බේරලා තිබ්බා නම් මෙලහට ඉතුරු රටවල් එක්ක කතා කරලා ණය ප්‍රතිව්‍යුහගත කරලා අයි.එම්.එෆ්. ණය අරගෙනත් ඉවරයි. කොහේද ඉතින්...? 

:       0       0

chandima Thursday, 15 December 2022 10:48 PM

ඔක්කොම අඳුරනවා. මට පුළුවනි වැඩේ දෙන්න කියලා නේද අර යකා ආවේ. දැන් මොනවද මේ කියන බයිලා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පසුගිය මාස 4ට වෙඩි තැබීම් 37ක්: 26ක් මරුට
2025 අප්‍රේල් මස 23 97 0

මෙම වසර ආරම්භයේ සිට ඊයේ (23) දක්වා වූ මාස 4 කට ආසන්න කාලසීමාව තුළ වෙඩිතැබීමේ සිද්ධීන් 37 ක් වාර්තා වී ඇති අතර එම වෙඩි තැබීම්වලින් මියගිය ගණන 26 කි.


ප්‍රහාරයේ වගකීම බාර ගනී
2025 අප්‍රේල් මස 23 467 0

ඉන්දියාවට අයත් ජම්මු කාශ්මීරයේ පහල්ගම් පළාතේ සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම, ‘ලෂ්කාර් ඊ තයිබා’ ඉස්ලාමීය ත්‍රස්ත සංවිධාන


’’ආණ්ඩුවට පාඩමක් කියා දෙන්න ජනතාව බලා ඉන්නවා’’
2025 අප්‍රේල් මස 23 263 3

බොරු පොරොන්දු දී ජනතාව රැවටු මාලිමා ආණ්ඩුවට ගමේ ජනතාව පාඩමක් උගන්වන දිනය මැයි හයවනදා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.


ඩෑන් ප්‍රියසාද් ඝාතනය සිද්ධියට පිය - පුත් දෙපළකට විදෙස් තහනමක්
2025 අප්‍රේල් මස 23 1354 1

සමාජ ක්‍රියාකාරී ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ වී යැයි සැක කෙරෙන පිය පුතු දෙපළකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන් තහනමක්


ලංකාවේ රාජ්‍ය සේවයේ ’’කොලිටිය’’ හොයන්න නේපාලයේ කණ්ඩායමක්
2025 අප්‍රේල් මස 23 284 1

නේපාලයේ ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීහු පිරිසක් මෙරට රාජ්‍ය සේවය පිළිබඳව අධ්‍යයනයක නිරත වෙති.


ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 294 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 635 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 323 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 472 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site