(අංජුල මහික වීරරත්න)
උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වී ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.
2023 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11.2%ක්ව පවතින බවත් එය 2026 වසරේ දී 15%ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.
2022 වසරේ උද්ධමනය 70%ක මට්ටමේ පැවතුන අතර එය 2024 වසරේ 5% මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂිත බවත් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවිම ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල ආරම්භ කරන බව කී සේමසිංහ මහතා ලක්ෂ 20කට ප්‍රතිලාභ දීම ඉලක්කය වන අතර 2023 වසරේ පැවැති යම් යම් අඩුපාඩු මගහරවා ගනිමින් ප්‍රතිලාභ හිමි විය යුතු ම කණ්ඩායම සොයා ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීමට රජය කටයුතු කරන බව සඳහන් කළේය.
ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේෂතුරෙහි චන්ද්‍රකාන්තන් මහතාගේ නායකත්වයෙන් යුතු දෙමළ ම
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ජන්ද සලකුණු කිරීමට අදාල තැපැල් ජන්ද පත්‍රිකා අඩංගු රක්ෂිත පැකට්ටු අද (7) තැපැල් දෙපාර්තමේන්තුවට බාර දෙන බව මැ
ජපන් රටේ උසස් අධ්‍යාපනය සහ රැකියා ලබා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි ජපන් භාෂා ගුරුවරයෙකු අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන
කොළඹ කෙසෙල්වත්ත ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේදී නාඳුනන කාන්තාවක් අද (7) අලුයම් කාලයේ දී තියුණු ආයුධ ප්‍රහාරයකට ලක්ව මිය ගොස් ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කි
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.
’’එස් පාස් ’’ විශේෂ අවසර පත්‍රය සහ ඉහළ පෙලේ දුරකථන ඇමතුම් මගින් ඉකුත් රජයන් සමයේ අධිවේගී මාර්ගය භාවිතා කරමින් සිදුවූ අභාවිතාවය නව ජනපති බලයට පත්වීමත්
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මේ වසරේ උද්ධමනය සියයට 5ක තබා ගන්නවා
අරවින්ද මොනරවිල Monday, 01 January 2024 10:09 PM
උබලා උද්ධමනය 5% ක් නොවෙයි එකක් කෙරුවත් වැඩක් නැහැ මිනිස්සුන්ට තුන්වේල කාලා ජීවවෙන්න බැරි නම්, බොරු කයිවාරු ගහන හොර රැල පන්නලා දානවා ඇරෙන්න වෙන විසදුමක් රටට නැහැ.
Don perea Tuesday, 02 January 2024 02:18 AM
වැට් වැඩිකර උද්දමනය පාලනය කරන එකම රට...!
චන්දන Tuesday, 02 January 2024 08:01 AM
මේ එක බක පණ්ඩිතයෙක්... මුන් මේ කතා කරන්නෙ ඇමරිකාවට වෙන්නැති...
Pradeep Kumara Tuesday, 02 January 2024 08:29 AM
මාධ්‍යයට විහිළු සපයන්නේ නැතුව ඉන්නවද මහත්තයෝ. පහුගිය වසර ගණනාවක ඉදන් දේශපාලකයන් ගේ විහිළු කතා අහලා දැන් අපිට විහිළු එපා වෙලා තියෙන්නේ.
Kazi Shajahan Tuesday, 02 January 2024 08:52 AM
ෂෙහාන් කියන දේවල විශ්වාස කරන්නේ ගොන් හරක් .මොකද මේ යකාම තමයි කිව්වේ රනිල් බැංකු හොරා කියලා .දැන් කොහොමද රනිල් ගේ බලු කුක්කෙක් වෙලා ඉන්නේ
Nimal Tuesday, 02 January 2024 09:43 AM
මූත් වැඩි දවසක් යන්න කලින් කාගෙන් හරි කනව හොඳ කෑමක්.
Rohana Tuesday, 02 January 2024 10:53 AM
බඩුමිල නහුතෙට නගිද්දි උද්ධමනය අඩුවෙන් තියාගන්නෙ කොහොමද කියන ආඒථික න්‍යාය පැහැදිලිකර දෙන්න.රැවුලයි කැදයි දෙකෙන් එකක් මිසක් දෙකම බැරිබව නොදන්න ආණඩුවේ ආර්ථික ඔස්තාර්ලා ගේ ප්‍රකාශ පිලිගන්න අමාරුයි.
Chamila Fernando Tuesday, 02 January 2024 01:37 PM
ඔය උද්දමනය ගනන් හදන විදිය පොඩ්ඩක් කිව්ව නම් හොඩයි මහත්තයො. ගොන් කතා කියන්න එපා...ළොකු නුවනක් ඔනෙ නැහැ රටෙ උද්දමනය ගැන තෙරුම් ගන්න...
Amal Tuesday, 02 January 2024 04:41 PM
මූට ආර්ථික විද්‍යාව ඉගැන්නුවේ බන්දුලයද කොහෙද ? රටේ ගව සම්පත .....