IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


මේ වසරේ සංචාරකයින් 966,604 ක් ලංකාවට ඇවිත්

 (නිමල කොඩිතුවක්කු)


සංචාරකයින් 966, 604ක් වසරේ මේ දක්වා කාළය තුළ මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ජුනි මාසයේ මේ දක්වා  පමණක් සංචාරකයින්  69825 ක් පැමිණ ඇතැයිද එම අධිකාරිය පවසයි.

ජනවාරි මාසයේදී සංචාරකයින් 208253ක්, පෙබරවාරි මාසයේදි සංචාරකයින් 218350ක්, මාර්තු මාසයේදී සංචාරකයින් 209181ක්, අප්‍රේල් මාසයේදී සංචාරකයින් 148867ක්, මැයි මාසයේදි සංචාරකයින් 112128 ක් ලෙස මෙරටට පැමිණ තිබේ.

රුසියාව, ඉන්දියාව, ජර්මනිය, ‍බ්‍රිතාන්‍යය, චීනය,  ප්‍රංශය, ඕස්ට්‍රේලියාව  ආදී රටවලින්  මෙරටට සංචාරකයින් වැඩි වශයෙන් පැමිණ ඇතැයිද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි‍ෙ

2023 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව දාහතර ලක්ෂ අසූහත්දහස් තුන්සිය තුනකි.   



අදහස් (8)

මේ වසරේ සංචාරකයින් 966,604 ක් ලංකාවට ඇවිත්

de silva berlin Sunday, 23 June 2024 02:44 PM

දේශපාලකයෝ එකතුවෙලා කොමිස් ගහලා වීස එක ඩොලර් 100 කරලා, බලාගෙන ඉන්න ඉදිරියට වෙන්නේ මොකක්ද කියලා? වීසා ගාස්තු සහ වීසා ලබාදෙන පිළිවෙල කලාපේ අනෙක් රටවල් වන මාලදිවයින, තායිලන්තේ, බංගලාදේශේ, වියට්නාමේ, ඉන්දුනීසියාවේ මට්ටමට ගෙනාවේ නැතිනම් අපට වෙන්නේ අකුලාගෙන යන්න. ලබන ටුවරිස්ට් සීසන් එක බේරාගන්න නම් සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ මිනිස්සු දැන්මම ක්‍රියාත්මක වෙන්න ඕනේ.. ගිය වසරේ අගෝස්තු මාසේ ජෙර්මනියේ ඉඳන් ලංකාවට එන්න ගුවන්ටිකට් පත 1400-1500€ මේ වසරේ ඉල්ලුම අඩුනිසා 1000-1200€ ගන්න පුළුවන්... මෙහෙම ගියොත් ඉදිරියට ගුවන් සමාගම් ලංකාවට එවන ගුවන් යානා ප්‍රමාණය අඩු කරනවා, එතකොට අපට හුලන්... බලන්න උපරිම අපට සංචාරකයෝ ලක්ෂ 13ක් ඒවි... මේ වසරේ...

:       4       6

මැක්ස් Sunday, 23 June 2024 03:06 PM

තමන් හැර අනෙක් ඕනෑම දේශපාලන පක්ෂයක් යටතේ රටට සල්ලි එන්න එපා යයි උදේ දිවා රැයේ අදහන ජවිපෙ බැතිමතුන්ගේ බලවත් උදහසට හේතු වන පුවතකි. නමුත් දේශපාලන භේදයකින් තොරව රටේ අභිවුර්ධිය පතන, සිතන අයට නම් සතුට දනවන පුවතකි.

:       5       12

Ruwan De Silva Sunday, 23 June 2024 03:16 PM

ඔච්චර පම්පෝරි ගැහුවාට මාලදිවයිනට වඩා අඩුයි ඔය ගාන. එන අයගෙන් බහුතරය ඉන්දියාවේ අය.. වියදම ඉතාම අඩුයි. සංචාරක කර්මාන්ත ගැන මීට වඩා හිතන්න ඕනේ. කඩෝලාන, කොරල්පර තව ටිකක් තිබ්බා නම් මාලදිවයින කැලේ. 1940 දශකයට පෙර තිබ්බා වගේ වුණා නම්...

:       7       7

de silva berlin Sunday, 23 June 2024 03:35 PM

රුවන් මහතාගේ අදහස මමත් අනුමත කරනවා මාලදිවයිනට අවම වශයෙන් සංචාරකයෝ මිලියන 2,5 වත් එනවා. මාලදිවයින ප්‍රමෝට් කරන්නේ බටහිර යුරෝපේ, ඇමරිකාව, ජපානේ වැනි, ත්‍රස්තවාදය සහ ජාවාරම්කාරයෝ අඩු සල්ලි තිබෙන සංචාරකයෝ එන රටවල්... අපේ මෝඩ දේශපාලුවන් ප්‍රමෝට් කරන්නේ ඉන්දියාව, නැගෙනහිර යුරෝපේ, චිනේ, අප්‍රිකාව වගේ සල්ලි නැති, කුඩු, ණයවර කාර්ඩ් හොරු සපිරි රටවල සංචාරකයෝ ගෙන්වාගන්න... සංචාරක ව්‍යාපාරය සමග භූදේශපාලනය පටලවාගෙන අපි අමාරුවේ වැටිලා...

:       4       8

R.T. sarath Sunday, 23 June 2024 03:39 PM

මැක්ස් ඩොලර් 50 ට තිබුණු වීසා එක 100 කරලා ඒකෙනුත් පුද්ගලික සමාගමක් හරහා ඩොලර් 25 කොමිස් එකක් ගහලා සංචාරක ව්‍යාපාරේ විනාශ කරන්නේ ආණ්ඩු පක්ෂේ දේශපාලකයෝ මිසක් විපක්ෂේ නොවන බව කරුණාවෙන් සලකන්න..

:       7       3

Jayamanna Sunday, 23 June 2024 09:02 PM

කළයේ ඉන්න කිඹුල්ලු වගේ...

:       0       0

Lalla Sunday, 23 June 2024 09:28 PM

එන අයෙක් දෙවන වතාවට ගෙන්වන හෝ ඔවුන් මාර්ගයෙන් තව අයෙක් ගෙන්වන තත්ත්වය නෑ. මම අද උදේ මාතර මඩිහේ පොල්හේන ප්‍රදේශයේ ඉඳල ආව. හෝටල් කාමර ප්‍රදේශවල.මිල සාපේක්ෂව වැඩි. උදේට ආහාර සහ වෙන පහසුකම් නෑ. රෑට පමණයි සියලු දේ.අනික ප්‍රදේශයේ වෙරලාසන්නයේ සුසාන භූමිය ලෙස භාවිතය නවත්තන්න ඕන. වෙරලේ කොන්ක්‍රිට් දැමූ කොටස් වෙන්කරගෙන. මේක ජාතික අපරාධ තත්ත්වයක් සහ මලගිය අයට නිගරුවල්. පලාත් පාලන ආයතන සුසාන භූමියට යහපත් ස්ථාන වෙන්කර සිහිවටන ඉදිකිරීම පාලනය කල යුතුයි.

:       0       1

ගමේ එකාලා Monday, 24 June 2024 09:46 AM

මැක්ස්ට ජ.වි.පෙ එකත් එක්ක කෝන්තරයක් ඇති. ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම පෙන්වනවා කියලා ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු දූෂිත දේශපාලුවන් ගැන නම් අවුලක් නැති හැටි...

:       1       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 366 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 836 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 525 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 866 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1363 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 568 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37640 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site