ලක්ෂ ගණනින් බැතිමතුන්ගේ වන්දනාවට ලක්වන සමනල කන්ද පිළිබඳව අප්‍රකට තොරතුරු බිඳක් ගෙන ඒමටයි සංචාරකයාගේ වෑයම. ශ්‍රී ලංකාවේ කඳු අතරින් වඩාත්ම විශාල මෙන්ම බොහෝ ප්‍රදේශ වලට දැකගත හැකි කන්ද වන්නේද මෙය වේ. උස අනුව සිව් වන තැන හිමි වුවද අනෙක් කඳුවලට වඩා කැපී පෙනෙන්නේ එහි හැඩය නිසාත්, තනි කන්දක් ලෙස නැගී සිටින නිසාත් පහසුවෙන් සමනල කන්ද හඳුනාගත හැකිය. බටහිර බැවුමේ පිහිටා ඇති නිසා කොළඹ ප්‍රදේශයට වුවද උදෑසන කාලයේදී සිරිපා කඳු පසුබිමින් හිරු නැගෙන අයුරු දැක ගත හැකිය. ශ්‍රී පාදයට පිවිසුම් මාර්ග ලෙස බොහෝ දෙනා දන්නේ හැටන් මාර්ගය හා රත්නපුර මාර්ගය වේ.
නමුත් ප්‍රදේශ හයකින් ආරම්භ වන මාර්ග හයකින් සිරිපා කරුණා කල හැකිය. 1. හැටන්-නල්ලතන්නි මාර්ගය / 2. රත්නපුර-කුරුවිට මාර්ගය / 3. රත්නපුර-පලාබද්දල මාර්ගය / 4. දැරණියගල-උඩමාලිබොඩ මාර්ගය / 5. දෙහෙනකන්ද - මුක්කුවත්ත මාර්ගය / 6. රජමලේ -සඳගලතැන්න මාර්ගය යන මෙම මාර්ග විවිද ස්ථාන වලින් ප්‍රදාන මාර්ග වන රත්නපුර හා හැටන් හා එක්වී කඳු මුදුන වෙත ලඟා වේ. මෙම මාර්ග අතරින් දෙහෙනකන්ද දුරින් වැඩිම හා දුෂ්කරම මාර්ගය වන අතර රජමලේ මාර්ගය පහසුම මාර්ගය වේ.
සීත ගඟුල ශ්‍රී පාද වන්දනාකරුවන් අතර ප්‍රකටය. හැටන් මාර්ගයේදී සීත ගඟුල ලෙස හමුවන්නේ කැලණි ගඟේ අතු ගංගාවක් වන අතර රත්නපුර මාර්ගයේදී සීත ගඟුල වන්නේ කලු ගඟේ අතු ගංගාවකි. සමනල කන්දේ හැඩයම ඇති, බැණ සමනල කන්දත් කුණුදිය පර්වතයත් සිරිපා කඳු ආසන්නයෙන්ම දැකගත හැකිය.
අහස පැහදිලි උදෑසනක සිරිපා කඳු මුදුනට පිදුරුතලාගල, හෝර්ටන්තැන්න, අම්බුලුවාව, මස්කෙලිය ජලාශය සහ තවත් භූමි ලක්ෂණ රාශියක් දැකගත හැකිය.
සමනල අඩවියේ සැඟවී ඇති දිය ඇලි රාශියට අමතරව ප්‍රකට දියඇලි කිහිපයක්ම ප්‍රවේශ මාර්ග ආසන්නයෙන් දැකගත හැකිය. ලක්ෂපාන, ඇබර්ඩීන්, මොහිනී, ගාට්මෝර්, සිරිපා ඇල්ල, බත්තලු ඔය ඇල්ල හැටන් පාරට ආසන්නයේ පිහිටා ඇති අතර මාපලාන ඇල්ල, දෙහෙන ඇල්ල, බෝපත් ඇල්ල රත්නපුර මාර්ගය ආසන්නයෙන් පිහිටා ඇත. අලියා, දිවියා වැනි සිව්පාවුන්ගේ පටන් ලක්ෂ සංඛ්‍යාත සතුන්ට නිවහනක් වන සිරිපා අඩවිය මෙරට ප්‍රධානම ජල පෝෂක ප්‍රදේශයක්ද වේ.
සිරිපා කරුණා කරන ඔබ විසින් ගෙන යන සැම දෙයක්ම නැවත ගෙන ඒම ඔබ සතු යුතුකමක් මෙන්ම වගකීමකි. මෙම සුවිශේෂී පරිසර පද්ධතිය රැකගැනීමට අප සැම කෙනෙකුගේම දායකත්වය ඉතාම වැදගත් වේ.
සටහන සහ ඡායාරූප - අනුරාධ තෙන්නකෝන්
සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට
එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
මේ සිරිපා වාරයයි