IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


මේ සැරේ වළහා ගහට නඟී

යාල වනෝද්‍යාන මායිමේ සිතුල්පව්ව යෝද කණ්ඩියේ පස්සරයාය ගෙදරක අඹ ගසකට නැඟ සිටි වළසකු  නිර්වින්දනය කර බිමට ගෙන යාල ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට වනජීවී නිලධරයෝ සමත්වූහ.

අද අලුයම දොර ළඟ කෙඳිරියක් ඇසී බලද්දී කාන්තාවක වළහා දැක ඇති බවත්, ඇගේ කෑගැසීම අසා වැසියන් එහි එද්දී වළහා අඹ ගහට නැඟ ඇති බවත් කියති.

කෑම සොයා ගිය මේ වළසා ගමට එන්නට ඇතැයි පැවැසේ.

 

 

 

 



අදහස් (0)

මේ සැරේ වළහා ගහට නඟී

ලලිතා Monday, 26 May 2014 01:36 AM

මෙතන වලහෙක්. තවත් තැනක හාමුදුරුනමක්. ගිය සතියේ ටයි දමාගත් මහත්තයෙක්. බලාගෙන ගියාම පුදුම ගස් නැගිල්ලක්නේ තියෙන්නේ. (ස)

:       0       0

පහන්දී Saturday, 24 May 2014 02:31 PM

ප්‍රේමකුමාර.., කියන්න බලන්න ඔයාට තියෙන සුදුසුකම්..!!! ඇමතිකම ලබන්න තරම්....!!! (අ)

:       0       0

ලලිත් දමාම් Friday, 23 May 2014 08:34 PM

කිට්ටුව මීයක් තියෙන්න ඇති. ඒකයි වලස් හාමි ගමට එන්න ඇත්තේ. (නදී)

:       0       0

තිලක් Friday, 23 May 2014 09:11 PM

එතකොට මැරිලා වගේ නිදාගෙන හිටිය මේ වලසාගේ යහළු වලසා කෝ ...? (නදී)

:       0       0

දිනා Friday, 23 May 2014 09:34 PM

වලහට හැංගෙන්න තරම් කොච්චර හයියෙන් කෑ ගහල ඇත්ද? (දී)

:       0       0

යොහාන් Friday, 23 May 2014 09:34 PM

වලහට වඩා සැර ඇති ගෙවල් හිමි කාන්තාව (දී)

:       0       0

එශාන් Friday, 23 May 2014 09:34 PM

නියම වැඩේ දැන් කතාව වෙනස් කරලා කියලා දෙන්න පුළුවන් (දී)

:       0       0

ප්‍රියනාත් Friday, 23 May 2014 09:35 PM

තිලක්, ඒ යහළු වලසා මියක් කඩන්න ගිහින් අත ලෙව කන්න... (දී)

:       0       0

සරත් Friday, 23 May 2014 09:39 PM

වලහත් චන්ද ලකුණක් හැටියට ගනීද දන්නේ නැහැ අලියට දැන් බැරි නිසා නේද? (දී)

:       0       0

ලංකා තිලක් Friday, 23 May 2014 09:44 PM

මේක පුදුම වැඩක්නේ..මම මට හිතෙන දේ දැම්මම ඒක පලවෙනවානම් පැත්තක ඉන්න මේ වහන්සේලාට ඩොන් යන්නේ මොකද? මම කිව්වේ වලහට වෙච්ච දේ..ඒ ගැණු මනුස්සය වලහගේ දත් කුට්ටම දකින්න ඇති..එකේ තියෙන උල්දත් දැක්කම බය වෙන්නේ නැද්ද? කැ ගැහිල්ලට වලහත් බය වෙන්න ඇති..මම හිතුවේ එච්චරයි..එහෙම නොවුන කියල හිතෙනවනම් තමන්ගේ අදහස ලියන්න.. (දී)

:       0       0

සලීම් Friday, 23 May 2014 10:26 PM

අහල පහල නාන තියනවාද දන්නේ නැහැ (දී)

:       0       0

පහන්දී Friday, 23 May 2014 11:53 PM

මේ කාන්තාව බය වෙලා කෑ ගැහුවේ නැත්නම් වලහගෙන් ගෙදර මිනිස්සුන්ට නැත්නම් ගමේ මිනිස්සුන්ට කරදර වෙන්න තිබුනා.., නේද...? (ස)

:       0       0

රාජපක්ෂ Friday, 23 May 2014 12:36 PM

අලි මදිවට වලස්සුත් දැන් ගම් වදිනවා ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නෑ(දිල්)

:       0       0

නිලන්කා Friday, 23 May 2014 12:39 PM

ඉස්සර වලස්සු දැකල මිනිස්සු ගස් නැග්ගේ ,එත් දැන් ? උන්ටත් තේරිලා රටේ වෙනස (දිල්)

:       0       0

සුජානී Friday, 23 May 2014 12:47 PM

අසරණ සතුන් එයාලගේ වනාන්තරයට කරදරයක් නොකර යවන එක ගොඩක් හොද. (දිල්)

:       0       0

ලුම්බිණි Friday, 23 May 2014 01:10 PM

අගය කළ යුතු දෙයක්.(හේ)

:       0       0

මහෙී Friday, 23 May 2014 01:13 PM

මේක හරි වැඩක්නේ එකෙක් බිමට බෑවට පස්සේ දැන් සේරම නගිනවා....(අ)

:       0       0

පිටිගල Friday, 23 May 2014 01:16 PM

ගමරාලගේ අඹ වගෙයක් ..........හොරකම් කල වලස් හොරෙක් ....ගම මහගේ මෙය දුටුවා ......මුළු ගමටම කෑ ගැහුවා ,,,,,,,,,,,,,, අඹ ගෙඩියක් කඩා ගන්න .........හිතුනා ගහ උඩට යන්න,,,,,,,,,,,, , අඹ ගෙඩි නැහැ ගහ මුදුනේ.......කොහොමද බිමට බහින්නේ.........? (අ)

:       0       0

සෑම් Friday, 23 May 2014 01:22 PM

මම හිතුවා මුකුත් අසාධාරණයක් වෙච්ච වලසෙක් සාධාරණය ඉෂ්ට කරගන්න ගහ උඩට නැගලා උපවාසයක් කළා කියලා.(දිල්)

:       0       0

සමන්ත Saturday, 24 May 2014 03:22 AM

ගෙට වදින්න ආපු වලහෙක් දැක්කාම ඕනෑම කෙනෙකුට ඉබේම කෑගහෙනවා. ඔන්න මගේ අදහස. දැන් මේකටත් කාට හරි ඩෝන් යාවිද දන්නේ නැහැ. (ස)

:       0       0

සිතු Friday, 23 May 2014 01:31 PM

මෙහෙම ගියොත් අපිට මේ වන සත්තු නැති වෙන කාලේ වැඩි ඈතක නැහැ (අ)

:       0       0

ලලිත් Saturday, 24 May 2014 04:23 AM

කාන්තාව බය වෙලා කෑගැහුවා ට වැඩිය සද්දෙන් ලංකා තිලක් බෙරිහන් දෙනවා නේද ? ඔබේ වටිනා අදහස් උපහාසයට ලක් කලේ කවුද තිලක්. ? මෙතන අදහස් පලකරන බවලතුන් ද ? (ස)

:       0       0

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Friday, 23 May 2014 01:40 PM

අලි මදිවට දැන් වලස්සු. (ස)

:       0       0

ජයම්පති Friday, 23 May 2014 01:48 PM

වලහා බය වෙන්න තරම් ඒ කාන්තාව කැ ගසා තියනවා. (ස)

:       0       0

ධර්මකීර්ති Friday, 23 May 2014 01:49 PM

ආනන්ද මල්ලි ඔබ ගැන මට ආඩම්බරයි. මම ලොකු අයියා. (ස)

:       0       0

පහන් Friday, 23 May 2014 01:59 PM

වලස්සු දෙන්නෙක් ගමනක් යනකොට දේශපාලක තුමෙක් ඉස්සරහට එනවලු එක වලහෙක් මරුන වගේ බිම වතිරුනාලු.අනිත් වලහ දුවල දුවල ගිහිල්ල ගහකට නැග්ගලු .ඊට පස්සේ වෙච්චදේ තමයි මරු. (අ)

:       0       0

පහන් Friday, 23 May 2014 02:01 PM

වලහා නොවලහා සිදුවූ දෙය පැවසුවා . (අ)

:       0       0

නවිනි Saturday, 24 May 2014 06:34 AM

ලංකා තිලක් වැනි උදවිය කොහෙත් ඇත...වලියක් නැතිව පල කල අදහසක් නැත.(නදී)

:       0       0

සලීම් Saturday, 24 May 2014 06:59 AM

අහල පහල නාන ලිදක්වත් තියනවද දන්නේ නැහැ (නදී)

:       0       0

නිශාර්ඩ් Preena Friday, 23 May 2014 02:26 PM

කාන්තාවගේ ගිය ආත්මයේ ඥාතියෙක්ද දන්නේ නැහැ, මතක්වෙලා බලන්ට ඇවිත් ඇති. (අ)

:       0       0

භානුක Saturday, 24 May 2014 07:43 AM

ඔන්න මම නම් මෙතන ලංකා තිලක් මහතාට කේන්ති යන්න තරම් අදහසක් පල කලේ නැහැ.(නදී)

:       0       0

විමලසිරි Friday, 23 May 2014 02:50 PM

වලහා මිනිසුන් අතරට ඇවිත් .කලේ හොඳ බව තේරෙන්න ඇති.(දිල්)

:       0       0

කවිඳු Saturday, 24 May 2014 07:47 AM

වලහාට බිය වූ කාන්තාවට දැන් බිය නැතිව ගොස් ඇතයි සිතමි. ඒ අතරේ නවිනි ගේ කටට මසුරන් ද දමමි. (ස)

:       0       0

ඇල්බට් Friday, 23 May 2014 02:54 PM

පිටිගලට වයස 150 දී විතර හොඳ ගීත රචකයෙක් වෙන ලකුණු පේනවා .ඔය හැකියාව හංගගෙන නොයිඳ දිගටම ලියන්න (දිල්)

:       0       0

මේනකා Saturday, 24 May 2014 07:52 AM

අනේ මන්දා උදේ පාන්දර උඩ විසි වෙලා ඇහැ ඇරුනේ ලංකා තිලක් මහතාගේ කෑගැහිල්ලට. අර ගහ උඩට ගිය වලහා දැන් තවත් බය වෙලා ඇති. (නදී)

:       0       0

දිල්හානි Saturday, 24 May 2014 07:58 AM

තිලක් ගේ කේන්තිය මෙතන අදහස් ලියන කාන්තාවන් ට තිබුනා නම් මෙලහකට එසැන පුවත් තීරය ගිනි අරන්. (නදී)

:       0       0

අමිල Friday, 23 May 2014 02:57 PM

ගඩාපි ගමට ඇවිල්ල එකයි වලහ ගහට නැගල තියෙන්නේ බඩුමිල වැඩිනේ !(අ)

:       0       0

ලකී Friday, 23 May 2014 02:57 PM

වන රක්ෂණය මීට වඩා හොදට කරන්න ඕනේ සත්තුන්ගේ වනාන්තර මෙට වඩා පුළුල් කරන්න ඔනේ (අ)

:       0       0

ජයනි Saturday, 24 May 2014 08:11 AM

මෙන්න නවිනි ගේ කටට මසුරන් .(ස)

:       0       0

අජිත්කරුණාරත්න ලියනගේ Saturday, 24 May 2014 08:37 AM

මේ කාන්තාව වලහ දැකලා කෑගහල වත් තියෙනවා. ඔය කට කයිවාරු ගහන අපේ උන්නැහෙ කෙනෙකු මෙයාව දැක්ක නම් දන්නෙම නැතුව සුළු දිය බානවා සිකුරුයි.(නදී)

:       0       0

කුමාරි Friday, 23 May 2014 03:09 PM

කොච්චර උනත් වලහගේ ඉල්ලීම් වලට ඇහුම් කන් දෙන නැතුව ඌව නිර්වින්දනය කරපු එක නරකයි. ඇහුවනම් කියයි, දැන් උබලා අපේ වාසස්ථාන විනාස කොරනවා. අපිට ඉන්න හිටින්න තැනකුත් නැති වෙයි, අනාගතේ අපේ පරම්පරාව සුරකින්නයි මම ගහ උඩට නැග්ගේ. ඒ ඉල්ලීම් දෙනකන් බහින් නැහැ කියලා. (අ)

:       0       0

වර්ෂා Friday, 23 May 2014 03:11 PM

වලහාට ගස්නගින්ට කිවේ කවුද ටිකදවසකින් අලිත් ගස් .(අ)

:       0       0

බිමල් Saturday, 24 May 2014 09:13 AM

තිලක්, කාන්තාවන් සමග පැටලෙන්නේ නැතිව ඔබට කිසිම අදහසක් ඉදරිපත් කරන්න බැහැනේ. (ස)

:       0       0

මලික් Saturday, 24 May 2014 09:17 AM

ලංකා තිලක් යනු බන්දුල පෙරේරා තුමා ම ය ...එය දැනගත්තෙ දැන් මේ යන වලියෙන්ය... (ස)

:       0       0

වරුණි Friday, 23 May 2014 03:47 PM

වලසෙක් වුණු එක හොඳට ගියා. අසරණ සතාට කැලයටම ආපසු යන්න ලැබුණා. බැරි වෙලාවත් අලි පැටියෙක් වුණා නම් කෙළින්ම ගිහින් නතර වෙන්න වලව්වේ හාමු කෙනෙකුගේ භවනේ තමා (දිල්)

:       0       0

හර්ෂ Saturday, 24 May 2014 09:20 AM

ලංකා තිලක්, බවලතුන් නොහිටියානම් ඔබට පුවත් තීරය සඳහා කිසිම සංකල්පනාවක් පහල වෙන්නේ නැහැ නේද ? (ස)

:       0       0

ගුණසිරි Saturday, 24 May 2014 09:26 AM

ලංකා තිලක් මෙතන කෑගැහුවේ ඔබ මිසක් අනුෂ්කලා නෙවෙයි. ඔබ ඔය අදහස් ලියන්න ගිහින් මෙතන බවලත් උදවියට අනම් මනම් කිව්වට ඒ උදවිය තමන්ගේ පාඩුවේ ස්වාධින අදහස් ලියාගෙන ඉන්නේ. අනෙක ඔබේ කට වාචාලකම සෙසු පිරිමින්ටත් මදි කමක්. (නදී)

:       0       0

රුවනි Saturday, 24 May 2014 09:29 AM

මේ කියන්නේ පාඨක කාන්තාවන්ට. ලංකා තිලක් ට බවලතුන් එක්ක තියන ජම්මාන්තර තරහ පිට කරන්න හදන්නේ උපහාස අපහාස කරලා පුවත් තීරයට ලියන එක නවත්වන්න. අහුවෙන්න නම් එපා.(නදී)

:       0       0

චම්පික Saturday, 24 May 2014 09:32 AM

දැන් ලංකා තිලක් හිතාගෙන ඉන්නේ කාන්තාවන් මෙතන අදහස් ලියන එක නවත්වයි කියලා වගේ. (නදී)

:       0       0

දිනේෂ් Saturday, 24 May 2014 09:34 AM

වලසා නැති ගසට තිලකේ පණ්ඩිතයා. !! (නදී)

:       0       0

කාන්ති Saturday, 24 May 2014 09:41 AM

මෙතරම් කරුණාවෙන් බවලතුන් ගැන වද වෙන ලංකා තිලක් තුමාට වනිතා කටයුතු ඇමති තනතුරවත් දෙන්න තිබුනානේ. එහෙමනම් මේ වලහාට බය වෙලා කෑගහපු කාන්තාවගේ සහයටත් ඉස්සෙල්ලාම දුවගෙන යන්නේ තිලක් තමා. (නදී)

:       0       0

ප්‍රේමේ Saturday, 24 May 2014 09:51 AM

ඉස්සරහට හම්බෙන මිනිස්සු විශ්වාස නැති නිසා වලහ ගහට නැගලා.(නදී)

:       0       0

ෂානි Friday, 23 May 2014 05:17 PM

සතාගේ ජීවිතය බේරාදුන් සැමටම පින්. (අ)

:       0       0

ඉෂාර Saturday, 24 May 2014 10:22 AM

මගේ අම්මේ මේ නෝනා කසාද බැඳලාද දන්නෑ. ස්වාමිපුරුශයාට මගේ සංවේගය!!!(නදී)

:       0       0

අරුණ Saturday, 24 May 2014 10:45 AM

වළසෙක් නිසා සතුටුවුණු ු තරමක් වලසට පින් (අ)

:       0       0

ලංකා තිලක් Friday, 23 May 2014 05:38 PM

ස්ථිරව මේ ගැණු මනුස්සය ගෙයි මුල්ලේ ලජ්ජා බයට හැදුනු යුවතියක් වෙන්න ඇති. වලහෙක් බය වෙලා ගහකට නගින්න තරම් කැගැහුවා කියන්නේ ආයේ දෙකක් නැහැ වලහගේ දත් ඔක්කොම දකින්න ඇති. (අ)

:       0       0

සෙලිනා Saturday, 24 May 2014 10:56 AM

ඔය තිලක් කියල ලියන්නේ කවුද හිතා ගන්න පුළුවන් ලියන අදහස් වලින්, නම වෙනස් වුනාට ලියන වචන එකයි , එයා හරි කැමතියි බවලත් අයගේ වැරදි කියල එයාගේ වැරදි වහගන්න..., ''අයියෝ සල්ලි කිවලු '' (අ)

:       0       0

වසන්ති Saturday, 24 May 2014 10:57 AM

කැල වැනසීමේ ප්‍රතිඵල. (අ)

:       0       0

ප්‍රේමකුමාර Saturday, 24 May 2014 11:16 AM

කාන්ති කතා කරන්න එපා. වනිතා කටයුතු ඇමතිකම වෙන කාටවත් නෙවි මට (අ)

:       0       0

කෙවින් Friday, 23 May 2014 06:01 PM

තිලක් කාන්තාවන් ගේ ලජ්ජා බය ගැන කතා කරන්න ගිහින් ඉගෙන ගත්ත පාඩම මතක නැහැ වගේ. (නදී)

:       0       0

නිශා Friday, 23 May 2014 06:05 PM

කිසිම ස්වාධීන අදහසක් ලියා ගන්න බැරි කෙනෙක් මේ පාඨක සභාවේ ඉන්නවා. ලෙඩක් ද මන්දා ! (නදී)

:       0       0

ඩිලාන් Friday, 23 May 2014 06:14 PM

මොකද තිලක් ඔබට කාන්තාවන් සමග තියන තරහ. ? මොන අදහස ලියුවත් ස්ත්‍රී සංහතියටම ඇනුම් පද කියාගත්ත ගමන්. පිරිමියෙක් වගේ කොන්ද කෙලින් තියාගෙන අදහසක් ලියන්න කවද්ද මොලයක් පෑදෙන්නේ. (අ)

:       0       0

සිංහ Friday, 23 May 2014 06:46 PM

වලහා බය වෙන්න තරම් මේ ගැණු එක්කෙනා භයංකර ද? (නදී)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Friday, 23 May 2014 06:52 PM

ගැණු කෙනා කෑ ගහපු කෑ ගැහිල්ලට වලහට ආත පාත නැති වෙන් ඇති.මර බයට ගහ මුදුනින් නතර වෙලා වගේ.නිරී වින්දනය කරලා ඉස්සෙල්ලාම බලන්න තිබුනේ කන් දෙක හොදින් තියනවද කියලා. (අ)

:       0       0

ශාන්ති Friday, 23 May 2014 06:58 PM

තිලක් මහත්තය මොකද මේ ගැහැණු උදවියට හරහට හිටින්නේ ? (අ)

:       0       0

අනුෂ්කා Friday, 23 May 2014 07:05 PM

පිටිගල වැනි ගීත රචකයෙකුට ඇයි ශ්‍රීලංකාව තුල තැනක් නැත්තේ? වලසෙක්ව උනත් දමනය කරන්න පුළුවන් ගී පද රචනයක් ඒක. (අ)

:       0       0

පහන් Saturday, 24 May 2014 01:27 PM

වලහට මේස් සපත්තු පුරුදු කරන්න වේවි. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 16 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 148 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 394 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 798 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 884 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36706 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24272 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 548 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site