IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


මං හිතනවා මට නිරූපණ ක්‍ෂේත්‍රයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා

2016-09-08-ent-66

ගුවන් සේවිකාවක් වීමේ සිතේ ඇතිව නිරූපණ ක්ෂේත්‍රය තුළ නියැළෙන ඇය රෙවනි සිල්වාය. ඇගේ කලා කටයුතු සහ ඉදිරි බලාපොරොත්තු පිළිබඳව කතාබහ කිරීමට අපත් සමග මෙසේ එක්විය.

 

ඔයාව හඳුන්වා දුන්නොත්?

2016-09-08-ent-67මගේ නම රෙවනි සිල්වා. වයස අවුරුදු 19යි. මම අධ්‍යාපනය ලැබුවේ, Princess of wales collage හිදීය. පදිංචි වෙලා ඉන්නේ මොරටුවේ.

 

දැන් පාසල් අධ්‍යාපන කටයුතු අවසන්ද?

ඔව් අවසන්. එයාර්ලයින් ඩිප්ලොමා එකක් කළා. මගේ බලාපොරොත්තුව ගුවන් සේවිකාවක් වීමයි.

 

එතකොට නිරූපණය කරන්නේ?

ඒක වෘත්තියක් විදිහට නෙමෙයි කරන්නේ. හැම ගෑනූ ළමයෙකුම Beauty Queen කෙනෙක් වෙන්න ආසාවක් තියෙනවා. ඉතිං ඒ ආසාව මටත් තියෙනවා. පාසල් අධ්‍යාපනය අවසන් වීමත් සමගම දෙරණ 4ever මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් එර්ත් තරගයට අයදුම් කළා. ඒ තරගයෙන් අවසන් දොළොස් දෙනා අතරට තේරුණා. ඒකත් සමගම මේ දවස්වල නිරූපණ ක්ෂේත්‍රයේ වැඩකටයුතුවල තමයි නියැළි ඉන්නේ.

 

මේ දිනවල දායක වෙලා තියෙන වැඩකටයුතු ගැන කිව්වොත්?

චිත්‍රපටයක් සඳහා ආරාධනාවක් ලැබුණා. ඒකේ වැඩකටයුතුවල තමයි මේ දවස්වල නියැළී ඉන්නේ.

 

ගෙදරින් නිරූපණයට එකතු වෙනවාට කැමැත්තක් තියෙනවාද?

ගෙදරින් අකමැත්තක් නැහැ. ෂූටින් වැඩවලට යද්දී උනත් අම්ම මගේ පස්සෙන්ම ඉන්නවා.

 

නිරූපණය කියන දේ ගැන පැහැදීමක් තියෙනවාද?

ඉස්සරහට වඩා අද ලංකාවේ නිරූපණයට තැනක් තියෙනවා. ඉතිං මං හිතනවා නිරූපිකාවක් විදිහට මටත් සාධාරණයක් මේ ක්ෂේත්‍රයට කරන්න පුළුවන් කියලා.

 

කවුරු හරි කොටට ඇඳලා ෆොටෝ ෂූට් එකක් කරපු පළියට ඇය නිරූපිකාවක් වෙනවාද?

නිරූපිකාවක් වෙන්න කොටට ඇඳලම ෆොටෝ ෂූට් එකක් කරන්න ඕනේ නැහැ. දිගට ඇඳලා ෆොටෝ ෂූට් කරන්න ඕනේ කියලා නීතියකුත් නැහැනේ.

 

ඉදිරි කටයුතු ගැන කිව්වොත්?

නිරූපණ හා කලා කටයුතුවලට දායක වෙනවා සහ ගුවන් සේවිකාවක් වීමේ බලාපොරොත්තුව ඉෂ්ට කරගැනීමට මහන්සි වෙනවා.

 

කවුරු හරි මතක් කරන්න ඉන්නවාද? උදව් කරපු අය වගේ?

ඔව්, මගේ අම්මවයි, තාත්තාවයි මතක් කරනවා. මගේ වැඩකටයුතු සඳහා එයාලා ගොඩක් උදව් කරනවා. පැජන්ට් එකේ ඉන්න කාලේ උදව් කරපු ගොඩක් අය ඉන්නවා. විශේෂයෙන් ස්තූති කරනවා, දිනේෂ් චන්ද්‍රසේන, බ්‍රයන් කෙර්කෝවන් මහත්මයාට සහ ටීවී දෙරණ වැඩසටහන් අධ්‍යක්ෂක ෂර්මිලා ධර්මරස මෙනෙවියටත් මේ මොහොතේ ස්තූති කරනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රෙවනිගේ ෆේස්බුක් ගිණුමෙනි.

 

2016-09-08-ent-65
2016-09-08-ent-64
2016-09-08-ent-63



අදහස් (0)

මං හිතනවා මට නිරූපණ ක්‍ෂේත්‍රයට සාධාරණයක් කරන්න පුළුවන් කියලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැ:බ කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 9 0

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරෙහි වැඩ බැලීම සඳහා පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සුරාබදු කොමසාරිස් පත් කරයි
2024 ඔක්තෝබර් මස 08 299 0

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සිවිල් ආරක්ෂක අධ්‍යක්ෂකගේ සේවය දිගු කරයි
2024 ඔක්තෝබර් මස 08 178 0

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


පත්වීම් කිහිපයක් අවලංගු කරන්න කැබිනට් අනුමැතිය
2024 ඔක්තෝබර් මස 08 646 0

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත සිදු කරන ලද පත්වීම් කිහිපයක් අවලංගු කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 301 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 49 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39386 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25674 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1142 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 393 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site