IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


මේ ළමයින් විකුණුවාද?

ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක අංකයට කිසිවකු විසින් දුරකතන පණිවිඩයක් ලබාදුන්නේය. ඒ පණිවිඩය වෙනදාට ලැබෙන පණිවිඩවලට වඩා හාත්පසින්ම වෙනස් අතිශයින්ම වැදගත් ඔත්තුවක් විය. ඒ දුරකතන ඇමතුම ලබාදුන් තැනැත්තා හෙළිකර ඇත්තේ මොරටුව, රාවතාවත්තේ පිහිටි සුවිසල් නිවෙසක බේබි ෆාම් එකක් පවත්වාගෙන යන බවත් එහි සිටින සිඟිත්තන් මෙරට පමණක් නොව විදෙස්වලටද විකුණන බවත්ය. එපමණක් නොව මෙහි ආබාධිත සහ මන්ද මානසික දරුවන් පවා රඳවාගෙන සිටින බවත් ඒ දරුවන් පවා අධික මිල ගණන්වලට විකුණන බවත් ඒ ඔත්තුව ලබාදුන් තැනැත්තා පවසා ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 ළමා උපකාරක අංකයට ලැබුණු මේ ඔත්තුව සටහන් කරගත් නිලධාරීන් ඒ බව වහාම ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මියට දැනුම් දුන්නේ රාවතාවත්තේ පිහිටි ඒ ස්ථානය වැටලීමට අවශ්‍ය උපදෙස් ලබාගැනීම සඳහාය. අනෝමා දිසානායක මහත්මිය ද ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයේ කණ්ඩායමක්ද සමග රාවතාවත්ත බලා පිටත්ව ගියේ මෙම සුවිසල් නිවස සෝදිසි කර බැලීමටය. ඒ ලැබුණු තොරතුරු ඇත්ත නැත්ත ගැන පරීක්ෂා කිරීමටය. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන කණ්ඩායම ඒ සුවිසල් නිවසට ඇතුළු වී කාමර කිහිපයක්ම සෝදිසි කර බැලීමේදී දුටුවේ පුදුමාකාර දසුන්ය. හැමතැනම තොටිලි සවිකර තිබූ අතර ඒවායේ දිනක් වයසැති දරුවා සිට වසරක් වයසැති දරුවන් දමා තිබූ ඇති අයුරු ඔවුන්ට දක්නට ලැබී ඇත. මෙම ළමා නිවාසය බස්නාහිර පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇති එකකි. එය ලියාපදිංචි කර ඇත්තේ 1992 වසරේ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ළමා නිවාසයේ පාලකයින් හා පාලකවරියක් ළමා නිවාසයේ සිටින ළමයින් ගැන තොරතුරු ඇතුළත් ලේඛන දෙකක් ඉදිරිපත් කර ඇත. එයින් එක් ලැයිස්තුවක වූයේ පරිවාස දෙපාර්තමේන්තුව මගින් බාරදුන් ළමයින් 26 දෙනෙකුගේ පමණ විස්තරය. අනෙක් ලැයිස්තුවේ ඇතුළත් වී තිබුණේ පරිවාස දෙපාර්තමේන්තුව මගින් බාර නොදුන් වෙනත් ක‍්‍රමවලට ලබාගත් ළමයින් 16 දෙනෙකුගේ විස්තර යැයි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පවසන්නීය. මේ ලැයිස්තු දෙකටම අයත් නොවූ කිසිම ලේඛනගත කිරීමක් සිදුකර නොමැති ළමයින්ගේ සංඛ්‍යාව 30ක් පමණ වූ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ අනෝමා දිසානායක මහත්මිය පවසන්නීය. කෙසේ වෙතත් මෙම ළමා නිවාසයේ රඳවාගෙන සිටි දිනක් වයසැති දරුවාගේ සිට අවුරුදු පහ අතර වයසේ ළමයින් 75 දෙනෙකු පමණ ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන නිලධාරින් විසින් සොයාගනු ලැබූ බව සභාපතිනිය කීවාය. ආබාධිත සහ මන්ද මානසික ළමයින් තබා ගැනීම සඳහා සමාජසේවා දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය අනුමැතිය ලබාගත යුතු වුවත් මෙතැන එවැන්නක් සිදුවී නොමැති බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. සොයාගත් දැරියන් 70 දෙනා අතර සිටි අලූත උපන් දරුවන්ගේ සංඛ්‍යාව 12කි. ගැබ්ගත් කතුන් 20ක් පමණද මෙම ළමා නිවාසයේ සිටි අතර ඔවුන් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් පැමිණ මෙහි ලැඟුම්ගෙන සිටින්නියන් යැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සඳහන් කරයි. අනියම් සබඳතා සහ අනවශ්‍ය ගැබ් ගැනීම මත උපදින දරුවන් මෙම ස්ථානයට රැගෙන ආ කාන්තාවන්ද සිටින බවට තොරතුරු පරීක්ෂණ කණ්ඩායම්වලට ලැබී තිබෙන බව දැන ගැනීමට ඇත. මෙම ළමා නිවාසය සෝදිසි කිරීමට ගිය අවස්ථාවේ එහි ඇමරිකන් සහ ජර්මන් ජාතික යුවළක් සිටි බවත් ඔවුන් දරුවකු ගැනීම සඳහා එහි පැමිණ සිටි අය යැයි විශ්වාසයක් පවතී. ඔවුන් දරු දෙදෙනෙකුගේ මවක් සහ පියෙක් බව ඔවුන්ගේ තොරතුරු ඇතුළත් වාර්තා සමගත් පරීක්ෂා කර බැලීමේදී පරීක්ෂණ කණ්ඩායමට පෙනී ගොස් තිබේ. දරුවන් දෙදෙනෙකු සිටින යුවලක් මෙසේ තවත් දරුවකු ගැනීමට උත්සාහ කළේ ඇයිද යන්න බලවත් සැකයට තුඩු දෙන හේතුවක් බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරින් මතුකරන තවත් ප‍්‍රශ්නයක් පවතී. ආබාධිත හා සිරුරේ යම් යම් විකෘතිතා ඇති ළමයින් දෙදෙනෙකු මිලදී ගැනීමට  දෙදෙනකු පමණ සිටි අතර මෙවැනි ළමයින් ගන්නේ කුමකටද යන්න ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ගේ අවධානයට යොමුවී ඇත. මෙවැනි ළමයින් හදාවඩා ගැනීමට ලබාගන්නවා යැයි සිතිය නොහැකි අතර වෙනත් කටයුතු සඳහා යොදා ගැනීමට විදෙස්වලට රැගෙන යන්නේද යන්න ගැන සොයාගැනීමට පුළුල් විමර්ශනයක් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය දැනටමත් ආරම්භ කර ඇත. මෙම ළමා නිවාසය පවත්වාගෙන යනු ලබන්නේ එක්තරා ආගමික සංවිධානයක් මගිනි. මේ ආගමික සංවිධානයට විදෙස් රටවල් ගණනාවකින් මුදල් ආධාර විශාල වශයෙන් ලැබෙන බවද පරීක්ෂණ කණ්ඩායම් පවසති. මෙරටදී රුපියල් 35,000 සිට රුපියල් 50,000 අතර මිල ගණන්වලට ළමුන් මිලදී ගත් අය පවා සිටින බවට තොරතුරු පරීක්ෂණ කණ්ඩායම්වලට ලැබී තිබෙන බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනිය සඳහන් කරයි. මේ ගැන වැඩිදුරටත් පරික්‍ෂණ කෙරේ. එහි පැමිණ සිටි  විදේශීය කාන්තාව ඇමරිකන් ජාතික මනෝ වෛද්‍යවරියක් බවද ඇය ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරීන්ට පවසා ඇත. මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා වරදකරුවන් නීතියේ රැහැනට කොටුකර ගන්නා ලෙස ජනාධිපතිතුමාද තමාට දුරකතනයෙන් කතාකර දැනුම් දුන් බව ඇය පවසන්නීය. මෙම ස්ථානයේදී ළමයින් විකිණුවාද නැතිනම් සිදුකළේ කුමන කාර්යයක්ද ගැන පරීක්‍ෂණ පවත්වාගෙන යයි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විශේෂ පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බී.ඩබ්ලිව්. බෝපිටිගොඩ මහතා ප‍්‍රධාන පොලිස් කණ්ඩායමක්ද පරීක්ෂණ පවත්වාගෙන යනු ලැබේ. පරීක්ෂණ මට්ටමේ තිබෙන නිසා මේ සම්බන්ධව මීට වඩා තොරතුරු දැන්ම ප‍්‍රසිද්ධ කළ නොහැකි බවද අනෝමා දිසානායක මහත්මිය වැඩිදුරටත් කීවාය. රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මහේෂ් පෙරේරා මහතා විසින් ළමා ආරක්ෂණ අධිකාරියට සහාය වීම සඳහා රහස් පොලිස් කණ්ඩායමක් පත්කරනු ලැබ ඇත.

ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය ඡායාරූප - ඇලෙක්සැන්ඩර් බාලසූරිය සහ කුසල් චමත්
     

මේ පළමු අවස්ථාව

ජාතික ළමාරක්‍ෂක අධිකාරිය සභාපතිනී අනෝමා දිසානායක
මේ තරම් දරුවන් විශාල සංඛ්‍යාවක් විදේශයන්ට විකිණීමේ ජාවාරමක් හෙළි කරගත් පළමු අවස්ථාව මෙයයි. 1929 අපේ ක්‍ෂණික දුරකතන අංකයට ලද ඇමතුමක් මත නිලධාරි ඒ මොහොතේම ගොස් මෙම ළමා නිවාසය වටලනු ලැබුවා. අප එහි යන විටත් ඇමෙරිකානු ජාතික යුවලක් හා සිංහල, ජර්මන් මිශ‍්‍ර යුවලක් දරුවන් මිලදී ගැනීමට පැමිණ සිටියා. මෙම ළමා නිවාසය වසර 20කට අධික කාලයක් පුරා පරිවාස හා ළමාරක්‍ෂක සේවා දෙපාර්තමේන්තුවේ ලියාපදිංචිය මත පවත්වාගෙන යන්නකි. එසේ ලියාපදිංචිය ලත් ළමා නිවාස අවම වශයෙන් වසරකට වරක් හෝ දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණයට ලක්විය යුතුයි. මා එසේ කියන්නේ පනතේ ප‍්‍රතිපාදන අනුවයි. අනෙක් කාරණය විදේශීය යුවලකට ශ්‍රී ලාංකික දරුවෙකු දරුකමට හදා වඩා ගැනීමට දීමට පෙර එම විදේශීය යුවළ පිළිබඳව සියලූ තොරතුරු ලබාගත යුතුයි. නීත්‍යානුකූල තත්ත්වයට අනුව දරුවකු එසේ දරුකමට හදා වඩා දීමට අනුමැතිය දිය යුත්තේ පරිවාස දෙපාර්තමේන්තුවයි. ශ‍්‍රි ලංකාව තුළ හෝ එසේ දරුවෙකු හදා වඩා දීමේ නීත්‍යනුකූල අනුමැතිය ලබාදීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. නමුත් මොරටුවේදී අපට හමුවූ එක් විදේශීය යුවලකට ඉල්ලූම් කළ දිනට පසුදිනම අනුමැතිය හිමිව තිබෙනවා. එය බරපතළ ප‍්‍රශ්නකාරී තත්ත්වයකි. එයින් පැහැදිලි වෙනවා මේ ජාවාරමේ සූක්‍ෂමභාවය. සමහරවිටක මෙය පරිවාස දෙපාර්තමේන්තුවේ පවා ඇස් වසා එම ලියකියවිලි ව්‍යාජ ලෙස සකසමින් කළ කූඨ ප‍්‍රයෝගයක් විය හැකියි. කෙසේ වුවත් අපගේ ඉල්ලීම අනුව මෙම ළමා නිවාසය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ වනවිටත් පුළුල් පරීක්‍ෂණයක් ආරම්භ කොට තිබෙනවා.
අනුරාධා නිල්මිණි
 



අදහස් (0)

මේ ළමයින් විකුණුවාද?

අගා Friday, 02 December 2011 02:28 PM

කැත මිනිස්සු ...

:       0       0

අගා Friday, 02 December 2011 01:58 PM

නරක මිනිස්සු

:       0       0

ඇලෙක්ස් පීරිස් Monday, 28 November 2011 02:56 PM

කල්කටාවේ තෙරේසා මවු තුමියව විකුණන් කන කණ්ඩායමක්ද?

:       0       0

වස්තුව Friday, 02 December 2011 09:28 PM

සමහරක් මේ වගේ වැඩ කරනවා කොහොමත්..

:       0       0

සුජීව Monday, 28 November 2011 08:03 PM

හයක් හතරක් නොතේරෙන පොඩි පැටව්. මේ දරුවන්ගෙ මූණ බලාගෙන කොහොමද මෙහෙම දේවල් කරන්නේ

:       0       0

දීපාල් නැපෝලි italy Monday, 28 November 2011 07:51 PM

තෙරේසා මවුතුමිය සාන්තුවරියක්. ළමයි විකුණුවානම් ඔප්පු කළොත් හොදයි මඩ ගහන්නෙ නැතිව

:       0       0

කේ ඉමාලි මධුෂිකා Sunday, 27 November 2011 01:43 PM

මේක හරිම නරක වැඩක්. අපේ ගෙවල් ලග එක්කෙනෙකුත් ඔහෙ ඉන්නවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2111 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2206 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2765 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5795 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1894 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6537 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18458 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site