IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


යකඩ කට නෑ : ෆොන්සේකා මෙගා ෆෝනයට බහී

ශබ්ද විකාශ යන්ත්‍ර භාවිතයට අවසර නොගත් නිසා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකාට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ නොහැකි බව පොලිසිය කියාදීමෙන් පසුව මෙගා ෆෝන් වලින් ඔවුහු රැස්වීම අමතන්නට වූහ.

පොලිසිය ද ඊට ඉඩ දුන්නේය.

 

(ඡායාරූප හේමන්තද සිල්වා,වීඩියෝ දීපාල්ද සිල්වා)

 

 



අදහස් (0)

යකඩ කට නෑ : ෆොන්සේකා මෙගා ෆෝනයට බහී

සෙනෙවි Friday, 17 January 2014 08:24 PM

ඇඟිල්ල දික් කරන ඉන්න පී. සී ඇයි ෂර්ට් එක යට කරන්නෙ නැතිව ඉන්නෙ කලිසමේ පස්ස පැත්ත ඉරිලද ? (නදී)

:       0       0

අජිත් Saturday, 18 January 2014 11:36 AM

රට බේරාගත් සෙන්පතිතුමාට ඇඟිල්ල දික්කරන හැටි දකින විට හිතෙන්නේ පොලිසියට ගිය කලදවස ගැන , ජනරල් තුමා වැනි සබැ විරුවන් මෙරට ජනතාව අතර සැමදා දිදුලනු ඇති l (අ)

:       0       0

ජයවර්ධන Saturday, 18 January 2014 11:44 AM

බුලත් කොලෙන් ඉල්ලුවා නම් ඔය බලපත්තර අවශ්‍ය නෑ (අ)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 19 January 2014 01:09 PM

පක්ෂ බේදයකින් තොරව කියනවනම් ජෙනරාල් යුද්දය හරියට කලා, යුද්දයෙන් පස්සේ අනෙත් අය සුද්දය දෙන්න පටන් ගත්ත,එකට විරුද්ධ වුණ නිසයි ඔහුට මෙහෙම වුණේ. එක තමයි ඇත්ත කතාව (ත)

:       0       0

අරුණ Friday, 17 January 2014 08:28 PM

මට නම් පෙන්නේ සිංහයෙක්ව වටකරගෙන ඉන්න නරි ටිකක් වගේ.(නදී)

:       0       0

ප්‍රමුඛ. Friday, 17 January 2014 08:28 PM

මෙම පොලිසියේ පක්ෂග්‍රාහී ක්‍රියාවලින් හැගෙන්නේ පොලිසිය කවුරුන් වෙනුවෙන්ද පෙනී සිටින්නේ,කාගේ ඕන එපාකම් වෙනුවෙන්ද ක්‍රියා කරන්නේ යන වග. රටේ සමස්ත ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා අපක්ෂපාතීව පොලිසිය කටයුතු කරන්නේ නම් මෙසේ අසාමාන්‍ය ලෙස නො හැසිරිය යුතුය.(නදී)

:       0       0

මල්කාන්ති Friday, 17 January 2014 08:29 PM

අත් තටු කපපු රාජලියෙකුට සිංහ වෙස්ගත් නරි තාමත් බයයි එහෙනම්. (නදී)

:       0       0

නලින් Friday, 17 January 2014 08:33 PM

කුඩු කන්ටේනර්, එතනෝල් අල්ලන්න කෝ මෙච්චර උනන්දුවක් ? (නදී)

:       0       0

ප්‍රීමා Saturday, 18 January 2014 11:58 AM

හොඳය මෙර්වින් සිල්වා හරි දුමින්ද සිල්වා හරි කලානම් ඔහොම ඇඟිල්ල උස්සල කතා කරයිද? (අ)

:       0       0

සූරි Monday, 20 January 2014 12:36 PM

යකඩ තලන්න තලන්න පන්නරය ලබනවා. පොලිසිය අනාගතය ගැන සිතුවොත් හොද නැද්ද ? (නදී)

:       0       0

සංජීව Friday, 17 January 2014 08:35 PM

දැන්මම කට්ටියක් බය වෙලා වගේ. තව කොහෙද පාර්ලිමෙන්තුවේ හිටියා නම්.(නදී)

:       0       0

රුක්මන් Saturday, 18 January 2014 12:06 PM

සත්තයි කවද හරි ජය ගන්නවා ඔබ තුමාට ජසු පිහිටයි (අ)

:       0       0

බණ්ඩාර Friday, 17 January 2014 08:38 PM

ශබ්ද විකාශන වලට අවසරයක් අරන් තියෙද්දිත් මෙහෙම කලානම් වැරදියි.(නදී)

:       0       0

ලක්සිරි Saturday, 18 January 2014 12:20 PM

එල්.ටී.ටී.ඊ. එක එනකොට හැගෙන්න තැන් හොයපු පොලිසියේ අය සිංහයෝ වෙලා. (අ)

:       0       0

ආරියසේන Friday, 17 January 2014 08:43 PM

මට නම් පෙන්නේ නරි වෙස් ගත් සිංහයෙක් වගේ. (නදී)

:       0       0

රණේ Friday, 17 January 2014 08:43 PM

අරයට ද? මෙයාට ද? ( නැත්නම් උන්ට ද? .. මුන්ට ද?) බලමු බලමු.(නදී)

:       0       0

සනත් ඇෆ්ඝනිස්ටනය. Saturday, 18 January 2014 12:40 PM

රැස්විම සංවිධායකයකිනේ දැනගන්න ඕන අවසර ගන්න එතුමා එකට වගකියන්න ඕනේ නැහැ.(අ)

:       0       0

උපාලි අරුප්පොල Friday, 17 January 2014 08:50 PM

තුමනි,ඔබතුමාගේ හඩ අප දෙරණේ සදා කල් පවතිනවා , ජය ලැබෙනවා !!.(නදී)

:       0       0

සෙහාන් අමරිසිංහ Friday, 17 January 2014 09:07 PM

මහේෂ් තරු 4 ගලවල ගොඩක් කල් දැන්. සුදු කොඩි කතාව කියල පාවල දුන්න මතක නැද්ද ? ආපහු කියන්නෙත් ඒ කතාවම තමයි. (නදී)

:       0       0

සලීම් Friday, 17 January 2014 09:07 PM

ජනරාල්තුමනි, මෙවැනි දේ නැවත නොකර සංවිදායක මහත්වරුන්ට කියන්න සෑම ආකාරයටම නිත්‍යානුකුලව වැඩකරන්ඩ කියා.(නදී)

:       0       0

ලක්නා තුංග විජේසුන්දර Friday, 17 January 2014 09:08 PM

අනේ මන්දා.(නදී)

:       0       0

ප්‍රදීප් Saturday, 18 January 2014 01:59 PM

මේ රට බේරාගන්න රණවිරුවාණෙනි. ඔබට ජය නියතයි (අ)

:       0       0

ජයා Saturday, 18 January 2014 02:07 PM

බල්ලොත් කසාද බන්දන පොලිසිය ගැන කවර කාටද (අ)

:       0       0

සඳුනි Friday, 17 January 2014 09:09 PM

පොලිසියට දොස් කියන්න ඕනේ නැහැ. නීතිය හොදින් දන්නා රටේ අනාගත පාලකයා වීමට අපේක්ෂා කරන මෙතුමා නීතිය අනුව කටයුතු කල යුතුව තිබුනා...නිකන් මාධ්‍ය ඉදිරියේ සංදර්ශන නොතියා.(නදී)

:       0       0

අසේල Friday, 17 January 2014 09:10 PM

සඳුනි ...ගොනා කවුද කියල අපි දන්නවා ඔයාගේ කොමෙන්ට් එක දැක්කම.(නදී)

:       0       0

රාළහාමි Friday, 17 January 2014 09:10 PM

පොලිස් නිල ඇදුමට හිස්වැසුමක් තියන්නේ ඇයි ? (නදී)

:       0       0

පාරා Friday, 17 January 2014 09:11 PM

ඇගිල්ල දික්කරල කතාකරන එක්කෙනා කොටි සපෝටර් කෙනෙක් වගෙයි.(නදී)

:       0       0

විධුෂක Saturday, 18 January 2014 02:22 PM

ආදර්ශ පාඨය "ධම්මෝ හවේ රක්ඛති ධම්ම චාරිං " "ධර්මයෙහි හැසිරෙන්නා ධර්මය විසින් ආරක්ෂා කරනු ලබයි". සියලුම නිකායන්හි මහානායක මාහිමිපාණන් වහන්සේලා වෙත අති මහත් ගෞරවයෙනි! . මෙම උතුම් ධර්ම පාඨය යොදාගෙන එය අපයෝජනයට ලක්කරවීමෙන් වළක්වාගන්න ලෙස පාදාභිවන්දනයෙන් නමස්කාර කර අයැද සිටිමු. (නදී)

:       0       0

තිස්ස Friday, 17 January 2014 09:15 PM

බල්ලෝ බිරුවට කඳු පහත් නොවේ විරුවනි ඔබට ජය. අපි දන්නවනේ ෆොන්සේකා මැතිදා කව්ද කියලා.(නදී)

:       0       0

රන්ජිත් පින්නවල Friday, 17 January 2014 09:16 PM

මේ අදහස් දක්වල තියන අය කවුරුවත් දන්නේ නැහැ පොලිසියේ හැම වැඩක් පස්සෙන්ම දේශපාලනය තියනවා කියලා. අද පොලිසියට නිදහසේ රාජකාරියක් කරන්න බැහැ. හැම වෙලාවේම දේශපාලුවෝ ඇගිලි ගහනවා. ඉහලින් එන නියෝග අනුව තමයි රාජකාරිය කරන්න වෙලා තියෙන්නේ. ඒක මම වගකීමෙන් කියන්නේ මමත් පොලිසියේ වැඩ කරන නිසා. පොලිසියට බැනල වැඩක් නැහැ. අපි ගිරයට අහුවුන පුවක්ගෙඩිය වගේ.පිටින් බලන අය‍ට මේවා තේරෙන්නේ නැහැනේ.(නදී)

:       0       0

චමත් Friday, 24 January 2014 10:39 PM

රට බේරාදුන් ජෙනරල් තුමනි, මේ පාලනය අවසන්කර ශ්‍රී ලංකාව නැවත සමෘද්ධිමත් රටක් කිරීමට ඔබතුමාට යෝධබල යෝධ ශක්තිය ලැබේවා!! මේ රටට සත්‍ය සාමයක් ගෙන ඒමට ලැබේවා!!! (අ)

:       0       0

තිවංක Friday, 17 January 2014 09:23 PM

රට වෙනුවෙන් ලේ හලපු මනුස්සයෙක්ට මේ වගේ සලකන එක ඇත්තටම මාර දුකයි.(නදී)

:       0       0

රෝහන Friday, 17 January 2014 09:24 PM

සඳුනි සහ ඉස්සර ප්‍රතිචාර දාපු බන්දුලගේ අදහස් එක සමානයි. මේ දෙන්නම දැන් වත් නැවත්තුවොත් හොඳයි. සඳුනි නමින් ඉන්නේ බන්දුල නේද? (නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 17 January 2014 09:29 PM

මෙතුමා රජ වෙන දවස ලගයි. රට බේර ගත්ත මෙතුමා ඉක්මනින් ඇවිත් මේ රට බේරගන්න කියල ඉල්ලනවා.(නදී)

:       0       0

අල්විස් Saturday, 18 January 2014 03:29 PM

ඔන්න ඕක තමයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ හැටි. (අ)

:       0       0

අමිල කටුනායක Friday, 17 January 2014 09:31 PM

අවසර ඉල්ලලා දුන්නේ නැද්ද? (නදී)

:       0       0

කෝලිත Saturday, 18 January 2014 03:48 PM

අපේ රටේ ඊලග ජනාධිපති සරත් ෆොන්සේකා.(නදී)

:       0       0

වජ්ජා Friday, 17 January 2014 09:53 PM

මාර සෙනගක්නේ ඉන්නේ! (නදී)

:       0       0

ප්‍රසන්න Friday, 17 January 2014 09:56 PM

සාගර ඔයාගේ කතාව හරි.(නදී)

:       0       0

දිසානායක Friday, 17 January 2014 10:08 PM

සඳුනි නමින් පෙනී සිටින බන්දුල පෙරේරා හෙන්චයියාණෙනි,තමා වෙනුවෙන් පොත් ලියවා නොගත්තට,මෙතුමා සැබෑ යුද වීරයා බව අමතක කරන්න එපා. යුද්ධයේදී පෙරමුණ ගත් කොටි නායකයන්ට ආචාර ගව්රව දක්වන පොලිසිය මෙතුමාට ඇගිල්ල දිගු කරන්නේ කාගේ වුවමනාවකටද?කව්රුන්ගේ බලය මතද?යන්න ඔබට නොතේරුනාට අන් අයට නම් තේරෙනවා. දැන්වත් මේ ගැහැණු පිරිමි ලක්ෂණ දෙකට මැදිවූ ගති ලක්ෂණ නොපෙන්වා,සත්‍ය තේරුම් ගන්න පිරිමියෙක් විලස. (නදී)

:       0       0

කල්ප Friday, 17 January 2014 10:11 PM

ජෙනරාල් තුමනි ඔබට සියලු දෙවි පිහිටි ලැබේවා. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 January 2014 10:11 PM

එදා කොටින්ගේ මරාගෙන මැරෙන බෝම්බයෙන් බඩ වැල් ටික අතේ අල්ලාගෙන නැගිටපු, රට වෙනුවෙන් තෙවරක් ජීවිතය පුජා කරන්න ගිය ජාතික වීරයෙකුට සලකන හැටිනම් හරිම ලැජ්ජයි. (නදී)

:       0       0

චන්ද්‍රා Friday, 24 January 2014 07:27 AM

කව්රු කළත් මේවා මහා නරක වැඩ.මෙය ඡන්දය ඉල්ලනවා නම් මෙයට මහජනතාව අමතන්න නිදහස තියෙන්න ඕන.රට වෙනුවෙන් දෙයක් කරපු කෙනෙක්නෙ.කැමැත්ත අකමැත්ත වෙනම දෙයක්.(අ)

:       0       0

ටිකිරි බංඩා Friday, 17 January 2014 10:12 PM

ජෙනෙරාල් සරත් ෆොන්සේකාගේ හේවනැල්ලටත් දැන් කට්ටිය බය වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Friday, 17 January 2014 10:13 PM

අරුණ, මට නම් පේන්නේ සිංහයෙක්ව වටකරගෙන ඉන්න නරි ටිකක් වගේ.(නදී)

:       0       0

ප්‍රියංකර Saturday, 18 January 2014 05:11 PM

මැතිදුනි, යටි සිතේ ඇති බයටයි ඔය දගලන්නේ. ඔබ ඉදිරියටම යන්න. ඔබට ජය නියතයි.(නදී)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Friday, 17 January 2014 10:32 PM

රන්ජිත් පින්නවල ,අපි දන්නවා පොලිසිය වැඩ කරන්නේ දේශපාලනයට යටත්ව බව. තමන්ගේ රාජකාරිය හරියට කලාට කමක් නැහැ නමුත් යුක්තිය සදාරණය ,මිනිස්සුන්ට කථා කරන විදිය හරියට තියෙන්න ඕනා. ඉහලින් මොන ඕඩර් ආවත් තමන් කරන දේ සාදාරනව ,හොදින් කතා කරලා කරනවා නම් තමයි හොද.(නදී)

:       0       0

සිසිර Friday, 17 January 2014 10:34 PM

ඔය ඇගිල්ල උස්සගෙන ඉන්න පොලිස් මහත්තය බලේ ඉන්නකම් වීරයෙක් වගේ ඉදිව. කවදාහරි තේරේවි බලය නැති උනාම ලිබ්බෝක්කේ ඉන්න බල්ලෙක් තරම්වත් ගනන් ගන්නේ නැහැ කියලා.(නදී)

:       0       0

කුමුදු අලුත්ගම Saturday, 18 January 2014 05:46 PM

පොලිසියේ ගොඩක් අය පගා මරුවෝ. අපේ ජෙනරාල් කියන්නේ රට බේරාගත්තු දෙවියෙක්. ඔබට ජයම වේවා. කොහොමත් අපේ ඡන්දෙ ඔබට පමණි.(නදී)

:       0       0

පෙරේරා Friday, 17 January 2014 10:41 PM

තුමෙනි ඔබට ජය වේවා !!! අපි ඔබ සමග ඉන්නවා ඔබට ජයම ජය වේවා(නදී)

:       0       0

දිසා Friday, 17 January 2014 10:42 PM

බල්ලන් බිරුවට කන්දක් පාත් නොවේ. (දිල්)

:       0       0

මංගලී ෆොන්සේකා Friday, 17 January 2014 10:48 PM

දන්නා තරමට ශබ්ද විකාශ යන්ත්‍ර භාවිතයට අවසර ඕනි එත් රාත්‍රී 10.00 පසු නම් තමයි ඒ (දිල්)

:       0       0

කමල් Friday, 17 January 2014 10:53 PM

මොකද මේ සිංහයකුව වටකරගෙන (අ)

:       0       0

රවින්ද්‍ර සෙනෙවිරත්න Friday, 17 January 2014 11:00 PM

පළමුවෙනි පින්තුරයෙන් වචන දහසකින් විස්තර කල නොහෙකි කතාවක් කියවෙනවා. (අ)

:       0       0

අරුණ Friday, 17 January 2014 11:08 PM

ඔබට මගෙන් සුබපැතුම් සහ ජය, (අ)

:       0       0

බමුණු Saturday, 18 January 2014 06:13 PM

"ඔය ඇගිල්ල දිග්කරන්නේ ජනාධිපති කෙනෙකුට බව මතක තියාගන්න" ජනාදිපති කම පැත්තකින් තියමු ඔය ඇගිල්ල දික්රන්නේ අපට රට බේරා දුන්න උත්තමයට බව මතක තියා ගන්න කවද හෝ දිනක ඔය ඇඟිලි කැපී යන්න ඉඩ තිබෙනවා. (නදී)

:       0       0

ලෙස්ලි ලෝව් Friday, 17 January 2014 11:23 PM

ප්‍රචාරක රැළියක ශබ්ද විකාසන යන්ත්‍ර පාවිච්චි කිරීමට අදාල වසමේ පොලිසියෙන් බලපත්‍රයක් ලබාගත යුතුයි .ඒ අනුව මෙතැනදී සංවිධායකයින්ගෙන් යම් අතපසුවීමක් සිදුවී ඇති බව පෙනෙනවා .නමුත් අපේ රටේ ආණ්ඩු පක්ෂයේ රැස්වීම් වල නම් මේ බලපත්‍ර පරික්ෂා කිරීමට පොලිසියට අමතක වෙනවා .(අ)

:       0       0

මදු ..ප්‍රංශය Friday, 17 January 2014 11:25 PM

ඔබ ඇති තැන නැත බිය සැක! ඔබට ජය ! (අ)

:       0       0

සමිර කුවේට් Friday, 17 January 2014 11:37 PM

අනේ මහත්තයෝ,, ආණ්ඩුවේ පැත්තට පැනල හරි කමක් නැ, ඇමති කමක් අරගෙන ඔය පොලිස් කාරයෝ ටිකට පාඩමක් හොද උගන්වන්න..(අ)

:       0       0

සංජීව Friday, 17 January 2014 11:48 PM

මෙතුමා හැමවෙලාවෙම අනාගන්නවනේ...මෙතුමාට පක්ෂව මේ දාන කොමෙන්ට් වලින් මේ අය පවතින රජයත් සමග වෛරයේ ද්වේශයෙන් කතාකරන බව පේනවා....!!! (අ)

:       0       0

සරත් Friday, 17 January 2014 11:49 PM

මේගොල්ලෝ මෝඩ නිසා හොඳා මෙතුමාට මෙයින් තවත් ඡන්ද වැඩිවෙනවා. (අ)

:       0       0

සුගතදාස Saturday, 18 January 2014 06:50 PM

කැත වැඩේ.(නදී)

:       0       0

සමීර Saturday, 18 January 2014 12:11 AM

පොලිසියේ මහත්වරුනි .ජාතියේ විරුවාණන්ට තර්ජනාත්මකව ඔසවන ඔබගේ බලගතු දබර ඇගිල්ල හැකිනම් අනෙකුත් ප්‍රබල දේශපාලකින්ටද එලෙසම ඔසවා පොලිසියේ වීරයෙකු වන ලෙස අප ඔබට අභියෝග කරමි. විරුවාණෙනි .30-9-2010 දින මෙන් අද ද ඔබ වෙනුවෙන් අප කැප වෙමි . (අ)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 18 January 2014 12:18 AM

සෙහාන් අමරිසිංහ..., ඔබේ කතාවට මමත් එකඟයි (අ)

:       0       0

මංජුල අබු ඩාබි සිට Saturday, 18 January 2014 07:09 PM

ඇඟිල්ල දික් කරගෙන ඉන්න ෆොටෝ එකක් දැක්ක පලියට අපිට කියන්න බැහැ එක තරවටු කිරීමක් කියල මොකද දෙන්නම ඉන්නේ සිනහ මුහුණින් යුක්තව. යම්කිසි පැහැදිලි කිරීමක් කරන කොටත් ඇඟිලි දික් වෙනවා මාධ්‍යවේදියෙක් ෆොටෝ ගන්න කොට හැමදෙයක්ම ගන්නවා. ඊට පස්සේ තමයි තමන්ට අවශ්‍ය ෆොටෝ එක තෝරගන්නේ. ඕක තේරුම් ගන්නේ නැතිව අපිට හැම දෙයම තීරණය කරන්න බැහැ. මම කියන්නේ රටේ නිතිය හදන්න හිතනවා නම් තමන් නීති ගරුක බව රටට ඔප්පු කරලා පෙන්නන්න ඕන. මේකෙන් ගැලරිය අප්පුඩි ගැහුවට බුද්ධිමත්ව සිතන කොටස් ඈත්වෙනවා.(නදී)

:       0       0

ඉසුරි Saturday, 18 January 2014 12:22 AM

ශබ්ද විකාශ යන්ත්‍ර භාවිතයට අවසර නොගත් නිසා මිනිස්සුන්ට කතා කරන්න බෑ. කුඩු කන්ටේන ගණන්, එතනෝල් කන්ටේනර් ගණන් ගෙන්න අවසර ඕනේ නැහැ. අනේ හැබැටම මේ වගේ රටක් !!! මහා ජනය පවු !!! (අ)

:       0       0

ධනු Saturday, 18 January 2014 12:27 AM

දේශපාලනය කරන්න ඉසෙල්ලා රටේ නිතිය ඉගෙනගන්න (අ)

:       0       0

තිලක් ඩුබායි Saturday, 18 January 2014 12:29 AM

එදා අනුරපුරෙන් එහාට නොගිය අය තමා වීරයෝ වෙලාතියෙන්නේ. ඒත් අපි දන්නවා සබැ වීරයා කව්ද කියල.(අ)

:       0       0

පද්මපානි Saturday, 18 January 2014 12:33 AM

ඔය එක ඇඟිල්ලට හෙටම උසස් වීමක් ලැබෙන බව දන්නා නිසා.(අ)

:       0       0

පද්මපානි Saturday, 18 January 2014 12:39 AM

සඳුනි! ඔයා කතා කරන්නේ වෙනත් ග්‍රහ ලෝකයක ඉඳල වගේ. නිත්‍යානුකුලව ජනාධිපති තරඟෙට ඉදිරි පත් උනා කියල නීතිය රකින්න ඉන්න ආණ්ඩුවක් ලංකාවේ ශ්‍රේෂ්ට පුරවැසියෙකුට සලකපු ආකාරය දැක්කනේ. සඳුන් රුකකට ගහන ගහන්න වැඩි වැඩියෙන් සුවඳ විහිදෙන බව ඔයා දන්නේ නැද්ද? (අ)

:       0       0

කුමුදු Saturday, 18 January 2014 01:03 AM

පුදුම මනුස්සකම තියෙන පොලිස් උත්තමයෙක් නේද අර ඇඟිල්ලක් උස්සගෙන ඉන්නේ.(අ)

:       0       0

ලාල්මහනුවර Saturday, 18 January 2014 01:06 AM

නීතිය හරියටම දැනගෙනත් මොකද අවසර නොගත්තේ වරද පොන්සේකා මහත්තයාගේ .නියම විදිහට ගමන යන්න ගොඩ එන්න පුළුවන් .(අ)

:       0       0

සෙනෙවි Saturday, 18 January 2014 09:01 PM

මංජුලගෙ බුද්ධිමත් බව ඇහුවාම සීතම්බර පටයෙ කතාව මතක් වෙනවා. ඔහේ හොරු සමග හෙලුවෙන් යන කෙනෙක් බව නම් පේනවා.(නදී)

:       0       0

ලාල් මහනුවර Saturday, 18 January 2014 01:08 AM

මේකත් ප්‍රසිද්දිය ගන්න තවත් ක්‍රමයක් .(අ)

:       0       0

චාන් Saturday, 18 January 2014 09:19 PM

මංජුල, අබුඩාබි වල එහෙම වුනාට ලංකාවේ එහෙම වෙන්නේ නෑ. පොලිසියෙන් රැස්වීමක් තියන්න, ශබ්ද විකාසන වලට අවසර ගන්න විරුද්ද පක්ෂවල අයට, කවදත් ලෙහෙසි නැහැ. මෙතන තියෙන ප්‍රදාන දෙය නම්, රට වෙනුවෙන් යුතුකම් කල මුල් තුන්දෙනාගෙන් කෙනෙකුට ජාතිය සලකන විදිය.. සිංහයෙක් වටකරගත්තු නරි රැලක්.(නදී)

:       0       0

උද්දික Saturday, 18 January 2014 01:16 AM

ජනරාල්තුමනි, ඔබ තුමාගේ සංවිධායකයන්ට කියන්න නීත්‍යානුකුලව වැඩ කලානම් කාටවත් ඔබ තුමාගෙ වැඩ පිලිවෙඅලට හරස්වෙන්න බැහැ කියලා (අ)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 18 January 2014 09:28 PM

කුඩු ,එතනෝල්,ෆොර්මලින් කන්ටේනේර් පිටින් ගෙන්වන අය ඉදිරියේ ගැලරිය අප්පුඩි ගැහුවට බුද්ධිමත්ව සිතන කොටස් ඈත්වෙනවා. බුද්ධිමත්ව සිතන මිනිසුන් ජෙනරාල් වැනි "කේසර සිංහයා" වටේ ආකර්ශනය වෙනවා. ඒක නවත්වන්න කිසිම ජගතෙකුට බැහැ.(නදී)

:       0       0

තිලක්-ඩුබායි Saturday, 18 January 2014 09:30 PM

අපේ ජෙනරාල් කියන්නේ රට බේරාගත්තු දෙවියෙක්. අවංකවම ජාතික වීරයාගේ ෆොටෝ එකක් ගෙදර බුදුන් දෙවියන් ට පහලින් තියල උදේ හවස වන්දනා මාන කලත් පව් නැහැ . (නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 18 January 2014 09:31 PM

සත්‍යයා 2014-01-18 10:18:39. ඔබගේ අදහසට සම්පූර්නයෙන්ම එකගයි.(නදී)

:       0       0

සෝබනා Saturday, 18 January 2014 09:37 PM

ශක්ති 2014-01-18 07:47:55 පොලිසිය කුඩු, එතොනොල්, අපචාර වටලන්නේත් මෙහෙමද? ලංකා ආණ්ඩුවේ පොලිසියද ?පර්සිලන්තේ පොලිසියද ? අපි අනාථ වී මංමුලාවී ඇත . දැන් සිතසිතා නොසිට ක්‍රියාන්විත වෙමු අපේ ළමාපරපුර වෙනුවෙන්. (නදී)

:       0       0

මහේෂ් Saturday, 18 January 2014 02:04 AM

මේ සෙන්පතියෙකුට ඇඟිල්ල දික් කරන්නේ කවුද (අ)

:       0       0

ප්‍රවීන් Saturday, 18 January 2014 02:04 AM

මන් සිංහයාට බයයි මල්ලියේ !(අ)

:       0       0

අසේල Saturday, 18 January 2014 09:47 PM

ආයුබෝ වේවා, සෙන්පති මැතිදුණි.(නදී)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 20 January 2014 01:54 AM

අනේ උඩගිය තරමක්. ඉස්සර නැමී නැමී සැලියුට් ගහපු අය දැන් ඇඟිල්ල දික් කරනවා. රට ඊලමකින් බේරා දුන් සෙන්පතින්දුනි, අපි ඔබ සමගයි. නවසීලන්ත සිංහලයෝ.(නදී)

:       0       0

සෑම් Saturday, 18 January 2014 02:07 AM

මේවගේ වැඩ සම්බන්ධයෙන් පොලීසියට බැනලා වැඩක් නැහැ. (අ)

:       0       0

මෝහමෙඩ් Saturday, 18 January 2014 02:20 AM

තවත් ලෙඩක් දාන්න වගේ අපේ ලොක්කට?අනේ රටට ගිය කල. (නදී)

:       0       0

මහින්ද ඉතාලිය Saturday, 18 January 2014 02:50 AM

කොන්ද කෙලින් තියාගෙන තමන්ගේ තත්වය රැකගෙන රටට ආදර්ශයක් වෙලා තමන්ගේ පාඩුවේ උන්නා නම් ඔහොම වෙන්නේ නැහැනේ. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ.(නදී)

:       0       0

සංජීව Saturday, 18 January 2014 03:05 AM

ඔබට ජය! යකඩ හොරුන්ව වරෙන්තු තිබිලත් අල්ලන්න පන නැහැ.(නදී)

:       0       0

පද්මපානි Saturday, 18 January 2014 03:11 AM

තමා "ගොනෙක්" බව ලෝකයාට කියන්න ද සඳුනි මේ තීරය ට අවුත් ඔබේ තීරය පෙන්නන්නේ. ආණ්ඩු පක්ෂයෙන් නම් ඔබට හොඳ ඉල්ලුමක් තියෙන බව පේනවා. සරත් ෆොන්සේකා බලයට ආවොත් ඔබ ට ඔබේ රැකියාව කරගෙන යන්න ලැබෙන එකක් නැහැ කියා බියක් දැනෙනවාද? (නදී)

:       0       0

සේනානායක Monday, 20 January 2014 04:50 AM

ෂෙහාන් මහත්තයෝ දැන්වත් ඔය කඩේ යාම නතර කරමුද ? .(නදී)

:       0       0

නිමල් Saturday, 18 January 2014 03:23 AM

මේ මනුස්සයව නැති කරන්නම තමා හදන්නේ . හරි පව් වැඩක් (අ)

:       0       0

දුමින්ද Saturday, 18 January 2014 03:26 AM

මොහුගේ දේශපාලන ගමනට මම කිසිම කැමැත්තක් නැහැ. නමුත් මොහු අපේ රටේ වීරයෙක් එක කාටවත් නෑ කියන්න නොහැකි. මොහු ලංකාව , අපේ රට වෙනුවෙන් ලේ දාඩිය හෙලපු මනුස්සයෙක්. පොලිසියට බැනල වැඩක් නෑ නීතියක් නැති සමාජයක්, නිතිය දුප්පත් සාමාන්‍ය මිනිස්සුන්ට පමණි, සල්ලිවලට බලයට , දේශපාලනේට නැතිය රටක් මේක. (අ)

:       0       0

සඳුන් Saturday, 18 January 2014 04:12 AM

ලියල තියෙන අදහස් දැක්කාම මට හරි සතුටුයි, ලංකාවේ මිනිස්සුන්ගෙන් තාමත් කොටසක් හරි බුද්දිමත් අය ඉන්නවා කියල හිතෙනවා. නමුත් මතක තිය ගන්න අපිට තියෙන එකම අවස්ථාව තමය අපේ අදහස් සහ මතය ප්‍රකාශ කරන්න ඡන්දය. එකඑලිවෙන් නොදුන්නොත් අයෙත් අවුරුදු 6ක් යනකන් ලැබෙන්නේ. (අ)

:       0       0

ක්‍රිෂාන් කෞෂල්‍ය Saturday, 18 January 2014 04:28 AM

මේ දවස්වල නම් පොලිසිය ගැන කතා කරල වැඩක් නෑ (නදී)

:       0       0

ඉන්දිකා පත්මසිරි Saturday, 18 January 2014 05:09 AM

පොලිසිය සුනඛ වෙස් ගන්නේ මේ වෙලාවෙදි. ජෙනරාල් තුමනි ඔබට ජය! (නදී)

:       0       0

කේ.අයි පත්මසිරි Saturday, 18 January 2014 05:16 AM

ජනරාල් තුමනි ඔබ මේ රටේ ජනතාවගේ එකම ගැලවුම් කරුයි. ඔබට ජය! (නදී)

:       0       0

ආරියසේන Saturday, 18 January 2014 05:25 AM

කැලේ ඉන්න සත්තු ටිකට නම් නිදහසක් නැතිවේවි .මොකද සත්තුන්ගේ නම් වලින් නේ අනෙක් පොලිටික්කෝ විවේචනය කරන්නේ.(නදී)

:       0       0

ප්‍රියන්ත Sunday, 19 January 2014 12:25 AM

අනේ ඇත්තට අපේ රටටත් ගිය කලක් රට බේරපු කෙනාට සැලකිලි නැහැ.(නදී)

:       0       0

උපේන්ද්‍ර එංගලන්තය Saturday, 18 January 2014 05:34 AM

අර ඇඟිල්ල දික්කරන්නේ රට බේරාගත් උදාර සෙන්පතියෙකුටනේ දෙවියනේ.(නධී)

:       0       0

උපේනද්‍ර හේරත් Sunday, 19 January 2014 12:46 AM

ඔබට සුභ පැතුම්! (නදී)

:       0       0

රන්බණ්ඩා Saturday, 18 January 2014 06:00 AM

මේ පොලිස් නිලධාරිය ගැන නං පුදුම ආදරයක් ඇති වහනවා ෆොන්සේකා ජෙනහරල් ...විරයාණනී ඔබටජය .....(අ)

:       0       0

චන්දන Saturday, 18 January 2014 06:09 AM

ජෙනරාල්ට සුබ පැතුම්. (අ)

:       0       0

ටිකිරි බංඩා Sunday, 19 January 2014 12:47 AM

ජෙනරාල්ට පින් සිද්ද වෙන්න යුද්ධය ඉවරයි. දැන් තියෙන්නේ සුද්දය.(නදී)

:       0       0

ලියෝ Saturday, 18 January 2014 06:47 AM

රැස්වීමට කලින් පොලිසියෙන් අවසර ගත්ත නම් මේ ප්‍රශ්නේ නෑනේ. මොකෝ පොන්සේකා කියන්නේ දැන් නිල බල නැති හිරේත් ගිහින් ආපු සාමාන්‍ය මිනිහෙක්නේ..මෙයාගේ තියෙන දුර්වල කළමනාකරණය, මෝඩකම, උද්දච්චකම, කුහකකම හෝ කරුමේ නිසා තමයි මේ සේරම. මෙන්න හේතු ගෝඨාභය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා මහජන සහයෙන් යුද්දේ දිනුවාම තමන් තමයි පොර කියා සිතීම.(අ)

:       0       0

බන්දු Saturday, 18 January 2014 06:57 AM

"මාර සෙනගක්නේ ඉන්නේ!" ඒ අරක්කු බෙදුවේ නැති නිසා වෙන්න ඇති (අ)

:       0       0

බන්දු Saturday, 18 January 2014 07:05 AM

"ෆොන්සේකා මහත්තයට ඇගිල්ල දික්කරල කතා කරනවා දැක්කම ...පොලිසියට ආදරේ හිතනවා" ගෙදර ගිහින් කියනවා ඇති මම අද පොන්සේකාට හොඳවයින් එකක් කතාකළ කියල. පොන්සේකා මහතා බලයට පැමිණිදාට කියාවී අනේ බුදු සර් එදා මගේ රාජකාරියන කලේ කියල. (අ)

:       0       0

සුරනිමල Saturday, 18 January 2014 07:05 AM

ඔබතුමා ඉතා ඉවසීමෙන් තැනට ඔබින ලෙස ක්‍රියා කිරීමෙන් ජනතාවගේ හදවත් වලට ඇමතීමට හැකි වෙනවා ඇත .ඔබතුමා රට බේරා ගත් ජනරාල් වරයකු ලෙස අපේ හදවත් තුල පැලපදියම් වී ඇත . ජයවේවා (අ)

:       0       0

බන්දු Saturday, 18 January 2014 07:06 AM

"මොකද මේ සිංහයකුව වටකරගෙන" හයින ලද (අ)

:       0       0

බන්දු Saturday, 18 January 2014 07:08 AM

"ඉහලින් එන නියෝග අනුව තමයි රාජකාරිය කරන්න වෙලා තියෙන්නේ. " එකට තමන් ගේ කොටසකුත් දාගෙන (අ)

:       0       0

බන්දු Saturday, 18 January 2014 07:10 AM

පොලීසිය සහ යුක්ති සධාරණය එකට ගැලපෙන් නැති වචන දෙකක් (අ)

:       0       0

දිනේෂ් Friday, 17 January 2014 05:43 PM

රට ජාතිය වෙනුවෙන් බෝම්බයකටත් අහුවෙලා තරමක් අසනීපෙන් ඉන්නවා කියල දැන දැනත් අපි ,අපිවම මරපු කොටින්ට මීට වඩා හොඳින් සැලකීම ගැනනං ඉතා ආඩම්බර වෙමු. ආශ්චර්යයක තරම තමා. (නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 18 January 2014 07:57 AM

වරායට එනකොට ග්‍රෑම් 400 යේ කිරිපිටි අපි අපේ දරුවන්ට දෙන්න යනකොට රුපියල් 395 ක් වෙලා.අපි දරුවන්ට උදේට පුතේ"කිරි වීදුරුව බීල යන්න" නෙමෙයි ,පුතේ "බදු වීදුරුව බීල යන්න" කියන්නයි සිද්ද වෙලා තිබෙන්නේ. ජෙනරාල් සරත් ෆොන්සේකා හැර වෙන සරණක් අසරණ අපිට නැහැ. (නදී)

:       0       0

ටිකිරි බංඩා Saturday, 18 January 2014 08:00 AM

මෙහෙම ගසා කෑමක් නම් මම මගේ අම්ම අප්පා කිරිකිත්ත කාලෙදිවත් අහල දැකල නම් නැහැ. (නදී)

:       0       0

චන්දිම Saturday, 18 January 2014 08:10 AM

සෙහාන් අමරිසිංහයෙනි, ආංඩුව අර සුදු කොඩි කතාවක් කිව්වයි කියල මෙතුමාට නඩුදාල සියලු දේ අහිමි කලා. ඒත් අර රායප්පු ජොෂප් ල කොයී තරම් භයානක කතා ඊයෙ පෙරේ ද මුලු ලෝකෙටම කිව්වෙ?. ඒ මදිවට ඔව් අපි එහෙම කිව්ව කියල මෙහේ ටීවි එකටත් කිව්වා. ඒවට කෝ නඩු නැද්ද? සුදු කොඩි කතාව කොහොම වෙතත් රායප්පුලගෙ කතා වලින් නම් කවුරු කවුරුත් ඉස්සරහට ලොකු අමාරුවක වැටෙයි.(නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 18 January 2014 08:11 AM

මේ ඉන්නේ නියම දුටු ගැමුණු කෙනෙක්. සිංහ රාජයෙක් වට කරගෙන ඉන්න ඔය මුර බල්ලන්ට කරන්න පුළුවන් දෙයක් නැහැ. මැතිදුනි ඔබට ජය ! (නදී)

:       0       0

සඳුනි Saturday, 18 January 2014 08:16 AM

අසේල තමන්ගේ සැබෑ තත්වය අනුන්ට ආදේශ කරන්න එපා. මෙතුමා දක්ෂයෙක් තමයි. හැබැයි ඒ දක්ෂතාවයා පිළිබද අධි තක්සේරුව නිසා අමාරුවේ වැටුන කෙනෙක්. කෝ අද මෙතුමා බලයට ගෙන්න දගලපු අය. වෙන එකක් තබා මෙතුමාගේ පක්ෂේ අයවත් අද ලග නැහැ. ඒ වීරයාගේ සැබෑ ස්වරුපය තේරුම් ගත් නිසාද?(නදී)

:       0       0

සුජී Monday, 20 January 2014 09:17 AM

සෙන්පති තුමනි ඔබට ජය. ! (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Saturday, 18 January 2014 08:20 AM

සඳුනි, ලොකු ලොක්කෝ කරපු නීති විරෝධී වැඩ මාධ්‍යවලින් පෙන්වාදෙනකොට ඔය නිදාගෙනද හිටියේ. කෝ ඒවාට මේ වගේ රාජකාරි කරන එක පොලිස් කාරයෙක් ඉන්නවද?. එතනෝල්, කුඩු කන්ටේනර් ගණන් ගෙනාව මතක නැතුවම ඇති. ඒවා බලන කොට මේවා ලජ්ජා නැති රාජකාරි.(නදී)

:       0       0

නිරංජලා. Friday, 17 January 2014 06:37 PM

හික්කඩුවේ ආගමික ස්ථානවලට හානි කරන විට භාවනා කල පොලිසියට කොහොමද මේ විරුද්ධ දේශපාලන කටයුතු වලට හරස් වන්නට ශක්තිය ලැබුනේ? (නදී)

:       0       0

සිංහ Saturday, 18 January 2014 08:21 AM

බුදුන් වහන්සේගේ දේශය, අපගේ මාතෘ භුමිය රුදුරු ත්‍රස්ත වාදයෙන් නිදහස් කරදුන් සියවසේ ශ්‍රේෂ්ඨ, අභීත නරෝත්තමයානන්හට නොමනා කෙනෙහිලිකම් කරන්නන්හට සහ ඊට අණ දෙන, අනුබල දෙන දේශ බ්‍රෂ්ඨයන්හට, ජාති බ්‍රෂ්ඨයන්හට ප්‍රතිලාභ හිමිවන දිනය ළඟ ළඟ ම එන නියාවකි. (නදී)

:       0       0

රන්ජන් - ඉන්දියාව Friday, 17 January 2014 06:43 PM

පොලිසිය බලාගෙන් ඉන්නේ හරියට මිනි මරපු මනුස්සයෙක් අල්ලන වගේ. (නදී)

:       0       0

තිලක්-ඩුබායි Sunday, 19 January 2014 09:05 AM

"දැන් එන සුද්දෝ හොඳයි කම්මැලිකමට කතා කරන්න මිසක් නැතුව නම් ඇති වැඩක්‌ නැහැ. සමහර සුද්දියන්ගෙන් 'ජම්ප්' එකක්‌ බලමුද කියලා ඇහුවම උන් අහනවා නිකං පෙන්වන්න බැරිද කියලා. ඒ වේලාවට කටට හොඳ කතා එනවා. මෙතැන ජොබ් එක කරන්න ඕනා නිසා හිනා වෙලා නිකම් ඉන්නවා. සමහර සුද්දෝ දවල්ට කන්නේ නැතුව හවසට චූන් පාන් කරත්තේ එනකම් අර පඩිය උඩට වෙලා බලාගෙන ඉන්නවා. එහෙම ඉඳලා රෝස්‌ පාන් ගෙඩියක්‌ අරගෙන කඩෙන් ලූනු ගෙඩියක්‌ අරගෙන කනවා. ඉතිං අපිට හිනා... අර පේන පුංචි කඩේ උදේට අපිට කන්න ඉඩ නැහැ. තනිකරම කන්නේ සුද්දෝ කන්නේම පානුයි පරිප්පුයි. දවල්ටත් එහෙමයි. මේ වගේ සුද්දෝ ලංකාවට එලෝ කෝටියක්‌ ආවත් වැඩක්‌ නැහැ. දැන් සුද්දන්ට වඩා අපේ රටේ මිනිස්‌සු හොඳට කනවා බොනවා. විනෝද වෙනවා.(නදී)

:       0       0

රෝසා Friday, 17 January 2014 06:50 PM

රට කන අයට පොලිසිය සලකන හැටි සහ රට කොටියගෙන් බේරල දුන්න සෙන්පතියෙකුට සලකන හැටි.(නදී)

:       0       0

මංජුල අබු ඩාබි සිට Sunday, 19 January 2014 09:28 AM

සෙනවි, මගේ අදහස් දැක්වීමෙන් මම කොතැනකවත් පොලිසියේ හෝ රජයේ ක්‍රියා කලාප සාධාරනිකරණයට ලක් කරන්නේ නැහැ. මම කිවුවේ යථාර්තය ගැන නිතිය හරියාකාරව ක්‍රියාත්මක කරන්න කියලා බලයට එන්න උත්සහ කරනවානම්. තමන් එම ආදර්ශය දිය යුතුයි. එහෙම නැතුව බලහත්කාරයෙන් හැමදේම කරන්න උත්සහ කරනවා නම් වැරදියි. යථාර්තය කතාකිරීම නිරුවත එළිදැක්වීමක් හරි කඩේ යාමක් හරි නම් මට වඩා ඉස්සරහින් කඩේ ගිහින් තියෙන්නේ මෙතන ජෙනරාල් වෙනුවෙන් කතා කරපු අය.(නදී)

:       0       0

දිශාන් Saturday, 18 January 2014 08:38 AM

ජෙනරාල් තුමනි, අපේ නායකයා ඔබයි. පොලිසිය රගපාන්නේ බොරුවට. ඒත් ඉතින් මේ අයට කුඩු ටිකක් විකුනගන්න ඉඩ දුන්නා නම් මුළු පොලිසියම ඔබට දන නමයි.(නදී)

:       0       0

ජගත් වෙත්තසිංහ Friday, 17 January 2014 07:16 PM

මෙහෙමත් වීරෝදාර පොලිසියක්.(නදී)

:       0       0

මංජුල අබු ඩාබි සිට Saturday, 18 January 2014 08:55 AM

ලෝකයේ ඉන්න විනය ගරුකම හමුදාව පාලනය කරපු හමුදාපති වරයා හැටියට එතුමා උනත් රටේ සිවිල් නීතියට පිටින් යමක් කරන්න හදන එක වැරදි පුර්වාදර්ශයක්. එතුමා නිතරම කියන්නේ මෙරටේ විනය, නිතිය සහ යහ පාලනය හැදිය යුතු බවනම් එතුමා ඒ ආදර්ශය ලබාදිය යුතුයි. සමහර එතුමාගේ උදවු කරුවන් නිතිය ඉක්මවා යමක් කරන්නේ නම් ඒවා වැළැක්වීම එතුමාගේ වගකීම. එවිට තමයි එතුමාගේ අවවාදය ආදර්ශයක් වෙන්නේ. එහෙම නැතුව එකට එක කරන දේශපාලනයක් කරමින් අනුන් පිට වැරදි පැටවීමට උත්සහ කරනවානම්. එවිට එතුමත් අර මිට පෙර පම්පොරිගසමින් බලය ලබාගත්තු කුණු බක්කියට වැටෙන්න බලන් ඉන්න දේශපාලකයන් අතර වෙනසක් නැතිවේවි. සමහර අදහස් දාපු පාටකයන්ට වඩා බහුතර මහජනතාව බුද්දිමත් බව සැලකිය යුතුයි.(නදී)

:       0       0

සොනාලි Saturday, 18 January 2014 09:00 AM

නිසි පොලිස් අවසරය ලබා නොගෙන ෆොන්සේකා මහතා එහි ගෙන්වීම ගැන රැස්වීමේ සංවිධායකයින් වග කිව යුතුය. (නදී)

:       0       0

චමත් Friday, 17 January 2014 07:23 PM

ෆොන්සේකා මහත්තයට ඇගිල්ල දික්කරල කතා කරනවා දැක්කම ...පොලිසියට ආදරේ හිතනවා.(නදී)

:       0       0

මංජා Saturday, 18 January 2014 09:07 AM

ශබ්දවාහිනී යන්ත්‍ර විකාශනය සඳහා අවසර නොගෙන එස් එෆ් අපහසුතාවයට පත් කල එම සංවිධායකයන්ට මුලින්ම අපේ විරෝධය ප්‍රකාශ කරමු. පොලිසියේ මහත්තයා ඇඟිල්ල පාත් කර කතා කලානම් තමයි වැදගත්. මොනවා උනත් මේ අපේ රටේ හිටපු අති දක්ෂ හමුදා සෙන්පතියෙක් බව කාටවත් හංගන්න බෑ. ඔහුව දේශපාලන මඩ ගොහොරුවට ඇද දැමු නරුමයන්ට ශාප වේවා ! (නදී)

:       0       0

විමුක්ති. Friday, 17 January 2014 07:25 PM

හෝමාගම,හික්කඩුවේ,පල්ලි කඩද්දි එක තරුණයෙක් පොලිසියේ මහත්මයෙකුගේ කම්මුලත් අත ගානවා දකින්නට ලැබුනා. අනුරාධපුරයේ මක්රේ ගමන් ගත් දුම්රිය නතර කර උද්ඝෝෂණ කරන විට පොලිසිය හැසිරුනේ අහිංසක හා පැටව් වගේ. තිස් වසරක යුද්ධය දිනා දුන් සැබෑ නායකයට දක්වන ප්‍රතිචාරය මෙහෙමයි. මහ ලොකු දේශප්‍රේමීන් මේ වෙලාවට අන්ධයි.(නදී)

:       0       0

අනිල් පෙරේරා Friday, 17 January 2014 07:27 PM

මේ සලකපු ආකාරයනම් ඉතාම පහත්. ඇයි බලදාරින් මෙතරම්ම බයද? මීට වඩා නීතිය ක්‍රියාත්මක කලයුතු තැන්වලට එසේ නොවන්නේ මන්ද? (නදී)

:       0       0

චාමර Saturday, 18 January 2014 09:14 AM

වජ්ජා.. ඔව් එහෙම තමා. විපක්ෂයේ රැස්වීම් වලට ලංගම බස් වලින් බත් බැලයෝ අරන් එන්නේ නෑනෙ.(නදී)

:       0       0

චතුර Saturday, 18 January 2014 09:17 AM

ආහ්... මේ තැන් වල නම් පොලිස් මාමල හරියටම වැඩ වගේ.(නදී)

:       0       0

ක්. පෙටෙර් චානිචිඋස් Friday, 17 January 2014 07:37 PM

ස්වබාව ධර්මයා විසින් හෝ මේ රටේ වැරදි කරන ලොකු අයට අච්චු ලැබෙන එක නියතයි. ඒ වැරදි කරන නිසා. (නදී)

:       0       0

කසුන් Friday, 17 January 2014 07:39 PM

මෙහෙමත් පොලිස් කාරයෝ.(නදී)

:       0       0

ජනකාන් Saturday, 18 January 2014 09:34 AM

දැන් හැමෝම බයේ වගේ දැන් තම අපි රට වෙනුවෙන් දෙයක් කල යුත්තේ ජනරල් තුමාට උදව් කිරීම මේ රටේ නීතිය හදන්න (අ)

:       0       0

සාගර Friday, 17 January 2014 07:39 PM

සත්‍යය දැනගැනීම වළක්වාලීමට මෙසේ කටයුතු කලද එය නිෂ්පල ක්‍රියාවකි. සත්‍යය සැගවිය නොහැක. අද නැතත් හෙට ජනතාව සත්‍යය දැනගනීවි. සත්‍යය තේරුම් ගනීවි. එවිට මේ වට කඩොලු බාධක වලින් පලක් නොවනු ඇත.(නදී)

:       0       0

අසාද් Saturday, 18 January 2014 09:35 AM

කාකි ඇඳගෙන ඉන්න ලස්සන.(නදී)

:       0       0

රෝහණ Friday, 17 January 2014 07:42 PM

ඒ කියන්නේ තවමත් ජෙනරාල් තුමාට බයයි කියන එක නේද ? ජෙනරාල් තුමා ඔහොම යන් බයවෙන්න එපා මමත් හිටපු හමුදා සෙබලෙක් අපි ඔබ තුමා සමගයි.(නදී)

:       0       0

අචිනි Saturday, 18 January 2014 09:46 AM

ජයවේවා ජනරාල් තුමනි, රට නය කරන පාලකයන්ගෙන් රට බේරාගැනීමට ඔබතුමන්ට හැකි වේවා..(නදී)

:       0       0

සනත් ඉන්දිකා ඉතාලිය Friday, 17 January 2014 07:43 PM

අන්තිම නින්දිත වැඩක්. මොහුගේ දේසපාලන ගමනට මම කැමති නැහැ ඒත මොහුට කරන මේ හිරිහැර බාදා කිරීම් පිළිකුලෙන් යුතුව හෙළාදකිනවා. ඔබතුමාගේ ගමන ඔබ තුමා ඉදිරියටම යන්න සෙන්පතියෙක් වසයෙන් ඔබට ගරුකරමි.(නදී)

:       0       0

ප්‍රසන්න Saturday, 18 January 2014 09:56 AM

කුඩු කන්ටේනර්, එතනෝල් අල්ලන්න කෝ මෙච්චර උනන්දුවක් ?දැන් හැමෝම බයේ වගේ දැන් තමයි අපි රට වෙනුවෙන් දෙයක් කල යුත්තේ ජනරාල් තුමාට උදව් කිරීම මේ රටේ නීතිය හදන්න. ජෙනරාල් තුමනි, අපේ නායකයා ඔබයි. පොලිසිය රගපාන්නේ බොරුවට. ඒත් ඉතින් මේ අයට කුඩු ටිකක් විකුනගන්න ඉඩ දුන්නා නම් මුළු පොලිසියම ඔබට දන නමයි.(නදී)

:       0       0

මහේෂ් Friday, 17 January 2014 07:45 PM

තරු 4 සෙන්පතියෙකුට ඇගිල්ල දික් කරන පොලිසියේ මහත්තයාගේ රෑන්ක් එක මොකක්ද ? (නදී)

:       0       0

නිශාන්ත Saturday, 18 January 2014 09:56 AM

පොන්සේකා මහත්තයාට යුද්දෙ කරන කාලෙත් ගැලවීමේ හමුදා,සුදු වෑන් කථා කියලා අපහාස කරපු අය හිටියා අපිට නම් මතකයි. පස්සේ දේශපාලනේට ඇදලා අරන් විනාශ කරලා දැම්මා. (නදී)

:       0       0

මාලක සිල්වා Saturday, 18 January 2014 10:04 AM

ඔය ඇගිල්ල දිග්කරන්නේ ජනාධිපති කෙනෙකුට බව මතක තියාගන්න.(නදී)

:       0       0

හර්ෂනී Friday, 17 January 2014 07:49 PM

ලංකාවේ මොලේ ටිකක් හරි තියෙන මිනිස්සු ඉන්නවා නම් ඔය ටිකම ඇති එතුමාට මේ සැරේ ඡන්දෙන් දිනන්න.(නදී)

:       0       0

කපිල Friday, 17 January 2014 07:49 PM

බයවෙලා නේද? (නදී)

:       0       0

කැනඩා දිසා Saturday, 18 January 2014 10:13 AM

මේ ජන සුනාමිය නවතාලනු නොහැක. (නදී)

:       0       0

දම් Friday, 17 January 2014 07:51 PM

ඉස්සර පොලීසිය හැංගිලා-හමුදාව එළියේ -දැන් හමුදාව බැරැක්කේ,-පොලීසිය එළියේ. අනේ හැබෑට ලැජ්ජා නැතිව ඇගිල්ල දිග්කරන හැටි.(නදී)

:       0       0

ෂපීක් Saturday, 18 January 2014 10:18 AM

යම් නීතියක් තියේ නම් ශබ්ද විකාශන පාවිච්චියට පෙර අවසර ගත යුතුයි කියා එයට අවනත විය යුතු අතර මෙය දේශපාලන පලිගැනීමක් නම් හෙලා දකිමු. (නදී)

:       0       0

සත්‍යයා Saturday, 18 January 2014 10:18 AM

ප්‍රශ්නය ඇත්තේ ශබ්ද විකාශනයත් එක්කද, එහෙම නැත්නම් රැස්වීම එක්කද එසේත් නැත්නම් ශබ්ද විකාශනයක් සහිත රැස්වීමක් පිළිබඳවද? දුටු ගැමුණු රජ්ජුරුවෝ එළාරට විරුද්ධ සටන සඳහා මාගම් පුර සිට අනුරාධපුරය දක්වා මිනිසුන් එකතුකලේ ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන නොවේ. නියම සටන එළඹී වෙලාවේදී එළාර ගේ 26 වසරක පාලන කාලය විනාඩි කිහිපයකින් අවසන් උනා. නිකම්ම නිකම්ම මිනිසුන්ට රජ වෙන්න පුලුවන්නම් යුද්ධයක් දිනු සෙන්පතියෙකුට රාෂ්ට පති වෙන්න බැරිද? (නදී)

:       0       0

සාදර Monday, 20 January 2014 11:25 AM

නියම වීරයෙක්. (දී)

:       0       0

ඇන්ඩෘ Friday, 17 January 2014 07:56 PM

රටක් බේරගත්ත දෙවියකුට යුද්දය දැකලවත් නැති පොලිස් කාරයෝ ටිකක් කරන දේ. ඇඟ පත දැක්කම හිතා ගන්න පුළුවන් රාජකාරි කරලා තියන තරම. හැබැයි කරුණා හරි කේ පි හරි ආවානම් අවසර කෙසේ වෙතත් සැලුයුට් ගහල ශබ්ද විකාශන යන්ත්‍රත් සවිකරලා ස්පිකර් කර උඩ තියාගන ගොට්ටත් අල්ලයි. අනේ රටකට සහ පොලිසියකට හිය කල.(නදී)

:       0       0

සපුමල් රවිරංග Monday, 20 January 2014 11:34 AM

ඔබ දිනනවා නියතයි ඉදිරියටම යමු ජෙනරාල් තුමනි.(දී)

:       0       0

සාලිය ප්‍රභාත් Friday, 17 January 2014 07:59 PM

ලබන පාරවත් මෙයාව දිනවන්න කඩේ යන අයට මොලේ පෑදේවා.(නදී)

:       0       0

සමිත Friday, 17 January 2014 08:04 PM

මෙවැනි දේ කරන් අය අමනයන් වේ.(නදී)

:       0       0

මනංගල Saturday, 18 January 2014 11:07 AM

අවසර එතුව ඕක කළා නම් එවරයි නේ (අ)

:       0       0

සදුනි Friday, 17 January 2014 08:17 PM

හරියට නිත්‍යානුකුලව අවසර අරගෙන ශබ්ද විකාශන පාවිච්චි කරානම් ඉවරයිනේ. (නදී)

:       0       0

ඉන්දික Saturday, 18 January 2014 11:13 AM

පොලිස් නිලධාරියා ඇඟිල්ල දික් කරන එක නම් හරි නැහැ. එත්, සරත් පොන්සේකා ඇයි අවසර ගන්නේ නැතුව ඒවා පාවිච්චි කරන්න ගියේ? එය දන්නවා එතකොට එකට පාවිච්චි කළාට වඩා ප්‍රචාරයක් ලැබෙනවා කියල. ඇත්තටම පොලිසිය කරන්නේ ලොකු උපකාරයක්. බලන්න ශබ්ද විකාශන පාවිච්චි කරනම් ඒ කට්ටියට විතරයි. දැන් කොහොමද (අ)

:       0       0

ගුණසේකර Monday, 20 January 2014 11:51 AM

වැඩේ වැරදියි එත් සමාවක් දෙන්න පුළුවන් මොකද ඔයිට වඩා ලොකු දේවල් ලංකාව තුල වෙනවා (දී)

:       0       0

කුමාර Friday, 17 January 2014 08:18 PM

මේ ඇඟිල්ල උලුක් කරන් ඉන්න පොලිස් කරු කොටි කලබල කාලේ උතුරු නැගෙනහිර වැඩ කරලා නැතිව ඇති. යුධ හමුදාපතිව සිටි අයටත් අද මෙහෙම නම් ඇඟිලි උලුක් කරන අයටත් එහෙම වෙන දවසක් වැඩි කල් නොගිහින් ඒවි.(නදී).

:       0       0

චුටි මල්ලි Monday, 20 January 2014 11:52 AM

පොලිසිය නිසා ඔයවගේ දේවල් ගනන්ගන්න එපා (දී)

:       0       0

ෂෙරිෆ් Friday, 17 January 2014 08:19 PM

අපේ හෙළ දෙරණේ ප්‍රජාතන්ත්‍ර වාදය පිරිහිලා, දැන්නම් වෙනසක් ඕනේමයි, බුරුතු පිටින් මහ සංඝරත්නය හා මහජනතාව ඝාතනය කල කරුනාවරුන්ට අවසර නැතිව ඕනෑම වර්ගයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය කරන්න අප රටේ අවසර ඇති බව මතක් කරමි.(නදී)

:       0       0

දිල් Saturday, 18 January 2014 11:15 AM

ශබ්ද විකාශන යන්ත්‍ර වලට අවසර ගත්තේ නැති එක වෙනම කතාවක්,එත් ඒ ඉන්නේ විශ්‍රාමික හමුදාපතිතුමා ,පොලිසිය මීට වැඩ වැදගත් විදිහට එතුමා ඉස්සරහ හැසිරුණ නම් තමා හොද.එතුමා හමුදාපති වෙලා ඉන්න කාලේ එතුමාව දකිනකොට මේ පොලිසියේ අය එතුමාට ගෞරව කරපු හැටි මෙයාලට අමතක වෙලා වගේ,මොනවා උනත් ඒ ඉන්නේ අපේ රට බේරාගත්තු සටන ඉදිරියට මෙහයවපු හමුදාපතිතුමා,පක්ෂ,පාට වැඩක් නෑ (අ)

:       0       0

සමන්ත Sunday, 19 January 2014 12:49 PM

ඔබට ජය වේවා ! (දිල්)

:       0       0

සදුනි Friday, 17 January 2014 08:21 PM

මෙතන දාපු ගොන් ප්‍රතිචාර දැක්කහම දුක හිතෙනවා. ආණ්ඩුවට විතරද බනින්න හොද නීති කැඩුවහම. විපක්ෂය නීති විරෝදී දේවල් කලාම කමක් නැද්ද? (නදී)

:       0       0

බණ්ඩා Friday, 17 January 2014 08:23 PM

ජෙනරාල් තුමාට මාර බයක් නේද තියෙන්නෙ.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 946 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2645 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 438 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 168 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 194 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1575 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14621 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 39 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site