(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවේ කාබනික කැට පොහොර නිෂ්පාදනය කෙරෙන විශාලතම කර්මාන්ත ශාලාවක් පන්නල, එලිබ්ච්චියේ දී අද (30)ප්‍රදේශයේ දී විවෘත කෙරිණි.
කොරියානු රජයට අයත් කැට පොහොර නිෂ්පාදන සමාගමක් වන Hyosong OnB සමාගම විසින් 100% පරිසර හිතකාමී කාබනික කැට පොහොර නිෂ්පාදනය කිරීම මෙම කර්මාන්ත ශාලාවෙන් සිදු කරයි.
මෙම කර්මාන්තශාලාව මුළුමනින්ම අධිතාක්ෂනික උපකරණවලින් සමන්විත වන අතර, කාබනික කැට පොහොර නිෂ්පාදනය සඳහා රොබෝ තාක්ෂණය පවා යොදාගෙන තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. ශ්‍රී ලංකාවේ වැවිලි කර්මාන්තයට අවශ්‍ය ගුණාත්මකභාවයෙන් ඉහළ කාබනික කැට පොහොර වාර්ෂිකව මෙට්‍රික් ටොන් 1800ක් මෙම කර්මාන්තශාලාව මඟින් නිෂ්පාදන කිරීමට නියමිතය.
Hysong OnB කැට පොහොර සමාගමේ නව කර්මාන්ත ශාලාව විවෘත කිරීමෙි අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකාවේ දකුණු කොරියා තානාපති වූන්ජින් ජියෝන්ග් කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහත්වරු ද සහභාගී වූහ.
ප්‍රසිද්ධ ටෙලි නළුවකුගේ පුතෙකු ඩුබායි රාජ්‍යයේ සැඟව සිට මෙහෙයවන මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගත් බව ප
කෙසෙල් කැනක් හොරෙන් කැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් ඇතිවූ ගැටුමකින් රත්තොට නාගුලියක්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුද
ජීවිතය පිළිබඳ ආපසු හැරී බැලීමටත් මරණය පිළිබඳ අත් දැකීමක් ලබා ගැනීමටත් අවස්ථාව ලබා දීම සඳහා අද්විතීය තේමාවක් යටතේ ජපානයේ කජියා හොන්ටෙන් මල් ශාලාව ’’ම
ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .
පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යකඩ දෑතින් පෝර හදන කම්හලක් ඇරෙයි
Liyanage Monday, 30 January 2023 01:35 PM
මේ අවුරුද්දෙත් කුඹුරු ටික පාළු කරයිද?
sharm warn Monday, 30 January 2023 02:11 PM
මේ පොහොර දේශීය පරිභෝජනයට විතරද? අපනයනය කරන්නේ නැද්ද?
dhamneth Monday, 30 January 2023 03:47 PM
තවත් සමාගමක් එකතු කරගෙන සපුගස්තැන්නේ යූරියා පොහොර කම්හලකුත් ආරම්භකළානම් තවත් හොඳයි.
Prase Monday, 30 January 2023 06:42 PM
ජවිපයයි, වෘත්තීය සමිතියි පාරට බහින්න ඕක වහන්න කියලා... කොරියාවට රට වික්කා කියලා...