IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


‘යකඩ දෝලි’ ටෙලිනාට්‍යයෙන් මගේ රඟපෑම් ආයෙත් දැකගන්න පුළුවන්

සරලා කවුද කියන වග ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න  ඕන නැහැ. ශ්‍රී ලංකාව විතරක් නොවෙයි බොලිවුඩය මෙන්ම හොලිවුඩය ඇතුළු අන්තර්ජාතික සිනමාවටත් ඇය අමුත්තියක් නොවෙයි. ඒ හඳුනා ගැනීම සිදුවුණෙත් දීපා මේතා අධ්‍යක්‍ෂණය කළ ‘වෝටර්’ චිත‍්‍රපටයේ රඟපෑම නිසයි. මේ චිත‍්‍රපටියේ රඟපෑම නිසා සරලාට ඇමරිකාවේ පැවැති අන්තර්ජාතික සිනමා උළෙලක දී සම්මානයක් ද ලැබුණා. හැබැයි ඒ සියල්ල සිදුවුණේ මීට වසර කීපයකට පෙරදීයි. එතකොට සරලාගෙ වයස අවුරුදු 8ක් විතර ඇති. දැන්නම් එයා භද්‍ර යෞවනයේ පසුවන යෞවනියක්. ඒත් දැන් ඇය ගැන කතා කරන්නට හේතුව, නැවතත් රඟපෑමට එක්ව සිටීමයි. වෝටර් චිත‍්‍රපටියට එදා ඔබ තෝරා ගත්තෙ කොහොම ද? ගාල්ල සංඝමිත්තා බාලිකාවේ ඉගෙන ගනිද්දි, පාසලේ කලා අංශයේ විවිධ වැඩසටහන්වලට දායක වුණා. ඒ සියල්ලෙහි වීඩියෝ ක්ලිප් එකක් හදලා තිබුණා. කලින් ඔය වීඩියෝ ක්ලිප් එකක් දැකලා තියෙන්න ඇති. පසුව දීපා මේතා ඇන්ටි හමුවෙන්න ගියාම, පවුලේ කෙනෙක් මැරිලා කියලා හිතාගෙන අඬන්න කීවා. මම අඬලා පෙන්නුවා. වෝටර් චිත‍්‍රපටයට තෝරා ගත්තෙ ඒ විදියටයි.   එදා ඔබ එහි රඟපෑවේ ළමා වැන්දඹුවක ලෙසයි. මේ නිසා සම්පූර්ණයෙන්ම හිස බූ ගාන්න සිද්ධ වුණා. ඒ කොණ්ඩය වැවෙන්න කොච්චර කල් ගියා ද? ඇත්තටම එදා කොණ්ඩය කපන්න එපා කියලා අම්මා කිව්වා. පාසල් යන නිසා මාත් කැමති වුණේ නැහැ. ඒත් ‘වෝටර්’ චිත‍්‍රපටයට එය අත්‍යවශ්‍ය වූ නිසා කරන්නම වුණා. හැබැයි ඉක්මනට කොණ්ඩය වැවුණා.   එදා ඒ චිත‍්‍රපටයට සම්බන්ධ වූ නළු නිළියන් අදටත් ඔබ එක්ක කතා බහේ යෙදෙනව ද? ජෝන් ඊබ‍්‍රහිම් මහතා විශේෂිත අවස්ථාවක දී සුබ පතන්නට එහෙම කතා කරනවා. දීපා ආන්ටි ළඟ දී ආවා. එයා පුදුම වුණා. මාව බදාගෙන ගොඩක් වෙලා හිටියා. එදා හිටපු ඒ පොඩි කෙල්ල ද මේ කියලා එයා පුදුමයෙන් වගේ මා දිහා බලාගෙන හිටියා. ආයෙත් කවදාහරි වැඩක් කරමු කියලා කිව්වා. ලීසාරේ මහත්මිය රෝගාතුරව හිටියා කියලා ආරංචියි.   ‘වෝටර්’ චිත‍්‍රපටයෙන් පසුව කළ දේවල් මොනවා ද? අධ්‍යාපන කටයුතු නිසා රඟපෑම ගැන හිතුවෙ නැහැ. ඒත් සිරස ‘පුංචි පැංචි’ සහ ‘අබා’ චිත‍්‍රපටයේ පුංචි කොටසකට දායක වුණා. මෑතක දී තමයි යළිත් රඟපෑමට සම්බන්ධ වුණේ. තුසිත ද සිල්වා මහතාගේ ‘‘යකඩ දෝලි’’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා. එය වසන්ති චතුරානි ඇන්ටිගෙ නිෂ්පාදනයක්. ‘හිරුණි’ කියන චරිතය තමයි මම රඟපාන්නෙ.   දැන් පාසල් වැඩ කටයුතු එහෙම කොහොම ද? ගිය අවුරුද්දෙ සාමාන්‍ය පෙළ කළා. දැන් ලන්ඩන් ඒ ලෙවල් විභාගය කරන අතරේ අන්තර්ජාතික ව්‍යාපාර කළමනාකරණ අංශයේ උපාධිය සඳහා හදාරනවා.   අම්මා කාලයකට ඉහත දී ඔබගෙ හඳහන බැලූවාම, හාමුදුරුනමක් ඔබ ලෝක ප‍්‍රකට වෙනවා කියලා අනාවැකි පළ කළාලූ නේද? ඇත්ත ද? අම්ම එහෙම කියලා තියෙනවා තමයි. ඒත් මම දැන ගත්තෙ පස්සේ දවසකයි.   ‘‘යකඩ දෝලි’’ සමග දැන් දිගටම රඟපාන්න ද කල්පනාව? හොඳ චරිත ලැබුණොත් බාර අරගෙන කරනවා.   සරලා දැන් නව යෞවනියක්නෙ. අද ඔබට ඔබ ගැන හිතන්නේ කොහොම ද? ‘සරලා’ හරිම සරල කෙනෙක්.  ඕනෑවට වැඩිය කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ. දෙමාපියන්ගෙ කීමට අවනතව ජීවත්වන කෙනෙක්.   ඔබගෙ අරමුණ බොලිවුඩයේ රංගන ශිල්පිනියක් වීමට ද? හොලිවුඩයේ රංගන ශිල්පිනියක් වීමට ද? බොලිවුඩයට යන්න දීපා මේතා ඇන්ටි නිසා පුළුවන් වුණා. ඒක වාසනාවක්. ඇත්තටම හොලිවුඩයට යන්න ආසයි. එදා වෝටර් රඟපාලා ඉවර වුණු හැටියෙ හොලිවුඞ් චිත‍්‍රපටයක රඟපෑමේ අවස්ථාවක් ලැබුණා. ඒත් තාත්තා කිව්වේ අධ්‍යාපන වැඩ නිසා ඒක බාර ගන්න එපා කියලයි. ඉදිරියේ දී ඒ අවස්ථාව ලැබුණොත් බාර ගන්නවා.   පවුලේ අය ගැන විස්තර කිව්වොත්? තාත්තා ක්ෂද්‍රජීවී අංශයේ විද්‍යාඥයෙක් ලෙස කාලයක් සවුදි අරාබියේ සේවය කළා. තාත්තා සහ අයියා උපාධි දක්වා ඉගෙන ගෙන රැකියාවල නිරත වෙනවා. අම්මා අපි ඔක්කෝටම සහයෝගය ලබා දෙනවා.   අද ඔබ දකින අය හඳුනා ගන්නව ද මේ ‘සරලා’ කියලා? මම හිතන්නේ එක පාරටම හඳුනා ගන්නෙ නැහැ. එදා පොඩියට හිටපු මම දැන් ලොකුයිනෙ.   තවත් මොනවද සරලාට කියන්න තියෙන්නෙ? මට එදා ඉඳලා මේ දක්වා උදව් කළ හැමෝටම ස්තුතියි කියලා කියන්න කැමතියි.   සරලාගෙ පිළිසඳර අවසන එයා මොන වගේ කෙනෙක් ද කියලා අපි එයාගෙ අම්මාගෙන් ඇහුවා. ‘‘සරලා හරිම සාධාරණ නීතිගරුක කෙනෙක්. එක පාරටම තීරණ ගන්නෙ නැහැ. ගත්ත තීරණ හරි නිවැරදි බව පෙනෙනවා. ඒ වගේම ඒවා හරි සාධාරණ බව පෙනෙනවා.   හැඩගැන්වීම (සැලෝන් ගයාත‍්‍රි)

 

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ


සම්පූර්ණ නම:- ජයනි සරලා කාරියවසම් ගම:- ගාල්ල උණවටුන වයස:- අවුරුදු 17යි. පාසල:- සංඝමිත්තා බාලිකා (ගාල්ල) උස:- 5’ 4’’ යි ලග්නය:- වෘශ්චික පවුලේ විස්තර:- අම්මා, තාත්තා, අක්කා, අයියා



අදහස් (0)

‘යකඩ දෝලි’ ටෙලිනාට්‍යයෙන් මගේ රඟපෑම් ආයෙත් දැකගන්න පුළුවන්

තිලාන් Sunday, 25 November 2012 09:55 PM

ඒකත් බලලාම මොකාක් හරි කියමුකෝ

:       0       0

සින්දිකා Friday, 30 November 2012 09:36 PM

ඔය ටෙලිනාට්‍ය වල ඉන්න සමහර මැඩම්ලත් එක්ක කතාකරන්නවත් එපා. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 25 November 2012 10:59 PM

ඇත්තටම වෝටර් චිතුපටයේ ඔබේ රංගනය විශිෂ්ටයි. දුව රඟපානගමන් හොඳින් ඉගෙන ගන්න (ස)

:       0       0

මිනුල Friday, 14 December 2012 02:11 PM

සන්තෝසයි (දී)

:       0       0

රූපා Tuesday, 27 November 2012 03:04 PM

සන්තොසයි දුවේ (දී)

:       0       0

ශාන්ත Monday, 26 November 2012 06:13 PM

ඔබ ලංකාවට ගෞරවයක් ගෙන දුන් රංගන ශිල්පිනියකි. හොලිවුඩ් දක්වා යාමට අපෙන් සුබ පැතුම් (ස)

:       0       0

වරුණ Monday, 26 November 2012 12:52 PM

මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඔබට ශක්තිය ලැබේවා (දී)

:       0       0

සේනක Tuesday, 27 November 2012 04:40 AM

ඔබේ රඟපෑම විශිෂ්‍ටයි..තුට්ටු දෙකේ ටෙලිනාට්‍යවල රඟපාලා අකාලයේ පර වෙන්න එපා (ස)

:       0       0

දේවින්ද Tuesday, 27 November 2012 03:09 PM

බලන්නම වටිනවා (දී)

:       0       0

ලක්ෂ්මන් Tuesday, 27 November 2012 04:42 AM

ඔබේ ආරම්භය බොහොම හොදයි. බුද්ධිමත්ව ඉදිරියට යන්න. (නි)

:       0       0

සොනාලි Tuesday, 27 November 2012 04:56 AM

ටෙලි තරුවක් ඔබ

:       0       0

ප්‍රියානි Monday, 26 November 2012 03:59 AM

ඔබ හරිම හුරුබුහුටියි. සුභ පැතුම්! (නි)

:       0       0

උපාලි Tuesday, 27 November 2012 11:11 PM

තමන්ගේ ගරුත්වය, අභිමානය රැක ගනිමින් පමණක් ඔබගේ දක්ෂතාවය පෙන්වන්න (ස)

:       0       0

ලයනල් Tuesday, 27 November 2012 04:24 PM

බොහොම පරිස්සමෙන් වැඩ කරන්න මේ ක්ෂේත්‍රයේ (දී)

:       0       0

රුක්ෂලා Monday, 26 November 2012 06:54 AM

සරල, ලස්සන නංගියෙක්. අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

ශ්‍රියානි Wednesday, 28 November 2012 07:21 PM

නංගියෝ ඔයාට හොද වාසනාවන්ත අනාගතයක් තියෙනවා. ඉක්මන් නොවී පරිස්සමින්, මිනිසුන් නොමිනිසුන් හදුනාගෙන, රටේත් ඔබගේත් ගෞරවය ‍රැකගෙන කටයුතු කරන්න. ඇමරිකාවේදී මුණගැසුනු වෙලේ ඔයාගෙ දක්ෂතාවයන් දැක්කා. එතකොට ඔයා ගොඩාක් පුංචියි. මේ ඉන්නෙ ඒ ඔයාමද කියලා හිතෙනවා. එදා ඔයා ඉදිරිපත් කළ නැ‍ටුම හරිම ලස්සනයි. පැමිණි සිටි සියළු දෙනා ඔබගේ රංගනය දැක ගොඩාක් සතු‍ටු වුණා. ඔයාට වාසනාවන්ත අනාගතයකට මම සුභ පතනවා! බුදු සරණයි! (නි)

:       0       0

ජෙරෝම් Thursday, 29 November 2012 04:33 PM

ටෙලි ක්ෂේත්‍රය තුළ සිටින නාරි රූපය ලැබූ යක්ෂණියන්ගෙන් ප්‍රවේශම් වන්න. (නි)

:       2       2

නදීෂා Friday, 30 November 2012 11:57 AM

අපි ආසයි ඔබව බලන්න (දී)

:       0       0

චින්තක Wednesday, 05 December 2012 02:31 PM

රඟපෑම අගය කරනවා . අධ්‍යාපනය සාරථකව කර ගන්න (ස)

:       0       0

මාලක Wednesday, 28 November 2012 02:14 PM

තිළිණ ඔයාගේ කිලුටු හිත ලෝකෙ‍ට පෙන්වන්න එපා (ස)

:       0       0

ප්‍රේමකුමාර Tuesday, 18 December 2012 10:13 PM

17 දි මෙහෙම නම් 25 විතර වෙද්දි කොහොම දක්ෂකමක් තියෙයිද? (නි)

:       0       0

කාන්ති Tuesday, 27 November 2012 06:51 PM

අපි ආසයි ඔබේ රඟපෑම් බලන්න

:       0       0

ගජන් Tuesday, 18 December 2012 10:45 AM

මුලින්ම හොඳට ඉගෙනගන්න . සුබ අනාගතයක් ! (ස)

:       0       0

සෙනරත් Saturday, 01 December 2012 03:39 PM

අපි බලන්නම් ....අපි බලන්නම් .... (දී)

:       0       0

රොෂාන් Friday, 30 November 2012 06:54 PM

වයස 17 ???? (ස)

:       0       0

ජානක Friday, 30 November 2012 08:24 AM

සුභ පැතුම්

:       0       0

ගයාන් Monday, 03 December 2012 10:44 PM

සුභපැතුම් ඔබට (දී)

:       0       0

තිලින Tuesday, 27 November 2012 12:57 AM

අම්මෝ...කොස් ගෙඩි වගේ... (ස)

:       0       0

ප්‍රේමකුමාර Friday, 14 December 2012 07:30 PM

මට නම් මොකක්ද මොකක්ද වගේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 566 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 1203 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 2778 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කුඩු සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 3149 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 368 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 1288 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39370 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25664 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1135 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 391 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site