ක‍්‍රිස්තු පූර්ව 700 සිට 300 දක්වා වන මූල ඓතිහාසික යුගයට අයත් යැයි සැලැකෙන මෙගලිතික සුසාන භූමියක් පලුගස්වැව ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ කලවැල්ලා උල්පත මහා වන මැදින් සොයා ගත් බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යපෘති කාර්යාලයය කියයි.
ප‍්‍රභූවරුන් මිහිදන් කළැයි අනුමාන කළ හැකි සාධක එහි ඇතැයි ද ඒ අවට බෝධිඝර, විහාරාරාම, ඝන්ඨාර කුලූනු ආදී නටඹුන් පවතින ස්ථාන 20ක් පමණ ඇතැයි පුරාවිද්‍යාඥයෝ කියති.
අඩි දෙකෙන් දෙකක පරතරයක් ඇතිව ද අඩි 10-15 පරතරයක් ඇතිව ද සොහොන් හමුවී ඇත. එකම සොහොනක දෙපැත්තේ පියන් දෙකක ඇති ගල් මංජුසා ද සොයාගන ඇත. ඒ සොහොන් සමීප නෑයන් දෙදෙනකුගේ යැයි අනුමාන කැරේ.
දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ වායාඋල්පත මාර්ගයේ ඝන කැලෑවක් මැදින් සැතැපුම් පහක් ට‍්‍රැක්ටරයෙන් ගමන් කළ විට මෙම පෙදෙස ට පිවිසිය හැකිය.
දඹුල්ලේ ඉබ්බන්කටුවෙන් මීට පෙර සොයාගත් ගල් සොහොන් හි ගල්මැද තුබූ බව පෙනන නමුත් කලවැල්ලා උල්පත ගල් ඉතාම රළු බව පුරාවිද්‍යාඥයෝ පවසති.
මල්වතුඔය ආරම්භය රිටිගල යැයි මෙතෙක් සිතා සිටියත් එහි ආරම්භය කලවැල්ලා උල්පත විය හැකි බව ද ඔවුහු කියති.
කැලයට ගිය කෙනකුගෙන් ලද තොරතුරක් අනුව ගවේෂණයක් කර පසුව මෙහි කැනීම් ආරම්භ කළ බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරි ව්‍යාපෘතිය කියයි.
මේ වන විට එම ස්ථානයේ තිබී ගල් සොහොන් 28ක් සොයාගෙන ඇති අතර අළු බඳුන් මැටි මුට්ට හා විවිධ පබළු වර්ග දැනට හමුවී තිබේ. ප‍්‍රභූවරුන් මිහිදන් කරන්නට ඇතැයි සිතනුයේ එම පබළු නිසාය.
දැනට දඹුල්ල ඉබ්බන්කටුව ප‍්‍රදේශයෙන් හමුවී ඇති සුසාන භූමියෙ ඇති ගල් වලට වඩා පැරැණි ප‍්‍රාථමික යුගයේ සොහොන් කොත් මෙම යුගයේ සොහොන් කොත් මෙම කලවැල්ලා උල්පත සොහොන් භූමියෙන් හමුවී තිබෙන බව එහි කැණීම් නිලධාරිනි සුමිත‍්‍රා බස්නායක මෙනෙවිය ප‍්‍රකාශ කළාය.
නුවරඑළිය මහා නගර සභාව මගින් සංවිධානය කරනු ලබන “වසන්ත මල් දැක්ම” වික්ටෝරියා උද්‍යානයේදී දෙදිනක් පුරා පැවැත්විණි.
මහරගම නගර මධ්‍යයේ ඇති පෞද්ගලික බැංකුවක් ඇතුළු ආයතන කිහිපයක් පවත්වාගෙන යන ගොඩනැගිල්ලක ආරක්ෂක කුටිය ගිනි තැබූ බව කියන එම ගොඩනැගිල්ලේ ආරක්ෂක නියාමකවරය
පළාත් පාලන මැතිවරණයට ජනතාවගේ උනන්දුව ඉතාම අඩු බව මැතිවරණ නිරීක්ෂකයන් වාර්තා කර ඇතැයි ෆැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ලංකාද
ශ්රී දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගැනීම සඳහා අද 19 වන දිනයේදීත් ලක්ෂ ගණනක ජනතාවක් සැදී පැහැදී සිටියහ.
අතීතයේ ගමේ සංවර්ධනයට වෙන් වූ මුදල් ගමට ලැබී ඇත්තේ සුළු ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය.
හාලිඇල ප්‍රදේශයට අද (19) පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාෂාවත් සමඟ හාලිඇල නගරයේ දුම්රිය පල හරහා උණගොල්ල මාර්ගය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවීම නිසාවෙන් රථව
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යකඩ යුගේ තව ගල් සොහොනක් රජරටින්
චින්තක රාජපක්ශ Friday, 21 October 2011 09:12 AM
දැන්වත් උගතුන් පිලිගත යුතුව තිබෙනවා අපෙ ඉතිහාසය විජයගෙන් ඇරබුන එකක් නොවන බව. ඉදිරි කැනීම් වලදී සනාත වේවි අපේම හෙල අසුර රාජදානිය පිලිබද හැම දෙයක්ම ....