(යොහාන් භාසුර)
කවර බලපෑම් හමුවේ වුවත් ‘යුක්තිය මෙහෙයුම’ නතර නොකරන ලෙස මල්වතු හා අස්ගිරි මහා නාහිමිවරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාට අනුශාසනා කළ බව මහජන ආරක්ෂක අමාත්‍ය පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් ඇතුළු අපරාධ මැඩලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මග පෙන්වීම සහ උපදෙස් අනුව ක්‍රියාත්මක ‘යුක්තිය මෙහෙයුම’ ආරම්භ කර මසක් සපිරීම නිමිත්තෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ ආගමික වතාවත්වලට එක්වීමෙන් අනතුරුව අස්ගිරි සහ මල්වතු මහා විහාරවාසී මහා සංඝරත්නය බැහැ දැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේදී මහානාහිමිවරු එසේ අනුශාසනා කළහ.
මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමි, මල්වතු අනුනායක දිඹුල්කුඹුරේ ශ්‍රී විමලධම්ම නාහිමි, මල්වතු අනුනායක නියංගොඩ ශ්‍රී විජිත සිරි නාහිමි , අස්ගිරි මහානායක වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමි, අස්ගිරි අනුනායක වේඬරුවේ ශ්‍රී උපාලි නාහිමි, අස්ගිරි අනුනායක ආනමඩුවේ ශ්‍රී ධම්මදස්සි නාහිමි සහ අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරම්පනාවේ ශ්‍රී ආනන්ද නාහිමියන් බැහැදැක ආශීර්වාද ලබාගත් අමාත්‍යවරයා නායක ස්වාමීන් වහන්සේලා ‘යුක්තිය මෙහෙයුම’ පිළිබඳව කරුණු පැහැදිළි කළේය.
එහිදී අමතරවරයා වෙත ආශිර්වාද කරමින් මල්වතු මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නාහිමියෝ මෙලෙස අනුශාසනා කළහ.
”මහජන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ඔබතුමා මේ රටේ ආරක්ෂක අංශයේ විශාල පරිවර්තනයක් කළා. තවදුරටත් එය සිදු කෙරෙමින් පවතිනවා. එය රටට විශාල ආශිර්වාදයක්. ඩුබායි වැනි රටවල සිට මෙහෙයවන මෙරට ඝාතන ඇතුළු පාතාල ක්‍රියාකාරකම් මර්දනය කවුරුන් විසින් හෝ මූලික වී සිදු කළ යුතුයි. ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු සියලූම දෙනා ඒ වෙනුවෙන් කැපවී සිටියත් ඒ සඳහා ශක්තිමත් මග පෙන්වන්නෙකු සිටිය යුතුයි. මීට පෙර මෙවැනි මෙහෙයුමක් සිදු නොවූයේ එවැනි නායකත්වයක් නොතිබීම හේතුවෙන්. පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ එලෙසින් දිරිමත් කොට ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත්”
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘යුක්තිය’ට මහා නාහිමිවරුගේ ආශිර්වාදය
C.L.Lankaputhra Thursday, 18 January 2024 11:37 AM
අලුත් බෙන්ස් දෙකක් සමග මිටි බැදපු පිරිකර් පොට්ටනි දෙකක් ඒ කාර්වලට දැනටමත් පටව්ලා ඉවරලු
Rata Perata Thursday, 18 January 2024 12:47 PM
ශාසනය ඇතුලේ ඉඳගෙන අපහස කරන උන් ගැන ඇහෙන්නේ නැතුව වගේ ඉඳගෙන මේ දන්නේ නැති කෙහෙල්මල් වලට කර අරිනවා
ගමේ එකාලා Thursday, 18 January 2024 07:33 PM
..රටට හෙන ගැහුවත්, වගේ වගක් නැති හාමුදුරුවරු දේශපාලුවෝ දැක්කාම කට ඇරෙනවා...
Bamunuarachchi Friday, 19 January 2024 12:30 PM
ගමේ අයියලා කුඩ්ඩෝ
Lal Thursday, 18 January 2024 07:54 PM
මෙතුමාගේ වැඩ පිළිවෙල අගය කළයුතුයි.