(මනෝප්රිය ගුණසේකර)
විශ්‍රාමික නීතීපතිවරයකුගේ සේවය ගැනීම නිසා අත්අඩංගුවට ගත් තිදෙනකුට නඩු පවරන්නේම නැතිව නිදහස් කළ නීතීපතිවරයා විශ්‍රාමික නීතීපතිවරයාගේ ගාස්තුව ගෙවීමට නොහැකි වු මට විතරක් නඩු පැවරුවා යැයි ව්‍යාජ ලෙස පුද්ගලයින් විදේශ ගත කළ බවට චෝදනා ලැබු ගුවන් සේවා නිලධාරියකු විත්ති කූඩුවේ සිට හඬා වැටෙමින් මීගමුව මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතා හමුවේ පැවසීය.
ජංගම දුරකථනයට කෙටි පණීවුඩයක් ලැබුණයි කියන පදනම යටතේ නීතීපතිවරයාගේ උපදෙස් මත මට විතරක් පැවරූ නඩුව නිසා අවුරුදු 11ක් තිස්සේ තමා උසාවි එන බවත් නඩුව ගැන කල්පනා කරලම විදුහල්පතිවරයකු වු තම පියා සිහිකල්පනාවත් නොමැතිව රෝගී වී ඇති බවත් පැවසු ව්‍යාජ ලෙස පුද්ගලයින් විදේශ ගත කළ බවට චෝදනා ලැබු තාරක මිහිනාථ මහතා තමාට සිදුවු දේ මේ ලෝකේ කිසිවෙකුටත් නොවේවා යැයි විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් පාර්ථනා කළේය.
අවුරුදු එකොළහකට පස්සේවත් තමාට යුක්තිය ඉෂ්ඨ කරදෙන්නැයි තාරක මිහිනාථ මහතා විත්ති කූඩුවේ හඬා වැටෙමින් මීගමුව මහෙස්ත්‍රාත් චම්පික රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටියේය
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
හිටපු නියෝජ්‍ය ඇමතිවරයකු වන චන්දන කත්‍රිආරච්චි මහතා නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ පක්ෂයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයකට පත් කරන්නැයි ඉල්ලමින්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යුක්තිය ඉල්ලා ගුවන් සේවා නිලධාරිය අධිකරණයේ හඬා වැටෙයි
සචින්ත Wednesday, 04 January 2023 06:55 PM
ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවේ මංත්‍රී කෙනෙකුව සිට සිරගතව සිටි කෙනෙක් මතකයට එනවා ඇති කියලා හිතෙනවා.
මොහාන් පිරීස් Wednesday, 04 January 2023 09:23 PM
අම්මෝ ආගමන විගමන නඩු ගැන නම් කතා කරන්න එපා...කාලයක් තිබුනා ලක්ෂ 4ක් 5 ක් දුන්න ගමන් නඩු නොපරාවම නිදහස් කරන...මිගමුවේ හැම ලොයර් කෙනෙක්ම දන්නවා.....ඒ නිළධාරියාට කර්මයට උත්තර දෙන්න උනාම තමයි ගත්ත සල්ලි මදි වෙන්නේ කියලා හිතෙන්නේ
sharm warn Thursday, 05 January 2023 09:20 AM
ඒ වුනාට අපේ අධිකරණය හරිම ස්වාධීනයි.
සම්පත් අබේරත්න Thursday, 05 January 2023 08:22 PM
නිතීපතිතුමා කොහොමද තුන් දෙනෙක් නිදහස් කරේ කියලා හොයලා බලන්න ඔනේ...අනිවාර්යෙන්ම දුෂිත නිළධාරියෙකුගේ වැඩක් වෙන්න ඇති. හිටපු නිතීපති කතා කරලා, අර තුන්දෙනාව නිදහස් කරන්න ඇති..උසාවිය යුක්තිය ඉටුකරාවී