IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘යුක්තිය‘ ගතවූ පැය 24 දී 1426 ක් අල්ලයි

(ගයාන් සූරියආරච්චි)

යුක්තිය මෙහෙයුම නව මුහුණුවරකින් ආරම්භ කිරීමත් සමඟ ගතවු පැය 24 තුළ දිවයින පුරා සිදුකරන ලද  මෙහෙයුම් වලින් අපරාධකරුවන්  1426 ක්  අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් 01 kg 86 g, අයිස්  782 g 722 mg, ගංජා 03 kg 774 g  මාවා  01 kg 100 g, මදන මෝදක  550 g 700 mg, තුල් 86 g 18 mg , ඈෂ් 380 g 64 mg සහ මත්පෙති1085 පොලිස් නිලධාරීන් විසින් සොයා ගනු ලැබීය.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 1403 දෙනා අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 213 ක්, රැදවුම් නියෝග මත රඳවා ගෙන විමර්ශනය සිදුකරන  පුද්ගලයින් 57 ක් වත්කම් විමර්ශන ආරම්භ කර ඇති  සැකකරුවන් 17 ක් සහ පුනරුත්ථාපන මධ්‍යස්ථාන වෙත යොමු කරන ලද සැකකරුවෝ 24ක් ද සිටිති.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 23  දෙනා අතර විෂ මත්ද්‍රව්‍ය සම්බන්ධ විවෘත වරෙන්තු 01, විෂ නොවන මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ විවෘත වරෙන්තුකරුවන් 21 ක් ද බල අපරාධ සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන්  සැකකරුවෙක් ද  සිටියි.

පාතාලය මැඩලීමේ යුක්තිය මෙහෙයුම යටතේ ඊයේ දිනය තුළ  පාතාල අපරාධකරුවන් 04 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අනුව, මේ දක්වා ලේඛනගත පාතාල අපරාධකරුවෝ 795 දෙනෙක්  අත්අඩංගුවට ගනු ලැබූහ.

 



අදහස් (3)

‘යුක්තිය‘ ගතවූ පැය 24 දී 1426 ක් අල්ලයි

Perera Friday, 05 July 2024 09:44 AM

කාලයක් සද්ද නැතුව ගිහින් ආයේ පටන් ගත්තා. ඕක ඉවරයක් කරලා දැන් ලංකාවේ කුඩු නෑ කියපු දවසට දාන්න හොඳ ලොකුවැයි ප්‍රවෘත්තියක්

:       2       7

ගිහාන්Friday, 05 July 2024 11:37 AM

පෙරේරා හරියට හරි. කුඩු බිංදුවක් වත් නැහැ කියලා කිව්වා දවසට අපි විශ්වාස කරන්නම්. එතකම් සංදර්ශන වැඩක් නැහැ.

:       2       4

තේජන Friday, 05 July 2024 11:34 AM

කුඩු ඇල්ලුවා කියල පොලිස් නිලධාරියා මරන්න ඇවිල්ලා වැරදිලා පී එච් අයි මැරුවා. මේක කුඩු කාරයින්ට ගිය රටද? කුඩු බොන උන් අල්ලල හරියන්නේ නැහැ. අපිට බොරුවට පෙන්නුවාට වැඩක් නැහැ. තමුන්ගෙම නිලධාරීන්ට තුවක්කුව අල්ලන පාතාලයෝ ඉවර කරල අපිට කියන්න.

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 488 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 1011 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 661 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 999 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1426 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 591 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24813 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site