හික්කඩුව ජාතික සමද්‍රිය උද්‍යානයේ දී මුහුදු ඉකිරි නැමැති බෙල්ලන් විශේෂයක් මාරාගෙන කමින් සිටි යුක්රේන ඡාතිකයකු අද (04) පෙරවරු 10.00 ට පමණ අත් අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තුමේන්තුවේ බස්නාහිර කලාප සහකාර අධ්‍යක්ෂක ඩබ්.ඒ.ඩී.ඉන්ද්‍රඡිත් මහතා පවසයි. ඔහු සමඟ සිටි ශ්‍රී ලාංකිකයකු ද අත්අඩංගුවට ගෙන ඇත.
වීඩියෝ - දීපාල් ද සිල්වා
වීඩියෝ - චමිල් රූපසිංහ
වෙළඳපොලේ බිත්තරයක සිල්ලර මිල විශාල වශයෙන් පහල ගොස් තිබේ.
බදුල්ලේ සිට මහනුවර බලා ධාවනය වු දුම්රියක් දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (24) දහවල් පීලි පැනීමකට ලක්ව ඇතැයි නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසය
රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා නැවත මැතිවරණ වලට ඉදිරිපත් වන්නේ නැතැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
ඉදිරි මහමහැතිවරණයේ දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා සියලුම ආසන සංවිධායකවරුන් අද (24) කොළඹට කැඳවා ඇතැයි සමගි ජන බලවේගය පවසයි.
ශ්‍රී ලංකාව නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බවත් මෙරට බහුතරයක් අනුර කුමාර දිසානායක මහතා වෙත තැ
කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
යුක්රේන ජාතිකයා විහින් අමාරුවේ වැටේ
ලක්මාල් Saturday, 04 July 2015 02:21 PM
එ්ක බොහොම හොද ආදර්ශයක්, විදේශිකයෝ හිතන් ඉන්නේ උන් සංචාරකින් වූ පලියට ලංකාවම කන්න පුළුවන් කියා.(බ)
සමගි Saturday, 04 July 2015 02:57 PM
හොඳ වෙලාවට රිමාන්ඩ් කරේ. ඉකිරියො විස සහිතයි(නදී)
අමිතා Saturday, 04 July 2015 04:05 PM
මොන ජරා කෑමද අනේ මේ මිනිස්සු කන්න පුරුදුවෙලා තියෙන්නේ? (නි)
ටෙනිසන් Saturday, 04 July 2015 05:10 PM
යුක්රේන ජාතිකයා මොනවා කරන්නද ලක්මාල්. ඒකත් එක්ක හිටපු ලාංකිකයනේ කවල තියෙන්නේ. (නදී)
අනුර Saturday, 04 July 2015 11:42 PM
මුහුදු ඉකිරියන් කන්න කිසිම තහනමක් නැහැ නේද? (නදී)
සරසි Sunday, 05 July 2015 01:35 AM
මහා ලොකුවට සංචාරක කර්මාන්තය ගැන උදම් ඇනුවාට සංචාරකයන්ට මේ රට ගැන දැනුවත් කිරීම් මදි. ලංකාවේ සංචාරකයන්ට බලපාන නීති, රීති සහ මේ රටේ සාමාන්‍ය සමාජ සිරිත් විරිත් ආදිය ගැන ඔවුන්ව දැනුවත් නොකර මෙහෙම කරන එක හරි මදි. මම කියන්නේ මිට පෙර මෙහි සංචාරය කිරීමේදී වැරද්දක් කර නැති කෙනෙක් නම් මේ නීතිය ගැන දැනුවත් කර විදේශිකයාව නිදහස් කිරීම සුදුසුයි. (නදී)
අජිත් Sunday, 05 July 2015 06:13 AM
මමත් දැකල තියනවා මාතර පොල්හේනේ විදේශිකයන් ඉකිරි මරාගෙන කනවා. මට තියන ප්‍රශ්නේ මොන නීතිය යටතේද අත්අඩංගුවට ගත්තේ කියල.බෙල්ලෝ අල්ලන්න පුලුවන්නම් ඉකිරි අල්ලන්න බැරි වෙන්න විදියක් නෑ. (බ)
ප්‍රදීප් Sunday, 05 July 2015 06:39 AM
මුහුදේ මාළු අල්ලන එකත් තහනම් කරන්න වෙයි. තේරුමක් නැතිවෙයිද මේවා අජිත් කිව්වා හරි (ම)
රංග ද සිල්වා Sunday, 05 July 2015 06:58 AM
මේ අයට ලියල තියෙන එක කියවලා තේරුම් ගන්න බැහැ හික්කඩුව සමුද්‍ර අභය භූමියක් තියෙනවා. හැබැයි මේක කිසිම නාමපුවරුවක නැහැ මොකක්ද සීමාව කියලා (බ)
පාරා Saturday, 04 July 2015 01:14 PM
අපේ රට සංචරායින්ගෙන් අාදායම් උපද්දන රටක් නිසා ඔවුන් දැනුවත් කළ යුතුයි. එම නිසා ඔහුව නිදහස් කිරීම අප රටට හොඳයි. (නදී)