යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කීගෙන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමතුමක් ලැබුණි. එහිදී, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි සමඟ රුසියන් යුක්රේන අර්බුදය අවසන් කිරීමේ සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වීය.
රුසියන් යුක්රේන අර්බුදයේ දී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය රජය මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කරයි. ඉන්දියාව, රුසියාව සමඟත් යුක්රේනය සමඟත් යහපත් සබඳතා පවත්වාගෙන යයි.
රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නර්නේද්‍ර මෝදිගේ සමීපතම මිතුරෙකි. රුසියාව සමඟ පවත්වන හිතවත්කම් ඒ අයුරින්ම පවත්වාගෙන යන අතර, යුක්රේනය සමඟ ඇති හොඳහිත පළුදු වීමට ද අග්‍රාමාත්‍ය මෝදි ඉඩ තබා නැත. ඉන්දියාව අඩු මිලට තෙල් මිලදී ගන්නේ ද රුසියාවෙනි.
යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමඟ දුරකතන සාකච්ඡාවක් පැවැත් වූ බවත්, එහිදී රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීම වෙනුවෙන් කරුණු 10 කින් සමන්විත සාම වැඩපිළිවෙළක් ගැන සාකච්ඡා කළ බවත් පැවැසෙයි.
ඊට අමතරව, දෙරට අතර වෙළෙඳ කටයුතු වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් ද සාකච්ඡා පැවැත්වුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට දුරකතන ඇමැතුමක් ලබා දුන් බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ද පවසා තිබේ. ‘ජී20 සමුළුවේ සභාපති ධුරය ඉන්දියාවට හිමිවී ඇත.
2023 වසරේ ‘ජී 20’ සමුළුව පැවැත්වෙන්නේ ඉන්දියාවේය. ‘ජී20’ සභාපති ධුරය ඉන්දියාවට හිමිවීම සම්බන්ධයෙන් ද තමන් ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට සුබ පැතූ බව ජනාධිපති සෙලෙන්ස්කී පවසා ඇත.
මීට දින කීපයකට පෙර, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී ඇමෙරිකාවේ සංචාරයක නියැලිණි. රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වීමෙන් පසු යුක්රේන ජනාධිපතිවරයා ඇමෙරිකාවේ සංචාරය කළ පළමු අවස්ථාව එය විය.
එහිදී ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් සමඟ ද කරුණු 10 කින් සමන්විත නව සාම වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී සාකච්ඡා පැවැත්වීය.
(එන්.ඩී.ටීවී.)
පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු සියලුම ඉන්ධන වර්ගවල මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කළේය.
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
යුක්රේන ජනපතිගෙන් අගමැති මෝදිට ඇමතුමක්
සදොඉප Wednesday, 28 December 2022 08:00 AM
සාමයක් ඇතිවෙනවානම් හොදයි .
සිල්වා Wednesday, 28 December 2022 08:17 AM
සෙලන්ස්කි, ඔබ ඇමරිකානු ලනු කාල ඇමරිකාව වෙනුවෙන් තමන්ගේ රට විනාශ කර ගන්නවා.
කිරිපුතා Wednesday, 28 December 2022 09:42 AM
අසාමාන්‍ය ඇමරිකන් ගැති භාවය යුක්රේනයේ විනාශයට හේතුව වග අවබෝධ කරගන්නා තුරු ඔවුනට මේ විනාශයෙන් ගැළැවිය නොහැක.
අජිත් Wednesday, 28 December 2022 10:56 AM
බලවත් අසල්වාසී රාජ්‍යය සමඟ ගනුදෙනු කරන ආකාරය මත රටක ආරක්ෂාව රඳා පවතී.
mangalaWednesday, 28 December 2022 12:49 PM
එහෙම කියලා ඒ බලවත් සහ විශාල රටේ පදයටම නටන්න ඕනෑ නැහැ. උදාහරණ රුසියාව සහ ෆින්ලන්තය, මැලේසියාව සහ සිංගප්පූරුව. ඒ රටත් එක්ක හොඳින් සහ තමන්ගේ ආරක්ෂාව ගැන සැලකිලිමත් වුණා නම් ඉතා හොඳයි. තවත් දෙයක් එකතු කරන්නම්... ෆින්ලන්තයේ සහ සිංගප්පූරුවේ වාසය කරන සෑම දෙනෙකුටම අවු.16න් පසු ආදායම් බලපත්‍රයක් සහ යුද හමුදා පුහුණුව අනිවාර්යයි. තමන්ගේ රට ආපදාවකට හෝ යුදමය තත්වයකට මුහුණ දුන්නොත් පැය 12ක් තුළ මුළුරටම යුද සූදානමකට ගත හැකියි...