IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


යකා පොල් ගහේදී පිළිස්සෙයි

ගමට එහි වැසියන්ට සෙත් පතා කොළඹට ආසන්න විහාරස්ථානයක ශාන්තිකර්මයක් පසුගියදා පැවැත්විණි. බෙර වාදකයන්, යකැදුරන් ඇතුළු බොහෝ පිරිසක් එහි පැමිණ සිටි අතර අධික වියදමක් දරා එය සංවිධානය කැර තිබිණි.

පන්සලේ ඇති දේවාලයේ අනුග්‍රහයද මීට ලැබිණි. යකැදුරා ආවේශ වී දුම්මල හතර අතේ ඉහළ අහසට නංවමින් ශාන්තිකර්මය ඇරඹීය. මධ්‍යම රාත්‍රියද පසුවී තිබියදී එය දිගටම පැවැත්විණි.

ඒ අතරතුර යකැදුරු ගැසූ දුම්මල පහරක් (කීල) මගින් අසල ඇති පොල්ගසක අත්තක් ඇවිලී ගියේය.

පොල් අත්ත ඇවිලීමෙන් ඇතිවූ ගින්න හේතුවෙන් අනෙක් අතුද ගිනි ගෙන මුළු පොල් ගහම විනාශවී ගිය අතර යකැදුරාට ගින්න නිවා ගැනීමට හැකියාවක් නොලැබිණි.

ශාන්තිකර්මය නැරඹීමට පැමිණ සිටි පිරිස පොල් ගස දෙස බැලුවේ යක්ෂයා ගසට ආරූඪ වී ඇත්දැයි සැකයෙනි. විහාරයේ හිමියන්ට ශාන්තිකර්මයක් කරන්නට ගොස් පොල් ගසක්ද අහිමිවූ බව ගැමියෝ කියති.



අදහස් (0)

යකා පොල් ගහේදී පිළිස්සෙයි

විජේ Saturday, 07 May 2016 04:23 AM

පොල්ගහට කට තිබුනා නම් කියාවි මේ වගේ අයටනේ මම මෙච්චරකල් කන්න දුන්නේ, මටත් ලැජ්ජාවේ බැහැ කියලා (නි)

:       0       0

රුවන් Monday, 02 May 2016 08:23 AM

පන්සලක මේ දේ කල එක ගැන මගේ මනාපයක් නම් නෑහෑ නමුත් අපේ පාරම්පරික උරුමයන් ශිල්පයන් වලට නිගරු කරන කලුසුද්දෝ නිසයි ලංකා ඉතිහාසයත් වෙනස් වෙන්නේ මෙවෑනි දේවල් අප රෑක ගත යුතුයි. (ර)

:       0       0

අශිකා Friday, 29 April 2016 04:11 AM

ලංකාවේ ගොඩක් මිනිස්සු ටාමත් ජීවත් වෙන්නේ පැරණි මිත්‍යා මත වල එල්බ ගෙනි,,මේ මිනිස්සු නිසා අපේ රට තවත් පස්සට යන්නේ, මේ රජය මැදිහත් වී හෝ තහනම් කළ යුතුයි,,කොහෙද ඉතින් අපිට ඉන්න දේශපලුවොත් මෙව්වා ඉහලින්ම විශ්වාස කරනවා නේ,මේවා විශ්වාස කළ ප්‍රබල දේශපාලුවකුට නම් පුටුවත් දාල ගෙදරම යන්න සිදු වුණා ඒවගෙන් වත් හැදෙන පාටක් නම් නෑ (බ)

:       0       0

පද්මිණි Saturday, 30 April 2016 11:05 AM

යක්කු සමහර පන්සල් වලට අරක්ගෙන තිබෙන බව දැන් අපිටත් පෙනෙන්නට තිබෙනවා. (නි)

:       0       0

සිසිර Thursday, 05 May 2016 12:31 AM

මෝහයෙන් මුලාවුණ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)

:       0       0

විජේ Thursday, 28 April 2016 02:26 PM

අපරාදේ පොල්ගහ. (ර)

:       0       0

ජනරංජන Friday, 29 April 2016 07:41 AM

ඔය දෙවියෝ කොයි ජාතියකට ආගමකට අයත් අයද දන්නේ නැහැ. (ර)

:       0       0

මධුසංක Thursday, 28 April 2016 03:37 PM

කොළඹ යක්කු ඉන්නේ දියවන්නාවේ. හාමුදුරුවනේ පොල් ගහට නෙමේ උන්ට ගහමු දුම්මල.(බ)

:       0       0

ධනුක Friday, 29 April 2016 05:51 PM

ගමටත්, වැසියන්ටත් සෙත් පතන්නනම් කරන්න තිබුනේ ගමේම මිනිසුන් ඒකරාශී කරගෙන ධර්ම දානමය පිංකමක් සංවිධානය කිරීම නේද? (ර)

:       0       0

ශාන්ත Thursday, 05 May 2016 02:56 AM

අවමන් කරන්න එපා. මේ දේවල් අපේ සංස්කෘතික අංග. ඒවා සංරක්ෂණයට ඉඳහිට කෙරෙන මෙබඳු සංදර්ශන ඉවහල් වෙනවා. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 01 May 2016 01:52 AM

ඔය බොරු වැඩ කරන්නේ නැතුව සර්වරාත්‍රික පිරිත් දේශනයක් කරලා පසුදා දානයක් දුන්නා නම් හැමෝටම පිනකුත් ලැබෙනවා. තුණුරුවන්ගේ ආශිර්වාදයත් ලැබෙනවා. ගමටම යහපතක් වෙනවා. හාමුදුරුවන්ට පොල් ගහත් ඉතුරු වෙනවා. (නි)

:       0       0

සිරිතුංග Thursday, 28 April 2016 04:24 PM

මොනවද මේ වැඩ. (ර)

:       0       0

ධනුක Sunday, 01 May 2016 12:49 PM

ගිහි ගෙදරකවත් නොකළ යුතු, බුදුරජාණන් වහන්සේ පවා බැහැරකළ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, හදි හූනියම් වගේ දේවල් ඇයි පන්සල් තුළට වැද්දාගෙන බුදුරදුන්ටත් අවමන් කරන්නේ? (නි)

:       0       0

ලක්ෂිත Sunday, 05 June 2016 07:59 AM

පොඩි අත්වැරදීමක්නෙ. එච්චර හිතන්න එපා ළමයි (නි)

:       0       0

කමල් Sunday, 01 May 2016 04:36 AM

කොළඹ ඉන්නවද මේ වගේ මේවා විස්වාස කරන මිනිස්සු. (ර)

:       0       0

අනුර Friday, 29 April 2016 09:23 AM

මෙවැනි විශ්වාස යුරෝපයේත් පවතින බව අපි දන්නේ නැහැ මුහුද දෙබෑ කල තැනින් හමුදාවක් ගමන් කල බව විශ්වාස කරනවා මිනිසුන් සත්‍යට වඩා තම විශ්වාසය තහවුරු කරනවා ඒවාට අපි නිගරු කලයුතු නොවේ ලංකාවේ අනෙකුත් ප්‍රදෙස වල ඉන්නේ ගල් යුගයේ මිනිසුන් නොවේ. (ර)

:       0       0

ගුණරත්න Thursday, 28 April 2016 06:04 PM

මෙවැනි නීච දේ සංවිධානය කරන චීවරධාරීන් බුදුදහමට නින්දාවක් (බ)

:       0       0

පිටබැද්දර ජයා Saturday, 30 April 2016 03:37 AM

මේ ශාන්තිකර්ම කියන්නේ මානසික ව්‍යාධි වලට කරන මානසික කෙමක්. නැටුම්, ගැයුම්, වැයුම් නරඹන ආතුරයෝ මනසින් සතුටු වෙනකොට තිබුන අලකලංචි අමතකවෙලා ගිහින් මානසික සුවයක් ලබනවා. අමතක කරන්න එපා බටහිර මනෝ වෛද්‍යවරු බිහිවෙන්න කලින් ඉඳලා අපේ යක්දෙස්සෝ පාරම්පරිකව මේ ශිල්පය පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන මේ දක්වා ගෙනවිත් තියෙන්නේ ලොකු කැපකිරීම් කරලා බව. අපි හැමදාමත් අපේ දේ පහළට දාලා අනුන්ගේ කරුම කරපින්නාගත් නිසා තමයි අපිට හැමදාමත් වැරදුනේ (නි)

:       0       0

මලික් Sunday, 01 May 2016 07:35 PM

ආයෙත් මෙහෙම දේවල් නොකර හිටියොත් ඒකත් මදෑ (නි)

:       0       0

ටෙනිසන් Saturday, 07 May 2016 02:09 AM

මේ මිනිස්සු මේතරම් අනුවණ විදිහටද හිතන්නේ? (නි)

:       0       0

අබේරත්න Thursday, 28 April 2016 11:45 PM

කොළඹ වෙලත් තාම ගල් යුගයේ (බ)

:       0       0

සරත් පර්ත් Friday, 29 April 2016 12:58 AM

සහතික ඇත්ත හාමුදුරුවනේ ගහමු දියවන්නාවේ උන්ට දුම්මල (බ)

:       0       0

ඉනෝකා Thursday, 28 April 2016 01:18 PM

මොන යක්කුද.? අපරාදේ පොල්ගහ... (ර)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

IIFA හොඳම නළුවා ෂාරුක්
2024 ඔක්තෝබර් මස 01 1 0

24 වැනි අයිෆා IIFA - International Indian Film Academy Awards සිනමා සම්මාන උළෙල අති උත්කර්ශවත් අන්දමින් පසුගිය දා අබු ඩාබි හිදී පැවැත්විණි. IIFA යනු ඉන්දියාවෙන් පිට පැවැත්වෙන ඉන්දීය සම


ලෝක ළමා - වැඩිහිටි දිනය අදයි
2024 ඔක්තෝබර් මස 01 7 0

ලෝක ළමා සහ වැඩිහිටි දිනය අදට (01)යෙදී ඇත. මෙවර ලෝක ළමා දිනයේ තේමාව වන්නේ ‘‘දරුවන් රැකගමු සම සේ රැකගමු‘‘ යන්න වේ. මෙම දිනය නිමිත්තෙන් දිවයින පුරා දරුවන් වෙන


මාර්බර්ග් වයිරසය රුවන්ඩාවේ පැතිරේ
2024 ඔක්තෝබර් මස 01 18 0

‘මර්බර්ග්’ නමැති වයිරසය මේ වනවිට අප්‍රිකා රාජ්‍යයක් වන රුවන්ඩාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වේ. ‘මර්බර්ග්’ අයත් වන්නේ ද ‘ඉබෝලා’ වයිරසය අයත් වයි


ග්ලැසියර දියවෙලා දේශසීමා වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 01 40 0

ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ ගොස්, ග්ලැසියර දියවී, ඉතාලියේත් ස්විට්සර්ලන්තයේත් දේශසීමාව වෙනස් වී ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.


ගොඩබිම් ප්‍රහාරයකට සූදානම්
2024 ඔක්තෝබර් මස 01 85 0

තමන් සතු සියලුම හමුදා ශක්තිය යොදා ගනිමින්, ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් පරාජය කරන බවත්, දකුණුදිග ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන්ට එරෙහිව ගොඩබිම සටන්


ඊශ්‍රායලයට පුළුවන් තරම් සම්බාධක දාන්න ඕනෑ
2024 ඔක්තෝබර් මස 01 101 0

ලෙබනනයට පහර දීම ආරම්භ කළ ඊශ්‍රායලය අමුඅමුවේ අන්තර් ජාතික නීති උල්ලංඝනය කරන බවත් ඊශ්‍රායලයට හැකි උපරිමයෙන් සම්බාධක පැනැවීමක් කළ යුතු බවත් බෙල්ජියමේ අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38318 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25246 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 261 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 855 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 309 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site