
(අංජුල මහික වීරරත්න)
යුගයට ගැලපෙන ආයතනික ව්‍යුහයක් නිර්මාණය කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
ජනාධිපතිවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා රේගුවේ උසස් නිලධාරීන් සමඟ 2025 අයවැය සහ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (05) පැවැති සාකච්ඡාවේදීය.
රේගුවේ පවතින අකාර්යක්ෂමතාව, වංචා දූෂණ සහ ජනතාව තුළ රේගුව ගැන පවතින අප්‍රසාදය පිළිබඳවද සාකච්ඡා කෙරිණි .
රේගු දෙපාර්තමේන්තු මෙහෙයුම් කටයුතු වේගවත් කිරීම සඳහා නව තාක්ෂණය යොදා ගැනීමෙන් සේවා සැපයීම කාර්‍යක්ෂම කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය.
රේගු දෙපාර්තමේන්තුවෙහි නව ප්‍රතිව්‍යුහගතකරණ සැලසුම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකා රේගුව තුළ පවතින අක්‍රමිකතා තුරන් කිරීම සඳහා දැඩි නීති සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
783
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
577
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුගයට ගැලපෙන්න රේගුවේ වෙනසක්
හසක Wednesday, 05 March 2025 08:06 PM
රේගුව ගැන දැනගන්න රේගුවේ සේවාවන් ලබාගන්න සාමාන්‍ය ජනතාවගෙන් අදහස් ලබාගන්න. ඒ මිනිස්සු මොනතරම් අපහසුතාවට පත්වෙනවද කියල සමීක්ෂණයක් කෙරුවොත් 80% විතර "නෙගටිව් ෆීඩ්බැක්" තමයි එන්නෙ. ඒ මත පදනම් වෙලා තීරණ ගත්තොත් හරියයි. නැත්තම් ඉතින් දැන් තියෙන පාස්පෝට් වැඩේ වගේම තමයි.