IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


යෝජනාව පැරැදවීම පිටුපස මහින්ද

භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත් වීම පිටුපස  ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ  කූඨ උපක්‍රමයක්  බවත් මෙම පනත පැරැදවීමෙන් රජයේ ඉදිරි ගමනට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්  මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසිය.

මෙය පරාජය වීමෙන් දුප්පත් ජනතාවගේ ආර්ථිකයට බලපෑමක් විය හැකි බවත් ඊට වගකිව යුත්තේ මීට විරුද්ධව ඡන්දය දුන් විපක්ෂයේ  මන්ත්‍රීන් බවත්  පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ජනතාවට සහන සැලැසීමේ වැඩපිළිවෙල නතර නොකරන බවයි.



අදහස් (0)

යෝජනාව පැරැදවීම පිටුපස මහින්ද

කසුන් Wednesday, 08 April 2015 05:35 AM

කිරින්ද කියන්නේ යූ එන් පී එකට කඩේ යන කුලී කාරයෙක්. (ස)

:       0       0

චන්දන රණසිංහ Wednesday, 08 April 2015 05:56 AM

මේ ආණ්ඩුවත් අලිමංකඩ යනව කිව්වට යන්නේ පාමංකඩ බොලන්. (ස)

:       0       0

කුමාර Wednesday, 08 April 2015 05:57 AM

මහින්ද ද එහෙනම් රනිල් සහ රවි කරුණානායකත් ඒ වෙලාවේ සභාවෙන් එළියට ගත්තෙ.. මාරයි.. මහින්ද තාමත් වැඩ කාරයෙක්නේ.. මහින්දට බනින්න කලින් හොයලා බලන්න.. යූ.එන්.පී. එකේ ඉන්න 47 හිටියද? යෝජනාව ගෙනාපු මුදල් ඇමති රවි හිටියද? නායකත්වය දෙන රනිල් හිටියද?.. මේ ආන්ඩුව පරිපාලන හැකියාවක් නැති අති දුර්වල ආණ්ඩුවක්.. එච්චරයි කියන්න තියෙන්නෙ. (ස)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Wednesday, 08 April 2015 05:58 AM

මට අද උදේ වැසිකිලි ගියාට වැඩක් වුනේ නැහැ.හිටපු ජනාධිපති තුමාගේ යටි කූට්ටු වැඩක්! (ස)

:       0       0

විශ්ව Wednesday, 08 April 2015 05:58 AM

ඉක්මනින්ම මහ මැතිවරණයකට යා යුතුයි. නැත්නම් සුළුතර ආණ්ඩුවකින් ජනතාවට වැඩක් කළ නොහැක. ඉන්න හොරු කකුලෙන් අදිනවා. (ස)

:       0       0

නනාක් Wednesday, 08 April 2015 06:08 AM

මේ හමුදාව පාමංකඩ යන්නේ කියල අපහාස කරපු මිනිහනේ ... මෙයා කියන දේවල් කොහොම විස්වාස කරන්නද.. ? (ස)

:       0       0

රන්ජිත් Wednesday, 08 April 2015 04:35 PM

නටන්න බැරි මිනිහට පොළව අැදයි කියන කියමන හරියටම හරි නේද? (ස)

:       0       0

සුසන්තිකා Wednesday, 08 April 2015 06:22 AM

නටන්න බැරි මිනිහට පොළව ඇදයි තමා. (ස)

:       0       0

ගයන්ත Wednesday, 08 April 2015 04:55 PM

එදාවේල කන්න බැදුම්කර නිකුත් කරාම හරිද? කියන්නෙ නම් ආර්ථික ඔස්තාර්ල කියල රාජ්‍ය මූල්‍ය පාඩම අපිට තිබුණේ 10 වසරෙදි. ඒකෙ සරළම පාඩමක් තමා මහබැංකු බැදුම්කර, බිල්පත් වර්ථන වියදම් පියවන්න මේව භාවිතා කරනව කියන්නෙ හරිම බන්කොලොත් සහ විනාශකාරී වැඩක් කියල තේරුම් ගන්න මහ දැනුමක් ඕනෙ නෑ. (ස)

:       0       0

කුරුවිට Wednesday, 08 April 2015 06:27 AM

ඉස්සර මොකුත් කරන්න බැහැ ප්‍රභාකරන් නිසා දැන් කරන්න බැහැ මහින්ද මහත්තය නිසා (ම)

:       0       0

සුපුන් Wednesday, 08 April 2015 06:42 AM

දින100 අපි නෙවෙයි දුන්නේ. යහපාලනේ අය තමයි කිව්වේ දින 100න් ඔක්කොම කරනවා කියල. මහින්දට හොරකනුත් කරලා රට සංවර්දනය කරන්නත් සල්ලි තිබුන. මෙයාලට වැඩ කරන්නත් සල්ලි නෑ.කොහොමත් ඊලඟ ඡන්දෙ එනකල් විතරයි ඔය ඔක්කොම සෙල්ලන්..දැන්වත් මහින්ද මහත්තයාගේ අඩුව පාඩුව දැනෙනවා හොඳින්ම. මිනිස්සුන්ට වෙච්ච වැරැද්ද හදාගන්න මිනිස්සු මගබලන් ඉන්නේ. (ස)

:       0       0

රානා Wednesday, 08 April 2015 06:56 AM

මට අද අලිමංකඩ යන්න ගියාට පාමංකඩ වත් යන්න බැරිඋනා.මගේ අඩුපාඩුවක් නොවේ. අර මනුස්සයාගේ කුමන්ත්‍රණයක්. (ස)

:       0       0

සිරිසේන ඩී.පී.ඒ. Wednesday, 08 April 2015 05:32 PM

මහින්දට එය කරන්න පුලුවන්නම් ඔය සේරටම වඩා මහින්ද බලවත්නෙ. රවි ගෑන අපි දන්නව (ස)

:       0       0

මහානාම - කඳාන Wednesday, 08 April 2015 06:57 AM

කිරින්ද කියන මහතා හොඳට වචන ගලපන්න හැදුවාට , එහි හරයක් නොමැත . කරුණාකර හරි දේට හරි සහ වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙන්න . ගිය ආණ්ඩුව කරපු දේවල් කරන්න නම් මේ ආණ්ඩුව පත් කර ගන්න ඕනෙද ? රවී ඇමතිතුමාගේ නොහැකියාව පෙනුන මේ එක අවස්තාවක් පමණි , මෙන්ෂන් ටැක්ස්, සුරා බදු නිෂ්පාදක ටැක්ස් , මේ සියල්ල අසාර්ථකයි. (ස)

:       0       0

වික්‍රමාරච්චි Wednesday, 08 April 2015 07:01 AM

දින 100 යි -රට විනාසයි. (ස)

:       0       0

විජයබාහු Wednesday, 08 April 2015 07:26 AM

වාතයක් ගියත්... එ්කටත් මහින්ද සම්බන්ද ඇති අනිවාර්යයෙන්ම.. අන්තිමට ළමයි හම්බ උනාමත් කියයි එ්කත් මහින්දගේ වැඩක් කියල. (ස)

:       0       0

ඉන්දික Wednesday, 08 April 2015 01:48 AM

වැඩ බැරි හොරු හැමවෙලේම අනුන්ට ඇඟිල්ල දිගු කර කර ඉන්නවා. මිනිස්සු මෝඩයෝ කරන්න බැහැ තවත්.ඡන්දෙදි මේවට පිළිතුරු ළඟදීම ලැබේවි. (නි)

:       0       0

කුමාර Wednesday, 08 April 2015 01:56 AM

තමන්ගේ නොහැකියාවට කවුරුවත් පළිද? (නි)

:       0       0

නිහාල් Wednesday, 08 April 2015 01:56 AM

නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියනවනේ! (නි)

:       0       0

භානු Wednesday, 08 April 2015 01:56 AM

මම අසා තිබෙනවා ලංකාවේ නීතියක් තිබෙනවා මෙහෙම රාජ්‍ය මට්ටමේ වංචා දුෂණ නඩුවකින් කවුරුන් හෝ නිදහස් වුණොත් ඉන්පසු ඒ පුද්ගලයා අතින් ඇත්තටම එහෙම දෙයක් වුණත් නීතිය හමුවට පමුණුවන්න බැරිවෙන අවස්ථා නීත්‍යානුකුලව ඇති බව. ඔය ඔප්පු කරන්න බැහැ කියලා තේරෙන්නේ ඔය කාරණාව නිසා වෙන්න පුළුවන්. උගත් පාඨක නීතිවේදීන් මේ ගැන දන්නවා ඇති. (නි)

:       0       0

ශෙහාන් Wednesday, 08 April 2015 01:58 AM

හොරු හොරකම් කරන්නේ අහුවෙන්නද? කළ දේවල් දිහා බලලා තමයි හැමදේම තියාගෙන පැරදුනේ (නි)

:       0       0

ඉෂාර Wednesday, 08 April 2015 01:58 AM

දැන් ඉතින් ඔහොමවත් කියමුකෝ! (නි)

:       0       0

දහම් Wednesday, 08 April 2015 02:00 AM

එහෙනම් මහින්ද මේ ආණ්ඩුවට වඩා බලගතුයිද? (නි)

:       0       0

ශාන්ත Wednesday, 08 April 2015 02:08 AM

මහින්ද පාර්ලිමේන්තුවේ වැඩ කඩාකප්පල් කරනවා නම් වහාම විසුරුවා හරින්න. මහින්දවාදීන්ට නාමයෝජනා නොදී හිටියහම තරු පෙනෙයි. (නි)

:       0       0

සමන් Wednesday, 08 April 2015 02:14 AM

අනේ ඇත්තට මෙහෙමත් කතා! (නි)

:       0       0

විජිත Wednesday, 08 April 2015 02:14 AM

එතුමා මොනවා කරන්නද මේවට? (නි)

:       0       0

මලික් Wednesday, 08 April 2015 02:14 AM

සමහරු ඉතින් බලයේ ඉන්න කාලයේත් කළේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ කකුලෙන් ඇදපු එකනේ. අනිත් මිනිසුන්ට එහෙම නොකරයි කියලා කාටද හිතන්න පුළුවන්? (නි)

:       0       0

ලීල් Wednesday, 08 April 2015 02:17 AM

මහින්දට එහෙම දෙයක් කරන්න තවම පුලුවන් නම් ආණ්ඩු පක්ෂයක් මොකටද? (නි)

:       0       0

සත්‍යපාල Wednesday, 08 April 2015 02:27 AM

දැන් මොනවා කරන්න ගිහින් වැරදුනත් ඒකත් කියන්නේ මහින්ද හින්දා කියලයි. (නදී)

:       0       0

දුමින්ද Wednesday, 08 April 2015 02:35 AM

පැරදුන කෙනා වඩා බලවත්ද? (නි)

:       0       0

අනුර-ඩුබායි Wednesday, 08 April 2015 03:00 AM

දුප්පත් ජනතාවට වෙන සෙතක් නම් නැහැ. (නි)

:       0       0

සමන් Wednesday, 08 April 2015 03:03 AM

රවී මහත්තයෝ, මේකේ තිබෙන ප්‍රතිචාර ටික හොදටම ප්‍රමාණවත් වේය කියා මම හිතනවා මින් ඉදිරියටවත් දෙපාරක් හින්න.වතුර ටික පැහෙනතුරු විතරනේ හැළියේ කකුළුවෝ ජල ක්‍රීඩාවේ යෙදෙන්නේ. (නි)

:       0       0

කමල් Wednesday, 08 April 2015 03:04 AM

අපි නම් මේවා පිළිගන්නෙ නැහැ (නි)

:       0       0

නිමේෂා Wednesday, 08 April 2015 09:26 AM

කිරින්ද මහත්මයෝ, බොරුවට කහින්න එපා.. කැස්සනම් කොත්ත මල්ලි වතුර ටිකක් බිලා නිදා ගන්නකෝ.. දැන් කොත්තමල්ලි අඩු කල එකේ....(ම)

:       0       0

දොන් Wednesday, 08 April 2015 03:12 AM

මේක මහින්දගේ වැඩක් වෙන්න බැහැ (නි)

:       0       0

සම්පත් Wednesday, 08 April 2015 03:13 AM

කොහොමත් මහින්ද රටට කළ ඒවාගෙන් කෝටියකින් පංගුවක්වත් මෙයාලට කරන්න බැහැ කියලයි මම නම් හිතන්නේ (නි)

:       0       0

පූරසී Wednesday, 08 April 2015 09:32 AM

මේ අය දින සීයෙන් රට කාල වාර්තා තියන්න යන්නේ. ලෝකේ රටක් දින සීයෙන් ආසියාවේ දෙවෙනි හොඳම ආර්ථික දියුණුව තිබු තැනින් ආසියාවේ අන්තිම තැනට. රවීගේ අම්මට හොඳට හෙම්බිරිස්සාව වගේ ඇති මේ දවස්වල. (ස)

:       0       0

ඉසුරන්දි Wednesday, 08 April 2015 03:15 AM

පුදුම ආදරයක් තියෙන්නේ, මේ හැම දේශපාලකයෙකුටම දුප්පත් ජනතාව කෙරෙහි. (නි)

:       0       0

අමිල Wednesday, 08 April 2015 03:19 AM

මහින්ද මහත්තයා තමයි වීරයා (නි)

:       0       0

මහානාම - කඳාන Wednesday, 08 April 2015 03:19 AM

දින 100 ගෙවෙන්නත් කලින් ජනමතය වෙනස් වේගෙන යනවාද කියලා හිතෙනවා. හෙට අනිද්දා මොනවා වුණත් මහින්ද මහතා හෝ විපක්ෂය කියන තැනට ආණ්ඩුව පත්නොවේද? රවී ඇමතිතුමනි, මිට වඩා වගකීමෙන් කතා කළොත් හොඳයි නේද? (නි)

:       0       0

සම්පත් Wednesday, 08 April 2015 03:22 AM

කිතුල් ගහට ගිය කෙනාටත් කියන්න දෙයක් තිබුනලුනේ (නි)

:       0       0

සපරමාදු Wednesday, 08 April 2015 03:30 AM

රවී මහත්තයෝ ඔබ වපුරපු දේම තමයි නෙලාගන්ඩ පුළුවන් වෙන්නේ. (ස)

:       0       0

පිංකි Wednesday, 08 April 2015 03:31 AM

මේ රවීට පිස්සු. (ස)

:       0       0

නලින් Wednesday, 08 April 2015 03:32 AM

තමුන්ගේ වැරදි වහගන්න අනුන්නට ඇඟිලි දික්කරන්න එපා.....ඔහෙලගෙ කෙරුවාව අපිට හොඳටම පේනවා..බොරු බයිලා ගහන්නේ නැතුව ඉන්න මහත්තයෝ. (ස)

:       0       0

වසන්ත Wednesday, 08 April 2015 03:35 AM

වහාම මහා මැතිවරණයක් තියන්න ඕනෑ. (නි)

:       0       0

අනුර Wednesday, 08 April 2015 03:35 AM

වැඩ බැරි නම් පුලුවන් කෙනෙකුට දෙන්නකෝ (නි)

:       0       0

අසංක රාජපක්ෂ Wednesday, 08 April 2015 10:39 AM

ඒ කියන්නෙ තාම මහින්ද අතේ තමයි බලේ තියෙන්නේ (බ)

:       0       0

එස්.ටී. අබේනායක Wednesday, 08 April 2015 03:37 AM

රට කරවන්න බැරි නම් ඇයි බාරගත්තේ? ආශ්චර්ය දැන්වත් දැනෙනවා ඇති නේද? (නි)

:       0       0

අසංක Wednesday, 08 April 2015 03:38 AM

ඔව් ඉතින් මොනවාහරි කියන්න තියෙන්නත් එපායැ (නි)

:       0       0

සරත් Wednesday, 08 April 2015 03:40 AM

ඔබතුම පනතට ඡන්දය විමසන අවස්ථාවේ එහි නොහිටියේ මහින්දගේ කුට උපායට යටවෙලද? (ස)

:       0       0

නාලනී Wednesday, 08 April 2015 03:43 AM

දැන්වත් ඇත්ත පිළිගන්න (නි)

:       0       0

සමන් Wednesday, 08 April 2015 03:46 AM

ඔන්න වැඩ බැරි ටාසන්ලා බිලා එපා ගෙදර යන්න (නදී)

:       0       0

මනික් Wednesday, 08 April 2015 03:50 AM

කරන්න බැරි වැඩ වැඩ කරන්න පුලුවන් කෙනෙකුට බාර දිල ගෙදර යන්න. බොරුවට අරයට මෙයාට ඇඟිල්ල දික්කරන්නේ නැතුව. (ස)

:       0       0

මෑඩ් Wednesday, 08 April 2015 03:51 AM

ඕන කෙනෙකුට මුදල් ඇමති කම කරන්න පුලුවන් වගේ නේද මචන්? (ස)

:       0       0

මැනි Wednesday, 08 April 2015 03:57 AM

කරන්න බැරි වැඩ වැඩ කරන්න පුලුවන් කෙනෙකුට දිල ගෙදර ගිය නම් හොඳයි. අරයට මෙයාට ඇඟිල්ල දික් කරන්නෙ නැතුව. (ස)

:       0       0

ප්‍රකාශ් Wednesday, 08 April 2015 11:57 AM

අයිති නැති ආණ්ඩුවක් නේද?කරන්නේ.ඕකට තමයි ජඩ පාලනය කියන්නේ. ඉස්සර මහින්ද මහත්මා හරියට යුද්ධය කරගෙන යන කොටත් කියපු දේවල් ජනතාව දන්නවා.බොරුව ,කුමන්ත්‍රණයට බුද්ධිමත් ජනතාව කැමති නැහැ.රවිලාගේ උත්පත්තියත් මේ රටට විනාශයක්. තමන්ගේ නොහැකියාව තමයි ඔය පෙන්නන්නේ (අ)

:       0       0

විල්සන් Wednesday, 08 April 2015 04:01 AM

මහින්ද මහතා එහෙම බල‍නක‍ොට කොච්චර බලවත්ද? (නි)

:       0       0

කරුණාරත්න Wednesday, 08 April 2015 04:04 AM

මේ අයම තමයි කිව්වේ කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා.ගසාකෑම කොහොම වුණත් රටට වැඩක් කළේ මහින්ද මහත්තයා විතරයි. (නි)

:       0       0

සුගත් Wednesday, 08 April 2015 04:09 AM

ජනතාව මේ රජය පත්කළේ යහ පාලනයක් බලාපොරොත්තුවෙන්. රට ජාතිය ගැන නොතකා වැඩ කරනවා නම් ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනා. මහින්ද නැවත දේශපාලනයට එනවා කියන එක ප්‍රශ්නයක් වෙන්න බැ. මොකද, මොන කෙනා දේශපාලනය කරත් ජනතාව තෝර ගන්නෙ සුදුසු කෙනා. තමන් හරියට වැඩ කරනවා නම් බය වෙන්නේ මොකටද? (නදී)

:       0       0

කිරින්ද Wednesday, 08 April 2015 04:13 AM

මේ සිදුවීම දිහා බැලිය යුත්තේ පසුගිය රජය පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව රාජ්‍ය නය සීමාව ඉක්මවා නය ලබා ගැනීමේ පසුබිම් කතාව සමගය. ඊයේ පාර්ලිමේන්තුවේ කැගහපු දිනේස්ලා බන්දුලාල පසුගිය රජයේ ඇමති තනතුරු දරද්දී මුල්‍ය විෂමතා ගැන එක වචනයක්වත් පාර්ලිමේන්තුවේ කතාකරන්නේ නැතුව ඉඳල දැන් ශ්‍රද්ධාවන්ත පින්වතුන් විදියට හැසිරෙන්නේ කොහොමද ? (නදී)

:       0       0

අනිල් Wednesday, 08 April 2015 04:17 AM

මහින්ද , මහින්ද මහින්ද.... හීනෙනුත් පෙනෙන්නෙ වැඩක් කළ මහින්ද (නි)

:       0       0

සුගත් Wednesday, 08 April 2015 04:17 AM

සමහර අයට මහින්ද මහතා කළදේවල් මොනවත්ම පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 09 April 2015 02:38 PM

දැන්ද තේරිලා තියෙන්නේ මහින්ද බලවත් කියලා. (නි)

:       0       0

හැරල්ඩ් Wednesday, 08 April 2015 04:22 AM

සමහරුන්ගේ මහින්ද භීතිකව උත්සන්නවෙලා වගෙයි (නි)

:       0       0

විජිත Wednesday, 08 April 2015 04:26 AM

හැමදේටම පළි ඒ අහිංසක මනුස්සයා තමයි ඉතින් (නි)

:       0       0

බණ්ඩාර Wednesday, 08 April 2015 04:32 AM

වැඩ බැරි නම් ගෙදර යන්න (නදී)

:       0       0

ඔලි Tuesday, 07 April 2015 05:13 PM

භාණ්ඩාගාර බිල්පත් නිකුතුව පරාජය කිරීම කොහොමද මහින්දගේ වැඩක් වෙන්නේ.? (ර)

:       0       0

චමත් ඉතාලිය Wednesday, 08 April 2015 04:37 AM

සරත්, රවී විතරක් නෙමෙයි අගමැතිකම දරන රනිලුත් හිටියේ නැහැනේ. ඔච්චර ලොකු වැදගත් පනතක් සභාවට ගේනකොට ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියයි මුදල් අමැතියි දෙන්නම නෑ. එ්කෙන්ම පේනවා එයාලගේ ජනවතාවට තියෙන ලෙන්ගතු කම. (නදී)

:       0       0

නුවන් Wednesday, 08 April 2015 04:37 AM

ජනතාව අමාරුවෙන් ගොඩනගා ගත් ආණ්ඩුව කා දමන ආකාරය ඉතා ශෝකයෙන් යුතුව බලා සිටිමු.(නදී)

:       0       0

සොපී Wednesday, 08 April 2015 04:38 AM

මහින්දව පෙන්න පෙන්න ප්‍රශ්න වලින් පැනල යන්න හදන්න එපා (නදී)

:       0       0

සූරී Wednesday, 08 April 2015 04:41 AM

පාර්ලිමේන්තුවේ සුළුතරය ආණ්ඩු පක්ෂය වුණාම මේ වගේ දේවල් බලාපරොත්තු වෙන්න ඕනේ. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර බහුතර බලයට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදෙන්න (නදී)

:       0       0

සජිත් Wednesday, 08 April 2015 04:47 AM

මේකේ ඉන්නේ ඔක්කොමල සත්තු වගේ. මේ දේවල් නව ආණ්ඩුව කරන්නේ ඔබලා වෙනුවෙන් (බ)

:       0       0

අනුරාධ Wednesday, 08 April 2015 04:49 AM

හේනට මුවෝ පැනල පාළු කළාම ගෙදර ඇවිත් ගෙදර තියෙන මුව හමට තඩි බානවා වගේ කියල සිංහල කියමනක් තියෙනවාලු (බ)

:       0       0

ලලිත් Wednesday, 08 April 2015 04:56 AM

තවම ලංකාවේ ජනපති මහින්දද? අනේ එහෙනම් ශෝක්.(බ)

:       0       0

සිසිර Wednesday, 08 April 2015 05:00 AM

කාර්යක්ෂමතාව බින්දුවට බැහැලා (නදී)

:       0       0

මනම්පේරි Wednesday, 08 April 2015 05:01 AM

කිරින්ද නමින් කොමෙන්ට්ස් දාල තියෙන කෙනා ජනතාව නොමග යවන්න හදනවා. භාණ්ඩාගාර බිල්පත් වල සීමාව බිලියන 850 යි. වසර 9 ක පාලනය අවසන් කර විශාල සංවර්ධන වයෘපෘතීන් කල මහින්ද ඉවත් වෙනකොට ඉන් 612 ක් පමණ විකුණා තිබුනා. යහපාලකයින් දින 80 කදී ඉතුරු බිලියන 250 ත් විකුණල සියලු සංවර්ධනත් නවතා දැන් තව 400 ක් විකුණන්න අවසර ඉල්ලනවා. දැන් තේරෙනවනේ කවුද ණයකාරය කියලා. (නදී)

:       0       0

දිනේෂා Tuesday, 07 April 2015 06:35 PM

තමන්ගේ නොහැකියාවට මහින්ද මොනවා කරන්නද? දින 100 යන්නත් කලින් සිදුවුණ බන්ධනාගාර බිල්පත් වංචාවත් ආර්ථිකයට බලපාන හේතුවක් බව මතක තියාගන්න වෙනවා. මහින්ද කොච්චර හොරකම් කළා කිවුවත් තාමත් එක රුපියලක දෙයක් ඔප්පුකරන්න මෙයාලට බැරිවුණා (නි)

:       0       0

චතුරංග Wednesday, 08 April 2015 05:04 AM

ඕකත් නිකන් රවී ගේ කිලිනොච්චි මැදවච්චි කතාව වගේම තමා. පුහුල් හොර කරෙන් දැනේ කියල තමයි අපිට කියන්න තියෙන්නේ (නදී)

:       0       0

අබේ Wednesday, 08 April 2015 05:22 AM

මුදල් අමාත්‍යංශයට පරපුරේ නෑදෑයෝ ගන්නේ මොකද? (දිල්)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 2 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 230 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 540 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 398 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 311 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 211 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site