(පුෂ්පකුමාර ජයරත්න)
ගුරුවරියකට අයත් සොරකම් කරන ලද යතුරු පැදියක් මුහුණු පොතේ විකුණන්න දමා තිබියදී පන්තියේ සිසුවකු සොයා දීමේ පුවතක් නාරම්මල පොලීසියෙන් වාර්තාවේ.
නාරම්මල ප්‍රදේශයේ පාසල් ගුරුවරියකට අයත් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා ස්කූටර් වර්ගයේ යතුරු පැදිය ඇගේ නිවසේ නවතා තිබියදී පසුගිය දිනයක රාත්‍රියේදී කිසිවකු සොරකම් කරගෙන ගියේය.
ඇය ඒ සම්බන්ධයෙන් නාරම්මල පොලීසියේ පැමිණිල්ලක් දමා සොරකම් කරන ලද යතුරු පැදිය පිළිබඳ විස්තර තම පන්තියේ සිසුන්ටද දන්වා තිබිණි.
මේ පිළිබඳව අවධානයෙන් පසුවූ එක් සිසුවකු මුහුණු පොතේ යතුරු පැදි විකිණීමට පළ කරනු ලබන විස්තර දැක තම ගුරුවරිය පරිහරණය කළ යතුරු පැදිය හා සමාන යතුරු පැදියක් එක් පිටුවක විකිණීමට දමා ඇති ආකාරය දැක තිබේ.
තම ගුරුවරියට අයත් යතුරු පැදියේ ආසනයේ එක් කොටසක් ඉරී තිබෙන බව දුටු ඔහු දිනක් පාසලේදී ඒ සම්බන්ධයෙන් ගුරුවරියගෙන් විමසා ඉරී ගොස් ඇති ආසනය සකසා ගන්නා ආකාරය පිළිබඳව ඇය දැනුවත් කර ඇත.
මේ මතකය තුළින්ම මුහුණු පොතේ දමා තිබූ යතුරු පැදිය පහසුවෙන්ම හඳුනාගත් සිසුවා එය තම ගුරුවරියට අයත් යතුරු පැදිය බව වටහාගෙන ඇත. පසුව ඒ පිළිබඳව නාරම්මල පොලීසිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.
යතුරු පැදිය විකිණීමට මුහුණු පොතේ පළ කර තිබූ දුරකථන අංකයට උපාය දූතයකු යොදා ඇමතුමක් ගත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් යතුරු පැදිය මිළදී ගැනීමට කතා කර එකඟතාවයකට පැමිණ තිබේ.
ඒ අනුව යතුරු පැදිය පන්නල මාකඳුර ප්‍රදේශයේ ස්ථානයකට රැගෙන ආ අවස්ථාවේදී යතුරු පැදිය සමඟ එය රැගෙන ආ පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. විකිණීම සඳහා ගෙනා යතුරු පැදිය තම යතුරු පැදිය බවට පැමිණිලිකාර ගුරුවරිය විසින්ද හඳුනාගෙන තිබුණි.
කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ
දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.
හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක
හෝමාගම පිටිපන හරිත විශ්ව විද්‍යාලයේ ’’සියපත් උදානය’’ අලුත් අවුරුදු කුමරියට පළඳවන රුපියල් කෝටි 10 වටිනා ඔටුන්න එළිදැකීමේ උත්සවය පසුගිය දා හරිත විශ්ව
හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකු වන ශිවනේශතුරෙයි චන්ද්‍රකාන්ත නොහොත් පිල්ලෙයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ පස්වරුවේ
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
යතුරු පැදි හොරා අසු වූ හැටි
සමිත හිමි කුරුණෑගල Sunday, 16 April 2023 08:18 AM
සුන්දර සහ විචක්ෂණ බුද්ධියෙන් යුතු පුතෙක්...
Shantha - Qatar Sunday, 16 April 2023 09:47 AM
මුහුණු පොත නිසිආකාරයෙන් භාවිතා කිරීම සහ දක්ෂ දරුවන්ගේ විමසිලිමත්කම... හොඳ වැඩක් පුතේ...
Nihal Sunday, 16 April 2023 04:56 PM
පුතා පොලිසියට ඉතා සුදුසුයි...
BamunuarachchiSunday, 16 April 2023 07:18 PM
ඔව් ඔව් පුතා හංදියේ Traffic control කරන ගමන් Facebook බලයි.
Bamunuarachchi Sunday, 16 April 2023 07:15 PM
ෂුවර් එකටම දැන් ටීචර් ළමයි FB බැලීමේ වටිනාකම ගැන කියාදී ඒ ගැන රචනාවක් ලියන්න කියයි.
LallaMonday, 17 April 2023 08:51 AM
අන්තර්ජාලය පරිහරණය නැතිව ඉදිරියේ අධ්‍යාපනය හෝ රැකියාව කළ නොහැක. බමුණුආරච්චි අතීතයේ ජීවත්වුණාට දරුවන්ට පවතින අධ්‍යාපනික රටාව තුළ අධ්‍යාපනය දීම ගුරුවරුන්ට හැකිවිය යුතුයි. සමච්චලයට නොව එවැනි ගුරුවරුන්ට අනුග්‍රහය දී අන්තර්ජාලය පරිහරණය ගැන නොදන්න ගුරුවරුන්ට උදව් කරන්න ඒ අය යොදාගත හැකියි...