(විනීතා එම් ගමගේ)
ජාතික ඖෂධ නියාමන අධිකාරිය විසින් ඔසුසල් සඳහා බලපත‍්‍ර ලබා දීමේ ප‍්‍රමාදයක් පවතින බව ඔසුසල් හිමියෝ කියති.
අලූතින් අරඹන ඔසුසල් සඳහා බලපත‍්‍ර ලබාදීමේ සහ දැනට නිකුත් කර ඇති බලපත‍්‍ර අලූත් කිරීමේ දී මෙම ප‍්‍රමාදයක් පවතින බව වාර්තාවේ.
මේ වනවිට අලූත් ඔසුසල් හා පවතින ඔසුසල්වල බලපත‍්‍ර අලූත් කිරීම සඳහා ලැබුණු අයදුම්පත් 3500 කට ආසන්න ප‍්‍රමාණයක් අධිකාරියේ සිරවී ඇතැයි එහි ආරංචි මාර්ග සඳහන් කරයි.
සමහර අවස්ථාවල බලපත‍්‍රයක් ඉල්ලා මාස අටකට අධික කාලයක් ඒ වෙනුවෙන් බලා සිටිය යුතු බවත් බලපත‍්‍ර නොමැතිව ඔසුසල් පවත්වාගෙන යාම නීති විරෝධී බැවින් තමන්ට බලපත‍්‍රය ලැබෙන තෙක් ඔසුසල වසා දැමීමට සිදුවන බවත් ඔසුසල් හිමියෝ පවසති.
මෙසේ බලපත් නිකුත් කිරීමේ ප‍්‍රමාදයක් පවතින්නේ මන්දැයි ලංකාදීප කළ විමසුමක දී, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරියෙක් සඳහන් කළේ කාර්ය මණ්ඩලයේ යතුරු ලේඛිකාවන් හිඟය නිසා මෙසේ බලපත‍්‍ර නිකුත් කිරීම ප‍්‍රමාදවන බවය.
එබැවින් මෙම බලපත‍්‍ර ලබාදීමේ කටයුතු ඉක්මන් කිරීමට යම් වැඩ පිළිවෙලක් සකස් කරන්නැයි ඔසුසල් හිමියෝ සෞඛ්‍ය බලධාරින්ගෙන් ඉල්ලා සිටිති.
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
යතුරු ලියන්නියන් නැතිකමින් ඔසු සල් බලපත්‍ර 3500 ක් අධිකාරියේ හිරවෙලා
kalani Wednesday, 23 May 2018 05:18 AM
මේ කේතුමතී රාජධානියේ රැකියා විරහිත තරුණ තරුණියන් නැති නිසා සිංගප්පුරුවෙන් හෝ ගෙන්වා ගනිමු.
සතයපාල Wednesday, 23 May 2018 06:04 AM
ඉන්න යතුරු ලියන්නියන්ට අතිකාල දීලා මේ වැඩය කරවා ගන්න පුළුවන්. දවසකට නිශ්චිත ප්‍රමාණයක් කරන්න කියලා ඒ සදහා අතිකාල ලබා දීමෙන් මේ ප්‍රශ්ණය මාසයකින් දෙකකින් නිමා කරන්න පුළුවන් ඒ සදහා පරීපාළකයන්ට බුද්ධිය තමයි අවශ්‍ය.
samathWednesday, 23 May 2018 09:25 AM
බුද්ධිය උඩ වාඩිවෙන ඇමතියන් සහ ඔහු සමඟ ඉන්න ඉහළ පෙලේ පරිපාලකයන්ට ඔබ කියන කතාව තේරෙන්නේ නැති නිසා ඔය ප්‍රශ්නය තවත් ඔඩු දුවාවි. සෞඛ්‍ය ඇමති මේ අවුරුද්දේ මුල භාගයේ ඇතිවුණු කළමනාකරණ ශ්‍රේණියේ ඇබෑර්තු දෙන්න නියම කරේ ඔහුගේ බේරුවල ආසනයේ එක ජන කොටසකට පමණයි. මේ ඒ ජන කොටසට විරුද්ධ කියමනක් නෙවෙයි අපේ ඇමති උන්දලාගේ ඡන්ද ගොඩගසාගන්න වැඩවල කොටසක් බව කියන එක විතරයි. මේ හේතුව නිසා ලැබෙන්න සුදුසු තනතුර නොලැබුණ ඒ කොට්ටාශයේ නොවෙන අපේ නැයෙක්ට අසන්න ලැබුණු දේ මම කිව්වේ. ඉතින් දැනුත් ඔය තනතුරු පුරවන්න නොදෙන්නේ ඒවාට බැල්ම හෙලන ක්‍රම සහ විධි ඇති නිසා වෙන්න ඇති.
de silva Wednesday, 23 May 2018 06:28 AM
ඔය මෑන් පවර් ආයතනයක් හරහා යතුරු ලියන්නියකගේ සේවය ලබාගන්න බැරිද ?
casmir Wednesday, 23 May 2018 06:39 AM
ඔය යටිගිරියෙන් විශ්වවිද්‍යාල වල කෑගගහ ඉදලා ඊටපස්සේත් පාර දිගේ රස්සාවල් ඉල්ලලා කෑගහලා ආණ්ඩුවේ රස්සාවලට ගිහිල්ල පුටුවල වාඩි වුනාට මෙලෝ පරිපාලනයක් ගැන දන්නේ නැහැ. මේවගේ දෙයක් විසඳගන්න බැරි අය එලවන්න ඕන ඔය ආයතන වලින්.. මේ අය බාගයක් ඇත්තේ ගෙවල් වල උදේ 9 ට වැඩට එනවා 3.30 ට එලියට බහිනවා උදේ තේ , දවල් කෑම , හවස තේ වලට කාලය ගියහම වැඩ කරන්න වෙලාවක් නැහැ.. ලංකාව නැතිකරලා තියෙන්නේ කම්මැලි රාජ්‍ය නිලදාරීන්...
indika Wednesday, 23 May 2018 06:41 AM
පොඩි ගානක් වියදම් කරානම් වැඩේට දවස් 3.
lalithsjm Wednesday, 23 May 2018 07:27 AM
ඔය වැඩේට වෙනම ඇමති කෙනෙක් පත් කරමු. ජනතා සේවයනේ.
naradha Wednesday, 23 May 2018 09:41 AM
ලාංකිකයෙකුට තමන්ගේ රටේ ව්‍යාපාරයක් ආරම්භ කර ගැනීමට බලපත‍්‍රයක් ලබාගන්නට වසරකට අසන්න කාලයක් බලා සිටින්නට වෙන රටකට, විදේශ ආයෝජකයින් එයිද?
රවින් Wednesday, 23 May 2018 01:47 PM
කටහැකර අය පිරිලා ඉන්න ඔය අමාත්‍යංශයේ පරිගණක යන්ත්‍ර ඇත්තෙම නැද්ද? හරියට කරනවා නම් එක්කෙනෙකුට ඔය වැඩේ කරන්න යන්නේ සති දෙකයි. මාස අටක් යනවා නම් (අමාත්‍යාංශය කිට්ටුව තියන), තව මාසයකට පස්සේ "ද සොයිසා ආර්යා රෝහලට යැව්වා නම් බබා හම්බවෙයි.