(රොමේෂ් මධුෂංක)
මුලතිව් මන්කුලම් වේලාන්කුලම් ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ඊයේ (20) සවස අනතුරට ලක්වීමෙන් එහි ගමන්ගත් තරුණයින් දෙදෙනෙකු මිය ගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා ඇතැයි මාන්කුලම් පොලීසිය පැවසීය.
මුලතිව් මාන්කුලම් සිට මල්ලාවි දෙසට යතුරුපැදියකින් සොයුරන් දෙදෙනෙකු ගමන්කොට ඇති අතර මල්ලාවි සිට මාන්කුලම් දෙසට තවත් තරුණයෙකු යතුරුපැදියක් ධවනය කිරීමේදී යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය පැවසීය.
අනතුරින් මාන්කුලම් සිට ගමන්කල සොයුරන් දෙදෙනාම අනතුර සිදුවූ ස්ථානයේම මිය ගොස් ඇති අතර මල්ලාවි සිට පැමිණි අනෙක් තරුණයා බරපතල තුවාල ලබා මන්කුලම් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය මහරෝහලට මාරුකොට යවා ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ මාන්කුලම් ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ සොයුරන් දෙදෙනෙකු වූ අවුරුදු 20 ක් වයසැති විජයකුමර් විදුසන් සහ ජෙයකුමර් විදුසන් නැමති 23 හැවිරිදි දෙදෙනෙකි.
අධික වේගය හේතුවෙන් යතුරුපැදිවල වේගය පාලනය කරගැනීමට නොහැකි වීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය සැකපල කරන අතර මාන්කුලාම් පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.
තලාතුඔය පොලිස් වසමේ හාරගම පිහිටි කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයේ සිටි බාලවයස්කාර දැරියන් 09 දෙනෙකු ආහාර විෂ වීමක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට
රුපියල් දෙකෝටි හැත්තෑ පන් ලක්ෂ පනස් දහසක් වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් , සිය ගමන් මල්ලේ චොකලට් සහ මුරුක්කු අඩංගු පෙට්ටි අතර සගවා ගෙන කටුනායක ගුව
නව රජයේ නියෝජ්‍ය අමාත්‍යවරු අද සවස තුනට දිවුරුම් දෙති.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුනානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ම
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර කාළසටහනකට අනුව ධාවනය වන අඩු වියදම් ගුවන් සේවාවක් අද(21 ) උදෑසන සිට ආරම්භ කරමින් , ජෙට් ස්ටාර් ගුවන් සේවයේ පළමු මංගල ගුවන් ය
සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහවත්තේ චාමර නැමැත්තාට අයත් රුපියල් මිලියන එකොළහක් පමණ වටිනා අයිස් මත් ද්රව්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටී සොහොයුරන් මරුට