IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


යුද්ධයෙන් අහිමි වූ ආදායම යළි උතුරට දෙනවා

(අංජුල මහික වීරරත්න)

ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහා ආගමික සංහිඳියාව ඉතා වැදගත් බව  ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා  පැවසීය.

උතුරේ යුද්ධයෙන් අහිමිවූ ආදායම් නැවත උතුරට ලබා දීමේ සංවර්ධන වැඩපිළිවෙළ වේගවත් කිරීමට අපේක්ෂා කරන බව පැවසු ජනාධිපතිවරයා එහිදී ආගමික නායකයන්ට සිදුකළ හැකි කාර්යභාරය අතිමහත්  බවද  පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (06) පෙරවරුවේ යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී උතුරු පළාතේ සර්ව ආගමික නායකයන් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

උතුරු පළාතේ ආරක්ෂක හමුදාව යටතේ පවතින ප්‍රදේශවල ඇති කෝවිල් හා පල්ලි පිළිබඳ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත්, එම ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

එසේම සර්ව ආගමික නායකයන් සහ නල්ලූර් කෝවිලේ භාරකරුවන් කැමතිනම් නල්ලූර් කෝවිලට වඩා විශාල කෝවිලක් ඉදි කිරීමට  කටයුතු කළ හැකි  බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

ක්‍රිස්තියානි පල්ලිවල තිබෙන ගැටලුවලට විසඳුම් ලබාදීමට ඉදිරියේ දී පියවර  ගන්නා බවත් විශේෂයෙන් මඩු දේවස්ථානයේ ගැටලු  කඩිනමින් විසඳීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මුස්ලිම් ජනතාව යුද සමයේ මෙම ප්‍රදේශ අතහැර ගිය බවත්, ඔවුන්ට නැවත පදිංචි වීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය. 



අදහස් (9)

යුද්ධයෙන් අහිමි වූ ආදායම යළි උතුරට දෙනවා

rattu Saturday, 06 January 2024 05:08 PM

එතකොට පිනෝ උතුරේ පාරම්පරිකව හිටපු සිංහලයන්ගේ තිබුන උන් හිටි තැන් උඹට මතක් වෙන්නෙම නැද්ද ?

:       0       0

Nimal Saturday, 06 January 2024 05:54 PM

1981 මැයි ජුනි මාස වල කළා වගේද ?

:       0       0

saki Saturday, 06 January 2024 06:03 PM

මුට පිස්සුද

:       0       0

nanda Saturday, 06 January 2024 06:04 PM

උතුරු පළාත අතහැර ගිය සිංහල මිනිසුන් මතක් වෙලා නෑ වගේ

:       0       0

chandima Saturday, 06 January 2024 08:19 PM

බලමු දකුණේ මිනිස්සු වගේ උතුරේ මිනිස්සුත් රැවටෙයිද කියලා...?

:       0       1

sam Saturday, 06 January 2024 08:25 PM

දේශපාලන සංහිඳියාව රඳා පවතිනුයේ ආගමික සංහිඳියාව මතවේ. සර්ව ආගමික නායකයින් මධ්‍යස්තව එක මතයක සිටීම සහ අතීතයේ සිදුවූ සිදුවීම් නැවත සිදුනොවිමට දේශපාලකයින්ට මෙන්ම සර්ව ආගමික නායකයින්ටද සමාජය වෙනුවෙන් වගකීමක් සග වගවීමක් තිබේ...!

:       0       1

G. K. Ekanayake Saturday, 06 January 2024 10:48 PM

යුද්ධය නිසා දකුණට අහිමි වූ අදායම දෙන්නේ නැද්ද? යුද්ධයට පෙර උතුරේ ස්ථිර පදිංචිව සිටි සිංහලයින් නැවත උතුරේ පදිංචි කරන්නේ නැද්ද?

:       0       1

chandima Sunday, 07 January 2024 06:20 AM

මෙයා නල්ලූර් කෝවිල ඕනැ නම් ඩබල් කරලා දෙන්නම් කියන්නේ ඇත්තද? බලපුවාම සායිබබා වගේනේ...!

:       0       0

sam Sunday, 07 January 2024 10:31 AM

ආයිත් යාපනේ මිනිස්සු අන්දන්නයි මේ හදන්නේ. ලොකු කෝවිලක්. මිනිස්සුන්ට ජීවත් වෙන්න විදිහක් නෑ. ලොකු කෝවිලක්. එතකොට බඩ පිරෙනවද? අනේ දැන්වත් මිනිස්සු අන්දන එක නවත්තන්න.

:       0       3

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මල්ලීගේ පොරෝ පහරින් අයියා මරුට
2024 ඔක්තෝබර් මස 06 94 0

බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත


අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 439 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 525 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 506 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 503 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 715 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39132 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25583 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site