IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


යුදෙව් රැකියා දෙන්න ගිහින් වැඩ වරදී

ඊශ්‍රායලයේ රැකියා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ විසිපහකට අධික මුදල් වංචාවක් සිදු කර පොලීසිය මගහරිමින් සිටි බව කියන තිදරු මවක හොරණ වනගත ආරණ්‍යයක සැඟවී සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ විශේෂ විමර්ශන අංශය කියයි.

ඊශ්‍රායෙලයේ මෙහෙකාරියක ලෙස රුපියල් ලක්ෂ හතරක මාසික වැටුපක් දෙන බව පවසමින් සැකකාරිය යක්කල කිහිපදෙනකු රවටා වරින් වර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන ඇති බව පොලීසිය කියයි.

මේ අතර යක්කල ප්‍රදේශයේ කාන්තාවක් විසින් තමන්ට ඊශ්‍රායලයේ රැකියාවක් ලබා දෙන බව පවසා සැකකාරිය විසින් රුපියල් ලක්ෂ දහයක මුදලක් ලබා ගත් බවත් පසුව ඇය අතුරුදන්ව ඇති බවත් ගම්පහ පොලීසියට පැමිණිලි කළාය.

ගම්පහ කොට්ඨාෂ භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිස්ස සේනානායක මහතා ඇතුළු නිලධාරීහු විමර්ශන සිදු කළහ.



අදහස් (0)

යුදෙව් රැකියා දෙන්න ගිහින් වැඩ වරදී

පිටිගල මිලානෝ Tuesday, 22 January 2013 05:26 PM

යකඩ සුදා මේකටත් සම්බන්ධද?(නු)

:       0       0

නිසාම් Tuesday, 22 January 2013 10:51 AM

නියම බිස්නස් එකක්නේ කරලා තියෙන්නේ (ස)

:       0       0

ලොකුගේ Sunday, 04 May 2014 01:27 AM

අද කාලේ ලක්ෂ 10ක් කියන්නේ මොකක්ද? (නි)

:       0       0

ලලිත් - කටාර් Tuesday, 22 January 2013 11:23 AM

අනේ පව්. ඔක්කොම එපා වෙලා මෙහෙණි සාසානයට අතුළු වෙන්න යන්න ඇති. පොලීසියට තිබුණේ එයාට අවස්ථාවක් දෙන්න මේ නොදැන කරපු දේවල් වලින් මිදිලා සතර අපායෙන් ගොඩ වෙන්න. (ත)

:       0       0

කුමාරි Tuesday, 22 January 2013 12:11 PM

මේ වගේ දේවල් කොච්චර පත්තර වලින් කිවුවත් අපේ අය හැමදාම මේවට අහුවෙනවා. (නි)

:       0       0

අන්ජු Tuesday, 22 January 2013 12:35 PM

ඉශ්‍රාලයේ මෙහෙකාර රැකියා නැහැ තියෙන්නෙ සාත්තු සේවය විතරයි.ලක්ෂ 4ක් වැටුප් දෙන්නෙත් නැ (ස)

:       0       0

ගාමිණී Tuesday, 22 January 2013 01:09 PM

මෙයාටත් ජීනා මැඩම්ගේ පිහිටයි. (ත)

:       0       0

රොහාන් Wednesday, 23 January 2013 08:22 AM

ලක්ෂ 10ක් තියෙනවා නම් මොකට රට යනවද? (නි)

:       0       0

ලොකුගේ Saturday, 26 April 2014 09:53 PM

ඊස්ට්‍රයල් වලට ලක්ෂ 10 දීල ආවාට කිසිම පාඩුවක් නොවෙ හරි විදියට ඉන්නවානම් (දී)

:       0       0

ප්‍රසන්න Tuesday, 22 January 2013 04:29 PM

අන්ජු හරි. සාත්තු සේවක සේවිකා රැකියා ඇබැර්තු නම් මේ රටේ තිබෙනවා. ලියාපදිංචි ඒජන්සි මගින් මෙරටට එන්න පුළුවන්. බොරුකාරයන්ට අහු වෙන්න එපා. ලක්ෂ තුනහමාරක් විතර යන්නේ කියලා රජයෙන් කිවුවාට, ඒජන්සි කරුවන් ලක්ෂ 8 සිට ඉහළට අයකරනවා, සාත්තු සේවක සේවිකාවකගේ අවම වැටුප රුපියල් ලක්ෂ එකහමාරකට ආසන්නයි. (නි)

:       0       0

පාලි ඩුබායි Tuesday, 22 January 2013 10:03 AM

පොලීසියට අපගේ ස්තූතිය . ඒ වගේම හොර ඒජන්සි කරුවන්ට දඩුවම් දෙන්න (ස)

:       0       0

ඉසුරන්දි Tuesday, 22 January 2013 10:03 AM

කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව වැඩ කරන් නිසා තමයි මේ වගේ විපත් වලට මුහුණ දෙන්න වෙන්නේ (ස)

:       0       0

අජිත් කරුණාරත්න Tuesday, 22 January 2013 10:27 AM

ලක්ෂ දහයක් ගෙවලා ගිහින් කරන රස්සාව මොකක්ද කියලා මට නම් තේරෙන්නේ නෑ. (ත)

:       0       0

සුජිත් නිශාන්ත Tuesday, 22 January 2013 10:34 AM

මේක හරිම වැරදි වැඩක්. හොරෙන් රැකියා දුන්නා මදිවට එම රැකියා සියල්ලම ව්‍යාජයක්. හොරෙන් රැකියා දුන්නට කමක් නැහැ කියමුකෝ ඒවා හරි රැකියාවල් නම්.(ස)

:       0       0

ජයතිස්ස Tuesday, 22 January 2013 10:34 AM

නිසි දඩුවම් දෙන්න (ස)

:       0       0

කමල් Tuesday, 22 January 2013 10:36 AM

මිනිස්සු ඇයි මේ තරම් රැවටෙන්නේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 112 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


ධම්මික ප්‍රියන්ත රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ තනතුරට
2024 ඔක්තෝබර් මස 05 1370 0

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.


කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 8360 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 496 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1807 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3502 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39031 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25553 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 314 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1066 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site