IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


යුද අපරාධ උගුලෙන් ලංකාව බේරෙයි?

එළැඹෙන සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට ශ්‍රී ලංකා රජයට සහාය දක්වමින් යෝජනාවක් ඉදිරිපත් කරන බවත්,  ශ්‍රී ලංකාව සිදු වූවායි කියන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් කළ යුතු බවත් ඇමෙරිකා එක්සත් ජනපදය කියයි.

ශ්‍රී ලංකාව ගැන අන්තර්ජාතික පරීක්ෂණයක් පවත්වනැයි එක්සත් ජාතීන්ගේ මානව හමිකම් කවුන්සිලයට මුලින් යෝජනාවක් ගෙන ආවේය.

සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මීළඟ සැසිවාරයට ශ්‍රී ලංකා රජයත් අනෙකුත් ප‍්‍රධාන පාර්ශ්වත් හා එක්වෙමින් යෝජනාවලියක් ඉදිරිපත් කරන බවට ඇමෙරිකා එක්සත් ජනපදය ප‍්‍රකාශ කර ඇතැයි ‘ද හින්දු’ වෙබ් අඩවිය වාර්තා කරයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ  දී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පසුගිය වසරේ පැවැති සැසියට ඇමෙරිකා එක්සත් ජනපදය යෝජනා තුනක් ඉදිරිපත් කළ අතර යුද්ධය පැවැති අවාසන සමයේදී සිදුවූවායි කියන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන ජාත්‍යන්තර පරීක්ෂණයක් කළ යුතුය යන්න එහි අවසාන යෝජනාව විය.

යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් සිදු කරන බවට ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා  පොරොන්දු වූ බව ශ්‍රී ලංකාවේ සංචාරයක නිතර වී සිටින ඇමෙරිකා එක්සත් ජනපද සහකාර රාජ්‍ය ලේකම් නීෂා බිස්වාල් පැවැසුවාය.

නව යෝජනාවේ අඩංගු කරුණු මොනවාද යන්න මෙතෙක් අනාවරණය නොවූ නමුදු එය  සැප්තැම්බරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ වාර්තාව ආශ්‍රීතව සකස් වනු ඇතැයි නීෂා බිස්වාල ප‍්‍රකාශ කර ඇත.

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ඇමෙරිකා එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර සබඳතා පළුඳු වී තිබූ  බව දේශපාලන විශ්ලේෂකයෝ කියති.

ශ්‍රී ලංකා රජයේ හමුදාවලටත්, එල්.ටී.ටී.ඊ සංවිධානයටත් මානව හිමිකම් උල්ලංඝණය කළ බවටත්,  යුද අපරාධ සිදුකළ බවටත් චෝදනා එල්ල වූ අතර යුද්ධය පැවැති අවසාන මාස කිහිපයේදී උතුරේ දෙමළ ජාතිකයන් 40,000කට ආසන්න පිරිසක් මියගිය බව එක්සත් ජනපද වාර්තාවක දැක්විණි. 

යුද අපරාධ සිදු වූ බවට එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලූවද හිටපු ජනපතිවරයා එම යෝජනා ප‍්‍රතික්ෂේප කළ බවත්,  ඔහු විසින් කි‍්‍රයාත්මක කළ යටිතල පහසුකම් නැංවීමේ ව්‍යාපෘතිවලට මූල්‍ය ආධාර ලබාගැනීමටත් ජාත්‍යන්තරය ඉදිරියේ කටයුතු කිරීමේදී සහය ලබාගැනීමටත් චීනය සමඟ සමීප සබඳතා පැවැත්වූ බව ද කියති.

හිටපු ජනපතිවරයාගේ පාලන කාලයේදී ශ්‍රී ලංකාව චීනය සමඟ සමීප සබඳතා පැවැත්වීම නිසා, ඇමෙරිකා එක්සත් ජනපදයත් ශ්‍රී ලංකාවත් අතර මිත‍්‍රත්තවය පළුඳු වූ බව ද හින්දු වෙබ් අඩවි වාර්තාව පෙන්වාදෙයි.

ජනවාරි මාසයේ පැවැති ජනපතිවරණයෙන් සියල්ලන්ම පුදුමයට පත්කරමින් මෛතී‍්‍රපාල සිරිසේන මහතා ජයලැබූ අතර ඔහු චීනය සමඟ පැවැති දැඩි සබඳතාවලින් ඈත් වෙමින් සිදු වූවායි කියන යුද අපරාධ සම්බන්ධයෙන් දේශීය පරීක්ෂණයක් සිදු කිරීමට එකඟත්වය පළ කළේය.

(ද හින්දු ඇසුරෙනි)


 

 



අදහස් (0)

යුද අපරාධ උගුලෙන් ලංකාව බේරෙයි?

දුමින්ද Wednesday, 26 August 2015 11:41 AM

මානව කිමිකම් ලෝක බලවතුන්ගේ අරගලයේ එක තුරුම්පුවකි.(ම)

:       0       0

සුමුදු හේවා Wednesday, 26 August 2015 01:38 PM

යුද්ධාපරාධ විමර්ශනයට දේශීය යාන්ත්‍රණයක් කියන්නේ දේශීය ලේබලයක් ඇතිව විදේශීය මැදිහත් වීම් උපරිම වශයෙන් ඇතිව ඔවුන්ට අවශ්‍ය පරිදි අපේ හිටපු ජනපතිතුමා සහ හිටපු ආරක්ෂක ලේකම් තුමා ඇතුළු රණවිරුවන්ව දංගෙඩියට දැක්කීමට පාර කපන උගුලකි. මෙහි නියත නිගමනය ඔවුන් වරදකරුවන් බවයි. මානව හිමිකම් කවුන්සිලයෙදී අපේ එකම ගැලවුම්කරුවන් වන රුසියාවට සහ චීනයට මෙහි ඇති දේශීය ලේබලය නිසාම තම නිශේධ බලය යොදාගෙන මෙහි තීන්දුවට විරුද්ධ වීමට නොහැකි වෙයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ 'අපේ රට බේරා ගත් වරදට' මේ සියල්ලන්ට අවමන් විඳ මරණීය දණ්ඩනයට ලක් වීමට සිදු වීමයි. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 1442 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 1008 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 1115 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 1682 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 675 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 35 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14569 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 167 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 100 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site