IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


යුද අපරාධ පිරික්සනු

යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහි චෝදනා මාස කිහිපයක් ඇතුළත සොය බැලිය යුතු යැයි කල් දුන් බ්‍රිතාන්‍ය ඇමැති ඩේවිඩ් කැමරන් එසේ නොකළහොත් තමා ඒ ගැන එක්සත් ජාතික සංවිධානයේ දී කරුණු ඉදිරිපත් කරන බවට පොදුරාජ්‍ය මණ්ඩලීය නායක සමුළුවේ දී අද අනතුරු ඇඟවීය.

එහෙත් රජයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකු පැවසුවේ ශ්‍රී ලංකාවේ එවැනි අන්තර් ජාතික පරීක්ෂණයකට ‘නියත වශයෙන්ම‘ ඉඩ නොදෙන බවයි.

මානව හිමිකම් හා සංහිඳියාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව තව ඉදිරියට වේගයෙන් යා යුතු යැයි කොළඹ පුවත්පත් සාකච්ඡාවක දී ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ යුද්ධය අවසානයේ සිදු වූ මානව අයිතිවාසිකම් කඩ වීම් නොසලකා හළ නොහැකි බව ඔහු කියා සිටියේය.

මේ සියල්ලම සංහිඳියාව හා ශ්‍රී ලංකාවේ අමිහිරි අතීතය සුවත් පිකරීම සඳහා ඉවහල් වන බවත්, ඒ සඳහා දැන් ඇති අවස්ථාවෙන් ප්‍රයෝජන ගත හැකි බවත්, එසේ කළොත් පමණක් අනාගතය වඩාත් දීප්තිමත් වන බවත්, එම ප්‍රශ්න අමතක කිරීමෙන් එහි විරුද්ධාර්ථය සිදු වන බවත් ඔහු කීවේය.

‘මේ රටේ අනාගතය ගැන මම බෙහෙවින්ම සුබ වාදීයි. මාගේ පණිවුඩය වනුයේ මේ ප්‍රශ්නය අමතක නොකළ යුතු බවයි.

වඩාත් ක්‍රියයාකාරීව ඉදිරියට ගෙන යා යුතු බවයි.‘

ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැති සාකච්ඡාව ගැන විමසූ විට කැමරන් පැවසුවේ දෙපාර්ශ්වයෙන්ම ඉතා සැර අදහස් ඉදිරිපත් වන බවයි.

‘මා කිවූ හැම දෙයක්ම පිළිගත්තේ නෑ.‘

මහින්ද රාජපක්ෂ ජනපති කාර්යාලයයේ ප්‍රකාශයකින් කියැවෙන්නේ නගා ඇති සියලු ප්‍රධාන චෝදනා වලින් අත් මිදීමට තව කාලයක් දෙන ලෙස ඉල්ලා සිටි බවයි

 



අදහස් (0)

යුද අපරාධ පිරික්සනු

වන්නි තිලක් Saturday, 16 November 2013 04:00 PM

තවම ඔවුන්ගේ අධිරාජ්‍යවාදී මානසිකත්වය වෙනස් වෙලා නැහැ නේද? (නි)

:       0       0

රම්සි Saturday, 16 November 2013 10:40 PM

හරියට හරි කැමරන් අයියා, ඔයාලා අපිව යටත් කරගෙන හිටිය කාලේ කරපු යුද අපරාධ ගැනත් ඉක්මනටම පරීක්ෂණයක් පවත්වන්න හොදේ ! (නි)

:       0       0

සංජීව ඇමරිකාව Saturday, 16 November 2013 10:45 PM

මොහු ටිබෙටයේ ප්‍රශ්නවලට අත ගහන්න ගිහිල්ලා චීනෙන් ඉල්ලන් කෑවා.පස්සේ චීනයෙන් සමාව ඉල්ලුවා.අපි වගේ රටවල් වලට ඇඟිලි ගහන්න එන්නේ අපි ජාතියක් විදියට කෙළින් නොසිටින නිසා.එක්සත් ජාතීන්ගෙන් වෙන්නේ මොවුන්ගේ වුවමනාකම් ඉටු කිරීම නම් ඇයි අපි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉවත් වෙන්නේ නැත්තේ? සියල්ලටම පෙර ඉරාකේ,ඇෆ්ඝනිස්තානයේ,ලිබියාවේ,වියට්නාමේ මානව හිමිකම් කඩ කිරීම පිළිබඳව විභාග කරන්න කියන්න අපේ අයට නොහැකිද? කෙලින් කතා කළා නම් ඉවරයි. (නි)

:       0       0

කුමාරන Saturday, 16 November 2013 04:06 PM

ඔබතුමා දෙන අදහස් ඔක්කොම පිළිගන්න ඔබ අපේ කවුද? ඔබ සර්ව බලධාරියෙක්ද? අපි අපේ යුධ අපරාධ සොයන්නම්,ඔයාලත් ඔයාලගේ අපරාධ සොයන්න.ඉරාකයේ දාපු සෙල්ලම් අමතකද? (නි)

:       0       0

ජනිත Saturday, 16 November 2013 10:47 PM

අවිගත් කොටි ත්‍රස්තවාදියෝ විනාශ කිරීම යුද අපරාධ ලෙස හදුන්වන්නේ නැහැ. කැමරන් කියන්නෙත් ඒක යුද අපරාධයක් කියලා, මෙතන පරීක්ෂණ කරන්න කියන්නේ නිරායුධ වැසියන්ට සිදුකළ අපරාධ.. (නි)

:       0       0

නිලූ විදානගේ සෞදි අරාබිය Sunday, 17 November 2013 12:21 PM

අපේ අයගෙන් විතරද යුද අපරාද සිදු උනේ. එතකොට ඊළමේ අයගෙන් කිසිම අපරාදයක් උනේම නැද්ද.? අනේ ඔය අය කරපු අපරාද වලින්ම පටන් ගමු හැමෝගෙම ඒවා හොයන්න. ඔය කාගේත් බිස්නස් වලට පාඩු නිසා නැති ප්‍රස්න ඇති කරන්න හදන්නේ.(නදී)

:       0       0

සත්‍යයා Saturday, 16 November 2013 04:12 PM

පොදු රාජ්‍ය මණ්ඩල රැස්වීමේ පුර්ණ ආශ්වාදය වින්දා වගේ නොවෙයි දැන්, විඳින්නත් වෙනවා වගේ පොලියත් එක්ක. (නි)

:       0       0

සමන් කුමාර Saturday, 16 November 2013 04:13 PM

මේ තමයි කුරාම් ෂෙයික්ව මරපු කෙනාව හංගාගෙන හිටි එකේ විපාක. ඒකෙන් පස්සේ තමයි එංගලන්තේ මේ තරම් කෑගහන්න ගත්තේ. දැන් පේනවනේ ඉල්ලන් කන හැටි. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 16 November 2013 11:08 PM

ටිකිරි බණ්ඩාට හරි සනීපයි වගේ.අනේ ටිකිරි බන්ඩෝ,තමුන්නාන්සේට මේ සුද්දා කියන ඒවා ලොකු වුණාට අපි නම් තකන්නේ නැහැ.මේ වගේ අයත් අපි අතරේ ඉන්නවනේ අම්මපා? (නි)

:       0       0

සේන Saturday, 16 November 2013 11:14 PM

අම්මපා! මේ කැමරන්ලට ඔවුන්ගේ රටේ කොච්චර ප්‍රශ්න තිබෙනවද විසදන්න? ඒවා පැත්තක තියලා මේ එනවා අපිව හදන්න. (නි)

:       0       0

සෙනරත් Saturday, 16 November 2013 04:19 PM

මේ කැමරන්ට ලංකාව පුරා වස් කවි කියමු, පොල් ගසමු (නි)

:       0       0

ලාල් කැන්ඩි Sunday, 17 November 2013 12:38 PM

අහවල් අය මෙයාට කොහොමට ගෙවනවා ඇද්ද .. (නදී)

:       0       0

ජගත් Saturday, 16 November 2013 11:22 PM

අද කාටත් පෙනෙනවා කව්ද කොටින්ට උදවු කළේ කියලා, අවුරුදු 30 කට ආසන්න කාලයක් මොකද මේ යුද්ධය ඇදගන ගියේ? ඔවුන්ට උදවු කළ දේශද්‍රෝහියෝ නිසයි. දැන්වත් අපේ මව්බිම ගෑන හිතලා හරි දෙයට හරි කියලා රට ගොඩ දාමු නේද? (නි)

:       0       0

සුදත් Saturday, 16 November 2013 04:22 PM

අැයි එයා අපේ කවුද? තමන්ගේ රටේ වැඩක් බලාගෙන හිටියා නම් තමා හොද (නි)

:       0       0

තිලක් Saturday, 16 November 2013 11:25 PM

මාධ්‍යවේදියෝ කියන අය මොහුගෙන් ඇහුවේ නැහැ ඉරාකය ඇෆ්ගනිස්ථානයේ මිනිස්සුන්ගේ මානව හිමිකම් කඩන්නේත් අපිද කියලා. ඔය ප්‍රශ්න අහන්නේ ලංකාවේ අපෙන්මයි.මෙයාලා හිතාගෙන ඉන්නේ තාම අපි බ්‍රිතාන්‍යයේ කොලනියක් කියලා. මියන්මාරය වගේ ඉවත් වුණා නම් මොකවත් නැහැ. (නි)

:       0       0

ප්‍රභා Saturday, 16 November 2013 04:27 PM

මෙයාල අපිට තදින් කියන්නේ අනතුරු අගවන්නේ හිතාගෙන ඇති අපි තවම එයාලගේ යටත් විජිතයක් කියලා (නි)

:       0       0

ධම්ම Saturday, 16 November 2013 11:47 PM

ඩේවිඩ් කැමරන්ලාගෙන් එන පීඩනය ඉවසන්න පුළුවන්. ටිකිරි බණ්ඩලාගෙන්,සමන් කුමාරලාගෙන් හා සත්‍යලාගෙන් එන පීඩනය නොවැ ඉවසන්න බැරි. (නි)

:       0       0

සමන් Saturday, 16 November 2013 11:49 PM

ඔන්න හොද කොන්දක් තිබෙන පිරිමියෙක්. දැන් උත්තර දෙන්නයි තියෙන්නේ (නි)

:       0       0

නඩරාජා Saturday, 16 November 2013 11:50 PM

සුද්දා අරාබි මුස්ලිම් ලෝකයට කරන යුද අපරාධ ගැන කව්රුත් ප්‍රශ්න කරන්නේ නැත්තෙ ඇයි? (නි)

:       0       0

ජෝන් Saturday, 16 November 2013 04:35 PM

මමත් කියන්නේ යුධ අපරාධ පරික්ෂණයක් කරන්න කියලයි (නි)

:       0       0

උපාලි Sunday, 17 November 2013 12:06 AM

"එක්සත් ජාතීන්ගේ සංවිධානේදී කරුණු ඉදිරිපත් කරනවා"? ඇයි, මෙච්චර කල් කළෙත් ඒක නෙමෙයිද? කට්ටිය එකතුවෙලා ජිනීවා වලදිත් හැමදාම අපිව පාගන්න නෙමෙයිද හැදුවේ? හරියට අපට සදහටම උදවු කරලා වගේනේ කතා කරන්නේ? ඉතින් මොකද වුණේ?දෙපැත්තෙන්ම සැරට අදහස් කියවුණා නම් ඒ කියන්නේ ජනාධිපතිතුමාත් නිසි පිළිතුරු දීලා තියෙනවා. (නි)

:       0       0

රත්නසිරි Sunday, 17 November 2013 01:52 PM

අපේ මධ්‍ය කරුවන්ට පිළිතුරු නොදී.. ඔහුගේ රටේ මාධ්‍යට පමණක් ඔහුගේ අත්තනෝමතික අදහස ලොවටම විසුරුවා හරින්න සැලැස්වූ, අය උතුරට ගිහින් උතුරේ මාධ්‍ය ගැනත් සොයා බැලුවා,ඒ අයට ස්තුති කළා. කැමරුන්ලා මධ්‍යස්ථව කට යුතු කරණ කෙනෙකු නම්, අපේ මාධ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු නොදී පලාගියේ වංක කම නිස නොවෙද ?අපේ ජනපතිතුමා මාධ්‍ය වේදීන්ට ඔය විදහට කළේ නෑ. අපේ ජනාධිපතිතුමා මේ රටට උදාකළේ සාමය , සංහිදියාව. අප රටටම ඇවිත් ඡෝගම් ආගම්තුක සංග්‍රහ අතර තුර තිස් වසරක යුද්ධය නැවත හාරා අවුස්සා, රටම අස්ථාවර කළ බෙදුම් වාදීන්ට කඩේ යන කැත ගතියක් නේද ? උතුරු අයර් ලන්තයට නිදහස නොදෙන .... ඉරාකය, ලිබියාව..ඇතුලු රටවලට කළේ කුමක්ද? නුබලගේ මානව හිමකම් ගැනත් අපටත් ප්‍රශ්න තිබෙනවා. මානව හිමි කම් නැමති බෝඩ් ලෑල්ල අතේ. නුබලට යටත් නොවන හැමෝටම ප්‍රහාර, කීකරු වෙනකම්. ජනතාව හැටියට දැඩි පිළිකුලෙන් හෙළා දකිනවා. ප්‍රජාතන්ත්‍රවාදී ජන රජයකට කරණ බල පෑම්වලට. (නදී)

:       0       0

අමිත Saturday, 16 November 2013 05:00 PM

මෙයා කියන හැමදේම පිළිගන්න එයා අපේ කවුද? හිතාගෙන එන්න ඇති මේ අය කියන කියන පදේට අපි නටයි කියලා. (නි)

:       0       0

පෙරේරා Sunday, 17 November 2013 01:05 AM

ලංකාව ඇතුළේ වගේ ජාත්‍යන්තරෙත් පුලුවන්ද?? (නි)

:       0       0

ශේන් Sunday, 17 November 2013 01:07 AM

එහෙම හොයනවා නම් 30 වසරක මැරුන හැමෝම ගැනම හොයන්න ඕනෑ (නි)

:       0       0

නිමල් රණසින්ග්හේ Sunday, 17 November 2013 01:35 AM

අපි සියලු දෙනා විවිධ මත දරනවා වගේ එංගලන්ත අගමැතිවරයා දරන අදහස ඒක වෙන්න ඇති.පිළිගන්න වෙනවා අපරාධකාරයෝ නිදැල්ලේ ඉන්නවා නම් පුද්ගල තරාතිරම නොබලා දඩුවම් දෙන්න. (නි)

:       0       0

රාධා. Sunday, 17 November 2013 01:59 AM

කෘතීම තණකොළ,සුදු යකඩ වැටවල්,පාට පාට ගල්,ෂැම්පු කරපු පාරවල්,මේවට මොකද වුණේ? (නි)

:       0       0

නිමල් Saturday, 16 November 2013 05:28 PM

එන්ගලන්තේ සිංහල ඡන්ද කාටද දෙන්නේ? (නදී)

:       0       0

ඇසළ Saturday, 16 November 2013 05:29 PM

අනිත් සේරම රටවල් නිශබ්දව ඉන්නකොට මෙයා විතරක් කෑගහන්නේ එහේ ඉන්න දෙමල චන්ද ටිකට කියල ඕනෙම ගොනෙකුට තේරෙනවා. අනේ අපොයි සුදදටත් ගිය කලක්. (නදී)

:       0       0

නිර්මලා. Sunday, 17 November 2013 02:14 AM

ගහපු බෙරේකුත් නැහැ,බෙරේ පලුවකුත් නැහැ.මේවට තම කියන්නේ ඉල්ලන් පරිප්පු කියලා.මට හිතට දුක ලබන සතියේ සිට බඩු මිල දෙතුන් ගුණයකින් ඉහළ දමලා අනුන්ගේ පරිප්පු අපිටත් කන්න වෙන එකයි. (නි)

:       0       0

විමුක්ති. Sunday, 17 November 2013 02:35 AM

වැරදි කරලා නැත්නම් පරීක්ෂණයක් තියන්න පෙර මරන්නේ ඇයි?රතුපස්වල වගේ පරීක්ෂයක් තියලා තෙවැනි පාර්ශවයක් වෙත වගකීම පැවරිය නොහැකිද?අනේ මන්දා මට තේරෙන්නේ නැහැ."අපි නිවැරදි නම්,අපි පිවිතුරු නම් කිසිවෙකුටත් අපව පරාජය කළ නොහැක"කියා ඉංග්‍රීසි කියමනක් නම් තියෙනවා. (නි)

:       0       0

ප්‍රමුඛ. Saturday, 16 November 2013 05:33 PM

මේවා පිරික්සීම නිසි අයුරින් සිදුවේවි.මේ විතරක්ද ? දැනටමත් සාමාන්‍ය කොටි සෙබළුන්ට මෙන්ම ප්‍රබල කොටි නායකයන්ටද දඩුවම් දී තිබෙනවා.අනිත් එක රටේ යහපැවැත්ම වෙනුවෙන් කිසිම මිනිමරුවෙක්,අපරාධකරුවෙක්,මංකොල්ල්කරුවෙක්,බේරෙන්නේ ,ආරක්ෂා කරන්නේ නැහැ. කුඩු,එතනෝල්, කන්ටේනර් ගණන් ගෙන්වන අයටත් එසේමයි.අපි එහෙමයි. (නි)

:       0       0

නිරංජල. Sunday, 17 November 2013 02:50 AM

මේ වෙලාවේ අපේ ප්‍රතිරුපය ගොඩනගා ගන්න කටයුතු කළා.අපිනේ දන්නේ ඇතුලේ ඇත්ත. අනේ අපොයි ! ඒත් වැඩක් වුණේ නැහැ. (නි)

:       0       0

සිසිර Sunday, 17 November 2013 02:50 AM

අධිරාජ්‍යවාදී මානසිකත්වය (නි)

:       0       0

අනෝමා. Sunday, 17 November 2013 03:30 AM

කැමරන් මහත්තයෝ,ඔබ බුදුන් දැක නිවන් දකිනවා.පුළුවන් නම් දකුණේ අපිටත් සාධාරණයක් ඉටු කර දෙන්න.අපේ දුක,කදුල,වේදනාව.සරදමට මෙන්ම සමච්චලයට ලක් කරනවා.තුවාලය ඇති කෙනාට පමණයි එහි වේදනාව දැනෙන්නේ.අපේ මේ දුක වෙන කාට කියන්නද? (නි)

:       0       0

පර්සි බණ්ඩාර Sunday, 17 November 2013 02:40 PM

ප්‍රසන්න ඔබගේ කීම හරි . නමුත් වැරද්ද වන්නේ ගොඩක් වෙලාවට තානාපති වරු යන අයය මේවා ගැන වැටහිමක් නැහැ . මොකද පන්දමට නුසුදුසු අය සහ විෂය ගෙන අවබෝදයක් නැති අය නිසා . සමහර තානාපති වරුන් හරියට ඉංගිරිසි බසාවත් හසුරුවා ගන්නට බැහැ එනිසා කතාවක් කරගන්නට බැහැ . ආවම පුළුවන් තරම් හම්බකරගෙන වරප්‍රසාද වලින් මහජන සල්ලි යොදවා ළමයින් ජාත්‍යන්තර පාසල් යවා . තමන්ගේ සෞඛය කටයුතු වලට විශේෂ දොස්තරලා පසු පස යන එක කරන්නේ . ක්‍රිස් නෝනිස් මහතා වැනි අය බොහෝ අඩුකම තමා වෙලා තියෙන්නේ .(දී)

:       0       0

විදුර කැප්පෙටිපොල Sunday, 17 November 2013 05:30 AM

ගණන් ගන්න එපා ජනපතිතුමනි. සිංහලයෝ තිස්තුන් කෝටියක් දෙවි රැකවරණින් ඔබතුමා සමග නොබියව ඉන්නවා. කවුරුහරි අතදමන්න අාවොත් අන්තිම සිංහල ලේ බිංදුව දක්වා සටන් කරමු, මරාගෙන මැරෙමු, යටත් වෙන්න එපා. (නි)

:       0       0

බණ්ඩා Monday, 18 November 2013 02:51 AM

හරියට හරි කැමරන්, මේවා යට ගහන්න දෙන්න එපා (නි)

:       0       0

කොටිකාවත්තේ සරත් Sunday, 17 November 2013 05:35 AM

කැමරුන් මහත්තයා ඔහොම කිව්වට, එයා එහෙම කළාට එක්සත් ජාතීන්ගේ මණ්ඩලයෙන් සම්මත වෙන්නට ඕනෑ. දැන් අවුරුදු කියක් ඕක සම්මත කරන්නට මහන්සි ගත්තද? එහෙත් සම්මත වන්නට ඉඩ දෙන්නේ නැහැ. චීනය සහ රුසියාව විටෝ බලය යොදා හෝ එය පරාද කරනවා. ඕනෑ නම් අපට විරුද්ධව ඉන්දියාව සමග ඔය බටහිර ගැත්තන් ටික ඡන්ද පාවිච්චි කරාවි. පසුගිය වසරේත් එයම සිදුවුණා. නමුත් අපේම සිංහලයන් කොටසක් සිටිනවා අපේ හමුදාව පවා දෙන්නට රජය යුද අධිකරණ වෙත රැගෙන යන්නට. අන්න ඔවුන්ගෙන් අප පරිස්සම් විය යුතුය. නම් සඳහන් නොකළත් බහුතරය දන්නවා ඔවුන් කවුද කියා (නි)

:       0       0

රෝහිත Saturday, 16 November 2013 06:05 PM

ඔව් ඔව් ඕක කියනකම් තමයි මාත් බලා හිටියේ! එතකොට ඉරාකේ, ඇෆ්ගනිස්තානේ සහ ඒ කාලේ යටත් විජිත වල මරපු ඒවායේ පරීක්ෂණ කවදාද පවත්වන්නේ? (නි)

:       0       0

මර්සි ලංකා Sunday, 17 November 2013 06:18 AM

අනෝමා මහත්මිය,ඔබ කැමරුන් මහතාට බුදුන් දැක නිවන් දකින්න කිව්වට එයා ඒකට කැමති වන්නේ නැහැ.මොකද එයා කතෝලික කෙනෙක් (නි)

:       0       0

මනමෝහිනී Sunday, 17 November 2013 06:58 AM

මොන ආගමේ වුණත් තව කල් මෙතුමා නිදුකින් දිනේවා. (නි)

:       0       0

බන්දුල පෙරේරා Saturday, 16 November 2013 06:28 PM

තාම හිතාගෙන ඉන්නේ අපි ඔවුන්ගේ වහල්ලු කියලා වගේ.ඔවුන් තරම් ලෝකෙට අපරාද කළවුන් තව කොහෙද ඉන්නේ?ඔවුන් කොච්චර රටවල් යටත් කරගෙන හූරාගෙන කාලා තියෙනවද? (නි)

:       0       0

ඔසන් සලාම් - කටාර් Saturday, 16 November 2013 06:28 PM

ඉරාකයේ එයාලගේ අධිරාජ්‍යවාදී හමුදාව කළ යුද අපරාධය පිරික්සන්නේ කව්රුන් විසින්ද? කුමන යුධ අධිකරණයේද ? (නි)

:       0       0

ලාංකිකයෙක් Sunday, 17 November 2013 07:30 AM

මොකක්ද මේ වෙලා තියෙන්නේ? උතුරේ විතරද මානව හිමිකම් කඩවෙලා තියෙන්නේ? පාසල් ළමයි බුරුතුපිටින් බස්වල දාලා පුච්චලා කොළඹට බෝම්බ ගහල මරපුවා, කෝච්චියේ අපේ හාමුදුරුවෝ මරපු ඒවා, එතකොට මානව හිමිකම් කඩවීම් නෙමෙයිද ? කොච්චර සෙබළු අබ්බගාතද, මැරුණද? අපේ දේපල වලට කොච්චර හානිද? හරියට අපි අහිංසක ගමකට කඩාපත්වෙලා කිසිත් නොදන්න අහිංසකයෝ මැරුවා කියලද චැනල් 4 හිතා ඉන්නේ? අපිත් ෆොටෝ උස්සාගෙන උද්ගෝෂණ කරමු ඔවුන්ට විරුද්ධව. එතකොට එකම උසාවියේදී නඩු දෙකම අහයි. අමතක කරන්න එපා ඔවුන්ට වගේම අපිටත් ඔවුන් කරන ඔක්කොම කරන්න පුළුවන් බව. මහා ජාතිය කුලප්පු වුණොත් මොන අධිකරනයකටවත් නවත්තන්න බැරි බව ඩයස්පෝරාවත් දැන ගන්න. සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොටම නිදහසේ ඉන්න දෙන්න. කාලෙකට පස්සේ තියෙන නිදහස විඳින්න දෙන්න. රජයයි කොටියි වගේ නෙමෙයි සිංහලුයි කොටියි පැටලුනොත් අපටත් නීතියක් නැතිවෙයි එතකොට (නි)

:       0       0

ආනන්ද Monday, 18 November 2013 05:41 AM

මම ඉන්නේ කැනඩාවේ. කරුණාකර හොඳ කොන්ද පණ තිබෙන නියෝජිතයෙක් මෙහෙට එවන්න. සත්‍ය අවබෝධ කර කැනඩාවේ රජයට කරුණු කියන්න, පුවත්පත් වලට හොදින් ලියන්න පුළුවන් කෙනෙක් මෙහෙට අවශ්‍යයි. ප්‍රසන්න, ඔබ හරියටම හරි. කොන්ද තිබෙන තානාපතිවරුන් නැතිකම විශාල පාඩුවක් බව මට හොඳට දැනෙනවා. උගත්කම පමණක් නෙමෙයි, හොඳ හැකියාවක් සහ තීක්ෂණ බුද්ධියක් තිබෙන අය අවශ්‍යයි. (නි)

:       0       0

යු. එස්. ඒ Saturday, 16 November 2013 06:40 PM

ඩේවිඩ් කැමරුන් ගිතට විරුද්ධව හෝ මෙහෙම කියන්න ඕනෑ. මොකද ඔහුට ඔහුගේ රටෙන් තිබෙන බලපෑම නිසා. කෙසේවෙතත් ඔබගේ පැමිණීම ඉතා අගය කරමි (නි)

:       0       0

වමා Saturday, 16 November 2013 06:48 PM

ඩේවිඩ් කැමරන් හා ඔහුගේ බටහිර සගයන්ට අප බිය විය යුතුද? මේ උදහස් අදහස් දමිල සහෝදරයන්ට ආදරයකින් නොවේ. අප එකමුතු කිරීමේ වෑයමක් නොදරා භේද කිරීමෙන් තම මතයම ඉස්මතු කිරීමට දඟලති. (නදී)

:       0       0

සුසන්ත Saturday, 16 November 2013 06:58 PM

කැමරන්ලා ඔබාමලාට මැදපෙරදිගට කරන යුද අපරාධ ගැනත් හොයල බලන්න කියන්න තිබුනේ. ජනාධිපතුමනි, අත අරින් එපා. අපි ඔබ සමගයි (නි)

:       0       0

පරාක්‍රම Sunday, 17 November 2013 08:15 AM

තවම ඔවුන්ගේ අධිරාජ්‍යවාදී මානසිකත්වය වෙනස් වෙලා නැහැ(නදී)

:       0       0

මිස්ට කස්තුරි Saturday, 16 November 2013 07:06 PM

මොහු මෙහි පැමිණීමට පෙරසිටම මෙම ප්‍රකාශය සහ ක්‍රියාදාමය සුදානම් කර තිබුණි. බීබීසී, චැනල් 4 වැනි ආයතන මෙම ක්‍රියාදාමයේ හවුල්කරුවෝ වෙති. මෙවැනි පුද්ගලයින්ට බුද්ධිමය පහරදීමක් කළ යුතුය. අපේ මිනිසුන් නිකන් කෑ ගසමින් පෙළපාලි ගියාට වැඩක් නැත. (නි)

:       0       0

කුමාරසිරි Sunday, 17 November 2013 08:27 AM

අපිත් කැමරන්ට වැදලා සපෝට්. (නි)

:       0       0

උපාලි Sunday, 17 November 2013 08:28 AM

අපේ රජ කලේ ඒගොල්ලෝ කළ යුද අපරාධ ගැන ප්‍රථමයෙන් කතා කරමු කියන්න කවුරුවත් සිටියේ නැද්ද? (නි)

:       0       0

සෙනෙවි Saturday, 16 November 2013 07:18 PM

බ්‍රිතාන්‍ය ආණ්ඩුව අපේ රට යටත් කරගෙන හිටිය කාලෙ කළ අපරාධ ගැනත් හොයමු (නි)

:       0       0

ප්‍රියවංශ Sunday, 17 November 2013 08:45 AM

පළමුව 1818, 1848 ලංකාවේ සුද්දෝ කළ සමුල ඝාතන සෙවිය යුතුයි. වෙල්ලස්සේ කළ විනාශ සෙවිය යුතුයි. වර්තමානයේ ඉරාකයේ, ලිබියාවේ කළ සමුල ඝාතන සෙවිය යුතුයි. නඩුත් හාමුදුරුවන්ගෙ බඩුත් හාමුදුරුවන්ගෙ (නි)

:       0       0

ආනන්ද Saturday, 16 November 2013 07:26 PM

කැමරන්ලා ඇස්වහගෙන හිටපු කාලෙ කොටි කරපු යුධ අපරාධ ගැන, නිරායුධ සිවිල් ජනයා මරාදැමීම, හාමුදුරුවන් ඝාතනය, එතකොට කැබිතිගොල්ලෑව ගැන ඒ ගැනත් පරීක්ෂණයක් කරනවද? (නි)

:       0       0

ටිකිරි බණ්ඩා Saturday, 16 November 2013 07:36 PM

ඉල්ලන් කනවා කියන්නේ මේවට තමා.දැන් සනීපද? (නි)

:       0       0

දිලංක Saturday, 16 November 2013 07:38 PM

ජයවේවා කැමරන් මහත්තයා, නියමයි (නි)

:       0       0

කෝලිත Sunday, 17 November 2013 09:25 AM

කිසිදෙයකට බය වෙන්න එපා. සිංහයා පිටුපස මකරා ඉන්නවා අපිට (නි)

:       0       0

චාමික Monday, 18 November 2013 08:56 AM

ඕකට ඉතින් මොකටද කෑගහන්නෙ? චෝදනා පරීක්ෂා කරන්න කියලනේ කිව්වේ ? වැරදි නොකළ නම් කෑහගන්න ඕනේ නෑ. නිවී සැනසිල්ලේ ඔය චෝදනා ටික පරීක්ෂා කරලා වැරදි කරලා නැති බව ඔප්පු කරල පෙන්නුවම ඉවරයි නේ. (ස)

:       0       0

ඉන්දික Sunday, 17 November 2013 09:59 AM

ධම්මගේ කතාව මසුරන් වටිනවා.මේ වගේ අය නිසා තමා අපිට ජාතියක් විදියට කෙලින් ඉන්න බැරි.අපෙන් කාලා අපේ ඔලුවටම අත හෝදන්න හදන අය නිසා. (නි)

:       0       0

අසංග Sunday, 17 November 2013 10:08 AM

අනෝමා නෝනා, ඔයාට මොකක්ද දකුණේ තියන ප්‍රශ්නය. අපිට පුළුවන් ඒකට විසදුමක් දෙන්න .කැමරන්ම උවමනා නැ. නිකන් රට පවා දෙන්න එපා.(නදී)

:       0       0

යෝගානන්ද Saturday, 16 November 2013 08:29 PM

ඩේවිබ් කැමරන් ඉපදුනේ 2009 මැයි මාසෙද මන්දා? නැත්නම් ඊට කලින් උතුරෙ වූ අපරාධ නොපෙනෙන්නෙ ඇයි? මොන ජාත්‍යන්තර පරීක්ෂණය කරන්නත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනාවක් සම්මත වෙන්න එපායැ? ඕවට කලබල නොවී අපි පාඩුවෙ ඉමු! (නි)

:       0       0

රන්ජනී Saturday, 16 November 2013 08:40 PM

නිමල්, මම දන්නා තරමින් සිංහල අය ඡන්දෙ දෙන්න යනවා මම නම් දැකලා නැහැ.අපිත් දෙනවා ඔහේ කාට හරි. මොකෝ පළාත් සභා පත්වීමක් ගන්න කියලද? (නි)

:       0       0

රංජිත් Monday, 18 November 2013 09:41 AM

හොඳට බලන්න මුත්තයියා කියන දේ හිතන්න. (ස)

:       0       0

මොහාන් Saturday, 16 November 2013 09:08 PM

අපිට තව අවුරුදු 12 ක්වත් ජනපති ඔබමයි. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 17 November 2013 10:58 AM

මටනම් හිතනේ මෙතැන අපි අතින් වැරද්දක් වෙලා තියනවා. අපේ මතය හරියට ජාත්‍යන්තරයට යන්නේ නෑ හැබැයි එල්.ටී.ටී ඩයස්පොරාව කියන නිසයි අපි ගැන එයාල ඔය විදියට හිතන්නේ... යුද්දේ දිනුවට මදි ලංකාව ඇතුලේ අඩි හප්පලා අපිට පෙනෙන්න කෑගැහුවට මදි. කොන්ද කෙලින් තියාගෙන අපේ බ්‍රිතානයේ තානාපති තුමා සී.එන්.එන් එකටයි බී.බී.සී එකටයි රිදෙන්න පිළිතුරු දුන් නවගේ තව 10 දෙනෙකුට විතර ඔය වගේ කතා කරන්න පුලුවන්නම් ටික කාලයක් යනකොට අපේ මතය ඔවුන් අතරට යනවා.... හැබයි ඒකට ඔය තනතුරුවලට පන්දමට විතරක් නිලධාරීන් පත්කරලා හරියන්නේ නෑ... ඒවගේම අපි කියන දේවල් පොරොන්දු වෙන දේවල් අවංකවම කරලා පෙන්නන ඕනේ කරන්න බැරිනම් කියන්න හොද නෑ එහෙම කලොත් ටික කාලෙකින් එල්.ටී.ටී ඩයස්පොරාව පරදියි.(නදී)

:       0       0

දකුණේ සිල්වා Saturday, 16 November 2013 09:30 PM

අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ජනප්‍රියත්වය දිනෙන් දින වැඩිවෙනවා ශ්‍රී ලංකාව තුළ. නමුත් ඩේවිබ් කැමරන්ගේ ජනප්‍රියත්වය දිනෙන් දින පිරිහෙනවා බ්‍රිතාන්‍ය තුළ. ඒකයි ඇත්ත.එනිසා එයා දොඩවන දේවල් ගැන හිතන්න එපා (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 16 November 2013 09:37 PM

ඒ කාලේ අපේ රටට කළ අපරාධත් පිරික්සනු! (නි)

:       0       0

අමිල කටුනායක Saturday, 16 November 2013 09:40 PM

ආවා නම් ආපු වැඩේ කරගෙන යන්නකෝ (නි)

:       0       0

ගුණේ Saturday, 16 November 2013 09:41 PM

අපිට මේවා කලින් හිතන්න තිබුනා. කොටි කරපු වැඩ ගැන කටුගෙයක්වත් හදලා තිබුනා නම් කොච්චර හොදද? (නි)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 17 November 2013 11:44 AM

කෝ, බොදු බල සේනා, රාවණ බලය ,විමල් වීරවංශලා, අඩු ගන්නේ එකතුවෙලා ප්‍රවෘති සාකච්ඡාවකින් වත් පිලිතිරු දෙන්න. ඔය සුද්දෝ අපිට කරපු යුද අපරාද වලට වන්දි ගෙවිය යුතුයි. කව්රුවත් මේවා ගැන මතක් කළාද? අපෙන් අරන් ගිය අපේ පුරා වස්තු,පුස්කොල පොත් අපෙන් මකාදැමු අපේ නියම ඉතිහාසය.(නදී)

:       0       0

මංජු Saturday, 16 November 2013 03:50 PM

තාම ත්‍රස්තවාදීන්ගේ භයානක බව දැනිලා නැහැ වගේ මෙයාලට (නි)

:       0       0

සාගර Saturday, 16 November 2013 03:54 PM

ගොඩක් හොදයි (නි)

:       0       0

රන්ජනී Saturday, 16 November 2013 03:55 PM

එයා කියන හැම දෙයක්ම පිළිගන්න බැහැනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි සියයට 69යි
2024 සැප්තැම්බර් මස 21 36 0

2024 ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම කටයුතු අවසන් වන විට වවුනියාව දිස්ත්‍රික්කයේ සියයට 69.47 ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කොට ඇති බව වන්නි දිස්ත්‍රික් තේරීම් භාර න


අනුරාධපුර සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 145 0

මෙවර ජනාධිපතිවරණය වෙනුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජන්ද දායකයන් විසින් සියයට 75ක ප්‍රතිශතයක් ජන්දය භාවිතාකර ඇතැයි අනුරාධපුර මහ දිසාපති තේරිම් භාර


මහනුවර සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 274 0

මෙවර ජනාධිපතිවරණයේ මහනුවර දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ ඡන්ද මධ්‍යස්ථාන 890 තුළ සාමකාමීව ඡන්ද ප්‍රකාශ කිරීමේ කටයුතු සිදු කෙරුණ අතර ඡන්ද ප්‍රකාශ කිරී


නුවරඑළිය සියයට 80යි
2024 සැප්තැම්බර් මස 21 288 0

නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජන්ද මධ්‍යස්ථාන 534 ක ජන්ද පෙට්ටි ගණනය කිරිමේ මධ්‍යස්ථාන කරා ප්‍රවාහනය කරන අතර සියයට 80 ක් ජන්දය භාවිතා කර තිබේ.


ගම්පහ සියයට 75යි
2024 සැප්තැම්බර් මස 21 641 0

ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය සියයට 75 කි.


ගලපිටමඩින් ඡන්ද නීති කැඩූ අයෙක් අල්ලයි
2024 සැප්තැම්බර් මස 21 476 0

ගලපිටමඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද මධ්‍යස්ථානයක් ආසන්නයේ නීති විරෝධී ප්‍රචාරක අත් පත්‍රිකා ප්‍රමාණයක් බෙදු පුද්ගලයෙකු අද (21) අත්අඩංගුවට ගත් බව ගලප


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14600 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 193 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 104 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 147 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site