IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


"යුද අපරාධ විමර්ශනය කර දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුයි"

දශක තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ පැවැති සිවිල් යුද්ධය සමයේ සිදු වූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් විමර්ශනය කර දෙමළ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට රජය කටයුතු කළ යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු පෙන්වා දී ඇත. 

යුද අපරාධ සම්බන්ධයෙන් සාක්ෂි දෙන්නන් ආරක්ෂා කළ යුතු බවත් ජාත්‍යන්තර විනිසුරුවරුන්ද යොදා ගනිමින් ඵලදායී අන්තර්කාලීන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියක නිරත විය යුතු බව ද වාර්ෂික වාර්තාවක් ඉදිරිපත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් පැවැසීය.

වසර 26ක් පුරා පැවැති යුද්ධයේදී රජයේ හමුදා මෙන්ම දෙමළ විමුක්ති කොටි කැරැලිකරුවන් ද යුද අපරාධ සිදු කර ඇතැයි එක්සත් ජාතීන්ගේ සංවිධානය පසුගිය වසරේ දී පැවැසීය.

ජනපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රමුඛ ආණ්ඩුව ඔවුන්ගේ ස්ථාවරය ප්‍රකාශ කර සිටියද ආණ්ඩුව ප්‍රතිසංස්කරණ කිරීමේදී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලයේ කඩිනම් කර නැතැයි ද එම වාර්තාව පෙන්වා දී ඇත. 

ආණ්ඩුව පත් වූ විගස පරීක්ෂණ සිදු කිරීමට දැක් වූ උත්සාහය දිගින් දිගටම පවත්වා ගත යුතු බවත් සාර්ථකව සිදු කරන යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය අතීතයේ දී මෙන් දුර්විපාක ලබා නොසිටීම හේතු වනු ඇතැයි ද එම වාර්තා එළි දක්වමින් මහ කොමසාරිස්වරයා කීය.  

අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීම, වදහිංස පැමිණවීම්, ලිංගික ප්‍රචණ්ඩත්වය ආදී චෝදනා එල්ල වී ඇති කරුණු සම්බන්ධයෙන් අවධානය යොමු කර එවැනි ක්‍රියා නැවත ඇති නොවීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව ද එම වාර්තා වේ දැක්වේ.  

රොයිටර් ඇසුරිනි

 



අදහස් (0)

"යුද අපරාධ විමර්ශනය කර දෙමළ ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුයි"

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Thursday, 30 June 2016 12:10 AM

යුද්ධයේ අවසාන දින කිහිපය තුළ කඩවූවා යැයි කියන මානව අයිතිවාසිකම් ගැන කතාකිරීමට පෙර එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් විසින් 1990 ජුනි 11 වෙනිදා තමන්ගේ සිරභාරයට ගත් පොලිස් නිලධාරීන් 600 ක් වෙඩි තබා ඝාතනය කර පුළුස්සා දැමීම පිළිබඳ ඇසින් දුටු සාක්ෂි තිබියදීත් ලෝක ප්‍රජාව ඒ ගැන කතානොකළේ අපේම පාලකයින්ගේ තිබු නිවටකම නිසා බව නොපැකිළව පවසමි. ලෝකය අප හිතනවාට වඩා ශිෂ්ටසම්පන්න නම් අපි 1990 ජූනි මාසයෙන් පරීක්ෂණ ආරම්භ කරමු. (නි)

:       0       0

ශක්ති Thursday, 30 June 2016 12:43 AM

මෙවන් කතා ප්‍රශ්නයක් කරගතයුතු දේවල් නොවේ. එක්සත් ජාතීන්ගේ කොමිසම ලංකාවේ යුද්ධය නවත්වන්නට කිසිම සහයෝගයක් දැක්වුවේ නැත. දැන් බොරුවට මානව හිමිකම් ගැන කතාකරයි. (නි)

:       0       0

එරන්ද Thursday, 30 June 2016 02:05 AM

එතකොට යුද අපරාධ ලංකාවේ හමුදාවෙන්ද වෙලා තියෙන්නේ? එල්ටීටීඊ එක තොත්ත බබලා. වෙන්න ඕනෑ දේ නෙමෙයි අනික් පැත්ත කියන්නේ. (නි)

:       0       0

දහම් Thursday, 30 June 2016 02:04 AM

නිවට කරණවෑමියා දුටුවම එළුවාත් නිකට පානවලු (නි)

:       0       0

අමිත් Thursday, 30 June 2016 05:24 AM

මේ සිංහල අපගේ රටයි (ම)

:       0       0

පෙරේරා Thursday, 30 June 2016 05:41 AM

දහම් ඔබේ කතාව සහතික ඇත්ත. (ර)

:       0       0

පුෂ්පා Thursday, 30 June 2016 06:29 AM

ලංකාවේ මිනිස්සුන්ට තව තේරෙන්නේ පස්සේ කරගත්ත මෝඩකම්.. (ම)

:       0       0

සුසන්ත Wednesday, 29 June 2016 03:52 PM

කාගේ කාගේත් මතය පේනවනේ! (නි)

:       0       0

වසන්ත Wednesday, 29 June 2016 04:00 PM

දැන් කට්ටියට සනීප ඇති. මේ ස්වාධීන රටේ මෙහෙම ඕනෑ ඕනෑ විදියට නටන්න ගියොත් රට ඉවරයි (නි)

:       0       0

අයිරා Wednesday, 29 June 2016 04:13 PM

අවුරුදු 30 තිස්සේ දෙමළ ජනතාවට විතරයිද කරදර සිදුවුණේ?ඒ කාලය තුළ සිංහල ජනතාව වින්ද දුක්කරදර ගැන කතාකරන්න අපේ සිංහලයින්ගේ කොන්ද පණ නැද්ද? (නි)

:       0       0

දීපාල් නිරෝෂ් Thursday, 30 June 2016 07:55 AM

ලෝකය දිනුව, විදේශ ප්‍රතිපත්තිය යහපත් තැනකට ගෙනාව කිව්වට අපේ රටට එන විදේශ බලපෑම් නම් එන්න වැඩිවෙන බවයි අපිට නම් පෙන්නේ. (ර)

:       0       0

රජින්ද Wednesday, 29 June 2016 04:50 PM

මේ වගේ මිනිසුන්ට උත්තර දෙන්න පුළුවන් නායකයෙක් හිටියා. දැන් එහෙම කෙනෙක් නැති නිසා අපිට මේවට ඇහුම්කන් දෙන්න වෙලා. ලැජ්ජයි (නි)

:       0       0

ඉන්දු Thursday, 30 June 2016 08:43 AM

මම මේ අර හරක් ටික හොයනවා..(බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 1 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 50 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1299 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 577 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 985 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 288 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38884 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site