IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


‘යුද අපරාධ හොයන්න අයිතියක් නෑ‘ - රනිල්

ශ්‍රී ලංකාවේ සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තරයට හිමිකමක් නැති බවත්, රෝම ප්‍රඥප්තියට අත්සන් කර නැති නිසා මෙරට කිසිවකුත් යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් ජාත්‍යන්තර යුද අධිකරණය හමුවට ගෙන යා නොහැකි බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඉන්දියාවේ ‘ද හින්දු‘ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි. වික්‍රමසිංහ මහතාගෙන් එම සාකච්ඡාව මෙහෙයවූ මාධ්‍යවේදියා ලංකාවට එල්ලවන යුද අපරාධ චෝදනා සම්බන්ධයෙන් විමසූ විට ඊට පිළිතුරු ලෙසින් ඔහු මෙම කරුණු දක්වා ඇත.

  වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මෙරට සිදුව ඇතැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරීක්ෂණයක් කිරීමට ජාත්‍යන්තර ප්‍රජාවට කිසිදු අයිතියක් නැති බවයි. ‘‘ ඔවුන් එවැනි පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේ මෙරට අධිකරණ පද්ධතිය සම්බන්ධයෙන් පවත්නා විශ්වාසය බිඳ වැටීම නිසා ය.එසේම ඉහත කී චෝදනාවන්ට අදාළ පරීක්ෂණයක් සිදුකිරීමට ඉකුත් රජය   2009 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට පොරොන්දු වී තිබෙනවා.‘

‘අප දේශීය පරීක්ෂණයකට එකඟ වූයේ ශ්‍රී ලංකාව රෝම ප්‍රඥප්තියට අත්සන් කර නැති නිසයි. රාජපක්ෂ පාලනය 2009 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කළ ප්‍රකාශ විවිධ ආකාරයකට විග්‍රහ කරන්න පුළුවන්.‘

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරය බාර ගත් දිනට පසු දා හින්දු පත්‍රයේ හිටපු ප්‍රධාන කර්තෘ එම් ආම් සමඟ මේ සාකච්ඡාව පැවැත්වීය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කර දෙමළ ප්‍රශ්නයට තිරසාර දේශපාලන විසඳුමක් දෙන බව ද වික්‍රමසිංහ මහතා කීවේය.



අදහස් (0)

‘යුද අපරාධ හොයන්න අයිතියක් නෑ‘ - රනිල්

මොහොමඩ් Monday, 24 August 2015 07:30 PM

අගමැතිතුමාගේ උත්තරය හරි. අපිට ඕනෑ එච්චරයි (නි)

:       0       0

ප්‍රනාන්දු Monday, 24 August 2015 07:43 PM

එතකොට ඔක්කොම යුද අපරාධ ඉවරයි? එහෙමද? (නි)

:       0       0

නිවන්තක Monday, 24 August 2015 10:13 PM

ඔබතුමාට ජයවේවා! (නි)

:       0       0

සේනක Tuesday, 25 August 2015 12:16 AM

ආසියාවේ මිණිපහන කියන්නේ නිකන් නෙමෙනෙ. අගමැතිතුමනි, හැකිතාක් ජාතීන් අතර සමගිය දියුණු කරවන්න. අපේ වගේ රටක් දියුණු කරවන්න තිබෙන හොඳම ක්‍රමය ඒකයි. සිංහල ජාතිය ගැනත් හිතන්න. පවුලක දරුවෝ තුන්හතර දෙනෙක්වත් හදන්න පුළුවන් විදිහට ආර්ථිකයත් දියුණු කරලා දෙන්න. ජය වේවා !! ඔබතුමාට මේවා සුළු ප්‍රශ්න බව අපි මුල ඉඳලම දැනගෙන හිටියා (නි)

:       0       0

බමුණු ආරච්චි Tuesday, 25 August 2015 12:47 AM

ඇයි ඕක කියන්න මෙච්චර කල් ගියේ? (නි)

:       0       0

කුමාර Tuesday, 25 August 2015 12:48 AM

ඔබ සැමදා අපේ රටට ආශිර්වාදයකි (නි)

:       0       0

රකිත් Tuesday, 25 August 2015 01:36 AM

නියමයි. (නි)

:       0       0

ගීතා Tuesday, 25 August 2015 01:45 AM

මෙයාලා කියන්නේ එකක් කරන්නේ තව එකක්. කියන දේ කරන කරන දේ කියන කොන්ද පණ ඇති මිනිස්සු ගොඩක් උදවියට අල්ලන්නේ නැහැ වගේ. (නි)

:       0       0

නාමල් Monday, 24 August 2015 11:15 AM

යුද අපරාද රටතුළ ඇති අධිකරණයකින් සොයා බලා වග කිවයුත්තන්ට දඩුවම් දියයුතුයි (හේ)

:       0       0

පිවිතුරු යහපාල Monday, 24 August 2015 11:19 AM

යුධ අපරාධ වෙලා නැත්තේ නෑනෙ. ඉසිප්‍රියා, බාලචන්ද්‍රන් ඝාතනය ආදිය ගැන ශාක්ෂි හමුවුනානෙ. හැබැයි මේව කලේ හමුදාවෙ හැමෝම නෙමේ. සුලු පිරිසක්. ඒ අයට මෙරට පිහිටවූ යුධාධිකරනයකුන් දඩුවම් දුන්නා නම් වැඩේ අහවරයි. ඉන්පසු ජාත්‍යන්තර ඇගිලි ගැසීම් ඇතිවෙන්නේ නෑ (නදී)

:       0       0

දිලාශාන් Monday, 24 August 2015 12:22 PM

යුද්දයකදී යුද අපරාද වීම සාමාන්‍ය දෙයක්.අමෙරිකාවත් පලස්තිනේදී ඉරාකයේදී යුද අපරාද කල.කෝ ඒවාට පරීක්ෂණ? දඬුවම් අනවශ්‍ය (අ)

:       0       0

ප්‍රසාද් Monday, 24 August 2015 12:39 PM

කෝ අපේ විමල් දැක්කා නේද අගමැතිතුමාගේ සරල සුගම උත්තරේ (බ)

:       0       0

ධර්මදාස Tuesday, 25 August 2015 04:20 AM

කෙලින් කතාකරන හරිතැනට නිවැරදි උත්තරය සපයන අගමැතිවරයෙක් (ම)

:       0       0

නුවන් Monday, 24 August 2015 01:05 PM

නියම කතාව.(හේ)

:       0       0

අාසිරි Monday, 24 August 2015 01:52 PM

නියම කතාව (හේ)

:       0       0

ගාමිණි Monday, 24 August 2015 02:13 PM

හොද කතාවක්.(හේ)

:       0       0

ටිරෝන් Monday, 24 August 2015 02:29 PM

මොකද යුධ අපරාධ වලට විතරක් ජ්‍යාත්‍යන්තර පරීක්ෂණ තියන්නේ?(හේ)

:       0       0

පසිදු Monday, 24 August 2015 03:03 PM

අන්න හරි ...අපිට ඕන දේ එච්චාරයි (හේ)

:       0       0

මෙවන් Monday, 24 August 2015 03:11 PM

ප්‍රඥාවන්ත පිළිතුරක්!(හේ)

:       0       0

ප්‍රදීප් Monday, 24 August 2015 04:12 PM

ඔබට ජය! (නි)

:       0       0

ජයනාත් Monday, 24 August 2015 04:45 PM

අගමැතිතුමනි, අපේ රට අපිට ඕනෑ විදිහට..! ජයවේවා සෘජු කතාවට..! (නි)

:       0       0

ශානික Monday, 24 August 2015 04:48 PM

අපේ අගමැතිතුමාගේ සම්මුඛ සාකච්ඡාව බලන්න. ඔහු හේතු ඇතුව සිහිබුද්ධියෙන් මෙම ප්‍රශ්නය ගැන කතා කරනවා. නමුත් අන්තවාදීන් සැමවිට බලන්නේ මොකක්හරි කොනක් අල්ලගන්න.දමිළ දේශපාලකයන් මේ පිළිබඳව අනුන්ට ඕනෑ විදියට ක්‍රියාකිරීම ගැන ඇත්තටම ලැජ්ජා වෙන්න ඕනෑ. නව ජනාධිපති හා අග්‍රාමාත්‍යතුමා පිළිබඳව අපේ දමිළ සහෝදර සහෝදරියන් විශ්වාසය තබා තිබෙන්නේ ඔවුන් හරි දේ කරන බව විශ්වාස නිසා. (නි)

:       0       0

ඇන්ටන් Monday, 24 August 2015 05:30 PM

මොළෙන් ගහන අයට මොළෙන් පිළිතුරු දියයුතුය (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා
2024 සැප්තැම්බර් මස 21 22 0

නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි


දහවල් 2.00ට හම්බන්තොට සියයට 60යි
2024 සැප්තැම්බර් මස 21 22 0

2024 ජනාධිපතිවරණය හම්බන්තොට දිස්ත්‍රික්කයේ දහවල් 2 වනවිට සියයට 60 ක ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී එච්.පී ස


ඡන්ද ලකුණ සලකුණු කළ කොල පාර්සල් 2ක් සමග අයෙක් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 781 1

ස්වාදීන අපේක්ෂකයෙකුගේ ඡන්ද ලකුණ සලකුණු කළ පළල අඟලත් දිගි අඟල් තුනකින් යුත් තීරු පත්‍රිකා තොගයක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු සාම්පූර් පොලිසිය මගින් අ


බීමතින් ඡන්ද පොළේ යකා නැටු අයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 288 0

හෝමාගම ගොවි ජනපදය ඡන්ද පොළ මධ්‍යස්ථානයක බීමතින් හැසිරුණු පුද්ගලයෙකු අද (21) දින අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි


රට පනින්න ගිය ඩෑන් ප්‍රියසාද් ආපසු හරවා යවයි
2024 සැප්තැම්බර් මස 21 3221 4

ඩුබායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ඩෑන් ප්‍රියසාද්, කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ (20) රාත්


ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 2068 1

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14580 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 176 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 101 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 142 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site