යුද වීරයකුටත් ,දේශපාලනඥයකුටත්, සාමාන්‍ය වැසියකුටත් ,මේ රටේ පවතින්නේ එකම පොදු නීතීයක් යැයි ජනාධිපති නිතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා කොළඹ අලුත් කඩේ උපරිමාධිකරණ සංකීරණ ඉදිරිපිට දී මාධ්‍යට පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ජයන්ත කැටගොඩ මහතා සහ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අතර පැවැති නඩු විභාගයේදී ජයන්ත කැටගොඩ මහතා වෙනුවෙන් තමන් ඉදිරිපත් වීමට විරුද්ධව ෆොන්සේකා මහතා ඉකුත්දා මාධ්‍ය හමුවේ පැවැසු ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රීනාත් පෙරේරා අදහස් දැක්වීය.
යුද වීරයකු. නමුත් ඔහුද රටේ පොදු නීතියට එකඟ විය යුතු බවත් මා ඇතුළු ඕනෑම නීතීඥවරයකුට තමන් කැමැති සේවාදායකයකු වෙනුවෙන් තම සේවාව ලබා දිය හැකි බව ඔහු නොදන්නේ මන්දැයිද ශ්‍රීනාත් මහතා විමසා සිටියේය.
මහ මැතිවරණ ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීමට අපේක්ෂිත සියලූම තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගේ අයඳුම්පත් බාර ගැනීම හෙට (01) දිනයෙන් ආරම්භ වේ.
ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට පෙර එහි අඩංගුව තිබූ ප්‍රශ්න කිහිපයක් පිටතට යාම සම්බන්ධයෙන් ගනු ලැබූ තීරණය ඉවත් කර නැවත එම විභාගය පවත්වන ලෙස ඉල්ලමින් ශි
මාතර මහානාම පාලම මතින් නිල්වලා ගගට පැන ජීවිතයත් මරණයත් අතර සටනක නිරත වෙමින් සිටි පුද්ගලයකුගේ ජීවිතය බේරු ගැනීමට යුද හමුදා සාමාජිකයන් පිරිසක් අද (30) උදෑ
එක්සත් ජාතීන්ගේ හිටපු මානව හිමිකම් කොමසාරිස්වරයා ලංකාවට පැමිණි දිනයේ මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණයේ නිරතවුයේ යැයි චෝදනා ලත් ජාතික නිදහස් පෙරමුණේ පාර
අමාත්‍ය විජිත හේරත් මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා ලෙස පත් කරනු ලැබීය.
හොරණ දිස්ත්‍රික් රෝහල ඉදිරිපිට දැඩි අපිරිසිදු තත්ත්වයක පවතින බව එහි සේවය ලබා ගැනීමට පැමිණෙන ජනතාව පවසති
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘යුද විරුවාටත් සාමාන්‍ය මිනිසාටත් නීතිය සමානයි‘
නිෂාර්ඩ් Friday, 13 March 2015 03:25 AM
සදාචාරය, හෘද සාක්ෂිය මේ ඔක්කොම සල්ලිවලට යටයි. (බ)
පිවිතුරු යහපාල Friday, 13 March 2015 06:03 AM
ඔබ තුමන්ලා කවුද? එයා කවුද? එයාම හමුදාපති වෙලා එයාම හමුදාව හදාගෙන අවශ්‍ය සියලු පහසුකම් එතුමාගේ වියදමින්ම සපයා ගෙන ජාත්‍යන්තරයත් කළමනාකරණය කරගෙන ත්‍රිවිධ හමුදාවටම අණ දීල තනියෙම හැමදේම අරගෙන ගිහින් ත්‍රස්තවාදය නැති කරපු උත්තමයනේ (දිල්)
පෙරේරා Friday, 13 March 2015 06:05 AM
නීතිය හැමෝටම සමානව බලපවත්වන බව නීති පොත්වල සඳහන් වෙලා තිබුණට නීතිය ක්‍රියාත්මක කිරීමේදී එහෙම වෙන්නේ නැති බව ලංකාවේ ඕනෑම පොඩි දරුවෙකු වුණත් දන්නවා.(දිල්)
මහේන්ද්‍ර Friday, 13 March 2015 06:59 AM
යහපලට ගොඩක් වැරදිලා වගේ.(හේ)
දුමින්ද Thursday, 12 March 2015 11:09 AM
වීරත්වය යනු නීතිය ඉක්මවා යන බල පතක් නොවේ. (ර)
පියුමි Thursday, 12 March 2015 11:21 AM
පසුගිය ආණ්ඩුව කාලේ මේක කිවුවේ නැත්තේ ඇයි. (ර)
ශාමන්ත Thursday, 12 March 2015 12:17 PM
නීතීඥවරයකුට තමන් කැමැති සේවාදායකයකු වෙනුවෙන් තම සේවාව ලබා දිය හැකි උවත්, මේ අවස්ථාවේදී ඔබේ වචනයෙන් කියන විදිහටම, ඔබට සදාචාරාත්මක අයිතියක් තිබෙනවද යන්න මට ගැටලුවකි. (ර)
දීව්‍ය Thursday, 12 March 2015 12:33 PM
නීතියට තියෙන්නේ නීතිය විතරයි එකේ සදාචාරයක් අදාල නෑ. (ර)
ශ්‍රීමාල් Thursday, 12 March 2015 01:42 PM
ඊළඟ ඡන්දෙදි බලමු කවුද දිනන්නේ කියලා. (නි)
අජිත් කරුණාරත්න Thursday, 12 March 2015 02:16 PM
ඒ වුණාට මෙතන තියෙන්නේ වෙනම කතාවක්නේ? මෙතැනදී ඔබතුමාගේ ඔය කතාව අසාධාරණයි. (නි)
කුසුමාවතී Thursday, 12 March 2015 02:29 PM
අනේ මන්දා ඉතින් මේවා! (නි)
කරුණාපාල Thursday, 12 March 2015 02:31 PM
කලුකෝට් අය ළඟ මනුස්සකමක් තිබෙනවා කියලා මම නම් කවදාවත් හිතන්නේ නැහැ (නි)
රිචි බාලසුරිය Thursday, 12 March 2015 02:44 PM
ලේඛන සහ මුදල් මත ඔය කියන සදාචාරාත්මකකමේ අරුත වෙනස් කරන්න පුළුවන්. සල්ලි දෙවියන්ගේ මල්ලි නිසා තමා මේ ඔක්කොම සිද්ධවෙන්නේ අපේ රටේ (නි)
මාලි Thursday, 12 March 2015 03:23 PM
මොනවා කියන්න බැරිද ඉතින්? (නි)
දිසානායක Thursday, 12 March 2015 03:58 PM
ඔය කියන විදියට සමාන කරන්න ගියොත් බන්ධනාගාර රෝහල හුඟක් ලොකු කරන්න වෙයි නේද? වැරදි කරන පොඩි අපිටත් ඇප දෙනතුරු ලෙඩ ඇඳට වෙලා ඉන්න දෙන්න පුලුවන්ද? ඔක්කොම මේ රටේ නීති පොඩි මිනිහාට විතරයි (නි)
චමිල් Thursday, 12 March 2015 04:37 PM
විශිෂ්ට ප්‍රකාශයක්. (නි)
අබේරත්න -ටෝකියෝ Thursday, 12 March 2015 05:09 PM
ඔය තර්කය සියළු දේශපාලකයන්ට අදාළද? (නි)
සුමුදු හේවා Thursday, 12 March 2015 09:14 PM
වීරයාටත් ද්රෝහියාටත් සාමාන්‍ය පුරවැසියාටත් නඩුවකදී නීතිඥයකුගේ සේවය ලබාගන්න අයිතිය තිබෙනවා. කාටවත් බැහැ ඒ අයිතියට අභියෝග කරන්න. (නි)
ලියොන් Thursday, 12 March 2015 11:45 PM
නීතියයි සදාචාරයයි අතර විශාල වෙනසක් තිබෙනවා.ෆොන්සේකා කියන්නේ අපිට මැණිකක්. (නි)
ටානියා Friday, 13 March 2015 12:18 AM
සරත් ෆොන්සේකා කියන්නෙත් මේ රටේ ජීවත්වන සාමාන්‍ය පුරවැසියෙක් (නි)
නලීන් Friday, 13 March 2015 12:54 AM
සරත් ෆොන්සේකා කියන්නේ උත්තමයෙක් අපිට නම් (නි)
මහින්ද Friday, 13 March 2015 01:01 AM
සරත් ෆොන්සේකා හමුදදාවේදී හොඳ සේවයක් කළත් එයාට තිබුණු ගෞරවය නැතිකර ගත්තා. තමාට පෙර රට කියන දෙය හැමදෙනාම මතක තබාගත්තොත් හොඳයි. (නි)